හරීන්ගේ සමුගැනීමේ සංශෝධනයක් !

හරීන්ගේ සමුගැනීමේ සංශෝධනයක් !

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ සම්පූර්ණ සමුගැනීමක් නොව වසර පහක කාලයක් සඳහා පමණක් සමුගැනීමක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොලැබුණොත් තමන් වසර පහක් සඳහා දේශපාලන කටයුතුවලින් කෙටි විරාමයක් ලබාගන්නා බව තම ස්ථාවරය බවත් පැවසීය.

කෙසේ වෙතත් පසුගිය ජුලි 23 වනදා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසා සිටියේ "අපිට ශුවර්. සජිත් නැත්නම් අපිත් නෑ. මං කලින්ම කිව්වනේ, අපි යනවා. අපි වෙන පැත්තක් බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා" යනුවෙනි.

එසේම පසුගිය 06 වනදා ද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳව මිස පක්ෂය පිළිබඳ විශ්වාසයක් තමන්ට නොමැති බැවින් සජිත්ට අපේක්ෂක්ත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවය.

මේ අතර එළඹෙන 12 වනදා එජාප අපේක්ෂකයා ලෙස සජිත් එනවා මැයෙන් ජන රැළියක් බදුල්ලේ සංවිධානය කිරීමටද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කටයුතු කර ඇත. එදින සවස දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන "ෆ්ලෑෂ් බැක්" සහභාගීවන සංගීත සංදර්ශනයක් ද සංවිධානය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න