V2025

පුවත්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ගැන IMF ප්‍රසාදය !

ශ්‍රී ලංකාවට ලබාදී ඇති චීන ණය සම්බන්ධයෙන් චීන අපනයන ආනයන බැංකුව සමග ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් පවසයි .

නිල ණය හිමියන් සියලු දෙනාගෙන් ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.

මේ අතර ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට අනුමත කළ IMF ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදු කළ පළමු සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබන මස 6 වැනිදා වන විට ලැබෙනු ඇති බවය.

ජනපති වැය ශීර්ෂය වැඩි ජන්ද 59කින් සම්මතයි !

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද (22) වැඩි ඡන්ද 59කින් සම්මත විය.

වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 62ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද තුනක් පමණක් වූ අතර ඒ ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා එසේ විරුද්ධව ජන්දය ලබාදී තිබිණ .

එහිදී ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව කතානායකවරයාට දැන්වීය.

ඒ හිටපු ජනාධිපතිවරුන් සදහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමට විරෝධය පළ කරමිනි .

ජන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටියේ නැත.

ජනාධිපති, අගමැති කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව , ජාතික පොලිස් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව ඇතුළු ආයතන 25 ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණ.

සීනි බදු වංචාව ගැන සාධාරණ සමාජයෙන් නිවේදනයක් !

සීනි බදු වංචාකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.

'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය' මහ ලේකම්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත් බව පවසන සුනිල් ජයසේකර, ඒ ගැන තම සංවිධානය සතුටු වන බවද කියා සිටියි.

එහෙත් ඒ වන විටත් ගබඩා පර්යන්ත තුළ තිබු විශාල සීනි තොග පිට වී ඇති බවට තම සංවිධානයට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වන බව එම නිවේදනයේ සන්ධාන වේ.

එමෙන් ම පසුව තීරණය වෙනස් කල ද මුලින් ගනු ලැබු තීරණය මඟින් මහජනතාවට දරන්නට සිදු වූ පීඩාවන් සැළකීමේදී ඒ පිළිබඳව තම සංවිධානය බලවත් ලෙස කණගාටු වන බවද සුනිල් ජයසේකර සිය නිවේදනය මගින් කියා සිටියි.

මෙයට පෙර අවස්ථාවක දී එක්වරම සීනි බදු අවම කිරීමට ගන්නා ලද තීරණය හේතුවෙන් රුපියල් බිලියන 16ක් පමණ වූ දැවැන්ත වංචාවක් සිදු වී ඇති ආකාරය පාර්ලිමේන්තුවේ අධික්ෂණ කාරක සභා දෙකකදී හා විගණකාධිපති වාර්තාව මඟින් ද පැහැදිලිවම හෙළිදරව් වී ඇති පවසන සුනිල් ජයසේකර, එහෙත් ඒ ගැන මේ දක්වාම කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව කියා සිටියි.

එයට අමතරව සීනි, පිටි හා එවැනි අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආනයනයේදී ද විශාල වංචා සිදුව ඇති බව මේ වන විට ඉතා පැහැදිලි බවද සුනිල් ජයසේකර පවසයි.

''මෙවැනි අයථා සිදුවීම්වලට එරෙහිව පසුගිය කාලය පුරාම අප බලවත් හඬක් නගනු ලැබූවේ ඉතාමත් සත්භාවයෙනි. එමෙන් ම අප තවදුරටත් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙවැනි සිදුවීම් කිසි දිනෙක සිදු නොවීමට සියළුම බලධාරීන්ගේ වගකිම වන බවය. එමෙන් ම එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට නම් මෑත භාගයේදී එවැනි වංචාවන්ට හවුල් වී ඇති සියළුම දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවා දඩුවම් දීම අනිවාර්ය වන බවද වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු.'' යයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මහගමසේකරයන් ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

නූතන යුගයේ කවීන් අතරින් මෙරට සිටි අග්‍රගන්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන් ගේ බිරිඳ වූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසු විය.

කවියෙකු පමණක් නොව ගේයපද රචකයෙකු නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු, ළමාකතා රචකයෙකු, නාට්‍ය රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, කංචුක නිර්මාණ ශිල්පියෙකු, තිර රචකයෙකු සේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද මහගමසේකරයන් ප්‍රසිද්ධියක් ඉසිලීය.

