පුවත්

තිළිණිගේ පැටිකිරිය ටික ටික එළියට : මේ අලුත්ම ටික !
අද (12) තිළිණිව අරගෙන ගිහින් පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් කලා.
කොහොමටත් මේ දවස්වල ලංකාවේ හොට් හොට් ම පුවත් මවන්නිය - නිව්ස් මේකර් වෙලා ඉන්න, තිලිණි ප්‍රියමාලි ගැන දවසින් දවස අලුත්ම පුවත් කරලියට එනවා.
තිලිණි ප්‍රියමාලි මේ දිනවල කරළියට ඇවිත් ඉන්නේ, මෙරටේ ධන කුවේරයන් දණ ගැස්සු, මෑතකාලීන විශාලතම මුල්‍ය වංචාවේ සැකකාරිය හැටියට..
මෙරට ආගමික නායකයින් , දේශපාලනඥයින්, කලාකරුවන් , විද්වතුන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ඇසුරු කරමින්, අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසයත්, වංචාවන්ගෙන් පිරීලා කියල තමයි ,දැන් දැන් රහස් පොලිසියෙන් වාර්තා වෙන්නේ..
මේ හෙළිදරව්ව,, 1982 වසරේදී කළුතර ප්‍රදේශයේ දී උපත ලබා ඇති, තිලිණි වංචාවන්ට අත්පොත් තැබු ආකාරය ගැන..
රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තිලිණි ප්‍රියමාලි ජාතික හැදුනුම්පතේ ඡායාපිටපතක් ඔන්න එලියට ඇවිත්..
ඒ, ඇය විසින් ජාතික හැදුනුම්පතේ ඡායාපිටපත, රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබා දී තිබුනේ, 2012 වසරේදී ..කුලී පදනම මත ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් ලබාගන්න ..
තිලිණි 2012 වසරේදී ලබා දී තිබු ,අගරු චෙක්පතක් ද ඔන්න එලියට ඇවිත්..
එසේම ඇය මෝටර් රථය ලබාගැනීම වෙනුවෙන්, ඇගේ අත්අකුරින්ම ලියූ ලිපියක් ද, රථයේ හිමිකරුට ලබා දී තිබුනා.
හැදුනුම්පතේ සඳහන් ලිපියනට ගිය මෝටර් රථයේ හිමිකරුට ,, තිලිණි විසින් ගල්කිස්ස ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට සිදුකළ වංචාවක් සම්බන්ධයෙන්, තොරතුරු හෙළිව තිබෙනවා.
කොහොම වුනත්, කුලී පදනම මත ලබාගෙන තිබූ මෝටර් රථයෙන්, රත්මලාන දම්මාධාර මාවතේ කුළී නිවසට පැමිණි අවස්ථවේදී ,ඇය පොලිසියට කොටුවන්නේ මෙම පුද්ගලයා ලබාදුන් තොරතුරු මත...
පසුව තිලිණි පිළිබඳ විමර්ශන වලින් ලබාගත් තොරතුරු ,පොලිසිය මෝටර් රථයේ හිමිකරුට හෙළි කර තිබුනා.
මෙම පුද්ගලයාට ප්‍රියමාලි නම් කාන්තාවට, 2020 වසරේදී මුහුණු පොත හරහා යළි හමුවෙලා. ඒ වනවිට ඇය මෙරට දේශපාලඥයින් ඇතුළු, ධන කුවේරයන් අතර සුපිරි චරිතයක් ....
ඒ විදියට ටිකෙන් ටික හොර වැඩ කරමින්, කරලියට ආපු තිලිණි , කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ,, මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බව කියමින්,, විවිධ පුද්ගලයන් රවටා ලබාගත් මුදල රුපියල් 2,510,500,500 (රුපියල් කෝටි 251) බව රහස් පොලිසියේ,, නවතම වාර්තාවල සඳහන් වෙනවා ලු..
මේ විදියට කෝටි 251ක මුදලක් විවිධ පුද්ගලයන් හරහා ලබාගෙන ඇති තිලිනි, එම මුදල්වලට කළ කී දේ සෙවීම සඳහා, වසර ගණනාවක් ඇය සමඟ සමීපව ඇසුරු කළ, ඇගේ තරුණ පෙම්වතෙකු,,, රහස් පොලිසියට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කරලා.
මෙම තරුණ පෙම්වතා,, 2019 වසරේ සිට ඇය සමග සමීපව කටයුතු කරපු කෙනෙක්..
මොහු ඇගේ සැමියා ලෙස පෙනී සිටිමින්, ඇය සමග උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට,, නළු නිළියන් දේශපාලනඥයන් හමුවට ගිහින් තියනවා කියලා , රහස් පොලිසිය අනාවරණය කරගෙන ලු..
