V2025

පුවත්

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට

නව ත්‍රස්ත පනතට එරෙහිව දේශපාලන පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තීරණය කර ඇත.

දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී ඒ වෙනුවට ආණ්ඩුව ගෙන එන නව පනතට එරෙහිව උපරිමාධිකරණයට යන බව ‘නිදහස ජනතා සභාවේ’ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත.

“ඊට එරෙහිව අපි පාර්ලිමේන්තුව ඇතුළෙත් අධිකරණය ඇතුළෙත් සිවිල් සමාජය ඇතුළෙත් කටයුතු කරනවා,” යැයි ද ඔහු පවසා ඇත.

“මේ පනත භාෂණයේ නිදහස තියෙන හැම පුද්ගලයාට ම බලපානවා. පුරවැසියාට ඉන් වන බලපෑම වළක්වන්න බැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමේ ක්‍රියාවලියට එරෙහිව අපි රටේ උපරිමාධිකරණයට යාම දක්වා කටයුතු කරනවා. එය රටේ සෑම ජන කොටසකට ම බලපාන කාරණයක්. මෙවැනි දැඩි මර්දනයක් ක්‍රියාත්මක කරන්න අලුත් පනතක් ගෙනැවිත් ක්‍රියා කිරීමට එරෙහිව අපි පාර්ලිමේන්තුව ඇතුළෙත් අධිකරණය ඇතුළෙත් සිවිල් සමාජය ඇතුළෙත් කටයුතු කරනවා. තාම මේක ගැසට් කළා විතරයි. මේකට එරෙහිව අධිකරණයට ගියාම යමක් වේවි කියලා හිතනවා. පාර්ලිමේන්තුවේ සභාගත කරලා සති දෙකක් ඇතුළත අධිකරණයට යන්න පුළුවන්. අනිවාර්යයෙන් ම මේකට අභියෝග කළ යුතු,” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත.

IMF වැඩසටහනේ පසු විපරම සඳහා කමිටුවක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ඇතුළු ඒ ආශ්‍රිත ක්‍රියාවලිය සම්බන්ධව සොයාබලා වාර්තා කිරීම සඳහා පසු විපරම් කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත .

ඒ සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයන් ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වතුන් පිරිසක් පත්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඉදිරියේදී ඊට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි .

එසේම අදාළ කමිටුව විසින් IMF ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිතර පසු විපරමක් කළ යුතු අතර බදු ප්‍රතිපත්ති, බදු ප්‍රතිශතයන් වෙනස්වීම්, වක්‍ර බදු අඩු කරමින් සෘජු බදු ඉහළ නැංවීම ආදිය ගැන නිරන්තයෙන් සොයා බලා ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවටද ජනාධිපතිවරයා උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි .

ඊට අමතරව අයි.එම්.එෆ් කොන්දේසි ක්‍රියාත්මක කිරීම ගැනද මෙම කමිටුව විසින් සොයා බැලිය යුතු බවද සඳහන් ය.

දුෂණ මර්දන පනත වැනි අණ පනත් ගැන ද සොයා බලමින් මාසකට වරක් මෙම කමිටුව විසින් ඇමති මණ්ඩලය දැනුම්වත් කළ යුතු බවද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුව වෙත දුන් උපදෙස්වල සඳහන් බවද දැනගන්නට ඇත .

රට මාරකයෙන් ගැලවූවාට : IMF වෙත කිරිඇල්ලගෙන් දොස් !

රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට ජනවරමක් නැති ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උදව් කිරීම වැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි .

එවැනි ආණ්ඩුවකට උදව් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික වශයෙන් වැරැද්දක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමන් උදව් කරන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව සහිත ජනවරමක් සහිත ආණ්ඩුවකට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළ බව පැවසූ මන්ත්‍රීවරයා ඒ අනුව ආණ්ඩුව මැතිවරණයක් පවත්වා නව ජනවරමක් ලබා ගැනීමට කටයුතු කරාවි යැයි රටම බලාපොරොත්තු වූ බවද ඔහු සඳහන් කර ඇත .