පේරාදෙණි සරසවියේ ශාස්ත්‍ර පීඨයෙන් පළමු උපාධිය ලැබූ කුසුමලතා මහගමසේකර මහත්මිය, මීරිගම මහා විද්‍යාලයේ උපාචාර්‍යවරියක ලෙස කටයුතු කර ඇත.

ඉන්පසු දිවයිනේ පාසල් කිහිපයක ම භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක ලෙස බොහෝ කාලයක් සේවයේ යෙදුණු ඇය 1963 සැප්තැම්බර් මස 05 වැනිදා මහගමසේකරයන් සමඟ විවාහප්‍රාප්ත වූවාය.

අවසන් ගෞරව දැක්වීම සඳහා කුසුමලතා මහගමසේකර මහත්මිය ගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 24 වැනිදා සිකුරාදා පෙරවරු 10.00ට තැන්පත් කරන බව වාර්තා වේ.

අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරෙන බව සඳහන්ය.

'පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟන්නට නොවේ' - ජනාධිපති

පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්මත කරන්නට මිස රඟපාන්න නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

කාට හෝ රඟපාන්නට අවශ්‍ය නම් පාරට ගිහින් රඟපාන්නට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ පළමු පැයෙන් පසුව ප්‍රධාන වැඩ කටයුත්තට යන්නයි රීතියක් ගෙන එන ලෙස තමා යෝජනා කරන බව කී ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු කාලයේ ඇතැම් විට එක දෙක වන තුරු සභාවේ ප්‍රධාන කටයුතු ඇරඹෙන්නේ නැති බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ඊයේ (21) දින පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත වීම ගැන සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවය.

එමෙන්ම මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කර ඇති බව පැවසු ජනාධිපතිවරයා, ලබන වසරේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ද කියා සිටියේය.

ඉන් අනතුරුව 2024 වසරේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

රාජ්‍ය ඇමතිට පාර්ලිමේන්තු තහනමක්

ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කළේය.

ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී 27/2 ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්තට චෝදනා එල්ල විය.

යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ලංකාවෙන් ගලවලා !

ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (21) පස්වරුවේ තීරණය කර ඇත.

අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව විශේෂ සමුළුවේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාව ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතුයි - ජනාධිපති

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආර්ථික සාධක සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට මඟ පෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීමටද යෝජනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ අද (21) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී ආරම්භ වූ 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහයෝගීතාවයෙන් “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගම සමඟ එක්ව මෙය සංවිධානය කර තිබිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබීය.

මෙම මාර්ග සිතියම ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) සහ ග්‍රීන්ස්ටැට් හයිඩ්‍රජන් ඉන්දියා සමාගම අතර සිදුකරන ලද සහයෝගීතා ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන අතර, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනයේ මාවත සකස් කිරීම වෙනුවෙන් මෙය ඉදිරිපත් කර තිබේ.

2023 වසර සඳහා වන එක්සත් ජාතීන්ගේ විමෝචන වාර්තාව උපුටා දක්වමින් සංවර්ධිත රටවල් විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කණගාටුව පළ කළ ජනාධිපතිවරයා මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය අංශක 3කින් ඉහළ යා හැකි බව ද පෙන්වා දුන්නේය.

ඒ අනුව වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කයක් සහිතව දේශගුණික විපර්යාස සඳහා කඩිනමින් පිළියම් යෙදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

2030 වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අංශක 1.5 දක්වා සීමා කිරීමේ ඉලක්කය වෙනුවෙන් පෙනී සිටීම හා ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී (COP28) ප්‍රදර්ශනය කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

වඩාත් කාර්මිකරණය වූ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පරිසර දූෂණ මට්ටම අඩු වූවද එය නොසලකා හරිමින් ඒ වෙනුවෙන් පෙනී සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

2030 වන විට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් සිදු කර ඇති ඉල්ලීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව හරිත බලශක්ති අපනයනකරුවෙකු බවට පරිවර්තනය කිරීමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ සූර්ය බලශක්තිය සහ සුළං බලය උත්පාදනය සඳහා පවතින ඉහළ විභවතාව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතු බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වාධීන කිරීමට මෙන්ම හරිත හයිඩ්‍රජන් සැපයීම සම්බන්ධයෙන් කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින ආර්ථික අභියෝග හමුවේ වූවද, තිරසාර සහ දිගුකාලීන ප්‍රතිලාභ සහතික කිරීම සඳහා බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් පරිපූර්ණ සමාලෝචනයක් සිදුකිරීමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

එවකට පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ සිදු කළ සලකා බැලීම් සහ ජපානයේ සහය ඇතිව වඩාත් නවීන තාක්ෂණයෙන් යුතු ව්‍යාපෘතියකට එළැඹීම වෙනුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමට එදා අග්‍රාමාත්‍යවරයා ලෙස තමා ගත් තීන්දුව පිළිබඳව ද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ හේතුවෙන් තමාට දැඩි විරෝධතාවකට මුහුණදීමට සිදුවු ආකාරය ද සිහිපත් කළේය.

