V2025

පුවත්

IMF යන සබ්‍රිගේ උත්සාහය මෙන්න !

ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4 ක් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබාගන්නට අප්‍රේල් 18 සිට සාකච්ඡා කිරීම සිදුවන බව මුදල් අමාත්‍ය අලිසබ්‍රි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

”අපිට බොහෝ දුරට බිලියන 3 ත් 4 ත් අතර අලුතින් මුදල් අවශ්‍යයි.ගෙවිය යුතු වුවත් ණය යලි ගෙවීමේ බර දැන් අපි පැත්තකින් තියලා තියෙන්නේ.අපි අපෙක්ෂා කරනවා සැපයුම පවත්වාගෙන යමින් මෙරට කර්මාන්තවලට බලපෑමක් වන විදුලි කප්පාදුව අඩු කරන්න” යනුවෙන් ද ඔහු පවසා ඇත.

මෙහිදී මාධ්‍ය විසින් චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට ආරම්භ කර තිබෙන සාකච්ඡා වල අලුත් තත්ත්වය ද විමසා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ , " අපි ඔවුන් සමග දීර්ඝ කාලීනව සාකච්ඡා කරමිනුයි ඉන්නේ…අපිට විශ්වාසයි චීනය අප දෙස ධනාත්මකව බලයි කියලා. චීනයට සමග අපට දිගු කාලීන සම්බන්ධතාවක් තිබෙනවා. මම ඒ ගැන වැඩිදුරටත් තොරතුරු හෙළි කරන්නෙ නැහැ. ඔවුන් තවමත් ඉන්නේ සාකච්ඡා මට්ටමේ, එවගේම ඉන්දියාවත් අපිට නිරත්නරයෙන් උදව් කරනවා. එම රටවල් දෙකම අපගේ අසල්වැසියන් හා මිතුරන්. ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. අපි විසින්ම නැගී සිටින තෙක් අපට අවශ්‍ය සහාය ලබාදන බවට…අප මේ වන විටත් චීනය, ඉන්දියාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සියලු දේ සමග අපි විශ්වාස කරනවා අපිට ඉදිරියට යා හැකි කියලා, ඉදිරි අවුරුද්ද අපිට අසීරු විය හැකි බව මම දන්නවා. අපි තේරුම් අරන් තිබෙනවා. මේ කාලය තවදුරටත් අසීරු විය හැකි බව"

රජගෙදර අවුරුදු : සජීව විකාශය නෑ !

ජනාධිපති සහ අගමැති නිවෙස්වල සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරිම වෙනදා සජීව ලෙස විකාශය කරන නමුත් මෙවර එවැන්නක් සිදුවූයේ නැත.

විශේෂයෙන් රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය මෙය සිදුකරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසා තිබුණේ "කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ජනාධිපති කාර්‍යාලය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දියත්කර ඇති අරගලය ඊට හේතුව වී ඇති බවයි.

 

බෙදී වැනසෙන්නද යන්නේ ? රෝසි සජිත්ගෙන් අහයි !

"බෙදී වෙන්වී වැනසෙනවා ද ? එකට එක්වී ජයගන්නවා ද ? අර්බුදය හමුවේ විපක්ෂය හමුවේ ඇති අත්නොහැරිය හැකි වගකීම" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සිහිපත් කරදෙන ලිපියක් කොළඹ මහනගර සභාවේ පුරපතොනිය රෝසි සේනානායක විසින් යොමුකර ඇත.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

මේ වන විට අප මුහුණදෙමින් සිටින්නේ මෙරට ඉතිහාසය තුළ අන්කවරදාකවත් මුහුණ නොදුන් ආකාරයේ බරපතල ආර්ථික සහ දේශපාලනික අර්බුදයට බව මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

මේ තත්වය හේතුවෙන් නිර්මාණය වූ ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය සමස්තයක් ලෙස රටේ සියලු පුරවැසියන්ගේ ජීවන පැවැත්ම අභියෝගයට ලක් කර තිබේ.

