V2025

පුවත්

අරගලයේ යෙදී සිටින නව පරපුරේ අධ්‍යයනය පිණිසයි!

අදට වඩා වැදගත්
1953 හර්තාලයේ පාඩම !

''1953 හර්තාලය වනාහි සම්පූර්ණ සමාජ විපර්යාසයක් ඇති කිරීමේ මූලික වැඩ පිළිවෙලකට අදාලව ජනතාව විසින් ගත් ප්‍රථම පියවරකි. එකල ජනතාව විසින් අනාගත ජනතාවට හිමිකර දෙන ලද වීරෝධාර, එමෙන්ම නිවැරදි දේශපාලන උරුමයකි. එහෙත් මේ රටේ වාමාංශික නායකයෝ එම උරුමය පිටු දැක ධනේෂ්වර පංතිය සමග සහජීවනය දැක්වීමේ බියගුලු , මෙන්ම වැරැදි සහගත වූ දේශපාලනය උරුම කරගෙන දේශපාලන නපුංසකයන් බවට පත් වූහ.''
('මහා හර්තාලය' -එච් ඒ. සෙනෙවිරත්න )

1953 හර්තාලය මේ රටේ පැරැණි වාමාංශික ව්‍යාපාරය විසින් නායකත්වය දුන් සටනක් ලෙස ඉතිහාසගත වුවද එය සැබැවින්ම ජනතාවගේ මූලිකත්වයෙන් පැන නැගුණු සටනක් විය.

පැරැණි වාමාංශික ව්‍යාපාරයට ඒ සඳහා නායකත්වය දෙන්නට සිදු වූයේ එදා ජීවන බර දරාගත නොහැකිවූ ජනතාව ස්වේඡාවෙන් සටන් මඟට පිවිසීම මඟහැර යනු නොහැකිවූ නිසා බව පැහැදිලිය.

හර්තාලයේ ගිනි පුපුරු නැගුණේ එවකට බලයේ සිටි යූ ඇන් පී ආණ්ඩුව හාල් සේරුව සත 25 සිට සත 70 දක්වා ඉහළ දැමීමට එරෙහිවය. එම මිල වැඩි කිරීමට පෙර 1952 සැප්තැම්බර් වන විට සීනි මිල සත 25කින් වැඩිවී තිබුණු අතර සහල් සලාකය සේරු කාලකින් කපා හැර තිබිපණි. එවකට රජයේ පාසල් දරුවන් 7.50, 000 ට ලබාදි තිබූ දිවා අහාර වේල අහිමි කෙරෙන බවද ප්‍රකාශ කර තිබූ අතර පසුව තැපැල් සහ දුරකතන ගාස්තුද වැඩි කොට තිබිණි. මේ සියලු මිලවැඩි කිරීම් සහ සහනාධාර කපා දැමීම දරා ගත නොහැකි වූ තැන 1953 ජූලි 21 වැනිදා බලපිටිය හා අම්බලන්ගොඩ අතර රන්දොඹේ නැමැති ගමේ ස්ත්‍රින් හා පුරුෂයන්ගෙන් සැදුණු පිරිසක් මහ පාරේ වැතිර ගමනා ගමනය වලක්වා සටන් මඟට පිවිසියහ. එසේ හටගත් ජනතා ගිනි පුපුරු මාදම්පේ, සිනිගම, අකුල හා තොටගමුව දක්වාද ජුලී 23 වනවිට බලපිටිය දක්වාද 24 වනවිට කරන්දෙණිය ඌරගහ සහ අහුංගල්ල දක්වාද ලැව් ගින්නක් සේ පැතිර ගියේය.

ඊට සමගාමීව වරාය කම්කරුවන් 12000ක් පමණ පැය තුනක සංකේත වැඩ වර්ජනයක්ද, වැල්ලවත්ත රෙදි මෝල කම්කරුවන් වරුවක වැඩ වර්ජනයක්ද දියත් කොට තිබිණ.

1953 ජූලි 23 දින විපක්ෂයේ මෙහෙයවීමෙන් ගාලු මුවදොර පිටියේ පැවැති ජන රැළියට 50.000කට අධික පිරිසක් රැස්වූ බව වාර්තා විය.

1953 අගොස්තු 12 වන විට හර්තාල සටනේ කෙන්ද්‍රස්ථානය කොළඹ විය. කඩ සාප්පු වසා දැමීම , දුම්රිය බස්රිය ඇතුළු ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර කිරීම හර්තාලයේ ප්‍රධාන ක්‍රියාදාමයන් අතර විය.

මුහුදු බඩ ආශ්‍රිත ප්‍රදෙශවල ස්ත්‍රීන් රේල් පාර හරහා වාඩිලා කෑම පිසූහ. කොළඹට පැමිණෙන සහ පිටවෙන මහා මාර්ග සහ දුම්රිය මාර්ග සටන්කරුවන් විසින් අහුරා දමන ලදී. කොළඹ නගරයට නුගේගොඩ දෙසින් ඇතුළුවිය හැකි හයිලෙවල් පාර, කිරුළපන පාලම සහ ඒ අවට සටන්කාමීන් ගෙන් පිරී ඉතිර ගොස් තිබිණි. ඔවුන් පාර මැද ගස් කපා පාර මැද දමා අවහිර කොට ඇත.
බොරලැස්ගමුවේදී සටන්කාමීන් විසින් ගස් කපා හෙළා කැස්බෑව හා පිළියන්දල සිට කොළඹ දෙසට යන පාර අවහිර කොට තිබිණ. මේ නිසා කොළඹ නගරය අනෙකුත් නගර වලින් හුදෙකලාවී ගොස් තිබීණි.

වතුකරයේ කම්කරුවන්ද වැඩ නවතා හර්තාලයට එක්ව සිටීම විශේෂ සිද්ධියක් විය. රත්නපුර දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් 18,500ක් වැඩ වරා හර්තාලයට එක්වීම නිසා එම දිස්ත්‍රික්කයෙ වතු 28 ක වැඩ සම්පූර්ණයෙන්ම ඇනැ හිටියේය.
හර්තාලයේ සාර්ථකත්වය සනිටුහන් වන්නේ සියලුම පලාත්වල ජනතාව කිසියම් ආකාරයකින් හෝ තම විරෝධතාව දක්වා සිටීමයි. වැඩවර්ජන, කඩ සාප්පු වසා දැමීම, ගමනා ගමනය අඩාල කිරීම ආදී ක්‍රියාකාරකම් එම විරෝධතා අතර විය.

පාලකයන්ට කොළඹ නගරය තවදුරටත් ආරක්ෂක ස්ථානයක් නොවූ බැවින් එදින ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රැස්වූයේ මුහුදෙ නතර කොට තිබූ බ්‍රිතාන්‍යයට අයත් යුද නැවක් තුළය.

අගොස්තු 12 දින උදෑසනම සටන්කාමීන් විශාල පිරිසක් පිටකොටුව දෙසට ඒකරාශී වෙමින් සිටි අතර පොලීසියද සූදානම්න් සිටියේය. පොලිසිය විසින් රැස්ව සිටි සටන්කාමීන් පළවා හරින්නට දැරූ උත්සාහය නිසා දෙපිරිස අතර ගැටුමක් ඇති විය. පොලිසිය බැටන්පො‍ලු වලින් සටන්කාමීන්ට පහර දෙන්නට පටන් ගත්විට සටන්කාමීහු ගල් මුල්වලින් පහර දුන්හ. සටන්කාමීන් පොලිසියට පහරදුන් අවස්ථාවකදී පොලිසිය පසු බසිමින් බැරැක්ක වලට ගාල් වූහ. සටන්කරුවන් පසු බසින අවස්ථාවලදී පොලිසිය යළි ඉදිරියට පැමිණ පහර දුන්හ. එහිදී සටන්කරුවනට ගල් සපයා ඇත්තේ පිටකොටුවේ නාටාමිලා විසින් බව කියති. ඔවුන් තම කූඩවලට ගල් පුරවා ගෙන වුත් සටන්කාමීනට දුන් බවද කියති.