නමුත් මේ වන විට නොරොච්චෝලේ බලාගාරය රටට අභියෝගයක් වී ඇති බවත්, වර්තමානයේ මෙම බලාගාරය සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය එහි ඉදිරි ප්‍රයෝජන සහ අනාගත භූමිකාව පිළිබඳ නැවත තක්සේරුවක් කිරීමට පොළඹවා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

සුළං බලශක්තිය වැනි තිරසාර බලශක්ති ප්‍රභවයන් නොසළකා හැර කටයුතු කිරීම පිළිබඳව සිය නොසතුට පළ කළ ජනාධිපතිවරයා බලශක්ති කළමනාකරණයේ දුර්වලතාවයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළේය. ඒ අනුව දිගුකාලීන බලශක්ති උත්පාදන සැලැස්ම පිළිබඳ සවිස්තරාත්මක දැක්මක් හා නැවත ඇගයීමක් සිදුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

හරිත බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කළ ජනාධිතිවරයා මෙහි ඉදිරි ගමන පිළිබඳව රජයට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස ද විශේෂඥයන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග්, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූ අතර හරිත හයිඩ්‍රජන් පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ඒ උදෙසා ගෙන ඇති පියවර අගය කළ ඔව්හු එම අරමුණු ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළහ.

IMG 20231121 WA0015

IMG 20231121 WA0017

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සුරත් ඕවිටිගම යන මහත්ම මහත්මීන් ද, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ (PDASL) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මෙන්ම “ග්‍රීන්ස්ටැට්” හරිත බලශක්ති සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් !

ආර්ථිකය සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

"ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුනා. හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ශේප කරනවා. දැන් එක එක අයගේ අයිතීන් නැතිකරන්න කතාකරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍යද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේහරි අයිතියක් නැතිකරන්න කතාකරන අය අඩුම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩකරලා ඉන්න. අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටුකරලා තියෙනවා. ඒ නිසා නැතිකරන්න කතාකරන අයට අයිතියක් රැකදෙන අමාරු බව දැන්වත් වටහාගන්න කියලයි ඉල්ලන්නේ."

O/L ප්‍රතිඵල එන දවස මෙන්න !

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය .

"දැන් දරුවෝ වයස් ගතවෙනවා විභාග කල් ගිහිල්ලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපි මාසයක් තුළ දුන්නා. ඉතිහාසයේ කවදාවත් මාසයක් තුළ ප්‍රතිඵල දුන්නේ නැහැ."

"සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊඟළ දින කිහිපය තුළ දෙනවා. උසස් පෙළ විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ප්‍රතිඵල දෙන්න පමා වුණේ මාස තුනක් උත්තර පත්‍ර සලකුණු කිරීම පරක්කු වුණ නිසා. නැත්නම් මේ නොවැම්බර් අග වෙනෙකොට උසස් පෙළ පටන්න ගන්න තිබුණා."

මෙවර ඉදිරිපත් කර ඇත්තේ ආර්ථික අර්බුදයක් යළි ඇති නොවන විධිමත් අයවැයක් !

රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට ලක්වූ ජන කොටස් වෙත සහන සැලසීමට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට ද මෙවර අයවැයෙහි විශේෂ අවධානයක් යොමු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.

මෙවර ඉදිරිපත් කළ අයවැය හරහා ආර්ථිකයේ බොහෝ අංශවල වර්ධනයක් ලබා ගත හැකියි. ආර්ථිකයේ වර්ධනයක් ඇති කිරිමට නම් අර්බුදයට පෙර තිබූ ආර්ථික මට්ට්ම වෙත රට ගෙන ඒමට අවශ්‍යයි. ඒ සඳහා ගියවර අයවැය මඟින් පදනම සකස් කළා. මෙවර අයවැය මඟින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. මේ වන විට රටේ ආර්ථික ස්ථාවරත්වය කොතෙක් දුරට සාර්ථක කර ගෙන තිබේද යන්න මහ බැංකු දත්ත නිරීක්ෂණය කළ විට තහවුරු කර ගත හැකියි.