ඔය කියන තරුණයා හිටපු ඇමතිවරයෙකු වන ,, මර්වින් සිල්වා ගේ සමීපතමයෙකු බවට හඳුනාගෙන ...
ප්‍රශ්න කිරීමේදී ඔහු රහස් පොලිසියට කියල තියන්නේ, සැකකාරිය අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර, ඇය තමාම හඳුන්වාදුන් වෙනත් ආරක්ෂයෙකු සමග විවාහ වී වෙලා කියලා.
ඒ, විවාහයේදී ලබාගත් පින්තූරයක් පවා ඔහු , රහස් පොලිස් නිලධාරීන්ට පෙන්වා තියනවා ලු..
කොහොම වුනත්, රහස් පොලිසියේ විමර්ශන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු , සැකකාරිය විසින් ලබාගෙන ඇති රුපියල් කෝටි 251ක මුදලට සිදු වූ දේ, මේ පෙම්වතාගෙන් විමසලා.. පෙම්වතා කියල තියෙන්නේ තමා ඒ ගැන දන්නේ නෑ මයි කියලා.
ඇය දැන හඳුනාගත් මුල් කාලයේ ,තමා ද ඇයට ලක්ෂ ගණනක් දුන් බවත්, පසුව ඇය තමාට ඒ මුදලට වැඩියෙන් පියවා, නැවතත් එම සියලු මුදල ඇය ලබාගත් බවත් , ඒ පුද්ගලයා රහස් පොලිසියට කියල ..
පසුව තමා එම මුදල් ගැන විමසීමේදී,, තමාට රත්රන් යැයි පවසමින් පොලු දහයක් ලබාදුන් බවත්, එම රත්රන් පොලු නිවසේ සඟවා තිබූ බවත් ඔහු පොලිසියට කියල.
හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා ,, ඉන් එක් රත්රන් පොල්ලක් විකිණීමට තැත් කිරීමේදී, ඒ පොලු පිත්තල වෙලා ලු..
ඒ විතරක් නෙමෙයි, මේ වන විට ගිණුම් හරහා ලබාගෙන ඇති, රුපියල් කෝටි 251ට අමතරව, ඩොක්ටර් ක්ලැරන්ස් ගෙන් ලක්ෂ 7,500ක් අරගෙන. පස්සේ ඒ සල්ලි ඉල්ලනකොට,, ප්‍රසිද්ධ නිලියක් ලවා සෙක්ස් කතා කරලා,, ඒවා පටිගතකරගෙන බ්ලැක් මේල් කරලා කියලත් කියනවා..
ආරංචි විදියට ඔය ඩොක්ටර් ක්ලැරන්ස් ට රත්රන් කියල පොලු විස්සකට වැඩි ගානක් දීල .. බැලින්නන් ඒ සේරම පිත්තලලු..
වැඩේ කියන්නේ තිලිනි ඔයවගේම වැඩක්,, ප්‍රසිද්ධ සාදු කෙනෙකුටත් කරලා. රත්තරන් කියල දෙතුන් දෙනෙකුටවත් උස්සන්න බැරි සයිස් එකේ ලොකු පහනක් පුජකරලා.
ඒ සාදුගේ ආරක්ෂාවට කියල, පන්සලේ වැඩවාසය කරපු සාමනේර සාදුල දෙතුන් දෙනමට,, ඔය රත්තරන් පහනේ කතාව ආරංචිවෙලා .. ලොකු සාදු වස්වසන්න කියලා ජපානෙට ගියපු වෙලාවක , සාමනේර සාදුලා අර රත්තරන් පහන පන්සලෙන් ගෙනියන්න ට්‍රයි එකදීල .. වැඩේ හරි ගිහින් නෑ , බර වැඩි නිසාම. පස්සේ වැඩේ අවුල්වෙලා පහන පන්සල ඇතුලෙම වල දාලා , පස්සේ උස්සන්න බලාගෙන.
ආයෙත් ලංකාවට වැඩපු නායක සාදු , අර හංගල තිබුන පහන හොයද්දි,, වැඩේ මාට්ටු වෙලා. සාමනේර සාදුලා ට ගහල පන්නලා. පස්සේ පන්සලට ආපු ජානකී තමයි කියල තියෙන්නේ , ඕක පිත්තල පහනක් කියල. ඒ කියනකොට තිලිනි සාදුගේ V 8 එක ගල් කරලත් ඉවරයි..
තිලිනි ඔය විදියේ රන් කතාවලට විතරක් නෙමෙයි, ගුරුකම් අතේ වැඩවලට ලක්ෂ ගණනකින් වියදම් කරලා කියලත්, රහස් පොලිසියට තොරතුරු අනාවරණය වෙලා ලු..
ආරංචියේ හැටියට ගාල්ල පැත්තේ, ජනප්‍රිය කපුවෙකුට , ඔය ගුරුකන් වැඩවලට රුපියල් මිලියන 70ක් වියදම් කරලා ලු..
ඒ විතරක් නෙමෙයි, තිලිනි පදිංචි වෙලා ඉන්න, වත්තල නිවසේ ස්ථාපනය කරලා තියන බුදු පිළිමයකට,, සතියට සැරයක් රුපියල් ලක්ෂ 3ක විතර නෙළුම් මල් පූජාවක් තියල ලු..
ඔය කතාවල ඇත්ත බොරු මොනවා වුණත්, තිලිනි බ්ලැක් මේල් කරලා තියෙන්නේ , පොලිටිෂන්ලා විතරක් නෙමෙයි ,රජයේ නිලධාරීන් සෙට් එකකටත් වැඩේ දීලලු..
පොලිසිය හෙට අනිද්දා ඔය සේරම එලියට දාන්න ලු යන්නවයි කියන්නේ..
- දේශපාලන වාර්තාකරු