රෝහල් වල ඖෂධ නොමැත, දරුවන්ට කිරිපිටි නැත, ගෑස් , පෙට්‍රල් ඩීසල් , විදුලිය සැපයුම් සියල්ල අක්‍රිය වී ඇත. රට පුරා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳවැටෙමින් තිබේ.

හෙට දවසේ ජනතාවගේ ජීවිතය අවිනිශ්චිතය. රට පුරා ජනතාව පාරට බැස යුක්තිය යදිමින් සිටී. දිනෙන දින දිග්ගැස්සෙන පෝලිම්වල ඔවුන් තෙරපෙමින්, මිරිකෙමින්, දුක් විඳිමින් සිටී.

රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් මේ වන අත්කර දී ඇති ඉරණම පිළිබද මම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. නමුත් රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික ගැටළුව වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳ කතා කිරීමට අපට අයිතියක් තිබේ.

මෙවැනි තීරණාත්මක අවස්ථාවක විපක්ෂය සිදු කලයුත්තේ කුමක්ද?

ගිලිහී යන බලය රැක ගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව රහසක් නොවේ.

මෙම තත්වය තුළ පසුගිය කාලයේ පැවති පාර්ලිමේන්තු විවාද වලින් රටේ මතුව ඇති සැබෑ අර්බුදය නිරාකරණය සඳහා ලද ප්‍රයෝජනය කුමක්දැයි යන්න අවංකවම ප්‍රශ්න කිරීමට දැන් කාළය උදා වී ඇත.

අරගලය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් සෙවිය හැක්කේ ව්‍යවස්ථාදායකය තුළිනි. මේ මොහොතේ එහි භාරධුර වගකීම ඇත්තේ විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයටය.

නමුත් විපක්ෂය එම කාර්යභාරය ඉටුකරනු වෙනුවට අද සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් දැයි මට සිතේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකම මහා පවුලකින් වෙන්ව ගිය සොයුර සොයුරියන්ගෙන් සමන්විත තනි දේශපාලන බලවේගයක් බව එම පක්ෂ නියෝජනය කරන නායකකාරකාදීන් සිහිපත් කරදීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී පිරිස් ප්‍රමුඛව ආණ්ඩුවට එරෙහිව නැගී එන සියලු දේශපාලන පක්ෂ සහ බලවේගයන් සම්බන්ධීකරණය කරමින් රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ සංවේදී අරගලය වෙනුවෙන් ව්‍යවස්ථාදායකය තුළ සිදුකළ හැකි තීරණාත්මක වෙනස්කම් සිදුකිරීමට විපක්ෂය දැන්වත් එකාමෙන් අත්වැල් බැඳ ගත යුතුය.

එම එක්වීම සඳහා තව දුරටත් කල් මරමින් සිටීමෙන් සිදුවන්නේ ඔබ බලයට පත් කිරීම වෙනුවෙන් කැපවුණු ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම පමණක් බව විපක්ෂය නියෝජනය කරන ඔබ සැමට අමතක වීම කණගාටුදායකය.

මේ වසර අවසානයට පෙර තවත් ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ගෙවා දැමීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. ණය මුදල් නොගෙවීමට මහබැංකුව තීරණය කළ බව කිය වෙන්නේ ඒ අතරතුරය. එසේ නම් තව දුරටත් ජාත්‍යන්තරයෙන් ණය ලබා ගැනීමට ද ශ්‍රී ලංකාවට අසීරු තත්වයක් නිර්මාණය වනු ඇත.

එවැනි වාතාවරණයක් තුළ එදිනෙදා අවශ්‍යතාවයන් වෙනුවෙන් ඖෂධ ආහාරපාන ඉන්ධන අප ලබා ගන්නේ කෙසේද? ජනතාවට බඩගින්නේ මියැදෙන්නට දෙනවද?