2023 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන අවස්ථාව වන විට රට පැවතියේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට හැකි වාතාවරණයක නොවෙයි. ඒ අවස්ථාවේ විශාලතම ආර්ථික කඩාවැටීමක් මෙන්ම දේශපාලන - සමාජයීය අස්ථාවරත්වයත් සමඟ රට සංධිස්ථානයකට පැමිණ තිබුණා.

නමුත් මේ වන විට ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය 2023 වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ප්‍රතිඵල බව පැවැසිය යුතුයි. ඒ වගේම ලබන වසරේ දී 1.8%ක ආර්ථික වර්ධනයක් රජය බලාපොරොත්තු වෙනවා. නමුත් අප සැලසුම් කර තිබෙන්නේ එම ප්‍රමාණය 2%ක් හෝ ඊට වැඩි වර්ධනයක් වෙත ගෙන යාමටයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මෙරට ණය හිමියන් සමඟ ඇති කර ගත් එකඟතා ද මෙවර අයවැය ලේඛනය සැකසීමේදී සැලකිල්ලට ගනු ලැබුවා. විශේෂයෙන්ම අප කොතෙක් දුරට ණය තිරසභාවයක් ඇති කර ගන්නවා ද යන්න ඉතාම වැදගත් වෙනවා. එබැවින් අයවැය යෝජනා සකස් කිරීමේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම තවත් බොහෝ කරුණු පිළිබඳව අවධානය යොමු කළා.

මූලික වශයෙන් අප මේ ආර්ථික අර්බුදය තුළ දැඩි පීඩනයකට හසු වූ ජන කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළා. වසර ගණනාවක් තුළ රාජ්‍ය සේවයට වැටුප් වැඩි වීමක් සිදු ව නැහැ. ඒ අනුව රුපියල් 10, 000 ක අමතර දීමනාවක් ලබාදීමට රජය කටයුතු කළා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්, වකුගඩු රෝගීන්, ආබාධිත දීමනාව ලබන කණ්ඩායම්, වැඩිහිටි දීමනාව ලබන කණ්ඩායම් කියන මේ සියලු දෙනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ හරහා මිලියන 3 කට අසන්න පවුල් ප්‍රමාණයක් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි.

ඒ වගේම ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද දැඩි පීඩාවකට පත් වුණා. ඔවුන් යථාතත්ත්වය පත් කිරිම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන 30 කට අධික ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. තනි ඉලක්කමක අගයක් සහිත සහන පොළියකට ඔවුන්ට ණය පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. පෞද්ගලිකව භාවිත කරන වාහන හැර මෙතෙක් පැවති ආනයන සීමාද අද ඉවත් කර තිබෙනවා.

ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරල් සමන් රත්නප්‍රිය -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගන්න අවස්ථාවේදී පැවති තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා. ඉන්ධන, ගෑස් පෝලිම් තිබූ රට අද වන විට යම් ස්ථාවරත්වයකට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. ඒ සඳහා ගියවර ඉදිරිපත් කළ අයවැය මඟින් පදනම සකස් කළා. එහි දිගුවක් ලෙස 2024 අයවැය ඉදිරිපත් කර තිබෙනවා. එහිදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා.

කෙසේ නමුත් ජනතාව යම්කිසි පීඩනයකින් සිටින බව අප පිළිගන්නවා. සේවා ගාස්තු ඉහළ මට්ටමක තිබෙන බවත් අප දන්නවා. නමුත් ජනාධිපතිවරයාගේ මෙම ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට ගමන් කළහොත් යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට හැකි බව විශ්වාසයි.

ජනාධිපති කාර්යාලයේ ආර්ථික ස්ථායිකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. ජී. කුමාරතුංග -

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රධාන වශයෙන් රජයට ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන ත්‍රිත්වයයි. මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන ත්‍රිත්වයයි. රුපියල් කෝටි 310,100 (බිලියන 3,101) රාජ්‍ය ආදායමක් ඇස්තමේන්තු කර තිබෙනවා. එවැනි ඉලක්කයකට යෑමට හැකි වන්නේ නම් රුපියල් බිලියන 3,000 (රුපියල් ට්‍රිලියන 3) සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වීමට නියමිතයි.