පුංචි ජන්දය පවත්වන දිනය : මැකොස කියයි !
පළාත් පාලන ඡන්දය ලබන මාර්තු 20වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි .
පළාත් පාලන ඡන්දය කල් දැමීමට කොමිෂන් සභාව විරුද්ධ බවද සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිවේදනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලැබී ඇති බවද ඔහු සඳහන් කර ඇත .
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මේ අදහස් දක්වා ඇත්තේ අද (12) නිදහස ජනතා සභාවේ සාමාජිකයෝ පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේ ය.
එම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මැතිවරණ කොමිසමේ සභාපති පවසා ඇත්තේ පළාත් සභා අද ක්‍රියාත්මක වන්නේ නිලධාරීන් යටතේ බවත් මහජන නියෝජිතයන් සිටිය යුතු තැන්වලට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බවත් ය.
එසේම පළාත් සභා අතුරුදන් වී නැති බව පැවසූ සභාපතිවරයා එය අතුරුදන් කර ඇති බවද ප්‍රකාශ කර ඇත .

දරුවන් පලිහක් කරගන්න දෙන්න එපා : ජනාධිපතිගෙන් පොලිසියට උපදෙස් !
දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.
“ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේය” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ 13 වන උප වගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කළ ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීම බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමට ද මෙහිදී පියවර ගැනිණි.
ළමයින් ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට එරෙහිව සහ ළමුන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් කඩිනමින් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා සමග ද සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට යාමේ දී අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටින දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කර රැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය වහාම නිවැරදි කර දරුවන් දෙමාපියන් සමග තැබීමට කටයුතු කරන ලෙස ද දැනුම් දුන්නේය.
ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර ළමා නිවාසවල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නිලධාරීන්ට දැන්වීය.
ළමා නිවාස භාරව කටයුතු කරන පාලක පාලිකාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් එම දරුවන්ට මුහුණදීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මග හරවා ගක හැකි බව ද පැවසීය.
කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔක්තෝබර් 14: මෛත්‍රී ගැන තීන්දුවක් !
ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන එය වළක්වා ගැනීමට පියවර නොගත් බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ඔක්තෝබර් 14 වනදා පෙරවරු 9.30 ට ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.
එදිනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති තමන්ට එරෙහිව අපරාධ පැමිණිල්ල බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.
මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.
එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන් පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු ඉදිරිපත් කරන ලදී.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න සමග ජනාධිපති නීතිඥ හයිස් මුස්තාෆා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසුරිය පෙනී සිටියේය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත තවම නෑ : කෝටි 266ක් ගිලලා !
විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදිමේ ව්‍යාපෘතිය වසර 16 තිස්සේ අවසන් කරන්නට අසමත් වුවද ඒ සඳහා රුපියල් කෝටි 266න් වියදම් කර ඇතැයි විගණකාධිති දෙපාර්තමේන්තුව පවසයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයකින් මේ බව අනාවරණයවි තිබේ.
එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුව කෝටි අටසීයකි. මෙම ව්‍යාපෘතිය හඳුන්වාදි තිබෙන්නේ 2006 වසරේදීය.
එහෙත් තවමත් එය අවසන් අදියර දක්වා ප්‍රගතියක් අත්පත් කරගෙන නැත.
ව්‍යාපෘතියේ කාලය අනවශ්‍ය ලෙස දිර්ඝ වීම හේතුවෙන් විදුලිය හා ජලය වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන ඉක්මවා සියයට 894ක් වැඩියෙන් වියදම් කර ඇත.
ව්‍යාපෘතියෙන් කිසිදු මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන්කර නැතත් ව්‍යාපෘතියට වාහන දෙකක් මිලදි ගැනීම වෙනුවෙන් එක්කෝටි අනුතුන් ලක්ෂයක් වියදම් කර තිබේ.
එසේම 2017 වසරේ සිට 2021 දක්වා කාර්ය මණ්ඩලය විසිනවයක් වෙනුවෙන් සේවක වැටුප් හා දීමනා කෝටි අටක්ද ඇතුලුව පාරිපාලන වියදම් ලෙස කෝටි විස්සක් වැය කර තිබේ.
ව්‍යාපෘතියෙහි ප්‍රධාන කාර්යයන් දෙකක් වන භෞතික යටිතල පහසුකම් සංවර්ධනය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කෝටි 111ක් වැය කර ඇතත් පුද්ගල දත්ත ඩිජිටල්කරණයේ භෞතික ප්‍රගතියක් මේ දක්වා අත්පත් කරගෙන නැති බවද එම මුල්‍ය ප්‍රකාශනයේ සඳහන් වේ.
මානව සම්පත් හා පුහුණු වැඩසටහන් වෙනුවෙන් නිලධාරින් හතර දෙනකු බඳවාගෙන පසුගිය වසරේ මාස අටකදී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් 817,530ක් වැය කර ඇතත් වසර අවසන් වන තෙක් කිසිදු පුහුණු වැඩසටහනක් සිදුකර නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම නිලධාරින් බඳවාගෙන තිබෙන්නේ එම පුහුණුවට අදාල කාර්යය සඳහා තොරතුරු තාක්ෂණ ආයතනය කිසිදු උපාංගයක් ලබාදි නොතිබියදී බවද එහි සඳහන් වේ.
මේම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසිමකදි හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව් අධ්‍යක්ෂක ජෙනරාල් වියනි ගුණසේකර මහතා සඳහන් කළේ විවිධ හේතු මත මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වූ බවය.
මෙම ව්‍යෘපෘතිය 2019 වසරේදි ශ්‍රි ලංකා යුනික්ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලෙස වෙනස් වි කාර්යක්ෂමව ඉදිරියට ගිය නමුත් පසුව විටින් විට සිදුවු කැබිනට් සංශෝධන නිසා එය යම් අඩාලත්වයකට පත්වු බවද මේ වන විට එය කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කෙරෙමින් පවතින බවද ඔහු පැවසීය.
- lankadeepa