පොලිසිය හා සටන්කරුවන් අතර පැවැති ගැටුමේදී ලංකා සමසමාජ පක්ෂයේ සාමාජික එඩ්වින් නමැති සහොදරයකු හමුදා වෙඩි පහරකට ලක්ව මිය ගියේය.

ඉන්පසු ආණ්ඩුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කීරීමත් සමග සටන නතර කරන ලෙස සමසමාජ පක්ෂ නායකයින් ඉල්ලා සිටි නමුත් ඒ මොහොතේම සටන නතර කිරීමට ජනතාව සූදානම් නොවීය.ඔවුන් කොළඹින් පිට තම ප්‍රදේශවල මහා මාර්ග අවහිර කරමින් වාඩිලා සිටියහ.

හර්තාල් සටනෙදී පොලිස් වෙඩි පහරින් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සටන්කාමීහු 9 දෙනෙක් මිය ගියහ.

හර්තාලය අතරමග නතරවූ දේශපාලන ක්‍රියාවලියක් වුවද එයින් ජනතාවට ජයග්‍රහණ කිහිපයක් අත් කර දුන්නේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සත 25 සිට 70 දක්වා වැඩිකළ හාල් සේරුවක මිළ සත 55 දක්වා අඩු කරන්නට සිදු විය.
අනතුරුව එම රජයේ අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක සෞඛ්‍ය හේතුන් මත යයි කියා අගමැතිකමින් ඉල්ලා අස්වූයේය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා ගේ ෆේස්බුක් ගිනුමෙනි.

විශ්වාසභංගය සඳහා TNA පක්ෂයි : තොණ්ඩමන් මාරුවෙයි !

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය සහය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම ආරම්භ කර ඇති බවයි.

එළැඹෙන අප්‍රේල් 18 සඳුදා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව කතානායක වරයාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවත් ඔහු පවසයි.

කෙසේ වුවත් මේ වන විට ලංකා කම්කරු කොන්ග්‍රසය විශ්වාසභංගය සඳහා අත්සන් නොකිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජීවන් තොණ්ඩමන් හට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදීමේ පොරොන්දුවක් පවතී.

නමුත් මීට පෙර එම පක්ෂය පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට සහය නොදී ස්වාධීන වීමේ තීන්දුවක් ගෙන තිබිණ.

අත්නොහැරීමේ ආදීනව කාදිනල් හිමි පෙන්වා දෙයි !

අත්නොහැරීම තුලින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිතද විනාශයට පත්වන බව මැල්කම් කාදිනල් රංජිත් හිමි සඳහන් කරයි.

මහ සිකුරාදා දේව මෙහෙයට එක්වෙමින් කාදිනල් හිමි මේ බව පැවසීය.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්විඳිම සහ කුරුසය මත දිවි පිදීම සිහිකෙරෙන මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය 15 පස්වරුවේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී පැවැත්වුණි.

එහිදි අදහස් දැක්වූ අගරදගුරු හිමියන්,

“ක්‍රිස්තුත් වහන්සේ කියන්නේ මොකක්ද අත්හරින්න.. අත්හරින්න.. නීත්‍යානුකූලව අපි සතු හැම දෙයින්ම නිදහස් වෙන්න කියලා. වැඩිම උනොත් අවුරුදු 100ක් ජීවත් වෙන්න පුලුවන් වෙයි ඒ සියල්ලම අත්හැරලා දාලා හතර රියන් කොටුවට යන්න ඕනේ අපි හැමෝම. එහෙනම් අපි හැමෝම මේ සම්පත්, මේ වස්තූන්, මේ බලය, තණ්හාවෙන් අල්ලගෙන ඒවා අත්හරින්නේ නැතිව අපේ ජීවිතයත් කාලකණ්ණි කරගෙන අනුන්ගේ ජීවිතත් කාලකණ්නි කරන්න කටයුතු කරන්නේ ඇයි”

– අද

ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට : SF ගෙන් පණිවිඩයක් !

රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වෙත ෆේස්බුක් පණිවුඩයක් තැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රී , ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කටයුතු කර ඇත.

තම විධානය යටතේ මානුශීය මෙහෙයුමක නියමුවන්වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම බලාපොරොත්තු නොවෙමි" යනුවෙන් ද සඳහන් අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

 ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමනි,

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි.

මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුශීය මෙහෙයුමට සේනාංක මෙහෙයවු ඔබ, මේ මොහොතේ රට තුල පැනනැගී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්ධනය කිරීමට දූෂිත පාලකයින් ලබාදෙන අනීතික නියෝග පිලිබදව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්ශා කරමි.

දූශිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුල උදගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුල ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදිබැස තිබේ.

සිය බලය පවත්වාගැනීම වෙනුවෙන් පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්ධනය කිරීමට රාජපක්ශ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිලිකුල්සහගත ලෝකයේම අප්‍රසාදයට ලක්වන ක්‍රියාවලියක් වනු ඇත.

මා යටතේ මානුශීය මෙහෙයුමක නියමුවන්වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම බලාපොරොත්තු නොවෙමි.

එබැවින් යලියලිත් මා ඔබට අවධාරණය කරන්නෙ දූශිත පාලකයින් ලබාදෙන ජනතාවිරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි.

ස්තුතියි.-ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා.

අපේම අපේම නොවන ලොවක්...!

ගෝටාගෝගමේ ශාකා දාන්න හැමතැනම උත්සාහයක් තියනවා. ගෝල්ෆේස් අරගල-සංස්කෘතික-සමුපකාර අවකාශය අනිත් නගර වලටත් පුළුල් කිරීම ගැන ඇත්තටම සතුටුයි. නමුත් ඒ කොළඹ නොවන අවකාශ අර ගෝටාගෝගමෙන් සෑහෙන්න විතර ඛණ්ඩනය වෙනවා නම් සහ අර මුල් ආකෘතියෙන් වෙනස් වෙනවා නම් මම වඩාත් කැමතියි. ඒ නිසා ගෝටාගෝගම අනෙක් අවකාශ ගෝල්ෆේස් ශාඛාවක් (කොපියක්) වෙනවා වෙනුවට අලුත්ම අවකාශයක් කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද යාපනේ නැත්නම් මඩකලපුවේ දාන 'ගෝටාගම' ගමක් ම වෙන්න ඕනි නැහැ. දැනටත් අපි ඉන්නේ ගම්වල හින්ද ගම කියන්නේ අපේ ෆැන්ටසි එකත් නෙවෙයි.

ගම කියන ප්‍රථම අවකාශය (Firstspace) වෙනුවට නාගරික දෙවන අවකාශයක් තිබීම හොඳයි. දැන් ගෝල්ෆේස් එකේ සිද්ද වෙන්නේ ඒක (Secondspace). නමුත් එඩ්වඩ් සෝජා යෝජනා කරන්නේ ගම කියන පරිකල්පිත අවකාශය සහ ඇත්තට අපි ජීවත් වෙන නාගරික අවකාශය අතරින් තුන්වන අවකාශයක් අපි හොයාගන්න ඕනි කියල (Thirdspace).

බහු සංස්කෘතික අවකාශය හොඳයි. හැබැයි ඒ බහු සංස්කෘතික බවෙනුත් අපි වෙන් වෙන්න ඕනි. මුල් එකේ චායාව විතරක් අරගෙන ඒකෙන් නොපෙනී යන්න පුළුවන් නම් හොඳයි.

'පරණ දෙයම සිදුවන අතරේ අලුත් දෙයකුත් සිදුවන, ශරීරය සහ මනස දෙකම පවතින, වාස්තවික සහ වියුක්ත, විඥාණය සහ අවිඥාණය දෙකම පවතින, සැමදා ජීවිතය වගේම නිමානොවන ඉතිහාසයක් ද පවතින, අනෙකා පවතින සහ නොපවතින' යමක් අපි නිර්මාණය කරන්න ඕනි කියල සෝජා කියනවා.