පසුගිය 17 දා වනවිට මේ වසරේ ගතවූ කාලය තුළ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 239,400 ක් (රුපියල් බිලියන 2,394) වනවා. එයින් රුපියල් කෝටි 141,500 (බිලියන 1,415) ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ද රුපියල් කෝටි 83,200 (බිලියන 832) ක් ශ්‍රී ලංකා රේගුව විසින් ද උපයා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව උපයා ඇති ආදායම රුපියල් කෝටි 14,700 (බිලියන 147) ක් වෙනවා.

කෙසේ වුවද මේ වසර අවසානය වනවිට මෙම රාජ්‍ය ආයතන ත්‍රිත්වයෙන් රුපියල් බිලියන 3,101 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ තවත් රුපියල් කෝටි 36,900 (බිලියන 369) ක් ඉපයීමට අපේක්ෂා කරනවා. එයින් රුපියල් කෝටි 15,400 (බිලියන 154) ක් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් ද, රුපියල් කෝටි 13,600 (බිලියන 136) ක් ශ්‍රී ලංකා රේගුවෙන් ද වෙනවා. ඉතිරි රුපියල් කෝටි 3,300 (බිලියන 33) සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂා කරනවා.

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මස 31 වන දා වනවිට සමස්තයක් ලෙස රුපියල් කෝටි 271,900 (බිලියන 2,719) ක රාජ්‍ය ආදායමක් අපේක්ෂා කළහැකි නමුත් 2023 වසරේ ඇස්තමේන්තු ඉලක්කය කරා ගමන් කිරීමට හැකි වන්නේ නම් එය ඉතිහාසයේ ඉහළම රාජ්‍ය ආදායම වාර්තා කිරීමක් වෙනවා.
ඒ වගේම රාජ්‍ය ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අද වනවිට ශ්‍රී ලංකා රේගුවේ දෛනික ආදායම රුපියල් කෝටි 500 ක් පමණ වී තිබෙනවා. රුපියල් කෝටි 300,000 (ට්‍රිලියන 3) ක ආදායම් ඉලක්කයක් වෙත ළඟාවීමට හැකි වන්නේ නම් එය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීම දක්වා රටේ ආර්ථිකය නගාසිටුවීම හේතු වෙනවා.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න, ලක් වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු වෘත්තිය සමිති නියෝජිතයන්, යොවුන් සේනාංකයේ හා තරුණ සේවා සභාවේ පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20231121 WA0013

2025 අයවැය දෙවනවර කියවීම වැඩි ජන්ද 45කින් සම්මතයි !

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර එහිදී අයවැය වැඩි ජන්ද 45කින් සම්මත විය.

අයවැය ට පක්ෂව ඡන්ද 122ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද ප්‍රකාශ වූයේ 77ක් පමණි.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේ 2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම සම්මතවූ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට (22) සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වේ.

ජනපති චීන විශේෂ නියෝජිතවරියක අතර හමුවක් !

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) ඇතුළු දුත පිරිස අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තූතිය පිරිනැමීය.

එසේම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද සඳහන් කළේය.

එක් තීරයක් - එක් මාවතක් (Belt & Road) වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රි ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) වෙත ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

ඉන්දියන් සාගරය නාවික කටයුතු සම්බන්ධයෙන් නිදහස් කලාපයක් ලෙස මෙන්ම ලෝක භූ දේශපාලන එදිරිවාදිකම්වලින් මිදී පවතින සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චීන - මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇතැයි විශේෂ නියෝජිතවරිය මෙහිදී පැවසුවාය.

චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට එළැඹිණි.

චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව මෙහිදී යළි තහවුරු කළ ශෙන් යික්න් මහත්මිය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බවද අවධාරණය කළාය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සීනි පාලන මිල ඉවතට : සතොයෙන් 275 ට සීනි !

ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (20) පස්වරුවේ පැවසීය.

එම සීනි ලංකා සතොස, සුපිරි වෙළෙදසැල් සහ තෝරාගත් සමූපකාර හරහා අළෙවි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය .

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට සීනි හිඟය නැති කිරීම සහ ජනතාවට අවශ්‍ය සීනි ප්‍රමාණය වෙළෙඳපොලට යොමු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වී තිබේ .