75 වන නිදහස් සමරුවෙන් එක්ව නැගිටිමු !
ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
"එක්ව නැගිටිමු " තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
75 වන නිදහස් දින සමරු උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
නිදහස් දින සමරු උළෙලට සමගාමීව විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර පාපැදි සවාරිය, පාසල් දරු දැරියන් සඳහා වූ තරගාවලිය, ඓතිහාසික හා දුර්ලභ පොත් ප්‍රදර්ශනය එහි ප්‍රධාන අංගයන් වෙයි.
එමෙන්ම නිදහස් සමරුව නිමිත්තෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.
පෙබරවාරි 4 සහ 5 දෙදින ජාතික උද්‍යාන ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙන අතර 75 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව සමරු මුද්දරයක් ද නිකුත් කෙරේ.
නිදහස් සමරු උත්සවයේ සංවිධාන කමිටුව අනුකමිටු 10 කින් සමන්විත අතර නිදහස් දින උළෙල නැරඹීම සඳහා මහජනතාවට විවෘත ආරාධනයක් සිදු කෙරේ.
මේ හා සමගාමීව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලික කර ගනිමින් විවිධ සංස්කෘතික, ආගමික හා සමාජයීය වැඩසටහන් සංවිධාන කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
හොඳම ගෙවතු වගාව, හොඳම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය, හොඳම රුක් රෝපන වැඩසටහන් ආදී වශයෙන් ග්‍රාමීය වැඩසටහන් රැසක් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම නිදහස් සැමරුම් දින දිවයිනේ සියලු රාජ්‍ය ආයතන සතු ගොඩනැගිලිවල ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ද, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා මෙන්ම කොළඹ පුරපතිනි රෝසි සේනානායක ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

පක්ෂයේ බෙදීම නොදුටු දයාසිරි ආණ්ඩුවේ බෙදීම හොයයි !
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට බොහෝදුරට සමාන බැවින් ඒ සම්බන්ධයෙන් හොඳ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බව එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (12) පැවසීය.
ශ්‍රීලනිප මුලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 30 ක් මීට විරුද්ධ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවත් මෙය සම්මත කරගැනීමට එය බාධවක් නොවනු ඇතැයිද සඳහන් කළේය.
22 වන සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 න් 147 කගේ ඡන්ද පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කල මන්ත්‍රීවරයා ආණ්ඩුව තුළ මත දෙකක් පැවතීම ආණ්ඩුවේ ගැටලුවක් බවද පැවසීය.
කෙසේවුවත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රී බහුතරය පක්ෂයේ මෛත්‍රී - දයාසිරි පාර්ශවයට අහිමිව ඇති පසුබිමක ආණ්ඩුවේ බෙදීම ගැන කතා කිරීම විහිළුවක් බව දේශපාලන විචාරක මතයවී ඇත.
ආණ්ඩුවේ බෙදීම දේශපාලන උපක්‍රමයක් ලෙස වුවත් දැකිය හැකි නමුත් ශ්‍රීලනිප බෙදීම එසේ නොවන බවද ඔවුන් පවසයි.
22 සංශෝධනය ගෙන එනු ලැබුවේ 19 සඳහා විකල්පයක් ලෙස නොවන බවත් එය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැනුම්දීමක් අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන්නක් බවත් විචාරකයන් සිහිපත් කරයි. 22 සහ 19 සමාන කිරීම ජනතාව නොමග යැවීමක් බව පවසන දේශපාලන විචාරකයන් මේ මොහොතේ ප්‍රචාරක වාසියක් ගැනීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ ඇතැම් පාර්ශව 22 සංශෝධනයේ ගුණ කියන බවත් විචාරක මතය වී ඇත.

IMF සහය ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇති ශ්‍රී ලංකාවට යළි මූල්‍යමය වශයෙන් විශ්වාසයක් ඇති කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ ණය වර්ගීකරණය යටතේ ගැප් ක්‍රමවේදයට පිවිසීම තුළින් ශ්‍රී ලංකාවට තව දුරටත් මැදි ආදායම්ලාභී රටක් ලෙස සිටිමින් සහන පදනම මත ණය ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.
එසේ ම කිසිදු සුබ සාධන වියදමක් කප්පාදු නොකර ඉදිරියට හා හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සංශෝධනයට ලක් වීමට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සිදු කරන ප්‍රකාශ පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අමෙරිකාවේ වොෂින්ටන් නුවර මේ වන විට පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අතරතුර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

සෝල්හයිම්ට ජනාධිපතිගෙන් තනතුරක් !
නෝර්වේ හිටපු අමාත්‍යවරයෙකු වන එරික් සෝල්හයිම් සිය ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම මාලදිවයිනේ හිටපු කතානායක මොහොමඩ් නෂීඩ් ද ජාත්‍යන්තර දේශගුණ විපර්යාස සම්බන්ධ උපදේශකවරයා ලෙස පත් කර ඇති බවත් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් වන සටහනක් එරික් සෝල්හයිම් සිය ටිවිටර් ගිණුමේ තබා ඇති අතර එය පහත දැක්වෙයි.
එරික් සෝල්හයිම් ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවකද නිරත වී ඇත.

