සජින් වාස්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

සජින් වාස්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අද (08) අධි චෝදනා ගොනු කළේය.

ඒ සජින් වාස් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන සමයේ මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් රුපියල් මිලියන 306ක මුදලක් මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ය.

සජින් ද වාස් ගුණවර්ධන මහතා 2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා භාර දෙන විට කොස්මෝස් යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් ඔහු සතුව පැවති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම සමූහය යටතේ ව්‍යාපාර 21ක් පවත්වාගෙන ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිව ඇති බව ද සඳහන් කෙරිණි.

පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමට පෙර ගුණවර්ධන මහතා එම ව්‍යාපාර සියල්ලකම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත්ව ඔහු සතු වූ ව්‍යාපාර කොටස් බිරිඳ වෙත හුවමාරු කර ඇති බව ය.

එහෙත් මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමෙන් අනතුරුව ද ව්‍යාපාර සියල්ලේම මෙහෙයුම් කටයුතු ගුණවර්ධන මහතා සක්‍රීයව පවත්වාගෙන ගොස් ඇති බව සාක්ෂිවලින් හෙළිදරව් වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු අදාළ ව්‍යාපාර 21න් 07ක් උපයෝගී කර ගනිමින් සැක කටයුතු ගනුදෙනුවල නිරතව ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇති තවත් කරුණකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරණ සමයේ විශාල මුදලක් ගිණුම්වල තැන්පත් කළේ කෙසේ ද යන්න සාධනීය ලෙස පැහැදිලි කිරීමට සජින් ද වාස් ගුණවර්ධන මහතා අපොහොසත්වී ඇතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න