ඒ අනුව අදාළ සීනි තොග අද සිට ආනයකරුවන්ගෙන් සහ තොග වෙළෙදුන්ගෙන් ගන්නා බවත් ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි තොග ප්‍රමාණය පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ වන විට ගණනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එම වැඩපිළිවෙළ සමඟ පාලන මිල අවශ්‍ය නොවන බව කී අමාත්‍යවරයා රුපියල් 50 ක බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි නව මිලට අළෙවි කළ හැකි බව ද සඳහන් කළේය.

කෙසේ වුවත් අද සීනි ආනයනකරුවන් සමග පැවති සාකච්ඡාවකදී සීනි පාලන මිල ඉවත් කිරීමට අමාත්‍යංශය එකඟතාව පළකර ඇති බවත් වාර්තා වෙයි .

ලිංගික හිංසන චෝදනා ඔප්පු කළොත් ඉල්ලා ආවෙනවා - කෝප් සභාපති !

පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි විපක්ෂය විසින් නඟන චෝදනා තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්, ඒ පිළිබඳ තමා වැරදිකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවත්, කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි .

මෙම ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසද එය කමිටුවේ දී විභාග කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය .

එහිදී ඔහු වැඩිදුරටත් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අදාළ චෝදනාව නැඟූ හේෂා විතානගේ මන්ත්‍රීවරයා වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින බොඳ වුණා ! 

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පැවසීය.

ජනතාවට සහන ලබා දීම පමණක් නොව සහන ලබා දෙන්නේ කෙසේද යන්නත් පෙන්වා දී තිබෙන මෙවර අයවැය නිසැකයෙන්ම වැඩි ඡන්දයෙන් සම්මත වන බවද ඔහු අවධාරණය කළේය.

නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මෙසේද පැවසීය.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ රජය ගනු ලැ‍බූ ජනප්‍රිය නොවන මෙන්ම දේශපාලනික නොවන තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රට ස්ථාවරත්වයට ගෙන ඒමට හැකි වී තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය නුදුරේදීම ලැබීමට නියමිතයි. ජනතාවට සහන නොලැබෙයි කියා සිතූ විපක්ෂයේ සිහින බොඳ කරන්නට මෙවර අයවැය සමත් වී තිබෙනවා.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් මෙන්ම වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. කඳුරට ජනතාවට මෙන්ම ගොවි ජනතාවට සින්නක්කර ඉඩම් ලබා දීම , මුඩු බිම් කෘෂි කාර්මික කටයුතු සඳහා නිදහස් කිරීම වගේම උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහාද දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් මෙවර අයවැයට ඇතුළත් වෙනවා. විශේෂයෙන් නව ලොවට ගැළපෙන වෘත්තිකයන් බිහි කිරීමේ සැලසුම් ඊට ඇතුළත් බව කිවයුතුයි. සහනවලින් පමණක් රටක් දියුණු කළ නොහැකියි. ඒ සඳහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් ද අවශ්‍යයි. වසර 2034 වන විට ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ඉහළ නැංවීමත් මෙම දිගු කාලීන වැඩ පිළිවෙලට ඇතුළත් වෙනවා. ඒ වගේම සෘජු බදු වැඩි කර ගැනීමට අවශ්‍ය සැලසුම් මෙවර අයවැය හරහා යෝජනා කර තිබෙනවා.

විපක්ෂය බලාපොරොත්තු වූයේ ජනතාව කබලෙන් ලිපට වැටීම වුවත් සහන දෙනවා කියන කාරණයට එහා ගොස් මෙවර අයවැය මඟින් ජනතාවට සහන දෙන්නේ කෙසේද යන කාරණය පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මෙවර අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වන බවට කිසිම සැකයක් නැහැ. එබැවින් පෞද්ගලික දේශපාලන මති මතාන්තර කෙසේ වෙතත් රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ආණ්ඩුවත් සමඟ එක්ව රට ජයග්‍රාහී මාවතෙහි ඉදිරියට යාමට එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වුණා. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මම මෙම යෝජනාව ඉදිරිපත් කළේ කාන්තා නියෝජනය ඒ ආකාරයෙන්ම තිබියදීයි. මේ සම්බන්ධයෙන් මට විරුද්ධව විපක්ෂයේ කොටස් දැඩි විවේචන එල්ල කර සිටියා. ඒ චෝදනා අවලාද මැද වුවත් අඛණ්ඩ කැප කිරීම් මැද අපට එය සම්මත කර ගැනීමට හැකි වුණා.