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” වැඩසටහනට අයදුම්පත් ලක්ෂ 23ක් !
“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා" තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබ සාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද (12) වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අතරින් අද (12) වන විට අයදුම්පත් 624, 714ක් පද්ධතියට ඇතුළත් කර ඇති අතර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකක මඟින් සියලුම අයදුම්පත් පද්ධතියට ඇතුළත් කිරීම කඩිනමින් සිදු කෙරේ.
මෙම වැඩසටහන සඳහා වන නියමු ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා පැවැත්වුණු අතර ජනතාව විශාල උනන්දුවකින් ඊට එක්ව සිටී බවත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
මේ වන විට සුබ සාධක ප්‍රතිලාභ ලබන හෝ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් මිලියන 3.3ට අමතරව, කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් හා ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ අලුතින් අඩු ආදායම්ලාභී තත්ත්වයට පත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තා කර ඇති පවුල් ලක්ෂ 06ක්ද මේ සඳහා අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව මෙම සමාජ සුබ සාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 39ක් සුබසාධක ප්‍රතිලාභ ලැබීමට නියමිතව ඇත. අදියර 06ක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු පියවර අතරතුර දෙවනි පියවරද ක්‍රියාත්මක වෙමින් පවතින අතර ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක් රැස් කිරීම මීලඟ පියවර බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
සමෘද්ධිලාභීන්, වැඩිහිටි, ආබාධිත ,වකුගඩු රෝගී ලෙස මේ වන විටත් සුභසාධක ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම අලුතින් සුබ සාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන් මේ සඳහා ලියාපදිංචි විය යුතුව ඇත.
එසේ ලියාපංදිචි වීමේ අයදුම්පත් ආකෘති 2022.08.30 දින ප්‍රසිද්ධ කළ අතර 2022.09.29 වන විට දත්ත පද්ධතියට ඇතුළත්කර තිබූ අයදුම්පත් ප්‍රමාණය 100,000කට ආසන්න විය.
එහෙත් පසුගියදා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සියලු මාධ්‍ය ආයතනවලින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ලැබුණු මාධ්‍ය දායකත්වය සමඟ ලක්ෂ 23ක අයදුම්පත් ලැබී ඇති බව සඳහන් කරන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අයදුම්පත් යොමුකිරීමට ඇති අවසන් දිනය ඔක්තෝබර් 15 වනදා බවත් සිහිපත් කරයි.
දෙසැම්බර් 15දා වන විට සුදුසුකම් සැපිරූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රසිද්ධ කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

මහින්ද එක්ක නැගිටින්න ගියාට : විරෝධය ඇතුලෙන්ම !
මහින්ද රාජපක්ෂ ඉස්සරහට දාගෙන කළුතරින් පටන්ගත්තු ' මහින්දත් සමග නැගිටිමු ' රැස්වීම ගැන, පොහොට්ටුවේ ම සමහරු බරපතල විදියට විවේචනය කරන්න පටන් අරන්..
පොහොට්ටුවේ සමහරු කියන්නේ, මහින්දව පෙන්න පෙන්න ජෝනිල - රෝහිතල කැබිනට් ඇමතිකන් ගන්න දඟලනවා කියල.
'' පහුගිය කාලේ වෙච්ච දේවල්වලින් මෙයාල පාඩම් ඉගෙන ගෙන නෑ .. අපේ මිනිස්සුත් දැන් ඉල්ලන්නේ කාංචන - රමේෂ් වගේ,, අලුත් මුහුණු..
අපේ අයටත් පේන්න බැරි ඔය ජොනීලා- රෝහිතලා - පවිත්‍රලා එක්ක මොන අලුත් ගමනක් ද ? අපේ මිනිස්සු බනිනවා. අසනීපවෙලා ඉන්න මහින්දට දැන් මේවා තේරුම් ගන්න හයියක් නෑ .. ජොනීලා , මහින්ද ජනාධිපතිතුමාගේ ගෙදරට වෙලා ඉඳගෙන එතුමාව උසිගන්නවා ''
පොහොට්ටු මන්ත්‍රීලා කීප දෙනෙක් එක්ක, එහෙම කතාවක් කියල තියෙන්නේ , රාජපක්ෂ පවුලේම කෙනෙක්..
'' මෙහෙම ගියොත් නාමල්ට 2030 ත් හුළං තමයි.. '' පවුලේ කෙනා එහෙමත් කියල ලු..
''ඔය සෙට් එක අපේ පැත්තට එක්ක එන්න එපා '' ප්‍රාදේශීය පොහොට්ටුවෝ දැන් තියාම කියන්න පටන් අරන් ලු..
දැන් ඔය ඊළග රැස්වීම තියෙන්නෙ නාවලපිටියෙ ලු. සංවිධානේ කරන්නේ මහී ලු.. ..මහී කිව්වේ මහින්දානන්ද ..
ඒ රැස්වීමට ජොනීලා - රෝහිතලා පැත්ත පළාතක වැද්ද ගන්නේ නෑ කියලා , මහින්දාන්නද මහින්දටයි - සාගර ටයි දෙන්නටම කියල ලු.
කොහොමටත් මේ දවස්වල රෝහිතයි - මහින්දානන්දයි ඉන්නේ නයි මුගටි සීන් එකක.
ජොනීලා වෙනුවට කාන්චනයි - රමේෂ් පතිරනටයි , නාමල් එක්ක නාවලපිටියේ යනවා කියල තමයි ආරංචි..
ඔය විතරක් නෙමෙයි , අසනීප තත්වේ නිසා, මහින්ද ජනාධිපති රනිල් ගැන මොන කතා කිව්වත්, කළුතර රැස්වීමේදී ජොනීලා - පවිත්‍රලා ජනාධිපති රනිල්ට හින්ට් පාස් කරපු එක ගැන, පොහොට්ටුවේ සමහරු ඉන්නේ ලොකු අවුලක ලු..
රැස්වීමට පස්සෙන්දා පොහොට්ටුවට පක්ෂ සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ඒ ගැන ජොනීලට දොස් කියල තිබුනා.
''රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත්කර ගත්තේ, ඒ මොහොතේ රටට අවශ්‍යම පුද්ගලයා එතුමා නිසා'' කියල තමන්ගේ FB එකේ පොස්ටුවක් දාලා තිබුනේ වෙනින් කවුරුවත් නෙමෙයි, පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයකු වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...
රනිල් ජනාධිපති ධුරයට පත්වීම , රටේ ජයග්‍රහණයක් කියලයි, මහින්ද පතිරණ කියන්නේ..
මහින්ද පතිරණ එහෙම කියල තිබුනේ , පසුගිය 8 වනදා , කළුතරදී මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච, විශේෂ ජන රැළිය පිළිබඳ, අදහස් දක්වමින් ..
ජොනියලට ඇතුළෙන්ම තියන විරොදේ පේනවා නේද ?
-දේශපාලන වාර්තාකරු