දැන් අපේ අනෙකා රාජපක්ෂ උනාට අපේ අලුත් තැනදී ඒකත් නොපෙනී යනවනම් හොඳයි. අලුත් යුතෝපියාවක් එක්ක අලුත් ගමනක් යමු.

මම හිතන්නේ ගෝල්ෆේස් වලින් පසුබහින්න ඕනි උණොත් (කවදාහරි) ඒකටත් එක්ක ඊටත් වඩා ශක්තිමත් තැන් එකක් නෙවෙයි ගොඩක් අපි ඇති කරන්න ඕනි.

මේ පොදු සංස්කෘතික සමුපකාර අවකාශය හැමදාම නඩත්තු කරන්න ආධාර වලින් විතරක් බැරි වෙයි. ස්වයං-තිරසාර බවක් ඕනි වෙයි (self-sustainable space).

ග්‍රීක රෝම මෙට්‍රෝ නගර සංකල්පයත් නොවන අපේ ගමත් නොවෙන අලුත් එකක් අපිට හදන්න බැරිද? බාවාගේ එකත් නොවෙනවා නම් තවත් හොඳයි.

අපේම ලොවක් වගේම අපේ නොවන ලොවකුත් තිබ්බනම් අගෙයි. සමහර විට අලුත් පරම්පරාව හදයි.

Edward Soja (1996). Thirdspace: Journeys to Los Angeles and Other Real-and-Imagined Places. Oxford: Basil Blackwell.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

ඇමති ධූර එපා කියපු ජ්‍යෙෂ්ඨයන් මෙන්න !

නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නව කැබිනට් මණ්ඩලයේ හිටපු කැබිනට් සාමාජිකයන් ට අමතරව නවක මූහුණු රැසක් දකින්නට ලැබෙනු ඇති බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළැඹෙන IMF සාකච්ඡා සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස දක්වමින් ආණ්ඩුව මෙම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට යන බවය.

ඩලා, මහින්දානන්ද , බන්දුල කැබිනට් එපා කියලා !

මේ අතර හිටපු කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඩලස් අලහප්පෙරුම , මහින්දානන්ද අලුත්ගමගේ සහ බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් නව කැබිනට් මණ්ඩලයේ තනතුරු නොගෙන සිටීමට තීන්දුවක් ගෙන ඒ බව ජනාධිපති දැනුවත් කළ බවත් වාර්තා වෙයි. එහිදී ඔවුන් යෝජනා කර ඇත්තේ , නවකයන්ට අවස්ථාව ලබාදී තමන් පැත්තකින් සිට ඊට සහය දෙන බවයි.

කෙසේ වුවත් පළමු අවස්ථාවේ 15 කින් යුතු කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතත් මේ වන විට එම ප්‍රමාණය 22ක් දක්වා වැඩිවී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මර්දනයට සූදානමක් ගැන පෙරටුගාමීන්ගේ අනාවරණයක් ! (Video )

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමේ සූදානමකින් කඩවත ප්‍රදේශයේ හමුදා කඳවුරක් තුල පුහුණුවීමක් සිදු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කියා සිටියේ අදාළ හමුදා කදවුර තුළ විරෝධතාවයේ පුහුණුවීම් සිදු කරන්නේ දැනට ගාලු මෝදර පිටියේ විරෝධතාකරුවන් විසින් හඬගා කියන සටන් පාඨ කියමින් බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව සඳහන් කර සිටියේ එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මෙම පුහුණුවෙන් පසු ගාලු මුවදොර පිටියේ විරෝධතා කරුවන්ට පහර දීමේ සූදානමක් ඇතැයි සැක මතුවන බවද එහිදී දුමින්ද නාගමුව පැවසූ අතර මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ප්‍රකාශයක් සිදුකල යුතුය ඇති බවද පැවසීය. 

මීඩියා ඉස්සරහ සංවේදී වූ ශාන්තට : උවිදු දුන්න පිළිතුර !

ජනතාව ඊයේ (14) තමන්ගේ නිවස ඉදිරියට පැමිණ හැසිරුණු ආකාරයට බියවූ තම කුඩා දියනිය ආහාර පවා නොගත් බව ඉතා සංවේදී ලෙස නව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

ඒ අද (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

තමන් අමාත්‍ය ධූරයක් බාර ගත්තේ රටේ මේ මොහොතේ පවතින තත්වය ගැන හොඳින් සිතා බැලීමෙන් පසු බවත් ඒ ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බලමින් බවත් ඔහු පැවසීය.

එසේ නැතිව අමාත්‍ය ධුරයකට ඇති ගිජුකම නිසා නොවන බව ද පැවසූ ඔහු තමා ගත් තීරණය නිවැරදි බව ජනතාව ඉදිරියේ දී පවසනු ඇතැයිද කියා සිටියේය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමති ධූරය ලබාගත්තේ පක්ෂයේ තීන්දුව උල්ලංඝනය කරමිනි.

කෙසේ වුවත් රාජ්‍ය ඇමති ගේ සංවේදී කතාවට ප්‍රතිචාරයක් කොලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවියේ සංස්කාරක සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබූ අතර එය පහත දැක්වේ.

uvindu 500

ආණ්ඩුව රැකීම බොදු බලේට : අරගලය ජාතිවාදීයෙන් ප්‍රවේසම් කරගමු !

ජන අරගලය දවසින් දවස දස දහස් ගණන් මිනිසුන්ගේ සහභාගිත්වයෙන් පෙරට ඇදෙද්දී, එම අරගලය පොඩිපට්ටම් කර දැමීම සඳහා, ආණ්ඩුව සිය සුපුරුදු ජාතිවාදී කල්ලි කණ්ඩායම් උසිගන්වමින් සිටින බවක් පෙන්නුම් කරන බව රැඩිකල් සෙන්ටර් ව්‍යාපාරය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් රැඩිකල් සෙන්ටර් ව්‍යාපාරය මේ බව සඳහන් කරන අතර එබැවින් අරගලය ජාතිවාදයෙන් පරිස්සම් කරගත යුතු බවත් පවසයි.

රැඩිකල් සෙන්ටර් වෙනුවෙන්, එහි විධායක කමිටු සාමාජිකයන් දෙදෙනෙකු වන, සී.එස්. කොඩිකාර සහ සංජය ලියනගේ විසින් අදාළ නිවේදනය නිකුත්කර තිබේ.

රැඩිකල් සෙන්ටර් ව්‍යාපාරය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

ජන අරගලය දවසින් දවස දස දහස් ගණන් මිනිසුන්ගේ සහභාගිත්වයෙන් පෙරට ඇදෙමින් තිබේ.

පසුගිය දිනවල සිදුවීම් සමීපව නිරීක්ෂණය කළ රැඩිකල් සෙන්ටර් මේ මොහොතේ අවධාරණය කරන්නේ , ජන අරගලය පොඩිපට්ටම් කර දැමීම සඳහා, ආණ්ඩුව සිය සුපුරුදු ජාතිවාදී කල්ලි කණ්ඩායම් උසිගන්වමින් සිටින බවයි.

එබැවින් අරගලය ජාතිවාදයෙන් පරිස්සම් කරගත යුතු බව අපි තරයේ අවධාරණය කරමු.

මේ වගේ කාලයක එය කිහිප වතාවක් පැවසුවත් වැඩි නැති බව අපේ අදහසයි.

මිට දින කිහිපයකට පෙරදී 'වොයිස්කට්' හිමිවරුන් කිහිපනමක් සහ ලුම්පන් කට්ටඩියන් කිහිපදෙනෙකු විසින් සංවිධානය කර තිබු පාගමන අපට මතකය.

