අගමැති රනිල් - සජිත් : එකඟතාවයක !

අගමැති රනිල් - සජිත් : එකඟතාවයක !

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් සන්ධානගතවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ කඩිනමින් පිහිටුවිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස පූර්ණ එකගතාවකට පැමිණ තිබෙන බව ITN වෙබ් අඩවිය වාර්තා කරයි.

එම පුවතට අනූව මෙම එකගතාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇතිකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයන් පිරිසක් පසුගිය 07 වනදා පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර ඇත.

ඊට සහභාගී වූ එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පුළුල් සන්ධානයක් පිහිටුවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර ඇතිව තිබෙන එකගතාව අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව ඉදිරි දින දෙක තුළ සංශෝධනය කර අවසන් කරන බවය.

එසේම එම පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සාකච්ඡා කෙරුණ අතර එහිදී අමාත්‍ය කබීර් හෂීම් වෙත භාරදුන් නව සංශෝධන එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ වෙත ලබා දීමට ද කටයුතු කර ඇති බවත් එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න