පොහොට්ටු මන්ත්‍රී යකඩ පොල්ලෙන් ගසා 'රණවිරුවෙකු'ගේ කකුල කඩයි!

පොහොට්ටු මන්ත්‍රී යකඩ පොල්ලෙන් ගසා 'රණවිරුවෙකු'ගේ කකුල කඩයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්ව කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ හිටපු යුද හමුදා සෙබලෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙක් මෙසේ තුවාල ලබා ඇත.

හිටපු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ පහරදී ඇති බවද වාර්තාවෙයි.

පහරදීම නිසා හිටපු හමුදා සෙබළාගේ පාදය තැන් දෙපොළකින් අස්ථි බිදීමක් සිදුව ඇති අතර තුවාල ලත් පුද්ගලයා පවසන්නේ හිටපු මන්ත්‍රීවරයා විසින් වෙඩි කිහිපයක්ද තැබූ බවයි.

ඔහු සමග තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් පහර දීමට පැමිණි බවද ඔහු කියයි.

හිටපු මන්ත්‍රී අහසට වෙඩි තබා තමනට යකඩ පොල්ලකින් පහර දුන් බවද හිටපු හමුදා පැමිණිලි කර ඇත.

ඔහු මේ වන විට කුරුණෑගල රෝහලේ වාට්ටු අංක 47 ප්‍රතිකාර ලබමින් සිටියි.

(මූලාශ්‍රය -මව්බිම පුවත්පත)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න