පවතින වාතාවරණය තුළ අප්‍රේල් මාසය අවසන් වන විට නියත වශයෙන්ම රට තවදුරටත් අර්බුදයෙන් අර්බුදයට තල්ලූ වී යනු ඇත.

දූෂිත පාලකයන් ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන සේම රටවල් ද ශ්‍රී ලංකාව දෙස බලන්නේ වපර ඇසිනි.

මේ තත්ත්වය වෙනස් කිරීමට නම් අප වහා රට තුළ විශ්වසනීයත්වය, මූල්‍ය විනය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයක් තහවුරු කළ යුතුව තිබේ.

ඒ වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරය ඉටුකිරීමේ වගකීම පැවරී ඇති විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ එකට එක් වීමේ අවශ්‍යතාවය යළි යළිත් අවධාරණය කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

අවස්ථාවාදී සහ අදූරදර්ශි දේශපාලකයින් විසින් රටේ වර්තමානය පමණක් නොව නුපන් පරපුර පවා ඛේදනීය ඉරණමකට ඇද දමා ඇති අවස්ථාවක විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති අත්නොහැරිය හැකි සහ පැහැර හැරිය නොහැකි වගකීම වෙනුවෙන් මේ මොහොතේ කැපවිය යුතුය.

ප්‍රශ්න හමුවේ පොදු සම්මුතික වැඩ පිළිවෙලක් වෙනුවෙන් සියලු දෙනා එකට එක්ව විශ්වාසයෙන් අත්වැල් බැඳ ගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ශක්තිමත් ප්‍රවේශයක් සමගින් ඉදිරියට යනවාද? නැතිනම් බියෙන් මුළු ගැන්වී තැන තැන්වලට වී වගකීමෙන් පලා යනවාද? යන්න විපක්ෂයේ සියලු දෙනා දැන්වත් තීරණය කළ යුතුය.

එබැවින් මේ තීරණාත්මක අවස්ථාවේ සියළු භේද පසෙකලා එකාවන්ව පෙළගැසෙමින් මහජන නියෝජිතයින් ලෙස මාතෘ භූමියේත් ආදරණීය ජනතාවගේත් හෙට දවසේ තීරණාත්මක ඉරණම යහපත් කිරීම උදෙසා කැප වන්නට අප සියලු දෙනා අදිටන් ගතයුතු බව මගේ විශ්වාසයයි.

ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින් ලෙස අප දිවි හිමියෙන් කැපවෙමු.

රෝසි සේනනායක – පුරපති
කොළඹ මහනගර සභාව

ජන අරගලයට කැලණියෙන් පුස් වෙඩිල්ලක්

ආණ්ඩුවට විරෝධය පළ කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් කිරිබත්ගොඩ මංසන්ධියේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයකට ප්‍රදේශිය සභා පොහොට්ටු මන්ත්‍රීවරයෙකු පැමිණ පහරදීම සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් එල්ල වී ඇති අතර අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්තඩංගුවට ගෙන තිබේ.

ආණ්ඩු පක්ෂයේ එම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසුන්ගේ අට්ටාලය කඩා දමා සිසුන්ට පහර දුන් අවස්ථාවේදී ඒ අසලින් ගමන් කළ කාන්තාවන් පවා මැදිහත් වී අදාළ දේශපාලුවා පන්නා දැමීමට ක්‍රියාකර තිබිණි.

එසේම ශිෂ්‍යයන් කිසිසේත් ප්‍රකෝප නොවී එම තත්වයට මුහුණ දුන් අතර අදාළ මැරයා අත්තඩංගුවට නොගතහොත් නුවර කොළඹ මාර්ගය වසා දමා දැවැන්ත විරෝධයක් ආරම්භ කරන බව පොලිසියට දැන්වීය.

අවසානයේ අදාල චූදිතයා අත්තඩංගුවට ගෙන තිබේ

ණය ගෙවීමට නොහැකිවීම : එජාපය තේරීම් කාරක සභාවක් ඉල්ලයි !