සමාජ මාධ්‍ය මෙන්ම , විශ්වාසවන්ත ආරංචි මාර්ග අනාවරණය කර තිබූ ආකාරයට එකී පාගමනේ උත්සාහය, ජනාධිපති කාර්‍යාලය අසල පැවති පොදුජන අරගලය වෙත කඩාවැදී ගැටුමක් ඇතිකර ගැනීම ය. ඒ හරහා පොදුජන අරගලය මර්දනය කරවීමට පහසුකම් සැපයීමය. එහෙත් ජනතා විරෝධය හමුවේ එය හහකුළා ගන්නට එහි සංවිධායකයන් ට සිදුවිය.

එකී ජාතිවාදී මෙහෙයුම අසාර්ථකවීමෙන් පසුව, කුප්‍රකට බොදුබල සේනා සංවිධානය නියෝජනය කරන, " එක රරටක් එක නීතියක් " ජනාධිපති කාර්ය සාධක බලකා නියෝජිතයින් කිහිප දෙනෙකු වෙත , එම කොන්ත්‍රාත්තුව භාරදී ඇති බවක් පෙන්නුම් කරයි.

ඊයේ , එනම් අප්‍රේල් 13 එම සංවිධානය නිකුත්කර තිබූ නිවේදනය ඊට පැහැදිලි සාක්ෂි සපයයි.

අදාළ නිවේදනය නිකුත්කරමින් බොදුබල සේනාව පවසන්නේ ,
මේ වනවිට අරගලය මුවාවෙන් "ඉස්ලාම් අන්තවාදය" සාධාරණීකරණය" කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව යි.

ගෑස්, තෙල්, කිරිපිටි හිඟය සහ බඩුමිල අඛණ්ඩව ඉහළ යැවීම පමණක් නොව හොරකම, දූෂණය, වංචාව ඉහවහාගිය වටපිටාවක, ඊට එරෙහිව තරුණ තරුණියන් එක්ව ගොඩනැගූ අවිහිංසාවාදී විරෝධතා අරගලය සම්බන්ධයෙන් අපකීර්තිමත් බොදුබල සේනා සංවිධානය , "මෙම අරගලය ජාතිවාදී සහ අන්තවාදී" යැයි නාමකරණය කිරීමට දරනු ලබන නිර්ලජ්ජිත උත්සාහය, රැඩිකල් සෙන්ටර් අප, දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

ආගමේ, ජාතියේ නාමයෙන් මෙරට සමස්ත ජනතාවම මුලාවට පත්කොට රාජපක්ෂවරුන්ට බලය ලබාගැනීම සඳහා බුදු සසුන අවභාවිත කළ චීවරධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය ද අද රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණයට ඍජුවම හේතු වූ බව රහසක් නොවේ.

ඒ සඳහා අපකීර්තිමත් බොදු බල සේනා සංවිධානය ද සැලකිය යුතු කාර්යයක් ඉටුකළ බවත් සිංහල බෞද්ධ අන්තවාදය සමාජය තුළ ප්‍රචාරය කිරීමේ ප්‍රමුඛ අන්තවාදී සංවිධානයක් බවද රහසක් නොවේ.

බොදුබල සේනා සංවිධානය යනු, පාස්කු ජනාධිපති කොමිසම විසින් තහනම් කිරීමට නිර්දේශ කළ අපකීර්තිමත් සංවිධානයකි. එවැනි සංවිධානයක්, තරුණ පොදුජන අරගලයට, ජාතිවාදී අන්තවාදී චෝදනා කිරීම සිය සැබෑ ස්වාමියා වෙනුවෙන් ඔවුන්ගේ සේවය සැපයීමට වඩා වැඩි දෙයක් නොවේ.

අපිට අනුව නම් මේ සිදුව ඇත්තේ ,
බොදු බල සේනා නිවේදනය ලෙසින්, බලලා මල්ලෙන් එලියට පැනීමකි. එනම් , යලි ජාතිවාදය අවුස්සා ආණ්ඩුව රැකගැනීමේ වැඩසටහනකි.

එබැවින් ජාතිවාදී බලවේගයන්ගේ අරමුණු ඉටුකර නොදීම සියලු ජාතීන්ගේ එකතුවක් අපේක්ෂාකරන වත්මන් තරුණ පරපුරේ වගකීම වනු ඇති බව 'රැඩිකල් සෙන්ටර්' අවධාරණය වෙයි. අරගලය ජාතිවාදීයෙන් ප්‍රවේසම් කරගමු !

විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට ඇප...

ගාලු මුවදොර විරෝධතා භූමියට පැමිණ මහජනයා ප්‍රකෝප වන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ශරීර ඇප මත මුදා හැරිණ.

ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවට අද(15) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති , පොලිස් ආඥා පනත සහ රාජ්‍ය නිලධාන්ගේ රහස් ආඥා පනත යටතේ චෝදනා ගොනු කරමින් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්ස කුලරත්න සහ දර්ශන කුරුප්පු  ඇතුළු නීතිඥයින් පිරිසක් එම පොලිස් නිලධාරියා වෙනුවෙන් ස්වේඡාවෙන් පෙනී සිටියහ.

 

ඉන්ධන නිකුත් කිරීමත් සීමා වෙයි

අද දහවල් 1.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට මෝටර රථය, කාර් සහ වෑන් රථ රු. 5000, ත්‍රිරෝද රථයකට රු.1500 සහ යතුරුපදියකට රු. 1000ක් ලෙස මින් ඉදිරියට ඉන්ධන නිකුත් කිරීම කෙරේ.

වාණිජ කටයුතු සඳහා යොදා ගනු ලබන වාහන සඳහා මෙම සීමාව බලනොපැවැත්වෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර, බූලි සඳහා ඉන්ධන අවසරයක් නොමැතිව නිකුත් නොකරන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ අනිසි තොග එක් රැස් කිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පළ කරමින් අද ගාල්ල පින්දූව ප්‍ර දේශයේදී විරෝධතාවක් පැවැත්විණ.

මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ, ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුම අසල පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසකි.

ඔවුන් චෝදනා කළේ කෑන් සඳහා ඉන්ධන ලබා නොදීමට ගත් තීරණය අසාධාරණ බවයි.

ඉන්ධන පිරවුම්හල් සේවකයින් කෑන් සඳහා ඉන්ධන ලබා දීම ප්‍රතික්ශේප කිරීමත් සමග තත්ත්වය උණුසුම් විය. .

විරෝධතාවය හේතුවෙන් ගාල්ල පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමේ රථ වාහන ගමනාගමන කටයුතුවලට බාධා මතු බව වාර්තා වේ.

මේ අතර ඊයේ දින පැමිණා ඩිසල් මෙට්‍රික් ටොන් 41,000 මේ වන විට ගොඩබාමින් පවතින බව ඛණිජ තෙල් නිතිගත සංස්ථාව පැවසිය.

එයට මෙරටට ලැබුනේ ඉන්දීය ණය ආධාර යටතේයි.

එම ඉන්ධන තොගය දින 06 කට ප්‍රමාණවත් බව සඳහන් ය.

උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ඇද්දා : ශ්‍රී ලන්කන් පිළිගනියි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

එසේම ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව එම භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රඳවා තබා ගන්නා බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ බව සඳහන් කරන නමුත් උගන්ඩාව වෙත ගෙනගියේ මොනවද යන්න එහි සඳහන් නැත.

ශ්‍රී ලංකන් සමාගම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.!

‘2021 පෙබරවාරි මාසයේ දී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි.

මෙම ගුවන් භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට රටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාව ලැබිණි.

මෙම භාණ්ඩ ඇණවුම වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරයි’ යනුවෙන් ශ්‍රී ලංකන් සමාගම සිංහල භාෂාවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව ඇති කරගත් ගිවිසුම් ගත බැඳීම් මත මෙම භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු රඳවා තබා ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව ඉතා බරපතල කරුණක් වෙත රටේ පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතුය.

