පොහොට්ටුවේ අශිෂ්ටත්වය යළිත් තහවුරුයි : හිරුණිකාට හූ සමග පරුෂ වචන !

පොහොට්ටුවේ අශිෂ්ටත්වය යළිත් තහවුරුයි : හිරුණිකාට හූ සමග පරුෂ වචන !

මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අශෝභන ලෙස හිරිහැර කළ බව  පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසන් සභාවට සහ වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ඇය සඳහන් කළාය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ  (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවැසුවාය.

නාම යෝජනා බාරදුන් එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සුබ පැතීම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ගිය තම නිල රථය මඟ වැරදී ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් සිටි දෙසට ගමන් කළ බවත් එහිදී මෙම සිද්ධියට මුහුණ දුන් බවත් ඇය සඳහන් කළාය.

කාන්තාවක සහ මහජන නියෝජිතවරියක ලෙස එම ආධාරකරුවන් තමන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.

එමෙන්ම තමන් එම ස්ථානයට රැගෙන ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් හිරුණිකා මන්ත්‍රීවරිය  වැඩිදුරටත් සඳහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න