සියලුම විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බවට රජය විසින් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

මේ බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර නිදහසින් පසු ශ්‍රී ලංකාව අපගේ ණය ආපසු ගෙවීමට ගරු කිරීම සම්බන්ධයෙන් නොකැළැල් වාර්තාවක් තබා ඇති බව සිහිපත් කරයි

දුෂ්කර අවස්ථාවලදිත් අපි ජාතියක් විදියට පටි තද කරගෙන ගෙවීම් කරලා තියෙන බව සඳහන් කරන එම නිවේදනය කෙසේ වෙතත් වත්මන් ආර්ථික අර්බුදයට ආණ්ඩුවේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලය හේතුවී තිබෙන බවත් අවධාරණය කර ඇත.

අදාළ නිවේදනය වැඩිදුරටත් මෙසේද පවසයි.

සියලුම බාහිර සේවා අත්හිටුවීම ණයවර ලිපි සඳහා පහසුකම් සැලසීම සඳහා විදේශ ණය ලබාගෙන ඇති බැංකුවලට මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISBs) දරන බැංකුවලට ද අනවශ්‍ය පීඩනයක් ගෙන එනු ඇත.

2020 වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපගේ මූල්‍ය බැඳීම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවට නිර්දේශ කර ඇත.

මෙම උපදෙස් අනුව ක්‍රියා කිරීමට බලධාරීන් ප්‍රමාද වීම මේ වන විට දිගහැරෙන අර්බුදයට හේතු වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පිරිස කළ ප්‍රකාශ වලට අවනත වූයේ නම් මෙම අනතුර වළක්වා ගත හැකිව තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය පාලනය ඇත.

අප්‍රේල් 19 වැනි දින පාර්ලිමේන්තුව රැස්වන විට මෙම තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව රජය සම්පූර්ණ පැහැදිලි කිරීමක් සභාවට ඉදිරිපත් කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂය ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටිනු ඇත.

IMF අරමුදල් සුරක්ෂිත කිරීමට පෙර මුදල් අවප්‍රමාණය කිරීමේ තීරණය මෙන්ම මෙම පැහැර හැරීමට තුඩු දී ඇති රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමට රජය ගත් තීරණය පිළිබඳව සොයා බැලීම ඔවුන්ට පැවරෙනු ඇත.

මධ්‍යම මාධ්‍ය ඒකකය
එක්සත් ජාතික පක්ෂය .

අර්බුදය විසඳීමට පුළුවන් : රනිල්ගෙන් සුබ පණිවිඩයක් ! (වීඩියෝ )

මතුව ඇති අර්බුදය විසඳීමට හැකි බවත් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය ගත් තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමක් යැයි ද ඔහු කියා සිටියි.

හිටපු අග්‍රාමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහි මෙසේ සඳහන් වේ.

 රට බංකොලොත් !

 “ශ්‍රී ලංකාවට ලබන සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ගෙවීමට නොහැකි වී ඇති අතර, සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මෙය රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇත. මෙම තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමකි.

වොෂින්ටනයට ගොස් පවතින තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේ වගකීම දැන් නව මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇත.

මැයි මැද වන විට ඉන්දියානු ණය අවසන් වනු ඇත.

විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජුනි මාසය වන විට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත.

රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම මේ රජය භාරගත යුතුයි.

 ඔවුන් දැන් කිසිදු කොන්දේසියකින් තොරව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගත යුතුය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය ලෙස අපි ජනතාවගෙන් සමාව අයැද සිටියා අසාර්ථක වීම ගැන.

 ''කෙසේ වෙතත් මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ අර්බුදය විසඳෙන්නේ නැත. ''

 රජය සමඟ සාකච්ඡා කර සැලැස්මක් සකස් කළ පසු කොන්දේසි සකස් කළ හැකියි.