එසේම වර්තමාන ආණ්ඩුව ජනවරමක් නොමැතිව රාජ්‍ය ආයතන විකිණීමෙන් සේවකයන් අතර නොසන්සුන්තා ඇතිවී රට ලේ විලක් බවට පත්විය හැකි බවද මන්ත්‍රීවරයා පවසයි .

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා ඇත්තේ ඉරිදා ලංකාදීප පුවත්පත වෙතය.

දැන් විපක්ෂය මරු කියවනවා !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂයේ පාර්ශ්ව වෙතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පළවෙමින් ඇති වෛරී ප්‍රකාශ IMF හී මූල්‍ය සහය ලැබීමත් සමග ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් ඇරඹි ඇති බවට සංඥාවක් බවයි.

මේ වන විට ආණ්ඩුවේ වැඩපිළිවෙළ විපක්ෂයේ සිටින ආර්ථික ඔස්තාද් ලා ගේද පැසසුමට ලක්ව ඇති බවත් ඒ හරහා සටන් පාඨ අහිමිව මරු කියවන අසරණ තත්ත්වයකට විපක්ෂයේ කොටස් පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට ජනවරමක් අවශ්‍ය නොවන බවයි. මේ වන විට අවස්ථාවාදී වෘත්තීය සමිති කිහිපයක් හැරුණු විට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුව නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේම IMF මූල්‍ය සහය නොලැබෙන්න ලංකාව මාස කිහිපයක් තුළ අමු සොහොනකින් අවසන් වීමට නියමිත ඉරණමකට මුහුණදී සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රැඩිකල් තීන්දු තීරණ හේතුවෙන් එම තත්ත්වය සමනය වූ බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කර දක්වයි.

පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය දැනුම දෙන්න තීන්දුවක් !

පාසල් සිසුන්ගේ පෙළපොත් සඳහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

මෙම උපදෙස් ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ගේ ප්‍රධානත්වයෙන් යුත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු කමිටුව විසිනි.

අදාල කමිටුවට ජාතික ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අදාළ ආයතන වල නියෝජිතයන් නම් කරන ලෙසද ඇය එහිදී උපදෙස් දී තිබේ.

මෙම කමිටුව මාස තුනක් ඇතුළත සිය කාර්යය අවසන් කළ යුතු බවද සභාපතිනිය සඳහන් කළාය.

මෙහිදී වයස අවුරුදු ද 16 සපිරූ පාසැල් සිසුන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවට දැනුම් දී ඇත.

නමුත් දරුවන්ගේ මනසට ගැලපෙන ලෙස කුඩා කල සිටම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමට කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බව ද කමිටුව පෙන්වා දී ඇත.

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි ගමන නිම කරයි

සම්මානනීය ජේෂ්ඨ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද(01) උදෑසන අභාවප්ප්‍රාප්ත වී තිබේ.

1940 සැප්තැම්බර් 20 නුවරදී උපත ලබා ඇති ඒ මහතා මියයන විට වයස අවුරුදු 83 වන වියේ පසු විය.

සිංහල සිනමාවේ වෙනස්ම ආකාරයේ පෙම්වතෙක් ලෙස පැවති සම්ප්‍රදාය කණපිට පෙරළු නළුවෙක් ලෙස ප්‍රකට ඔහු 1969 වසරේ "රැයක් දවාලත්" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.

ඔහු "හන්තානෙ කතාව", "අක්කර පහ", "නිම් වළල්ල" යන චිත්‍රපටවල රඟපෑ අතර "අහස් ගව්ව" චිත්‍රපටයේ රංගනයෙන් ඉතා ජනප්‍රියත්වයට පත් විය.

