V2025

පුවත්

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති : අරගලයට එක්වෙ

තරුණ සහ ජනකොටස් ආරම්භ කර ඇති #GoHomeGota විරෝධය සඳහා සහය දීම සඳහා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඒකාබද්ධ තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙහිදී ජනාධිපතිවරයා පමණක් නොව අගමැති මහින්ද රාජපක්ෂ ද තනතුරින් ඉවත් විය යුතු බව ඔවුන්ගේ සටන් පාඨය වී ඇති බවත් වාර්තා වෙයි.

එසේම පසුගිය සමයේ සාර්ථක වෘත්තීය සමිති අරගලයක් දියත්කළ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයත් මේ සඳහා සහය පළකර ඇති බවත් දැනගන්නට ඇත.

ඒ අනුව අද දිනයේදී රජයේ නිලධාරීන් දිවා භෝජන අවස්ථාවේ නිහඩ විරෝධතාවයක් පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිප 14 : ජනාධිපති සමග සාකච්ඡාවක !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඉල්ලීමක් අනුව ඊයේ (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ජනාධිපති කාර්‍යාලයේ දී ජනාධිපතිවරයා හමුව ඇත.

වාර්තා වන ආකාරයට මෙහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමේ තීන්දුව සම්බන්ධයෙන් කරුණු විමසා ඇත.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වර්තමාන තත්ත්වය සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ජනතාව පිළිනොගන්නා නිසා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරනය කළ බවත් සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම තම තීරණයෙ කිසිදු වෙනසක් සිදු නොකරන බවත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව දිරියේ දී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෙහිදී අවධාරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

තවද මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන රංජිත් සියඹලාපිටිය ය. පක්ෂය ස්වාධීන වීම සඳහා ගනුලැබූ තීන්දුව සමග ඔහුද ඉල්ලා අස්වීම ජනාධිපති වෙත යොමුකර ඇතත් එය මෙතෙක් ජනාධිපති පිළිගෙන නැති බවත් වාර්තා වෙයි.

අන්තර්වාර ආණ්ඩුව වෙනුවෙන් : සජිත් - විමල්ලා සාකච්ඡා !

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ආණ්ඩුවේ විමල් වීරවංශ ප්‍රමුඛ සෙසු පක්ෂ 11 පාර්ශ්වය අතර සාකච්ඡාවක් ආරම්භවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට මේ වන විට තීරණය වී ඇත්තේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකී ධුරයෙ සිටින අතර විපක්ෂය නියෝජනය කරන පාර්ශ්ව එක්කර ගනිමින් භාරකාර ආණ්ඩුව පිහිටුවීමට ය.

අද (05) පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සතියකින් විධායක ජනාධිපති බලතල කප්පාදු කර පාර්ලිමේන්තුව වෙත බලය අත්පත් කරගන්න යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ , මේ මූලික එකඟතාවක් අනුව බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ඇති පාර්ශ්ව වල සහය ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

ඒ අනුව මේ පාර්ශ්වයන්ගේ සූදානම ඉදිරි දින කිහිපය ඇතුළත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ අන්තර්වාර ආණ්ඩුවක් බිහිකර රටේ දේශපාලන ස්ථායිතාවක් ඇතිකර ගැනීම බවත් වාර්තා වෙයි.

කාල්ටන් උද්ඝෝෂකයින්ට කඩු ප්‍රහාරයක් : 6ක් රෝහලේ !

ඊයේ(4) දින තංගල්ල කාල්ටන් නිවස අසල උද්ඝෝශණයක් පැවැත් වු තරුන තරුනියන් පිරිසට සංවිධානාත්මක මැර කණ්ඩායමක් කඩු සහා බේස්බෝල් පිති වලින් පහර දි තිබේ.

ඊයේ දින තංගල්ල නගරයේ පිහිටි කාල්ටන් නිවස අසල පැවති විරෝධතාව විසුරුවා හැරිම සදහා පොලිසිය විසින් කදුලු ගෑස් සහා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කල අවස්තාවේදි මෙම මැර කණ්ඩායම කඩු සහා බේස්බෝල් පිති රැගෙන තරුන තරුනියන් පසුපස එලවාගෙන ගොස් පහර දි ඇති අතර එම ප්‍රහාර වලින් තුවාල ලැබු තරුනයන් හය දෙනෙකු තංගල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

බෙලිඅත්ත ප්‍රදේශය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙක් ගේ සොහොයුරෙක්ද මෙම සංවිධානාත්මක මැර කණ්ඩායමේ සිටි බව විරෝධතාකරුවන් පැවසිය.