සෑම කෙනෙකුටම සමාන ලෙස ඇහුම්කන් දීම අපගේ වගකීමකි.

ලෙබනනයේ IMF ගිවිසුම ඔවුන්ගේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මත රඳා පැවතුනි.

මෙය ශ්‍රී ලංකාවේද සිදුවිය යුතුය.

අපි ඉන්නේ ඉතාම අසීරු තත්ත්වයක.

අපි බංකොලොත් රටක් ලෙස පරණ අවුරුද්ද අවසන් කරනවා.

කොහොම වුණත් අපිට මේ අර්බුදය විසඳන්න පුළුවන්. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ.

අපට දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවනු ඇත, නමුත් අප එයට මුහුණ දිය යුතුය. මේ අර්බුදය ජයගෙන අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපට පුළුවන්. නමුත් මෙය කළ හැක්කේ අප එක්ව සහ සැලැස්මකට අනුව වැඩ කළහොත් පමණි.

 අපි බංකොලොත් ජාතියක් ලෙස මේ වසර අවසන් කරනවා, නමුත් අලුත් ගමනක් නව වසර ආරම්භ කරනවා.

හැමෝම එකතු වුණොත් මේක කරන්න පුළුවන්. ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා"

ඩොලරුත් නෑ - ගෑසුත් නෑ : දින 05 ට ලිට්‍රෝ වැහෙයි !

ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අවසන්වීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඊයේ (12) වනදා සිට ගෑස් සැපයුම නැවතී ඇති ඊට හේතුව ලෙස සඳහන් වන්නේ ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් නොමැති වීමය.

ලිට්‍රෝ සමාගමේ ආරංචි සඳහන් කරන්නේ ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුවද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් මේ වන විට සමාගම දැඩි අසීරුතාවට පත්ව ඇති බවය.

ඒ අනුව මේ වන විට මෙරටට ගෑස් ආනයනය කරන සමාගම වෙත ලබා දීමට ඇති ඩොලර් මිලියන 10ක ණය මුදල ගෙවා දැමීමෙන් පසුව පමණක් යළි ගෑස් ලබාදීමට එම සමාගම එකඟත්වය පළ කර ඇති බව පැවසේ.

මේ වන විට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එක්ව දේශීය බැංකුවකින් 16%ක පොලියකට ඩොලර් මිලියන 10ක ණයක් ඒ සඳහා ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද වාර්තා වේ.

එම ණය මුදල කඩිනමින් ලබා ගැනීමට හැකි වුවහොත් බොහෝ විට එළඹෙන 18 වන සදුදා දින සිට යළි මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් පවතින බව ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

ශාන්ත දොට්ට : නිමල් උද්දික ඇතුළට !

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග යළිත් සාකච්ඡා කිරීමට නම් පසුගියදා හදිසියේ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් ලබාදුන් ශාන්ත බණ්ඩාර එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට කොන්දේසි පනවා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට පක්ෂ තීන්දුවට පිටින්ගොස් පස්සෙ දොරෙන් රාජ්‍ය අමාත්‍ය ධූරය ගැනීම හේතුවෙන් මේ වන විට ‍ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වෙයි.

නිමල්ට සෞඛ්‍ය : උද්දිකට සංස්කෘතික ?

මේ අතර ශ්‍රී නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට සංස්කෘතික අමාත්‍ය ධුරයත් ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි.

ඒ ආකාරයේ විවිධ වරදාන තනතුරු ලබාදීමට පොරොන්දු වෙමින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පිරිස් ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

බැසිල් රාජපක්ෂ ගේ උවමනාව මත සිදුකරන මෙම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ ජයන්ත කැටගොඩ, රේණුක පෙරේරා, සංජීව එදිරිමාන්න යන පිරිස් බවද ඔහු පවසන අතර රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ යන අයද ම මෙහෙයුමේ ක්‍රියාකාරීව සිටින බවද ඔහු කියා සිටියේය.