ඒ සන්ඩේ ටයිම්ස් විසින් 2021 අප්‍රේල් තොරතුරු දැනගැනීමේ පනත මගින් මේ පිළිබදව සිදුකල විමසීම ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දැන් සම්පූර්ණ විස්තරයක් නොමැති පතෝල පන්නයේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත්තේ ඇයිද යන්නය.

Screenshot 20220415 102643 Office 1024x1024

දිග ලිපියක් ජනාධිපතිට : ලිට්‍රෝ ගෑස් සභාපති තෙසාර ඉල්ලා අස්වෙයි !

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති අතර ඒ අලුත් අවුරුද්ද උදාවූ ඊයේ (14) දිනට දාවය.

පොදුජන පෙරමුණ ආණ්ඩුව සමයේ ගෑස් මාෆියාව මෙන්ම වත්මන් රටේ පවතින තත්ත්වය ඇතුළු කරුණු රැසක් මේ ඉල්ලා අස්වීමේ ලිපියේ ඇතුළත් ය.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ තෙසාර ජයසිංහ "එකමුතුව" නමින් සංවිධානයක් පිහිටුවාගෙන ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ අයෙකු විය.

ඒ අනුව ගෝඨාභය ජනාධිපති ලෙස පත්වූ වහාම ඔහුව තරුණ සේවා සභාවේ සභාපති ලෙස පත්කරනු ලැබූ අතර පසුව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්කෙරිණ. 2021 ජුලි 08 වෙනිදා එකි පත්වීම සිදුකර සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගයක් මත එතෙක් ලිට්‍රෝ සමාගමේ සභාපති වූ අනිල් කොස්වත්ත ඉවතට දමමින්‍ ය.

තෙසාර ජයසිංහ ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වෙයි.

Gass Latter 1

පාර්ලිමේන්තුව සහ ජන අරගලය අතර සම්මුතියක් ?

රාජපක්ෂ පවුල් පාලනය ඉක්මනින් අවසන් කොට ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගැනීම සඳහාත්, එසේම ඒ පවුල් පාලනය මගින් නිර්මාණය කළා වූ ආර්ථික ව්‍යසනයෙන් සාර්ථකව ගොඩ ඒම සඳහා වූ දේශපාලන ස්ථාවරභාවය ඉක්මනින් ඇති කර ගැනීම සඳහාත්, ජනතාව සහ පාර්ලිමේන්තුව අතර ඒකමතියක් සහ සම්මුතියක් ඇති කර ගැනීම වහා කළ යුතු බව 43 සේනාංකය පවසයි.

එහි සභාපති කරුණාරත්න පරණවිතාන විසින් නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් අතර අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

ජන අරගලය සහ පාර්ලිමේන්තුව අතර සංවාදයක් ඇරඹීම සඳහා මැදිහත්වන්න

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල හා එහි සමීපතමයන්ට ධූරයන් හැර යන ලෙස බලකරමින් දැනට දින කිහිපයක් තිස්සේ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන ජන අරගලය, ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් දැක ඇති වඩාත්ම ආශ්චර්යවත් හා ආකර්ශනීය දේශපාලන සිදු වීමක් බවට සැකයක් තිබිය නොහැකිය. විශේෂයෙන්ම ඊට සම්බන්ධව සිටින තරුණ තරුණියන් වෙතින් දක්නට ලැබෙන සටන්කාමී ජීව ගුණයත්, ඒ සමගම ප්‍රදර්ශනය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදීභාවය, ශිෂ්ටත්වය හා නවීනත්වයත්, මුළු මහත් සමාජයේම ගෞරවයට හේතු වී තිබේ.

කිසිදු එක් තනි දේශපාලන කණ්ඩායමකට අයත් නැති නමුත් රාජපක්ෂ විරෝධී ඒ සියලු දෙනාගේම පොදු අධිෂ්ඨානය මේ ජන අරගලය තුළ දක්නට හැකිය. ඒ අනුව මේ සටන ජයග්‍රහණයෙන් නිමා වී මේ රටට ශාපයක්ව සිටින, අපකීර්තිමත් පවුල් පාලනය ඉක්මනින්ම අවසාන වේවා යනු අපගේ ද අවංක බලාපොරොත්තුවයි. එයින් තොරව මේ රටට අනාගතයක් ගැන සිතීමටවත් නොහැකිය.

එසේ හෙයින් පළමුවෙන්ම කිව යුත්තේ මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් හා සාකච්ඡාවට එන්නැයි සටනේ නියුතු වූවන්ට කර ඇති ආරාධනය සළකා බැලීමේවත් අවශ්‍යතාවක් නොමැති බවය. පොදු මහජනතාවගේ ඉල්ලීම පැහැදිලිය. එනම් රාජපක්ෂ පවුල් පාලනය අවසන් විය යුතුය යන්නයි. ඒ නිසා රාජපක්ෂවරුන්ගේ ඉල්ලා අස්වීම කෙසේ සිදු වන්නේද යන කරුණ පිළිබඳව විනා ඔවුන් සමග සාකච්ඡා කළ යුතු අන් දෙයක් තිබිය නොහැකිය.

නමුත් ඒ සමගම අප තරයේ විශ්වාස කරන්නේ මේ මහජන අරගලයේ පරමාර්ථයන් සාක්ෂාත් කර ගත හැකි වන්නේත්, එසේම අරාජකත්වයට ගොදුරු නොවී අපේ රටට අනාගතයක් ගොඩ නගා ගත හැකි වන්නේත්, මේ අරගලයට සමාන්තරව ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක්ද දියත් වන්නේ නම් පමණක් බවයි. අවාසනාවකට එක් අතකින් ආණ්ඩු විරෝධී මහජන නියෝජිතයන්ට මේ ඓතිහාසික මොහොතේ තමන්ට පැවරී ඇති බරපතල වගකීම පිළිබඳව නිසි අවබෝධයක් ඇති බවක් නොපෙනේ. අනෙක් අතට කලින් කලට රවටනු ලැබීමෙන්, කෝපයට හා අපේක්ෂා භංගත්වයට පත්ව ඇති ජනතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහත් සේ කලකිරී සිටින බැවින්, ඔවුන්ද ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමනයන්හි ශක්තිය පිළිබඳව විශ්වාස නොකරන මානසිකත්වයකට පත්ව ඇත. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා නීත්‍යනුකූල ලෙස බලයෙන් පහ කිරීම සහ එයින් පසු මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක් යළි ගොඩ නගා ගැනීම යනු කරුණු සම්බන්ධයෙන් බරපතල මෙන්ම භයානක අවිනිශ්චිතතාවක් ඇති වී තිබීමය.

කවුරුන් කුමක් කීවත්, කුමනාකාරයෙන් අවතක්සේරු කරන්නට උත්සාහ කළත්, යථාර්ථය වන්නේ ගෝඨාභය පළවා හැරීම සඳහා වූ ජන අරගලය මේ රටේ දේශපාලන අනාගතය තීරණය කිරීමේ ප්‍රධානතම මහජන මැදිහත්වීම බවට දැන් පත්ව තිබේය යන්නයි. එසේම කුමන විවේචන තිබුනද, පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයන් තවමත් මේ රටේ ආණ්ඩුකරණය හා මහජන ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් සාධනීය ලෙස ප්‍රයෝජනයට ගත හැකි මට්ටමකට ශක්තිමත් බවද අමතක නොකළ යුතුය. ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රය වන ශ්‍රී ලංකාව විවිධ අභියෝග මැද තම ප්‍රජාතන්ත්‍රවාදී උරුමය මේ තාක් රැක ගත් අයුරින්ම මේ ජාතික අභියෝගයද ඒ දේශපාලන සාරධර්ම රැක ගනිමින්ම ජයග්‍රහණය කළ යුතු යැයි අප විශ්වාස කරමු. ශ්‍රී ලංකාවට මීට වඩා යහපත් අනාගතයක් ගොඩ නගා ගැනීමේ අවස්ථාව ඇත්තේ ඒ මාවතෙහි පමණය.