"බඹරු ඇවිත්" හි සනත්, "පොඩි මල්ලි" හි බර්ටි, "අනූපමා" හි රජී අයියා, "අපේක්ෂා" හි නිමල්, "පරිත්‍යාගය" හි ධානප්‍රේම, "සිංහබාහු" හි සිංහබාහු, "යස ඉසුරු" හි සුරංග, "පෙම් රජ දහන" හි සාජන්ට් ජයතිලක සහ "වජිරා" හි නිමල් වැනි චිත්‍රපටවලින් ඉහළම ජනප්‍රියත්වයට පත් ඔහු සිංහල සිනමාවේ කිසිදින අමතක නොවන චරිතයකි.

දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වන ඔහුට 2004 වසරේ සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානය පිරිනැමුණු අතර මේ වසරේ දෙරණ සම්මාන උළෙලේදී ද ඔහු ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුම් ලැබුවේය.

කොළඹ සරසවිය, රුහුණු සරසවිය සහ පේරාදෙණිය සරසවිය ආදියෙන්ද විශේෂ ඇගයීම් කලං අයියා වෙනුවෙන් පුද කර ඇති අතර 2018 වසරේ ජනවාරි 14 වන දින ඔහු බොදු සිසු විරාජමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලද්දේය.

අද සිට ස්ටීම් අධ්‍යාපනය මෙරට අධ්‍යාපන පද්ධතියට

ලොව රටවල් 96 ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මෙරටට හඳුන්වා දීම අද (31) සිදු කෙරිණි.

ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වාදීමේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගත් ප්‍රධාන වැඩසටහන අද (31) පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේදී ය.

ඒ අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ජාතික විද්‍යා පදනමේ සභාපති, මහාචාර්ය රංජිත් සේනාරත්න යන අය හා තානාපතිවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.

සෙසු පළාත් සඳහා ද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර අමෙරිකාව 1999 දී හඳුන්වා දුන් ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය හරහා විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැළසෙයි.

මේ සඳහා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය විෂයන් ඇතුළත් වේ.

 අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත -

'' ඊළඟට අපි යන්නේ ලෝකයේ පරිවර්තනීය යුගයකට. අද සමහර රටවල් සැලසුම් කරනවා තාක්ෂණය යොදා ගන්නකොට රැකියා අහිමි වෙද්දි කොහොමද ඒ අයව කොහොමද ඒවට අනුගත කරගන්නේ කියන කාරණය. ඒවා තමය පර්යේෂණ. අපේ කොහොමද?අපේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ඕනි දරුවෝ විශ්ව දැනුම ලබා ගන්න ඕනි අය ඒක පැත්තකින් තියලා පොලිසියෙන් කඳුළු ගෑස් කනවා පාර දිගේ. මේක වෙනස් වෙන්න ඕනි. සමහර කතා කරනවා අවුරුදු 75 ක් වෙනසක් වෙලා නෑ. ඔව්.. හැබැයි දැනුම අතින් අපි ඉහළයි. දැනුම යොදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි අපිට තියෙන්නේ. ඔබ හිතෙනවාද වෙනත් රටවල්වල ඔය ඔක්කොම විභාග මත මනින්නේ කියලා. දැන් මේක විශාල වදයක් වෙලා දරුවන්ට නේද.. ගුරුවරුන්ටත් එහෙමයි. කියන්නේ කොළ පුරවනවා ඉවරයක් නෑ කියලා. න්‍යාය, මූලධර්ම, සිද්ධාන්ත ඉතාම සරලව ක්‍රියාකාරකමත් එක්ක ලබා දෙනවා දරුවන්ට. කුමන මට්ටමකින් පාසලෙන් ඉවත් වුවත් ඔවුන්ට තනියෙන්ම සමාජිය අභියෝගවලට මුහුණ දෙන්න පුලුවන් ආකාරයට මේ අය හැඩැගැහෙනවා. ඒක තමයි ප්‍රධානම අරමුණ වෙන්නේ මේ අධ්‍යාපන පරිවර්තනයේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආදායමෙන් සීයට 62 ක් නිර්මාණය කරන්නේ ස්ටීම් අධ්‍යාපනයෙන් ආපු උදවිය. අපි තාම තේ පොල් රබර් ඔය ටික අපනයනය කරලා විදේශ විනිමය හොයන්න යනවා. ඊළඟට ලක්ෂ 12 ක් ඉන්නේ කවුද මැදපෙරදිග. නුපුහුණු ශ්‍රමිකයෝ. ඒ අයගේ විදේශ විනිමය මත අපි යැපෙන්න හදනවා. ඊට පස්සේ අපිට ණය ගන්න වෙලා තියෙනවා. නෑ අපේ සම්පත්වලට අගය එකතු කරන්න වෙනවා. ඒ සඳහා නිර්මාණකරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනි. ඒක කුඩා කල සිටම පුහුණු කිරිම තමයි ස්ටීම් අධ්‍යාපනයෙන් වෙන්නේ. ඒ අනූව කිසිම දරුවෙක් විෂය ධාරාව අනූව මෙකෙන් ඉවත් වෙන්නේ නෑ.."

කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, ජෛව හා නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය වැනි ලොව නැගී එන විෂයන් අපේ විශ්වවිද්‍යාල පද්ධතියට මෙන් ම පාසල් අධ්‍යාපනයටත් ඇතුළත් විය යුතු අතර කෘත්‍රීම බුද්ධිය නිසා ඉදිරියේ දී රැකියා අහිමි වන මිලියන 300ක ජනතාව වෘත්තීය ක්‍රියාදාමයට අනුගත කරගැනීමේ මං සොයන ලෝකය සමග අප ද එක් විය යුතු බවත් නව අධ්‍යාපන පරිවර්තන හරහා මෙරට දරුවන්ට එයට මග සැලසෙනු ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

දැනුම අතින් ඉහළ ස්ථානයක සිටින මෙරට ශිෂ්‍ය ප්‍රජාවට සිය කුසලතා ඔප් නංවා ගැනීම මගින් ඊට අනුගත වීම එතරම් දුෂ්කර නොවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

ඉදිරියේ දී දීපව්‍යාප්ත ව ක්‍රියාවට නැංවෙන මෙම නව අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ දෙස් විදෙස් සේවයේ නියුතු ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා වෙනත් විද්වතුන් සමග බුද්ධිමය සංවාද හා සාකච්ඡාවල යෙදෙමින් ප්‍රායෝගික ව විෂය සිද්ධාන්තමය දැනුම උකහා ගැනීමේ අවස්ථාව මෙරට පාසල් සිසුන්ට උදා වනු ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා මේ අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන‍ඥයන්, විද්වතුන් හා නිලධාරීන් මෙන් ම ප්‍රතිලාභී ශිෂ්‍ය ප්‍රජාව ද ඇගයීමට ලක් කළේ ය.

මෛත්‍රීට තවත් අධිකරණ නියෝගයක් !

රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

අදාළ විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (මාර්තු 30) විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පවත්වා තිබේ.

අධිවේගී බස් ගාස්තුත් පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබේ.

ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31) සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.

එම ගාස්තු ලේඛනය පහතින් දැක්වේ.HighwayBus 696x637

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක් !

කේ.ඩී.එන් රංජිත් අශෝක රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්

අප්‍රේල් 02 රැස්වීම Fake News එකක් බව මහින්ද කියයි

ජාතික සම්පත් විකිණීමට එරෙහිව අප්‍රේල් 02 වනදා  එස් ද එස් ජයසිංහ ශාලාවේ දී පැවැත්වෙන

සාලිය පීරිස් වෙනුවෙන් BASL නිවේදනයක් !

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති මෙන්ම ජනාධිපති නීතීඥවරයෙකුද වන සාලිය පීරිස් ගේ වෘත්තීය රාජකාරි සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතීඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලමින් නිවේදයක් නිකුත් කොට ඇත.