– lanka c news

භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ...! 

මේ මතුවෙලා තියන හෑෂ්ටැග් අරගලය කොහේ නතර වේවිද කියන්න කාටවත් බැහැ. සාමකාමී විරෝධතාවල ඉඳල ප්‍රචණ්ඩ කුණාටුවක් දක්වා ඒක ගමන් කරන්න පුළුවන් විභවයක් දැන් පෙන්වනවා. විශේෂයෙන් දේශපාලන ව්‍යුහයේ බරපතළ වෙනසක් කරන්න මේ ආණ්ඩුව දක්වන අසමත්කම නිසා මේ මිනිස්සු ඒ චණ්ඩ මාරුතය පැත්තට නිරායාසයෙන් තල්ලු වෙලා යනවා. පීඩනය විඳ දරා ගන්න අමාරුයි. ඒ නිසා පාලනය කරන්නත් අමාරු වේවි.

අනික් අතට මේක පාලනය කරන්න බැරි මේ ප්‍රවාහයේ කේන්ද්‍රය හොයා ගන්න බැරි නිසා. මේ ප්‍රවාහය පවත්නා සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා සුක්කානම කාගේ අතේවත් නැහැ. සිංහ කොඩිය අතේ තියාන '225හේ පුක කමු' කියන සටන් පාඨය තමයි හැම තැනම තියෙන්නේ.

පාර්ලිමේන්තු නියෝජිතයෝ දැක්ක දුටුව තැන හූ කියනවා. කිසිම විදියකට සැළකිල්ලක් නැහැ. එෆ් අකුරේ වචන කියන්න කිසිම මැලි කමක් නැහැ. අපේ පරම්පරාවෙන් ගොඩක් එළියේ තියන ප්‍රවාහයක් මේක.

අපේ දේවල් තොපි කෑවා, හෝ කනකම් බලන් හිටියා හිටියා. දැන් අපි තොපේ පුක කනවා. ඒක තමයි කියන්නේ.

අපි ඒක එහෙම කියන්න මැලි වෙන්න ඇති. ඒ නිසා අපි නිකම් ප්‍රේක්ෂකයෝ විතරයි.

කෑගල්ලේ පෙළපාලියේ මැදදී ඩෙස් කබලක් උඩට වයස විසි පහක විතර කොල්ලෙක් නැංගා. ඌ කිව්වේ මෙච්චරයි. ජාති ආගම් මුකුත් නැහැ. අපි කියන්නේ මුංට යන්න කියල විතරයි. දේපළ හානි කරන්න එපා. විනාඩි දෙකයි කතාව ඉවරයි. පස්සේ කෙල්ලක් නැංගා. අපිට බඩගිනියි. තොපි පලයව්. විනාඩි තුනයි. ඒකත් ඉවරයි. නිකම් හිතන්න 225හේ කතා කාරයෙකුට ඔය මයික් එක දුන්න නම් තවත් කතා කරනවා. ඒකයි වෙනස.

මම හිතන්නේ ගෝඨා ගේන්න මුල් වෙච්ච සෙට් එකේ ගොඩක් මෙතන ඉන්නවා. ඒ කියන්නේ චිත්‍ර ඇඳපු සෙට් එක. යක්කු වගේ මුන්ට මකබෑවෙන්න කියල කියනවා. ඒක ඇතුලේ යූ. එන්. පී., ජේ. වී. පී., ශ්‍රී ලංකා කාටවත් ලොකු දෙයක් කරන්න බැහැ. විශේෂයෙන් මේ දක්වා එක එක විදියට කොළඹ දේශපාලනය හසුරුවපු සෙට් එක මේ ප්‍රවාහය ඇතුලේ නරඹන්නෝ විතරයි.