උද්ඝෝෂණවලදී දරුවන් පලිහක් කරගන්න එපා - ළමා ආරක්ෂණ අධිකාරිය !
මහජන උද්ඝෝෂණවලදී පලිහක් ලෙස ළමයින් යොදා ගැනීමෙන් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පවසා ඇත .
පසුගිය මාස කිහිපය පුරා ම කුඩා දරුවන් උද්ඝෝෂණවලට සහභාගි කොට ගත් අවස්ථා බොහෝ සංඛ්‍යාවක් පිළිබඳව වාර්තාවූ නිසා එය විශේෂ තත්ත්වයක් සේ සලකා ඒ පිළිබඳ අවධානය යොමු කරන බවද සභාපතිවරයා සඳහන් කර ඇති අතර ඒ ‘මව්බිම’ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
මේ සිදුවීමේදී කිසිදු පාර්ශවයක් ගැනීමට හෝ නිගමනයක් ඉදිරිපත් කිරීමට නොහැකි නිසා එම පැමිණිලි සියල්ල පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කරන බව ද සභාපතිවරයා පවසා ඇති අතර අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
මේ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවා යම්කිසි පීඩාවකට, අපහසුතාවකට පත්ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට තීරණය කොට තිබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
එහිදී මෙයට සම්බන්ධ පාර්ශ්ව ගැන සොයා බලා යම් හෙයකින් පොලිසිය අතින් දරුවන් පීඩාවට පත්වන අයුරේ ක්‍රියා සිදුවී ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කරන්නැයි පොලිස්පතිවරයාටත්, මානව හිමිකම් කඩවී ඇත්නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමටත් දැනුම් දෙන බවත් හිතාමතා ම පීඩාවට හා හිංසාවට පත්වන අයුරින් එම ස්ථානයට මවුපියන් දරුවන් රැගෙනවිත් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඔවුන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමේ අංශය සමඟ හා නීතිඥවරුන් සමග ඊයේ (ඔක්. 10) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඔහු කීය. මීට පෙර මෙරට උද්ඝෝෂණ පැවැතියත් ඒ සඳහා ළමයින් සහභාගි කර ගැනීමේ සිද්ධි වාර්තා නොවූ බවත් පැවැති රජයට විරුද්ධව මෑත කාලයේ සංවිධානය කළ උද්ඝෝෂණවලදී මෙවන් සිදුවීම් වාර්තා වූ බවත් හෙතෙම සඳහන් කළේ ය.
කුඩා දරුවන්ට එම විරෝධතා පවත්වන්නේ කුමක් සඳහා දැයි කිසිදු අවබෝධයක් නොමැති බව ද සභාපතිවරයා පැවැසීය.
ඔවුන් ඒ සඳහා සහභාගි වන්නේ ඔවුන් විසින් තීරණය කොට විරෝධතා දැක්වීමේ අරමුණින් නොව මවුපියන් හෝ භාරකරුවන් කුඩා දරුවන් ඒ සඳහා රැගෙන යන නිසා යැයි ද ඔහු කීය.
ඇතැම් අවස්ථාවල පාසල් ගුරුවරු පවා මෙවන් විරෝධතා සඳහා පාසල් දරුවන් සහභාගි කරගත් සිදුවීම් වාර්තා වූ බව ද හෙතෙම සඳහන් කළේ ය.
ළමයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දේශීය වශයෙන් ඇති ජාතික නීති පිළිබඳව සහ දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එළැඹ ඇති ජාත්‍යන්තර සම්මුති පිළිබඳව ද අවධානය යොමු කරමින් ඒ මත පදනම් වී තම නිරීක්‍ෂණ හා නිර්දේශ ඉදිරිපත් කරන බව හා ඒ අනුව කටයුතු කරන බව ඔහු කීය.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ප්‍රකාරව ළමයින් සම්බන්ධයෙන් සියලු ක්‍රියාකාරකම්වලදී, පෞද්ගලික, සුබසාධන, සමාජ, ආයතනික, නීතිය ක්‍රියාත්මක කිරීම් අධිකරණ, ආරක්‍ෂක අංශ හෝ ව්‍යවස්ථාදායක ආදී කවර හෝ පාර්ශවයක් ළමයින්ට අදාළව හෝ ළමයින් සම්බන්ධ කටයුතු කරනවා නම් ළමයාගේ උපරිම යහපත සැලසෙන අයුරින් ක්‍රියාකළ යුතු යැයි දැක්වෙන බවද හෙතෙම අවධාරණය කළේය.
විරෝධතා, උද්ඝෝෂණ, පෙළපාළි ආදියෙහිදී විවිධාකාරයේ නොසන්සුන්තා, ගැටුම් ඇතිවන නිසා ඒවාහිදී ආරක්‍ෂා වීමට දරුවන්ට අවබෝධයක් නැතැයිද අඩු තරමේ දරුවන් රැගෙන යන මවුපියන්ට, භාරකරුවන්ට පවා අවස්ථානුකූලව කටයුතු කිරීමට නොහැකි අවස්ථා උදාවනු ඇතැයි ද ඔහු කීය.
මෙවන් තැන්වලට දරුවන් රැගෙන යෑමෙන් ඔවුන් අනතුරුවලට, පීඩාවට හා ජීවිත අවදානමට පවා ලක්විය හැකි බවත් සභාපතිවරයා පැවසීය.
ඒ පිළිබඳව දරුවන් නොදැන සිටියාට වැඩිහිටියන් ඒ බව දන්නේ යැයිද ඔහු අවධාරණය කළේ ය.
එම නිසා ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂවලින්, උද්ඝෝෂකයන්ගෙන්, විරෝධය දක්වන පිරිස්වලින්, විවිධ සමාජ කණ්ඩායම්වලින්, ස්වේච්ඡා සංවිධානවලින් ආදී කවර හෝ එකමුතු පාර්ශවවලින් දරුවන් මෙවන් තැන්වලට රැගෙන යාමෙන් වළකින්නැයි ද මෙය නීතියෙන් කරනු ලබන නියෝගයකට වඩා ළමයාගේ උපරිම යහපත සැලසීම සඳහා කරනු ලබන ඉල්ලීමක් බව ද ඔහු පැවසීය.