ගෝඨා එලවපු විදිහට IMF එළවමු : අන්තරේ ලොක්කා මැප් එක දෙයි !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු ප්‍රාතිහාර්යක් නොව රටට ඇති ලොකුම හෙණයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ පැන්නූ ආකාරයෙන්ම රාජපක්ෂලා පැන්නූ ආකාරයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පන්නා දැන් යුතු බවද ඔහු පවසයි .

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ බව සඳහන් කර සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ආණ්ඩුව ලබාගන්නේ ණය මුදලක් බවත් රටේ ණය අර්බුදයට ආණ්ඩුව විසින් යෝජනා කර ඇති උත්තරය ද ණය ගැනීම බවත් ඔහු එහිදී පැවසීය .

ගිය වසරේ මාර්තු මස තිස් වෙනිදා රටේ ජනතාව පාරට බැස ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීම සඳහා අරගලය මුලින්ම ආරම්භ කළ කරන ලද බවත් එවන් ඉතිහාසයක් නැවත නැවත ඇතිවිය හැකි බවත් ඔහු පවසයි .

එවන් තත්ත්වයක් යළි ඇතිවීමට ඕනෑතරම් තත්ත්වයත් යළි මේ මොහොතේ නිර්මාණය වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන සංවිධානයක් බවට නඩත්තු කරන අන්තරේ කැඳවුම්කරු සිදුකරන මේ ප්‍රකාශ හරහා රටේ අර්බුදය නිවැරදි ලෙස තක්සේරු කිරීමට ඔවුන්ට ඇත නොහැකියාව තහවුරු කරන බවයි.

නිල වශයෙන් බංකොලොත් වූ රටක් යලිත් ගෝලීය මූල්‍ය බලවතුන් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහය අනුමත වීමෙන් බවත් ඒ හැර ඒ සඳහා වෙනත් කිසිදු අවස්ථාවක් නොමැති බව වසන්තලා නොදැනීම ඒ දේශපාලනයේ බංකොලොත් බව ප්‍රකාශ වීමට වැඩි දෙයක් නොවන බවත් විචාරක මතය වී තිබේ.

ක්‍රීඩා ඇමතිගෙන් ICC යට ලිපියක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ නිල සාකච්ඡාවකට පැමිණෙන්නැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියකින් දැනුම් දී ඇත .

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවට පළවූ වාර්තා පනදම් කර ගනිමිනි .

ක්‍රිකට් පමණක් නොව මෙරට සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන කටයුතු සඳහා දේශපාලන ඇගිලි ගැසීමක් සිදුව නොමැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කර සිටියි.

ඒ අනුව මේවනවිට වාර්තා පළ වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට දේශපාලන ඇගිලි ගැසීම් ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් අතර නිල සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි .

icc l

තෙල් වෘත්තීය සමිති උපවාස ගාය සනීපයි : කට වහගෙන හිටියට බැසිල්ටත් දොස් !

ඉන්ධන සැපයුම අද (30) දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි.

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි පැවසුව ද සේවකයන් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බවත් කොළොන්නාව තෙල් පර්යන්තයෙන් පමණක් අද දිනයේ බවුසර් දහසකට ආසන්න සංඛ්‍යාවක් පිටත්කර හැරි බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

රටපුරාම ඉන්ධන තොග බෙදාහැරීම නිසා ඊයේ දිනයේ කිසිඳු ස්ථානයක පෝලිම් හෝ ඉන්ධන හිඟයක් වාර්තා නොවූ බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සියලු පරිශ්‍රයන් ඊයේ දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

වාර්තා වන ආකාරයට වෘත්තිය සමිති එකමුතුව ලෙස වර්ජනයක් සහ උපවාසයක් අරඹමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කටයුතු අකර්මණ්‍ය කිරීමට උත්සාහ කළත් ඒ වෙනුවෙන් බහුතර සේවකයන් ප්‍රමාණයක් එකඟකර ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බවත් දැනගන්නට ඇත.