ඒ වගේම මේක ඇතුලේ තියන ලොකුම සටන් පාඨය තමයි 'මේ ආණ්ඩුව හැමිල්ටන් වුණේ වැරදි පරම්පරාවක් එක්ක' (You fucked with a wrong generation) කියන එක.

මම කියන්නේ මේක ලොකුවට කළමණාකරණය කරන්න ඕනි නැහැ කියල. ඉන් අදහස් කරන්නේ විනයක් සහ සීමාවක් ඕනි නැහැ කියන එක නෙවෙයි. මේ පවත්නා කාලකන්ණි දේශපාලනය ඕනිම නැහැ කියන එයාල යන්නේ එයාලත් දන්නේ නැති සිහිනයක් දිහාවට කියන එක. ඒක අපේ පරම්පරාව දෙපාරක් දැක්ක සිහිනයක්. දෙපාරක් පොඩි පට්ටම් කරපු සිහිනයක්. මෙයාලගේ සිහිනය අපේ සිහිනයම නොවෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න ඕනිත් නැහැ.

එයාලත් දන්නේ නැති සිහිනයක් කියන්නේ භයානක සිහිනයක් වෙන්න පුළුවන්. ඒත් භයානක සිහින දකින්නන් තමයි මේ ලෝකෙට ඕනි.

You may dream dangerously!

ජය!

@ මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි .

බේගල් කැම්පේන් කළ තිස්ස : සමාව අයැදියි !

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ප්‍රකට ජීව විද්‍යා ටියුෂන් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක රටේ සියලුම ජනතාවගෙන් සමාව අයැද තිබේ.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මෙසේ සමාව අයැද ඇති අතර වත්මන් අභාග්‍යසම්පන්න පාලනයට රැවටෙමෙන් එයට සහය දුන් බැවින් මෙසේ සමාව ගන්නා බව එහිදී සඳහන් කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ MCC ගිවිසුම යටතේ මෙරටට ඩොලර් මිලියන 400 කට ආසන්න ප්‍රදානයක් ලැබීමට නියමිත වූ අවස්ථාවේ ඊට එරෙහිව සිය සිසුන් මෙන්ම සමාජ මාධ්‍ය හරහා ඊට දැක්වූ විරෝධය හේතුවෙන් ඔහු අවධානය දිනා ගත්තෙකි.

එහිදී MCC ගිවිසුම අත්සන් කළහොත් රට බෙදී යන ආකාරයට ඇමරිකානු ආර්ථික කොරිඩෝවක් ඉදිවන බවත් ඒ හරහා වීසා ගෙන යන්න එන්න සිදුවිය හැකි බවටත් මහා බේගලයක් ඔහු සමාජ ගත කළේය.

කෙසේ වුවත් තීරණාත්මක අවස්ථාවක පරපුරක් නොමග යැවූ සිය බේගල් ගැන සමාව ගැනීම වැදගත් බව විචාරකයන් පවසයි.

පහත දැක්වෙන්නේ ඔහු සමාව ඉල්ලා සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනයි.

image a1b72a44e9

ඊළඟ මුදල් ඇමති බන්දුල : කොච්චර කාලයකටද ?

දිවුරුම් දී පැය 24ක් ඉක්මයන්න පෙර මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ අලිසබ්‍රි ට පසුව එම ධූරය සඳහා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත.

බන්දුල ගුණවර්ධන මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

කෙසේ වුවත් විරෝධතාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ අවධාරණය කරමින් සිටින්නේ අභිනව අමාත්‍ය මණ්ඩලය සඳහා පැවති කැබිනට් මණ්ඩලයේ කිසිවෙකු නොසිටිය යුතු බවය.

එසේම කිසිම රාජපක්ෂවරයෙක් එහි නොසිටිය යුතු බවත් ඔවුන් අවධාරණය කර ඇත.

මුලාසනාරූඪ වූ දොලේවත්තගෙන් හදිසි තීන්දුවක් !

අද (05) පස්වරු 2.15ට පමණ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා වූ ප්‍රේමනාත් සී. දොලේවත්ත විසින් පාර්ලිමේන්තුව හෙට (06) දිනය දක්වා කල් තැබීමට පියවර ගත්තේය.