 

අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතුයි - විමල්

අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බව ජතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11 මන්ත්‍රිවරුන් පිරිසක් අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වීරවංශ  මේ බව සඳහන් කළේ ය.

”අපිට අග්‍රාමාත්‍යතුමා ගැන පෞද්ගලික විරුද්ධත්වයක් නෑ. එතුමා පැරදිච්ච වෙලාවෙත් එතුමා එක්ක හිටියෙ අපි. සහෝදරයා හිටියෙ නෑ.. මහින්ද රාජපක්ෂ එක්ක පුද්ගලික කෝන්තර නෑ. හැබැයි රටේ මහජනයා ඉදිරිපත් කරන අදහස අපි තේරුම් ගන්න ඕන”

වීරවංශ  වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට රටේ ආර්ථිකය ඉතා අසීරුතම අඩියට වැටී ඇති බවත් එවැනි තත්ත්වයක් උද්ගත වීමට පෙර රටේ ආර්ථිකය බේරා ගැනීමට ඉදිරිපත්වුව ද හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස එය සැලකිල්ලට නොගත් බවයි.

ශාන්ත බණ්ඩාරට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී වීරවංශ  විවේචනාත්මකව අදහස් පළ කළ අතර දයාසිරි ජයසේකර  ද මෙහිදී අදහස් පළ කළහ.

ගාලු මුවදොර පිරිස සමග සාකච්ඡා කිරීමට සූදානම් - අගමැති

ගාලු මුවදොර විරෝධතාවේ නිරත පිරිස සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමග සාකච්ඡාවකට අග්‍රාමාත්‍යවරයා සූදානම් බවයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් ය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විරෝධතාවයේ නිරත පිරිස සාකච්ඡාව සඳහා සූදානම් නම්, අග්‍රාමාත්‍යවරයා එම පිරිසේ නියෝජිතයන්ට ඒ සඳහා ආරාධනා කරන බවයි.

ඉතිහාසයේ තවත් අඳුරුතම දවසක් ගැන හර්ෂ කියයි !

"ලංකාවට විදේශ ණය සේවාකරණය කරන්න හැකියාවක් නොමැති බවත් එය අත්හිටුවන බවත් මුදල් අමාත්‍යංශය ඊයේ (12) නිළ වශයෙන් කිව්වා. අපිට දැන් කරන්නම දෙයක් නැති නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන අතර එහිදී වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

මේ නිසා, ඉදිරියේදී අපේ රටේ ජනතාවට, ව්‍යාපාරිකයන්ට ලොකු ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවේවි. ලැබෙන ඩොලර් ටික ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ගත්ත තීරණය හොඳ එකක්. අපි ඉස්සෙල්ලම මේක කිව්වා. මුලින්ම අපි කිව්වේ ලංකාවට මෙහෙම යන්න බෑ කියලා. ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡා කරන්න කියල කිව්වා. එහෙම කිව්වේ මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුලුවන් ඩොලර් බිලියන 03 ගැන හිතලම නෙවෙයි. මූල්‍ය අරමුදලට ගියවිට අපිට ජාත්‍යන්තරයේ ලැබෙන විශ්වාසය ගැන හිතලා. එහෙම විශ්වාසය ගොඩනගා ගත්තා නම් අපිට මූල්‍ය වෙළෙඳපොළින් ණය ගන්න තිබුණා.

මුලින්ම ඒ පියවර ගත්තා නම් මේ විදිහට ණය අත්හිටුවන්න වෙන්නෙ නෑ. ප්‍රශ්නෙ ඔඩු දුවාගෙන එනකොට අපි කිව්වා, දැන් ණය ගෙවන්න බෑ, ජනතාව පෝලිම්වල නොතියා ජනතා ප්‍රශ්න විසඳන්න කියලා. ඒකත් ඇහුවෙ නෑ. ණය ගෙවලා ජනතාව පෝලිම්වල තිබ්බා. අන්තිමට මොකද වුණේ? ණය අත්හිටුවන්න වුණා. එතකොට විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 ක් විතර විනාශ කරගත්තා.