කයිවාරු විතරයි : යූරියා පොහොර ටෙන්ඩර් සාකච්ඡාවෙන් අනුර සජිත් මාරු වෙලා !
යූරියා පොහොර ටෙන්ඩරය පිළිබඳ විවේචන ඉදිරිපත් කළ සජබ සහ ජාජබ ඇතුළු පාර්ශවවලට සාකච්ඡාවක් සඳහා ආරාධනය කළත් එම පාර්ශව අදාළ සාකච්ඡාව සඳහා සහභාගි ව නොමැත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ චෝදනා ඉදිරිපත් කළ පාර්ශ්ව සාකච්ඡාව සඳහා ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක් බවයි.
2022/23 මහ කන්නය සඳහා මිල දී ගැනීමට යෝජිත යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහභාගී වන ලෙස ආරාධනය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක,සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මෙි පිළිබඳ කතා කරන්නට එන්නැයි ලිපි ඉදිරිපත් කළ බවද පවසයි .
මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) දවල් 12ට කැඳවා තිබිණි.
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර සඳහා මුලින්ම ඉදිරිපත් කළ ටෙන්ඩරය අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,700ක් ඉදිරි සති 02 ඇතුළත ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් : රජයෙන් නිවේදනයක් !
ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි.
ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඉහළ ණය ප්‍රතිශත යටතේ වාණිජ ණය ලබා ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බව රජය පෙන්වා දෙයි.
එම නිසා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (10) දිනයේ දී ලබා දී ඇත.
අවධානමට ලක්ව ඇති රටවලට සහනදායී ආධාර ලබාදෙන ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) කටයුතු කරයි.
ඒ අනුව අතරමැදි සහනදායි ණය වැඩසටහන (Reverse graduation) ඉතා කෙටි කාලයකට පමණක් අනුගමනය කිරිමට රජය තීරණය කර තිබේ.
මෙම ක්‍රමවේදය “ගැප්” ලෙස හඳුන්වන අතර, ඉන්දුනිසියාව ඇතුළු රටවල් 12ක් මෙම ක්‍රමවේදය දැනටමත් උපයෝගි කරගෙන සහනදායී ණය ලබා ගෙන තිබේ.

ලංකාව ඇතුළු රටවල් 54කට දැඩි ණය සහන අවශ්‍යයි : ජාත්‍යන්තර නිර්දේශයක් !
දිනෙන් දින උග්‍ර වන ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 54 කට දැඩි ණය සහන අවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අද (11) නිකුත් කළ නවතම වාර්තාව පෙන්වාදී ඇත.
ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවගෙන් හරි අඩක් මෙම රටවල් 54 තුළ ජීවත් වන බව එම වාර්තාවේ සඳහන් කර ඇත .
ඉක්මන් ණය සහන නොලැබුණහොත් එම රටවල දරිද්‍රතාවය තවත් උග්‍ර විය හැකි බව එම වාර්තාව අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාව සහ පකිස්තානයේ සිට චැඩ්, ඉතියෝපියාව සහ සැම්බියාව දක්වා රටවල් දැඩි ණය අර් බුදයකින් පීඩා විඳින බව එම වාර්තාව පෙන්වාදී තිබේ.
ඇති වී තිබෙන ගෝලීය අර්බුද හමුවේ එම රටවලට සහනයක් ලබා දීම සඳහා එම රටවල් ගිවිසුම් ගත වී ඇති බැඳුම්කර ගිවිසුම් සඳහා විශේෂ වගන්ති එකතු කිරීම, ණය කපා හැරීම සහ පුළුල් සහන ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර් ධන වැඩසටහනේ පරිපාලක ස්ටයිනර් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත .
මෙම රටවල ණය අර් බුද කළමනාකරණය කිරීම අපහසු වීමට පෙර එයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ඔහු පවසා තිබේ.