නමුත් මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ලෙස දොලේවත්ත මේ ක්‍රියාව සිදුකර සිටියේ විපක්ෂයේ විරෝධය මැද්දේය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස  පෙන්වා දුන්නේ රටේ වත්මන් තත්ත්වය පිළිබදව කතා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටින බැවින් පස්වරු 4.30 දක්වා සභාවාරය පැවැත්විය යුතු බවය.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ මේ මොහොතේ පාර්ලිමේන්තුව කල් තැබීමට කලින් තිබූ එකගතාවක් බවය.

අප්‍රේල් 05 : ඉල්ලා අස්වීමේ සහ ස්වාධීන වීමේ පෙරළි රැසක් !

මොහොමඩ් අලී සබ්රි ඊයේ (04) මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නමුත් අද (05) ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව පැය 24 ක් වත් නිසිලෙස ධූරයෙ කටයුතු නොකළ මුදල් ඇමති ලෙස ඔහු ඉතිහාස ගතව ඇත.

ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර අලිසබ්‍රි පවසා ඇත්තේ අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා අවස්ථාව ලබාදීමට තමා මේ තීරණය ගත්බවය.

ආටිගලත් යයි !

එසේම පොදුජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමේ සිට මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කළ, එස්.ආර්. ආටිගල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු පෙරළි ඇරඹේ !

මේ අතර අද පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ තත්වක් ඇතිව තිබේ.

අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පිරිස වාර්තා වන ආකාරයට මෙසේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 14ක්,
සෙසු පක්‍ෂවල 16ක්,
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ 11ක්
තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග‍්‍රසයේ මන්ත්‍රීවරුන් .

ඒ අනුව ස්වාධීන වූ පිරිස 50කට ආසන්න වන බව වාර්තා වෙයි.

රාජපක්ෂ පවුල බලයෙන් ඉවත්කරන තුරු අරගලය ඉස්සරහට - PCR

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලම බලයෙන් එළවා දමන තුරු මේ ජන අරගල නොනැවතිය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද පවසා ඇති අතර ඊට අදාළව මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති නිවේදනයේ මෙසේද දැක්වෙයි.

"අද දවස උදා වුණේ මේ රටේ ජනතාවට එක්තරා සුභ ආරංචියක් සමග, අමාත්‍ය මණ්ඩලය සියල්ල අස්වීම අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නාය කියන ප්‍රවෘත්තිය සමග. නමුත් අපි මේවායින් සතුටු වෙනවා වගේම උද්දාම විය යුතු නැහැ. මේ ජයග්‍රහණය කිසිම දේශපාලන පක්ෂයකට, සංවිධානයකට නොව පොදු මහජනතාවට අයිති ජයග්‍රහණයක්.

කිසිම දේශපාලන භේදයකින් තොරව සංවිධානය වෙලා කුඩා අත දරුවාගේ ඉඳන්, වැඩිහිටි මහල්ලා දක්වාත්, තමන්ගේ ජීවිත වෙනුවෙන් ඇඳිරි නීතිය නොතකා, පොලිස් පහරදීම් නොතකා, කඳුළු ගෑස් නොතකා, සීඅයිඩීය කඩා පැනීම් නොතකා, සමාජ මාධ්‍ය ජාලා හරහා කළ නියම ජනතා නැගිටීමක ප්‍රතිඵලයක් මේක. කිසිවෙක් මේකෙන් උද්දාමයට පත්විය යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට ඉල්ලා අස්වීම භාරදුන්නයි කියලා, ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඉල්ලා අස්වෙන්න ඕනේ පත්වීම් බලධාරියා වුනු ජනාධිපතිවරයාට ඒ ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන්. ඒක පලවෙනි දේ.

දෙවෙනි හා වැදගත් කාරණය තමයි මේ විරෝධය එල්ල වෙලා තිබුණේ අමාත්‍ය මණ්ඩලයටත් වඩා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් ඒ වගේම රාජපක්ෂ පවුලටත්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, රාජපක්ෂ පවුලත් මෙයින් එළවා දමන තුරු බලයෙන් එළවා දමන තුරු මෙය නොනවතින අරගලයක් විය යුතුයි.

