රනිල් ඉවත් කර කැළණි පන්සලේ බාරකාරත්වයට පත් කළ දොස්තර ?

රනිල් ඉවත් කර කැළණි පන්සලේ බාරකාරත්වයට පත් කළ දොස්තර ?

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිත්වයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එම තනතුරට වෛද්‍ය සමන් වීරසිංහ පත්කර ඇත.

විහාරස්ථානයේ ඊයේ (08) පැවැති දායක සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකර තිබේ.

වසර 31ක පමණ කාලයක් එම ධුරය හෙබ වූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සැප්තැම්බර් පළමු වැනිදා දායක සභාවේ තීරණයකට අනුව ඉවත් කෙරුණු අතර නව සභාපතිවරයකු පත්කර ගැනීම පිණිස පැවති රැස්වීමේදී අදහස් දැක්වූ කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමියන් මෙසේ පැවසුහ.

''වෛද්‍ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සාමාජිකත්වය දරන කෙනෙක්. එතුමාගේ පියාණන් එම්.එස්. වීරසිංහ අපේ දායක සභාවේ සාමාජිකත්වය දැරුවා. ඒ වගේම එතුමා කැලණිය රජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා කටයුතු කළා. ඒ වගේම කැලණිය විහාරස්ථානය පමණක් නොවේ. ලංකාවේ රජමහා විහාරස්ථාන ගණනාවකට එතුමාගේ දායකත්වය ලබා දෙනවා. එතුමා සමාජයට ලැදි කෙනෙක්. ඒ නිසා ඔහුට මෙම පත්වීම ලබාදුන්නා. ඒ වගේම දායක සභාවේ අනෙකුත් කිසිම තනතුරක් වෙනස් වුණේ නැහැ. ප්‍රශ්නය පැනනැගුණේ සභාපති ධුරය සඳහා. ඒකට අවශ්‍ය නව තනතුර අද නිර්මාණය කළා.''

වෛද්‍ය සමන් වීරසිංහ යහපාලන ආණ්ඩුවේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කළ අතර අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස කටයුතු කළේය. මොහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ඔහුගේ විදේශ කටයුතු උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබිණ. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න