බැඳුම්කර නඩුව පවත්වාගෙන යන්න බෑ : විත්තියේ විරෝධය අධිකරණය පිළිගෙන !
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දහදෙනකුට එරෙහි නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (11) පිළිගත්තේය.
මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයට අදාළ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගන්නා බව සඳහන් කළේය.
මෙම නඩුව සම්බන්ධ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වවීමට විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.
දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු වරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණ.
ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සංජීව මොරායස් (සභාපති විනිසුරු) දමිත් තොටවත්ත සහ නාමල් බණ්ඩාර බලල්ලේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.
මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව නඩුව විභාග කිරීමට මෙන්ම ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කළ අතර එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද විනිසුරු මඩුල්ල නියම කොට තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු හැර අනෙකුත් විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර් ථිකයට සිදුවු අහිතකාර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් නීතීපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.
2015 පෙබරවාරී මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව භාන්ඩාගාර බැඳුම්කර වංචා කිරීම එමඟින් රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදු කිරීම, ඒ සඳහා අාධාර අනුබලදීම ඇතුළු චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා නඟා ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටේරෂරීස් සමාගම, එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිවය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 115 දෙනෙකු හා ලේඛණ 236ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන සහ නවීන් මාරපන මූලික විරෝධතාවක් මතුකරමින් නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෂෙරීස් සමාගම පුද්ගලයෙකු නොවන බැවින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.
විත්තියේ මුලික විරෝධතාවයට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවෙන් විත්තියේ මුලික විරෝධතාවය පිළිගන්නා බව සඳහන් කළේය.
නඩුව දෙසැම්බර් මස 16 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය එදින පැවැත්වීමට නියම කළේය.
- lankadeepa

මහජනතාවට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් !
මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබේ.
කාලය, ශ්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට මහජනතාව නිරන්තරයෙන් පැමිණෙනවාට වඩා, ඔවුන් විසින් යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි (e-mail) සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අදාළ කාර්යයන් ඉටුකර දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබාදීමේ දී විධිවිධාන ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්ගේ උපදෙස් පරිදි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් විශේෂ ලිපියක් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මේ වන විට යොමු කර තිබේ.
මහජනතාවගෙන් රාජ්‍ය ආයතනවලට යොමු වන ලිපි සඳහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු අතර, වහාම අවසන් පිළිතුරු යැවිය නොහැකි අවස්ථාවකදී සතියක් ඇතුළත ලිපිය ලද බවට අතුරු පිළිතුරක් සහ සති හතරක් (04) ඇතුළත අවසන් පිළිතුරක් යැවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.
එසේම සියලුම රාජකාරී ලිපි සඳහා, පිළිතුරු ලිපි යැවීමේ දී අදාළ ලිපියේ අත්සනට පහළින් එකී ලිපිය අදාළ, විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ ඍජු දුරකථන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය ද සඳහන් කළ යුතුය.
කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරික්ෂා කළ යුතු අතර, ඒ සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතුය. මාණ්ඩලික නිලධරයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතුය.
එලෙස විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි සඳහා එදිනම පිළිතුරු ලබාදීමට උත්සුක විය යුතු අතර, ඒ සඳහා එදිනම පිළිතුරු ලබාදිය නොහැකි නම්, එම ලිපිය ලද බවත්, ඒ සඳහා පිළිතුරු සැපයීමට අවශ්‍ය කාලයත් සඳහන් කර අතුරු පිළිතුරක් (Reply) යොමු කළ යුතුය. එලෙස ම, ඒ සඳහා සාධාරණ කාලයක් තුළ/ දැනුම්දුන් දිනට පෙර එම විමසීම සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතුය.
කාර්යාලය වෙත ලැබෙන සියලුම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු අතර දුරකථන ඇමතුම් වැඩි ප්‍රමාණයක් ලැබෙන ආයතන/අංශ ඇත්නම්, එම ඇමතුම් සඳහා පිළිතුරු ලබාදිමට නිශ්චිත නිලධාරියෙකු පත් කළ යුතුය.
කාර්යාල වෙත ලැබෙන දුරකථන ඇමතුම් සටහන් කර ගැනීම සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතු අතර එම නිලධාරියා විසින් දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයාගේ නම, කාරණය හා නැවත පිළිතුරක් යොමු කළ යුතු දුරකථන අංකය ආදී තොරතුරු සටහන් කර ගැනීමට කටයුතු කළයුතුය.
එම අවස්ථාවේදී ම, පිළිතුරු ලබාදීමට අපහසු කරුණු සම්බන්ධයෙන් අදාළ මාණ්ඩලික නිලධරයන්/ විෂය භාර නිලධරයන් විසින් සාධාරණ කාලයක් ඇතුළත පිළිතුරු ලබාදීමට කටයුතු කළ යුතුය.

දවුලුගල මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට !
මහ බැංකු සහකාර අධිපති ධුරයේ සහ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ කේ.එම්.ඒ.එන් දවුලුගල ඔක්තෝම්බර් මස 7 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයට උසස්කර ඇත.
මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද(11) ප්‍රකාශයට පත්කර ඇත.
එකී නිවේදනය අනුව මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මෙම පත් කිරීම සිදුකර තිබේ.
Page 266 of 462