බැසිල්ටත් බැනුම් !

මේ අතර පොදුජන පෙරමුණට සම්බන්ධ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර පවසා සිටින්නේ ජාතික සම්පත් විකුණද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසාගෙන සිටීම වැරදි බවය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය ජාතික සම්පත් විකිණීම නොවන බවද පැවසූ ඔහු කාංචන විජේසේකර මහතාගේ අත්තනෝමතික වැඩකටයුතු හමුවේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් කට වසා ගෙන නොසිටිය යුතු බවද කියා ඇත.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සමාගම් වල ගිණුම් තර කිරීම වැළැක්වීම එකම අරමුණින් සිදු කරන්නක් මිස ආණ්ඩුව ගෙදර යැවීමේ කුමන්ත්‍රණයක් මෙහි නැතැයි ද ඔහු කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාව ජාතික සම්පතක් ලෙස හඳුන්වාදීමට අවස්ථාවාදී වෘත්තීය සමිති නායකයන් උත්සාහ කළද එය මිත්‍යාවක් බවට සමාජ මාධ්‍ය තුළ ද ප්‍රතිචාර දක්වෙමින් ඇත. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් පළවූ ප්‍රතිචාරයකි.

WhatsApp Image 2023 03 30 at 22.51.38

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම වේගවත් කිරීමට කමිටුවක් !

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති “ DIGIECON 2030” එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව එළිදැක්වූ “ DIGIECON 2030”, ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයකි. තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ රටේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයන් සහ නවෝත්පාදන විසඳුම් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බැවින් තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරනු ඇත.

DIGIECON 2030” මගින් අලුතින් විවිධ ක්ෂේත්‍රවල ආරම්භ වූ නව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 50 දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසකට ගෝලීය ආයෝජන සහ වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් සකසනු ලැබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල හා අනෙකුත් පර්යේෂණ ආයතන ඒකාබද්ධ කර ඩිජිටල් ප්‍රතිපත්තිය සැලසුම් කිරීම ආරම්භ කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 100ක් වෙන් කරන බවයි. එසේම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීමට ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

නාස්ති කිරීමට කාලයක් නොමැති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අසල්වැසි රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් , ඉතා වේගයෙන් දියුණු වන කලාපයක් ලෙස විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත් පෙන්වා දුන්නේය.

ඉහළ තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ හරිත ආර්ථිකයක් මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් තරගකාරී වීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට නව තාක්ෂණයන් සහ නව්‍ය විසඳුම් වැළඳ ගත යුතු බව ද පැවසීය.

එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාව සැබෑ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර තිබෙන බව “DIGIECON 2030” විසින් සහතික කරනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  සඳහන් කළේ “ DIGIECON 2030” ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බවයි.

“ DIGIECON 2030” හරහා, සියලුම පාර්ශ්වකරුවන්ට ඩිජිටල් පරිසර පද්ධතියකට පහසුකම් සැලසීම සඳහා රජයේ කැපවීම සහ මඟ පෙන්වීම් ලබා දෙමින් ආයෝජන සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් ගොඩ නැඟීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඩිජිටල් පරිවර්තනයකට තුඩු දෙන සහ මානව කේන්ද්‍රීය තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් හවුල්කාරිත්වයන් ගවේෂණය කරන ව්‍යාපෘති මාලාවක් වෙනුවෙන් රජය පෙරමුණ ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  සඳහන් කළේය.

කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත්, අලි සබ්‍රි, කංචන විජේසේකර , රමේෂ් පතිරණ, නසීර් මො‍හමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, අරවින්ද් කුමාර් යන  ඇතුළු මැති ඇමතිවරුන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news?start=2358#sigProId875c9c3fbf

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කෙරේ

ශ්වසන ආසාදනයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේදී රෝහලේ ගතකර ඇති බව වතිකානුව ප්‍රකාශ කරයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ‌ මේ වන විට 86 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු පසුගිය දිනකිහිපයක් තිස්සේ හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙලී ඇති බව අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහු රෝහල් ගතකර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට තීරණය කර තිබේ.