නමුත් තරුණ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන විපක්ෂය උත්සාහ කළේ එම පනත සම්මත වීම කල් දැමීමටයි. ඔවුන් එය අයවැයට පසුව ගෙන එන්නට දැඩි උත්සාහයක් ගත්තා. එසේ වූවා නම් එය ඊළඟ වසර දක්වා කල් යනවා. විපක්ෂය කියන ආකාරයට ඔවුන් ඇත්තටම තරුණ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවාද කියන ප්‍රශ්නය මෙහිදී මතු වෙනවා. කෙසේ වෙතත් නැති වී ගිය තරුණ නියෝජනය නැවත ගෙන ඒමට හැකි වීමෙන් රටේ සාමාන්‍ය ජනතාව අතර තරුණයින්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමි කර දීමට හැකි වීම ගැන සතුටු වෙනවා.

ලබන වසර මැතිවරණ වසරක් ලෙස ජනාධිපතිතුමා සඳහන් කර තිබෙනවා. මැතිවරණ සඳහා මුදල් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබෙනවා. නමුත් ආර්ථික ස්ථාවරත්වය සමඟ මැතිවරණ පැවැත්විය හැකි වාතාවරණයක් නිර්මාණය වන බව විශ්වාසයි. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මැතිවරණ නියමිත වෙලාවට පවත්වනු ඇතියි.

ඒ වගේම ඩොලරයේ මිල ඉහළ යාමත් සමඟ බඩු මිල වැඩි වුනත් මේ වන විට එහි යම් පාලනයක් සිදුව තිබෙනවා. නමුත් භාණ්ඩ හා සේවා ආශ්‍රිත අනීතික මිල වැඩි කිරීම් පිළිබඳවත් ඩොලරයේ අගය අඩු වීමේ වාසිය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ඊට අමතරව LGBTQ+ ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව ඊටද දෙවැනි වර කියවීම සඳහා දිනයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.

රට ගොඩනගන්න එක්වන්න : තරුණ පාර්ලිමේන්තුවට පණිවිඩයක් !

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය නොවැම්බර් 18 සහ 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.

මෙවර සැසිවාරයේ තේමාව වූයේ “වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා 2024 අයවැය යෝජනා ඵලදායී ලෙස යොදා ගැනීම වෙනුවෙන් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම” යන්නයි.

මෙහි පළමු දින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සහභාගී වූහ.

වේත්‍රධාරී විසින් සෙංකෝලය රැගෙන සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ 05වන සැසිවාරය ආරම්භ කෙරුණු අතර එහි අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ සැසිවාරය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කළේය.

තරුණ පාර්ලිමේන්තු පනත, දේශපාලන ඇකඩමිය සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල කාර්යභාරය මෙන්ම තරුණ පාර්ලිමේන්තුව ඩිජිටල්කරණය යන කරුණු පිළිබඳව ද මෙවර සැසිවාරයේ දී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම 2024 අයවැය වෙනුවෙන් තරුණ යෝජනා සහ අදහස් ලබාදීම අගය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අත්සනින් යුත් ලිපියක් ද මෙහිදී තරුණ පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් වෙත පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  සඳහන් කළේ ජනප්‍රිය තීන්දු තීරණ ගෙන රටේ ආර්ථිකය නැවත කඩාවැටුණ යුගයකට ගෙන යෑමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

2022 වසරට පෙර රටේ තිබූ තත්ත්වය සහ අද පවතින තත්ත්වය අතර විශාල වෙනසක් ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනඟන එම වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ ද දායකත්වය අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙසේද පැවසීය.

මේ වන විට ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳව තරුණ පාර්ලිමේන්තුවේ සාමාජිකයන් යම් අවබෝධයක් ලබා ඇති බව අප විශ්වාස කරනවා. දැනට ස්ථාවරත්වයට පත්ව තිබෙන රටේ ආර්ථිකය, පූර්ණ ස්ථාවරත්වයකට ගෙන ඒම මෙවර අයවැයේ ප්‍රධාන අරමුණ බව කිවයුතුයි.