මේ විදිහට කොච්චර ප්‍රශ්න ඇතිවුණාද? දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේක තමයි. මේ කඩා වැටීම ගැන මම හදවතින්ම දුක් වෙනවා. මම මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට කරපු උත්සාහය ගඟට කපපු ඉණි වගේ අපතේ යෑම ගැන දුක් වෙනවා. හැබැයි, මම අවධාරණය කරල කියන්නේ මේ විනාශයට ලංකාව ඇදල දාපු අයට නිසි දඬුවම් දිය යුතුයි.

FQJ2FjdXIAUfXPo

ශ්‍රී ලංකා රග්බි ආසියාවෙන් හැලෙයි

ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ආසියානු රග්බි විධායක කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව කළ දැනුම් දීමකින් අනතුරුව ඔවුන් එම තීරණය ගත් බව ආසියානු රග්බි විධායක කමිටුව ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

දේශපාලනඥයින්ගේ වැඩ ගැන : මහනාහිමිවරුන් කනස්සල්ලෙන් !

රටේ වගකිවයුතු දේශපාලනඥයින් සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් බරපතළ කනස්සල්ල පළකර ඇත.

ඒ බව සඳහන් කර ඇත්තේ  ත්‍රෛනිකායික මහා නායක හිමිරු ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව පවත්නා අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුව නිකුත්කළ විශේෂ ප්‍රකාශයේය.

පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව එහි සඳහන් ය.

අදාළ විශේෂ ප්‍රකාශය පහත දැක්වෙයි.

image 08dee26a44

අලුත් මහ බැංකු අධිපති හරි : හර්ෂ ප්‍රසිද්ධියේ කියයි !

නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නිවැරදි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී මෙසේද පැවසීය.

‘රුපියල බේරාගැනීමට නම් අළුත් මහ බැංකු අධිපතිවරයා විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩිකිරීම යැයි මා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. මා මෙසේ ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාත්මකව මෙම අර්බුදය කළමනාකරණය කළ යුත්තේ කෙසේදැයි තාක්ෂණිකව අදහස් දක්වමින්.

මා කළ කතාවෙන් පැය කිහිපයකට පසුව අළුත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් තැන්පතු පොලී අනුපාතය 13.5% ක් දක්වාත් ණය දෙන පොලී අනුපාතය 14.5% ක් දක්වාත් වැඩිකර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක්වීම සුබ ලකුණක් යැයි මා සඳහන් කරන්නට කැමතියි. මීට පෙර සිටි අධිපතිවරයාට අපි කොතෙක් දෑ කිව්වද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වුණා’

පක්ෂයට ද්‍රෝහිවූ ශාන්ත : ශ්‍රීලනිපයෙන් දොට්ට !

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට දමා ඇත.

එසේම ඔහු දැරූ සියලු තනතුරුවලින් වහාම ඉවත් කිරිමටත් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා තීන්දුවක් ගෙන තිබුණේ ආණ්ඩුවට සහය දීමෙන් ඉවත්ව ස්වාධීන වීමටය. ඒ සමග පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ස්වාධීන වූ අතර එහිදී ආණ්ඩුවේ සරල බහුතරයත් අහිමිවන තත්ත්වයක් නිර්මාණය විය.

එයින් ආණ්ඩුව බේරාගැනීමට මේ වන විට මුදල් සහ විවිධ වරදාන දෙමින් මන්ත්‍රීවරුන් ට ලංසු තැබීමක්ද ආරම්භවී ඇති බවට විවිධ ආරංචි දේශපාලන ක්ශේත්‍රයේ පළවෙමින් තිබේ.

පරිස්සමෙන් : වොයිස් කට් නඩේ වැඩ අල්ලයි !