ඉදිරියේදී පාස්කු සති අන්තය මෙන්ම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වසරේ කාර්යබහුලම කාලය මෙය වන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ජවිපෙ කාඩර් එක ආගමානුකූල ජීවිතයක !

ආගමට අනුව ජීවත්වන පිරිස අතරින් ඉදිරියෙන්ම සිටින්නේ තම කණ්ඩායමේ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

තමන් බුද්ධාගමට ගරු කරන්නේ පවුලෙන් ආ නිසා නොව තමන් බුද්ධාගම සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා ඒ ගැන හදාරා ඇති නිසා බවද ඔහු පවසයි.

ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ ජාතික ජන බලවේගය ජනහමුවක් අමතමින්ය.

වත්මන් ආණ්ඩුව පන්සිල් පද එකක්වත් රකින්නේ නැති බවත් ඔවුන් ආගමානුකූලව කටයුතු නොකරන බවත් සඳහන් කරන ඔහු බෞද්ධයන් විසින් අනෙක් ආගම්වලට විරුද්ධව ජනතාව උසිගන්වා නම් ඊට තමන් විරුද්ධ බවත් කියා සිටියේය.

තම දේශපාලන ව්‍යාපාරය ආගම් විරෝධී එකක් නොවන බවත් ආගම් වලට ගරු කරන ආගම් ඇදහීමට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් යයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

මීට පෙර පෞද්ගලික දේපළ ක්‍රමයට එරෙහි සමාජවාදී ප්‍රතිපත්තින්ද ජවිපෙ ඉවත්වූ බව ප්‍රකාශයට පත්කෙරුණු අතර ඒ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ පෞද්ගලික දේපළ පවරා ගැනෙනු ඇති බවට එල්ලවූ චෝදනාව හමුවේය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විචාරකයන් පවසන්නේ, ජවිපෙ මේ වන විට මාක්ස් ලෙනින්වාදී ප්‍රතිපත්තියෙන් බැහැරව ලිබරල් දේශපාලනය වැළඳ ගනිමින් සිටින බවය. එහිදී දේශපාලන උපක්‍රමයක් වශයෙන් දූෂණ විරෝධය සටන් පාඨයක් ලෙස යොදාගෙන ඇති බවත් විචාරක මතය වී තිබේ. ජවිපෙ මේ වෙනසට හේතුව වී ඇත්තේ රට මුහුණදී ඇති අර්බුදය සඳහා සමාජවාදය තුළ විකල්පයක් නොතිබීම නිසා බවත් විචාරකයන් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට නවසිලන්තයට යන්නට ඇමති අවසරය තවමත් නෑ !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, උප සභාපති හා ලේකම් අත්‍යවශ්‍ය කටයුතු සඳහා නවසිලන්තයට යාමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ඉල්ලා තිබුණද මේ දක්වා ඊට අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හටගෙන තිබෙන අර්බුදය හේතුවෙන් හුදු පුද්ගලික කරුණු පදනම් කර ගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇත.

එසේම ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර තිබූ අන්‍යනොන්‍ය අවබෝධය සම්පූර්ණයෙන්ම බිඳී ගොස් ඇති බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන ආයතනයක් වන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුබද්ධ ක්‍රීඩා සංගමයක් බව පෙන්වාදෙන අප ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දේශපාලන අතපෙවීම් පිළිබඳව දිගින් දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත වාර්තා වීමෙන් පසු ඒ සඳහා කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෑතකදී ත්‍රී පුද්ගල කමිටුවක් පවා පත් කර ඇති බවය.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහයෝගයෙන් කටයුතු නොකිරීම මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනමක් අභියසට ළගා වෙමින් තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

Page 132 of 388