ඒ වගේම 2024 වසර ආර්ථික වර්ධනයක් ලැබූ වසරක් බවට පත් කිරීමත් මෙවර අයවැයේ තවත් අරමුණක් වෙනවා. මේ සඳහා රටේ සියලු ජනතාව විශාල කැප කිරීමක් සිදුකළා. විශේෂයෙන්ම 2022 වසර දෙස නැව හැරී බැලුවොත් ඒ කටුක, අමිහිරි අත්දැකීම් නැවත මේ රටේ ඇති වෙනවා දැකීමට කිසිවෙක් කැමති නැහැ. ඒ නිසා අර්බුදය ඇති වීම සහ එම අර්බුදය ඇති වීමට බලපෑ හේතු පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව රට ඉදිරියට ගෙන යෑමේ අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම අධිෂ්ඨානශීලීව නායකත්වය ලබාදී තිබෙනවා. ඒ නායකත්වයට මේ රටේ ජනතාව සහයෝගය ලබා දී තිබෙනවා. එතුමා කොතෙක් අධිෂ්ඨානශීලී වුවත්, ඒ අධිෂ්ඨානශීලීත්වය පිළිබඳව විශ්වාසයක් මහජනතාවට නොතිබුණා නම් මාස 15කට කලින් තිබූ රටත්, අද මේ අත්විඳින රටත් අතර පරතරය පියවා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාගේ සිට මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපති කාර්යාලය, විවිධ අමාත්‍යාංශ සහ මේ රටේ ජනතාව එකට අත්වැල් බැඳගෙන ලබා ගත් ආර්ථික ස්ථාවරත්වයක් අද අප සියලුදෙනා මෙලෙස භුක්තිවිඳිනවා. මේ ගමන් මඟ පහසු වුණේ නැහැ. මෙම තත්ත්වයට පරිවර්තනය වීමේදී අප විශාල වේදනාත්මක කාලපරිච්ඡේදයක් පසු කළා.

මේ ආකාරයට ආර්ථිකය කඩාවැටුණු එකම සහ පළමු රට ශ්‍රී ලංකාවත් නෙමෙයි. නමුත් කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා නිවැරදි ගමන්මඟකට පිවිසි රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. මේ ආර්ථිකය නැවත යහපත් මට්ටමකට ගෙන ඒම දේශපාලන කෝණයෙන් බැලිය යුතු දෙයක් නොවෙයි. මෙහිදී ජනාධිපතිතුමා ඇතුළු රජය ජනප්‍රිය වූ තීන්දු තීරණ අරගත්තේ නැහැ. රජය ජනප්‍රිය වීමට තීන්දු තීරණ ගත්තා නම්, මේ රටේ තත්ත්වය 2022 වසරට පෙර තිබූ තත්ත්වයට වඩා තවත් බරපතල වෙන්න තිබුණා.

මේ ආකාරයට රට ඉදිරියට ගෙන යෑමේදී තරුණ දායකත්වය ද අපට අවශ්‍යයි. ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලදි තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීමට අප කටයුතු කරනවා. තරුණ ඔබගේ අදහස් හා යෝජනා අපට ලබා දෙන්න. පිළිගත හැකි තිරසර යෝජනාවලියක් ලබාදීමට තරුණ ඔබ කටයුතු කළහොත් අදාළ සංශෝධන කිරීමට අප සූදාම් බව සඳහන් කරන්න කැමතියි.

අයවැයේ හොඳ කරුණු සහ තවදුරටත් ප්‍රවර්ධනය විය යුතු කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. එකිනෙකා දකින අන්දමින් තීන්දු ගන්නවා වෙනුවට, දත්ත සහ ඉලක්කම් මත පදනම්ව, නිසි ඇගයීමකට ලක්වන තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිපත්තියක් මේ වන විට ජනාධිපතිතුමා සහ රජය ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අනුව ලෝකයේ හොඳ භාවිතාවන් සමඟ රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළට තරුණ ප්‍රජාවගේ ද සහාය අවශ්‍යයි.

තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂවරුන් වන රන්දුල අබේධීර, සතිර සරත්චන්ද්‍ර ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://newstube.lk/news?start=2304#sigProIdbe0396e995

ලෝක ප්‍රසිද්ධ නාස් ඩේලි ලංකාව සමග ගිවිසුමකට එළැඹෙයි

ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ජනාදරයට පත් ව්ලොග් නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව ඔහු ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.

ලෝක ප්‍රසිද්ධ ‘ව්ලොග්’ නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි මෙරට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග ගිවිසුමකට එළැඹ තිබේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බවය.

ඊශ්‍රායල - අරාබි ජාතික ව්ලොග් නිර්මාණකරුවා විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබුණි.

2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කර තිබුණි.

Page 129 of 460