එසේ හෙයින් මේ ජනතා අරගලය සහ පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු විරෝධී මහජන නියෝජිතයන් අතර සංවාදයක් ගොඩ නගා ගැනීම ඉතා ඉක්මනින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තකැයි අපි විශ්වාස කරමු. එනම් රාජපක්ෂ පවුල් පාලනය ඉක්මනින් අවසන් කොට ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගැනීම සඳහාත්, එසේම ඒ පවුල් පාලනය මගින් නිර්මාණය කළා වූ ආර්ථික ව්‍යසනයෙන් සාර්ථකව ගොඩ ඒම සඳහා වූ දේශපාලන ස්ථාවරභාවය ඉක්මනින් ඇති කර ගැනීම සඳහාත්, ජනතාව සහ පාර්ලිමේන්තුව අතර ඒකමතියක් සහ සම්මුතියක් ඇති කර ගැනීම වහා කළ යුතුය. එහෙත් ඒ සඳහා පළමුවෙන්ම පාර්ලිමේන්තුව සහ ජනතා අරගලය අතර දැනට ඇති වී ඇති දුරස්ථභාවය නිම කිරීම අවශ්‍යය. එය කළ හැක්කේ දෙපාර්ශ්වයේම විශ්වාසය දිනාගත් සිවිල් සංවිධානයන්ට පමණකි. එබඳු සංවිධාන ලෙස අපට හඳුනා ගත හැකි වන්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව ආදියයි. ඒ අනුව මේ අරගලයේ අරමුණු ජය ගැනීම සඳහා වූ සම්මුතියක් බිහි කර ගැනීමේ කටයුත්ත සඳහා පාර්ලිමේන්තුව සහ මහජන අරගලය අතර විධිමත් හා විවෘත සංවාදයක් ඇති කිරීම සඳහා ඉක්මනින්ම මැදිහත් වන මෙන් එකී සංවිධානවලින් ඉතා කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

විශේෂයෙන්ම මෙහිදී අවධාරණය කළ යුතුම කරුණක් වන්නේ ජනතා අපේක්ෂාව වන්නේ රාජපක්ෂ පාලනය අවසන් කර, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරභාවය තහවුරු කර ගනිමින්, රට දැනට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒම විනා කිසිසේත්ම අරාජකත්වයට තල්ලු වී යාම මගින් තව තවත් ආර්ථික අගාධයේ අඳුරු පතුලට ඇදී යන ඉරණමකට ලක් වීම නොවන බවය. ඒ සඳහා වූ මාර්ගය ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථානුකූලවාදය තුළය. එහෙයින් මේ ජන අරගලය හා ව්‍යවස්ථාදායකය අතර සංවාදයක් තුළින් ගොඩ නැගෙන සම්මුතියක් මේ මොහොතේ අත්‍යවශ්‍යය. අප පෙර කී සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටින්නේ එම යුතුකම ඉටු කිරීම සඳහා සක්‍රීයව හා අනලස්ව මැදිහත් වන ලෙසය.

රාජපක්ෂ පවුල් පාලනය පලවා හැර ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගනිමු
ආර්ථික අගාධයෙන් ගොඩ එමු

ස්තූතියි.

කරුණාරත්න පරණවිතාන.
43 සේනාංක සභාපති

කැළණි පුස්වෙඩිල්ල රිමාන්ඩ්

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද පෙරේරා  ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, ඔහු අද මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නීතිඥවරුන් රැසක් මුදල් අය කිරීමකින් තොරව පෙනී සිටියහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් සිසුන් පිරිසක් ඊයේ කිරිබත්ගොඩ නගරයේදී අට්ටාලයක් ඉදිකර විරෝධතාවක් ආරම්භ කර තිබිණ.

පසුව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුමින්ද පෙරේරා මහතා එම අට්ටාලය කඩා දැමී ය.

එහිදී සිසුන් කිහිපදෙනෙකුට ද මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පසුව කිරිබත්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.

සබැදි පුවත්

ජන අරගලයට කැලණියෙන් පුස් වෙඩිල්ලක්

අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!

ගාලු මුවදොර අරගලය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ මහත් පිබිදීමකට තුඩු දී තිබේ. ඒ පිළිබඳ දිනපතා බොහෝ තොරතුරු අසන්නට දකින්නට ලැබේ. එම අරගලය අනිවාර්යයෙන් ජයගත යුත්තකි. නමුත් අරගලයේ විචිත්‍රත්වය සහ රොමෑන්තිකකරණය හමුවේ අප බොහෝ දෙනෙකු සිතා මතා හෝ අවිඥානිකව අමතක කර ඇති කාරණා කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

Exif_JPEG_420

ගාලු මුවදොර වෙත යාමට පෙර මෙම අරගලයේ අක්මුල් රැඳී තිබුණේ, දිවයිනේ විවිධ ස්ථානවල පැන නැගුණු ආණ්ඩුවට එරෙහි මහජන විරෝධතා මතය. පොහොර හිඟය හේතුවෙන් වීදි බට ගොවීන් සහ නොනවතින සටනක යෙදෙමින් හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලූ ගොවීන් ද, ගුරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අඛණ්ඩ අරගලයක නිරත වූ ගුරුවරු ද, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමූ විශ්වවිද්‍යාල යළි විවෘත කරන ලෙස ඉල්ලා වීදි බට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද මෙහිදී කැපී පෙනුණි. මීට අමතරව ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව සිදු කරන පරිසර සංහාරවලට එරෙහිව විරෝධය පෑ පරිසරවේදීහු ද දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි අරගලවල නිරත වූහ.

Karu Protest News Pix 03

නමුත් තැනින් තැන පැන නැගුණු මෙම විරෝධතා එක් කේන්ද්‍රයකට ගොනු වූයේ නැත. එම විරෝධතා එසේ එක් කේන්ද්‍රයකට ගොනු කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙකු මැදිහත් වූයේ ද නැත. බොහෝ දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් කළේ, තම පක්ෂ සාමාජිකයන් ගෙන්වාගෙන තනි තනි රැස්වීම් පැවැත්වීමයි.

මේ පසුබිම තුළ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් බලයට පත් වූ දා සිට කරමින් සිටි අටෝ රාශියක් වැරදි ගැන බහුතර ජනතාව සිටියේ මුනිවත රකිමිනි. අපරාධකරුවන්ට ජනාධිපති සමාව දීම, තම ඥාතීන් සහ හිතවතුන් සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් කිරීම, සිවිල් පරිපාලනය හමුදාකරණය කිරීම, ඩොලර් සහ රන් සංචිත අවභාවිත කිරීම, බදු ප්‍රතිපත්තිය විකෘති කිරීම සහ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීම මේ වැරදි අතරින් කීපයක් පමණි.

සමාජයේ ඉතා සුළු පිරිසක් මේ කාරණාවලට විරුද්ධව හඬ නඟද්දී, බහුතර ජනතාව සිටියේ ඉතා අක්‍රිය සහ නිද්‍රාශීලී ස්වරූපයෙනි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත් කිරීමට සිය ඡන්දය ලබා දුන් ගොවීන් සහ ගුරුවරුන් සුළු පිරිසක් හැර, 69 ලක්ෂයක ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් සිටියේ, තමා විසින් බලයට පත් කරන ලද ජනතා නියෝජිතයන් කෙරෙහි මහත් භක්තියෙන් සහ විශ්වාසයෙන් ඔවුන්ගේ සියලු ආණ්ඩුකරණ දෝෂ නුදුටුවා සේය.

images 8

මෙම ජනතාවගේ අක්‍රියභාවයට සහ නිද්‍රාශීලීභාවයට බාධා පැමිණෙන්නේ, දෛනික විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන හිඟය, කිරිපිටි සහ බෙහෙත් හිඟය, අහස උසට යන භාණ්ඩ මිල ආදියෙන් තම කාර්යයන්ට බාධා වී, තම එදිනෙදා ජීවිතය තවදුරටත් සුපුරුදු පහසුවෙන් පවත්වාගෙන යාමට නොහැකි වීම හේතුවෙනි. මෙය දැඩි හිරවීමක් (deadlock) ලෙස හැඳින්විය හැකිය.

