ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට රැකෙන්න අවශ්‍ය නම් එළඹෙන ජනාධිපතිවරණයේ දී අනිවාර්යයෙන් ම හංසයා ලකුණට ඡන්දය දියයුතු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
හංසයා ලකුණට ඡන්දය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කිසිඳු බාධාවක් නොමැති බව එහිදී පැවසු මන්ත්‍රීවරයා, පක්ෂය මෙන්ම පාක්ෂිකයා රැකගත යුතු බවද, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදෙන බවද කීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ගාමිණී විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
''අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. නමුත් පාක්ෂිකයන් ඉන්නවා. නමුත් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම මම බාර ගන්නවා.
56 බණ්ඩාරනායක ප්‍රතිපත්තියට වැඩපිළිවෙළට ගරු කරන මේ රටේ වලව් පැලැන්තිය නැතිව නිර්දන පන්තිය ඉන්නවා. මැද කොළඹින් ඡන්ද ලක්ෂ ගණන් අරන් දින්න පුළුවන්කම තිබිය දී සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටට ගියා.
පසුගිය දා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාදයි. එතුමා ගත්තේ ඡන්ද සියයට 57යි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා සියයට 59 ක් ඡන්දය අරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්නේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැක ගන්න ඕනේ පක්ෂය කෙසේ වෙතත් අනිවාර්යයෙන් ම හංසයා ලකුණට ඡන්දය දියයුතු වෙනවා.
අපේ පක්ෂයේ ලේකම් ජනාධිපති කළේ එක්සත් ජාතික පාක්ෂිකයන්. හංසයා ලකුණින්.
අපේ රටේ පුරවැසියකුට පමණක් ඡන්දය දියයුතු වෙනවා. ද්විත්ව පුරවැසියකුට ඡන්දය දෙන්න අයිතියක් නැහැ. ''