අඛණ්ඩව 4 වන දිනයටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වාඩිලා ගෙන විරෝධතාවයේ යෙදී සිටින තරුණ තරුණියන් සමග ගැටුමක් ඇතිකර ගැනීමේ සුදානමින් යුතුව රාජපක්ෂවරුන්ට පක්ෂපාත 'වොයිස්කට්' හිමිවරුන් පිරිසක් සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් ඔවුන් නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ සංවිධානය වී අද (12) එම ස්ථානය බලා පෙරහරක් ලෙස පිටත්ව ඇති බව වාර්තා වෙයි.

මේ සමග ජාතිවාදය බඩගෝස්තරය කරගත් ගිහියන් කිහිපදෙනෙකු ද සිටින බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ වන විට අරගල බිම සිටින පාර්ශ්ව වෙත සහය දක්වන පිරිස් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම් ආරම්භ කර ඇත. ඒ අරගලයට සම්බන්ධ කිසිම අයෙකු මොනම අයුරින්වත් මෙතක් රැකි සාමකාමී සහ අවිහිංසා ප්‍රතිපත්තිය තවදුරටත් ආරක්ෂා කරගන්නා ලෙස දන්වමිනි. එසේම අරගල බිමට කඩාකප්පල්කාකාරීන් පැමිණ ඇත්දැයි විමසිලිමත් වන ලෙසත් දැනුවත් කිරීම් ආරම්භ කර ඇත.

ළමා රෝහලේ ඖෂධ හිඟයක් : පරිත්‍යාගශීලින්ගෙන් ආධාර පතයි !

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බවත් පරිත්‍යාගශීලීන්ට එම ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි නම් වටිනා බවත් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසා ඇත.

රිජ්වේ ආර්යා ළමා රෝහල සතුව සාමාන්‍ය ඉන්සියුලින් අවශ්‍ය තරම් ඇති බව පවසා ඇති වෛද්‍ය ජී. විජේසූරිය රෝහල සමඟ සම්බන්ධ වී විශේෂ ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි බව ද සඳහන් කළේය.

එම විශේෂ ඉන්සියුලින් වර්ගය ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල හරහා පිරිසක් පරිත්‍යාගශීලින්ගෙන් මුදල් එකතු කරන අතර එම කණ්ඩායමේ පුද්ගලයෙක් පැවසුවේ පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු මුදල්වලින් රුපියල් ලක්‍ෂ 11 ක් වටිනා ඉන්සියුලින් තොගයක් රිජ්වේ ආර්යා ළමා රෝහල හෙට (12) ලබාදීමට නියමිත බවත්ය.

(මූලාශ්‍රය lankadeepa )

ස්වාධීන කණ්ඩායම සහ ජනාධිපති අතර සාකච්ඡා ඇදෙයි : අද කැබිනට් නෑ !

අද (11) දිනයේ අලුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම්දීමට සූදානමක් පැවති නමුත් එය කල්දමා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ආණ්ඩුව නියෝජනය කළ නමුත් මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ 10 , පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඊයේ පැවති සාකච්ඡා එතරම් සාර්ථකවී නැතත් තවදුරටත් සාකච්ඡා කිරීමට පාර්ශ්ව එකඟතාව පළකර ගෙන තිබේ.

ඊයේ (10) පැවති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහභාගී විය.

එසේම පක්ෂ 10 සන්ධානය නියෝජනය කරමින් එම පක්ෂවල නායකයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, පුජ්‍ය අතුරලියේ රතන හිමි, අසංග නවරත්න, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ හා ඒ.එල්.එම්. අතාවුල්ලාහ් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ඊට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හා ජෝන් සෙනවිරත්න ද මෙම සාකච්ජාවට එක්ව තිබේ.

එහිදී වැඩිදුරටත් වාර්තා වන්නේ 113ක බහුතරයක් ඇති අයෙකු ඇත්නම් අගමැති ලෙස පිළිගන්න තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා අති බවත් වාර්තා වෙයි .

Page 268 of 387