නගර ගම් දනවු සිසාරා ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් එරෙහි විරෝධතා මතු වන්නේ ඒ සමඟය. තැන තැන පැවති මෙම විරෝධතා උත්සන්න වන්නේ පසුගිය මාර්තු 31 වැනිදා මිරිහාන, පැඟිරිවත්තේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට පැමිණි එම ප්‍රදේශයේ ජනතාව සෘජුවම ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කිරීමත් සමඟයි.

Exif_JPEG_420

එහිදී මතු වූ ප්‍රධානතම සටන් පාඨය වූයේ, "ගෝඨා, ගෙදර යන්න" (Go Home Gota) යන්නයි. මෙය එතෙක් තැන තැන පැන නැඟුණු විවිධ සටන් පාඨවලට වඩා වෙනස්ය. එය සියලු මහජන විරෝධය එකට ගොනු වූ කේන්ද්‍රීය පොදු සටන් පාඨයක් විය.

මේ පසුපසින් ආ අනෙකුත් සටන් පාඨ දෙසට ද අවධානය යොමු කරන විට පෙනී යන්නේ, ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කිරීම පමණක් නොව, රාජපක්ෂලාගේ පවුලම හොරු බවත්, ඔවුන් ජනතා මුදල් කොල්ල කෑ බවත්, එම මුදල් ආපසු දෙන ලෙසත්, එසේ නොකර පැන යා නොහැකි බවත්, කළ වැරදිවලට දඬුවම් ලැබිය යුතු බවත් ජනතාව විසින්ම හඬගා කී බවයි. මෙහිදී ඉස්මතු වූ අනෙක් කාරණා වූයේ, ජනාධිපති ගෝඨාභය පිස්සෙකු බව සහ රාජපක්ෂ පවුලේ කිසිවකු රාජ්‍ය පාලනය සඳහා නුසුදුසු බවයි. මිරිහානෙන් ඇරඹුණු මෙම සටන් පාඨ තව තවත් දෙගුණ තෙගුණ වී ප්‍රබල ලෙස ව්‍යාප්ත වූයේ රට පුරාම ජනාධිපතිවරයාට, රාජපක්ෂ පවුලට සහ ආණ්ඩුවට එරෙහිව මතු වූ විරෝධතා රැල්ලත් සමඟය.

මේවායේදී රාජපක්ෂලා, හොරුන් පමණක් නොව අපරාධකරුවන් සහ දූෂිතයන් රැකි පවුලක් ලෙස ජනතාව විසින්ම නාමකරණය කරනු දැකගත හැකි විය.

දැන් සමස්ත ලංකාවම නියෝජනය කරමින් ගාලු මුවදොරට රැස්වී ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරන්නන් ද මෙම සටන් පාඨ ඉදිරියට රැගෙන යන්නේ ඒවාට තව තවත් කොටස් එකතු කරමිනි. මෙහිදී අප ප්‍රශ්න කළ යුත්තේ, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල අපරාධකරුවන්, සොරුන් සහ අන්තවාදී තක්කඩින් බව පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සමයේ විපක්ෂ බලවේග මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි පිරිස් දිගින් දිගටම පෙන්වා දෙද්දී, එම කරුණු සම්පූර්ණයෙන්ම නොසලකා හැර රාජපක්ෂලා බලයට ගෙන ආ පිරිස්වලට රාජපක්ෂලාගේ අපරාධ, සොරකම් සහ තක්කඩිකම් මතක් වූයේ තමන්ට කෑම බීම, බෙහෙත්, විදුලි බලය, ගෑස් සහ ඉන්ධන හිඟ වූ පසුව ද යන්නයි.

IMG 20220409 WA0021

දැන් පාරට බැස රාජපක්ෂලා අපරාධකරුවන්, සොරුන් සහ තක්කඩින් බව කියා මොරදෙන පිරිස්, එදා ඡන්දය දුන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්ලු! අද හිටිගමන් පහළ වී ඇති රාජපක්ෂලා පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධය එදා තිබුණේ කොහි ද? එසේ නම් රාජපක්ෂලාට වඩා තක්කඩින් වන්නේ, මේ 69 ලක්ෂයක ඡන්ද දායකයන් නොවේ ද? ඔවුන් ඡන්දය දී ඇත්තේ, රාජපක්ෂලාගේ සියලු අපරාධ, සොරකම් සහ තක්කඩිකම් පිළිබඳව දැන දැනය.

අද පාරට බැස සිටින බහුතරයක් එදා ගෝඨාභය වීරයෙක්, ගැලවුම්කරුවෙක් ලෙස නාමකරණය කළහ; කිසිදා සක්‍රිය දේශපාලනයේ නිරත නොවූ මිලිටරිකාරයෙක් කෙරෙහි කිසිදු තර්ක බුද්ධියකින් තොරව හැඟීම්වලට වහල් වී පූර්ණ විශ්වාසය තැබීය. එහි අයුතු ප්‍රතිඵල දැන් භුක්ති විඳින්නේ ගෝඨාභයට සහ රාජපක්ෂලාට ඡන්දය දුන් 69 ලක්ෂය පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවයි.

මෙම හැඟීම්බර අතාර්කිකභාවය දැන් අරගල භූමියේ ද දක්නට ලැබෙන බව මෙහි සටහන් කර තැබිය යුතුය. දැන් අරගලයට අවතීර්ණ වී සිටින බහුතරය එදා ඔය පෙන්වන ගැම්මෙන්ම ගෝඨාභය බලයට ගෙන ඒමටත්, බලයට පත් වූ පසුව ඔහුගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම පිණිස බිත්තියක්, තාප්පයක්, බෝක්කුවක්, පාලමක් ගානේ චිත්‍ර ඇඳීමටත් උත්සුක වූහ. ඔවුන්ට නොවැටහුණේ රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ හිතවතුනුත් මඟහැර ගෝඨාභයට තනිව ආණ්ඩු කළ නොහැකි බවයි.

තරුණ අරගලකරුවන් තරයේ සිහි තබා ගත යුත්තේ සිය ස්මාර්ට් දුරකථනයේ එක් බොත්තමක් ඔබන වේගයෙන් දේශපාලන පෙරළි සිදු නොවන බවයි. ඔවුන් විශ්වාස කරන්නේ, ගෝඨාභය පත් කළේ ඔවුන් විසින් බැවින් ඔවුන් කියන විට ඔහු ගෙදර යාමට සූදානම් යයි කියා නම් එය බිහිසුණු මුලාවකි.

රාජපක්ෂලා එසේ බලය අත නොහරින බවට මෑත ඉතිහාසයේ බොහෝ උදාහරණ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 18 වැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයාට පනවා තිබූ වාර දෙකේ සීමාව ඉවත් කරගෙන මැරෙන තුරු ජනාධිපතිකම රැක ගන්නට තැතනීම සහ යහපාලන ආණ්ඩුව අභිභවා ව්‍යවස්ථා විරෝධීව දින 52ක් බලහත්කාරයෙන් අගමැති ධුරයේ එල්ලී සිටීම ඉන් සමහරකි.

අරගලය නිර්පාක්ෂික වීම හෝ ඊට දේශපාලන පක්ෂ හෝ නායකයන් ගාවා නොගැනීම වෙනම කාරණයකි. නමුත් ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලට ගෙදර යාමට කොතෙක් බල කළත් නොයන්නේ නම්, ඊට තිබෙන ව්‍යවස්ථානුකූල මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අරගලයේ දිශානතිය ඒ දෙසට ද යොමු කළ යුතුය.

මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනතා නියෝජිතයන් කට වචනයෙන් කීවාට ඉල්ලා අස්වන්නේ නැත්නම් ඊට ව්‍යවස්ථානුකූල විකල්ප සෙවිය යුතුය. ඒ, ගෝඨාගෝගමේ සිටින තරුණ පිරිසට රට පාලනය කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් ලැබී නොමැති හෙයිනි;

ව්‍යවස්ථාවෙන් පිටට ගොස් රාජ්‍ය පාලනය කිරීමට තැත් කළහොත් ජාත්‍යන්තරය එය නොපිළිගන්නා හෙයින් ජාත්‍යන්තර සහයෝගය අහිමි වන බැවිනි. එබැවින් ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ මහජන නියෝජිතයන් 225ම එපා යයි කීවාට වැඩක් නැත. එය අතිශයින් බොළඳය; අතාර්කිකය; අභව්‍යය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එපා යයි කියමින් ඔවුන් අපේක්ෂා කරන්නේ විප්ලවයක් ද? නැතහොත් මිලිටරිමය පාලනයක් ද? එය තවත් දරුණු ඒකාධිපතිවාදයක් වෙතට අපව ඇද දමනු ඇත. එබැවින් අප සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයන්ය. ජනතා නියෝජිතයන් ඔබ විසින් පත් කරන තාක් ඔවුන් ඕපපාතික නැත.

FB IMG 1649641609412

කළ යුත්තේ, මේ කුරිරු රෙජීමයට එරෙහිව ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තමා විසින් පත් කර යැවූ ජනතා නියෝජිතයන්ට බල කිරීමයි. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුල ප්‍රතික්ෂේප කර එලවා දැමීමට පාර්ලිමේන්තුව වෙතටම පීඩනය එල්ල කිරීමයි. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටත්, එය අත්සන් කිරීමටත් එම ජනතා නියෝජිතයන්ට බල කිරීමයි.

 ගාලු මුවදොර අරගලය ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත දිශානතිය තීරණය කරන බලවේගයක් වන්නේ ඒ හරහා මුවහත් කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලියක් තිබුණහොත් පමණි.

අප විසින් අපගේ ඡන්දයෙන් පත් කරන ජනතා නියෝජිතයන් කොතරම් එපා වුවත් ඔවුන් නියමිත නිල කාලයට පෙර නැවත කැඳවිය හැකි බලයක් (power to recall) අපට නැත. එම බලය ලබා දෙන ලෙස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා හරහා අප ඉල්ලා සිටිය යුතුය.
අරගල පරණ වන විට යන්නේ ඉබාගාතේය.

එය හැඟීම්වලට යට වූ කානිවල් එකක් බවට පත් නොවිය යුතුය. තාප්පවල චිත්‍ර ඇඳ ගෝඨාභය පොර කළ ආකාරයේ ලේසියකින් ඔහු එලවා දැමිය නොහැකි බව අරගලකරුවන් අවබෝධ කරගත යුතුය.

 ඔබ කොතෙක් අකමැති වුවත්, තිබෙන ආයතනික ව්‍යුහයන් හරහා මිස ඉන් පිට පැන ආණ්ඩුකරණයේ වෙනසක් කළ නොහැකිය. ඔබට පමණක් මෙය කළ හැකි යයි සිතන්නේ නම් සහ සියලු පවතින යාන්ත්‍රණ ප්‍රතික්ෂේප කරමින් වෙනසක් ගෙන ආ හැකි යයි සිතනවා නම් එය ගෝඨාභය වැන්නෙකු වීරයෙකු කරමින් බලයට ගෙනැවිත් කරන ලද ව්‍යසනයට වැඩි අකරතැබ්බයක් සිදුකරනු ඇත.

අපට විශාල කාලයක් නැත. ගෙවෙන සෑම මොහොතකම රට බංකොලොත් වෙමින්, නොපෙනෙන අගාධයකට ඇද වැටෙමින් තිබේ. එබැවින් නොපමාව ව්‍යවස්ථානුකූල විසඳුමකට යාම පිණිස අරගලයේ දිශානතිය වෙනස් කළ යුතුය. අරගලයේ විචිත්‍රත්වයෙන් මත් නොවන්න; හැඟීම්වලට වහල් නොවන්න; යථාර්ථය දකින්න. සිහින මත සිට තීරණ ගතහොත් නැවත ගොඩ ඒමක් නැත. අප සිහි බුද්ධියෙන් අරගලය මෙහෙයවිය යුත්තේ පාර්ලිමේන්තුව හරහාම ගැටලු විසඳා ගැනීම කෙරෙහිය.

ගෝඨාභයට අස් වීමට බල කරන ගමන්ම පාර්ලිමේන්තුවට ද එම කාර්යය සඳහා හවුල් වීමට බල කළ යුතුය. රාජ්‍යයේ නිල ආයතනික ව්‍යුහ අභිභවා යාම නොව ජනතා බදු මුදලින් යැපෙන එම ආයතන තුළින්ම විසඳුම් සොයා ගැනීමට යොමුවිය යුතුය. එසේ නොකළොත් පෙරදී ඇඳි චිත්‍රවල දියසෙවෙල් බැඳී මැකී ගියා සේ ගෝඨාගෝගම ද ජන මනසේ වල් වැදී යනු ඇත.

 ආචාර්ය ඉන්දි අකුරුගොඩ

 

 

පාස්කු විමර්ශන: කතෝලික සභාවෙන් ප්‍රශ්න 20 ක් ?

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න 20 ක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ට යොමු කළ බව කතෝලික සභාව පවසයි.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය ගැන සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් කතෝලික සභාවට මතුව ඇති ප්‍රශ්න මාලාවක් මෙසේ යොමුකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

එම ප්‍රශ්න 20 පහත දැක්වේ.

image e710c368f0

image de1fb2ad61

IMF යන සබ්‍රිගේ උත්සාහය මෙන්න !

ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4 ක් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබාගන්නට අප්‍රේල් 18 සිට සාකච්ඡා කිරීම සිදුවන බව මුදල් අමාත්‍ය අලිසබ්‍රි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

”අපිට බොහෝ දුරට බිලියන 3 ත් 4 ත් අතර අලුතින් මුදල් අවශ්‍යයි.ගෙවිය යුතු වුවත් ණය යලි ගෙවීමේ බර දැන් අපි පැත්තකින් තියලා තියෙන්නේ.අපි අපෙක්ෂා කරනවා සැපයුම පවත්වාගෙන යමින් මෙරට කර්මාන්තවලට බලපෑමක් වන විදුලි කප්පාදුව අඩු කරන්න” යනුවෙන් ද ඔහු පවසා ඇත.

මෙහිදී මාධ්‍ය විසින් චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට ආරම්භ කර තිබෙන සාකච්ඡා වල අලුත් තත්ත්වය ද විමසා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ , " අපි ඔවුන් සමග දීර්ඝ කාලීනව සාකච්ඡා කරමිනුයි ඉන්නේ…අපිට විශ්වාසයි චීනය අප දෙස ධනාත්මකව බලයි කියලා. චීනයට සමග අපට දිගු කාලීන සම්බන්ධතාවක් තිබෙනවා. මම ඒ ගැන වැඩිදුරටත් තොරතුරු හෙළි කරන්නෙ නැහැ. ඔවුන් තවමත් ඉන්නේ සාකච්ඡා මට්ටමේ, එවගේම ඉන්දියාවත් අපිට නිරත්නරයෙන් උදව් කරනවා. එම රටවල් දෙකම අපගේ අසල්වැසියන් හා මිතුරන්. ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. අපි විසින්ම නැගී සිටින තෙක් අපට අවශ්‍ය සහාය ලබාදන බවට…අප මේ වන විටත් චීනය, ඉන්දියාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සියලු දේ සමග අපි විශ්වාස කරනවා අපිට ඉදිරියට යා හැකි කියලා, ඉදිරි අවුරුද්ද අපිට අසීරු විය හැකි බව මම දන්නවා. අපි තේරුම් අරන් තිබෙනවා. මේ කාලය තවදුරටත් අසීරු විය හැකි බව"

Page 267 of 386