ඒ වගේම විශේෂයෙන්ම මේ උද්ඝෝෂණය කළ පෝලිම්වල මියගිය ජනතාවට, ගෑස් පිපිරීම්වලින් මියගිය ජනතාවට, පසුගිය කාලයේ අපා දුක් විඳපු ජනතාවට මේ සියලු දෙනාටම යුක්තිය ඉටු වීමට නම්, ඒ ජනතාවට ඒ මතු පරම්පරාවලට, යුක්තිය ඉටුවීමට නම් මේ රටේ උපනූපන් ජනතාව ප්‍රකෝටි ගාණක් විදේශ වලට උගස් කරලා, ඒ ධනය කොල්ල කාගෙන ගිය, මේ රාජපක්ෂ පවුලේ ජාවාරම්කාරයින්ට අනිවාර්යෙන්ම බලයෙන් පහ කිරීම සිද්ධ විය යුතුමයි. එදා අපි මේ හඬ නැගුවාම 2014 දී මම ආලපාලු ආර්ථිකය නමැති කෘතිය ලියලා රාජපක්ෂලාගේ ගල් අඟුරු බලාගාරය ගල් අඟුරු ගෙන්වීමේ ඉඳන් සිදුකරන ලද මහා වංචා රාජපක්ෂ පවුලේ දූ දරුවන් ඇතුළු සියලුම දෙනා අධිවේගී මාර්ග වරාය ගුවන්තොටුපළවල් හරහා සිදු කරපු දැවැන්ත ජාවාරම ඒ වගේම මේ රටෙන් ඩොලර් බිලියන 19 ක් රාජපක්ෂ යුගයේදී නීතිවිරෝධීව විදේශ වලට ගලා යාම. අපි ඉදිරිපත් කළාම අපිව දේශද්‍රෝහී කළා.

මේ රටේ ඇතැම් පූජ්‍ය ඒ වගේම ගිහි පිරිස් එකතු වෙලා අපව දේශද්‍රෝහී කරන්න ඇතැම් ජඩ මාධ්‍ය ඉදිරිපත් වෙලා කටයුතු කළා. මාධ්‍ය සංදර්ශන පැවතුණා. මාධ්‍ය බුබුළු පැවතුණා. ඒ මාධ්‍ය බුබුළු හරහා රටේ ජාතිය මේ සියල්ල බේරාගත්ත වීරවරයින්ට අපහාස කරන්න, අවමාන කරන්න, හිරේ දාන්න. ඒ වගේම විදේශ රටවලට ගෙනිහිල්ලා විදුලි පුටුවේ වාඩි කරන්න යනවාය කියන ව්‍යාජ මතයක් රණවිරුවන්ට මුවා වෙලා කරගෙන ගියා. අද ඒ සියල්ලන්ටම අවබෝධ වෙනවා ඇති අවුරුදු හතකට පස්සේ දැන් ඇත්තටම රාජපක්ෂලා කියන්නේ හොර නඩයක් මිසක්, වැදගත් දේශපාලන ක්‍රියාවලියක රටට ආදරය දේශපාලන ක්‍රියාවලියක, දේශප්‍රේමීයත්වයක, රණවිරුවන් වෙනුවෙන් හෝ රට වෙනුවෙන් කරපු පිරිසක් නොවන බව. ඒ බව ඔවුන්ට ඡන්දය දීපු පිරිසටත්, සියලුම ඇත්තන්ටත් දැන් වැටහී ගොස් හමාරයි.

එදා අප කළ අරගලය දැන් තවදුරටත් ඡන්දය නොදුන් ජනතාව අතරේත් යුක්ති යුක්ත වෙලා තිබෙන බව ඉතාම පැහැදිලියි. මේ රටේ සාමාන්‍ය ජනතාව, දේශපාලනයෙන් තොරව නැගී සිටියා. ඒ නැගී හිටීමේ ප්‍රතිඵලයක් ලෙස හැටියට තවදුරටත් මේ පවුල්වාදී දේශපාලනය, තාත්තාගෙන් පුතාට අම්මගෙන් දුවට ගලා එන මේ දේශපාලනය වෙනුවට කුසලතා වාදය මත පදනම් වෙච්ච දේශපාලනයකට මේ රටේ ජනතාව ඉල්ලන ඒ ක්‍රියාමාර්ගය ගත යුතුයි. ඒ නිසා මේ අරගලය නොනවතින අරගලයක් සේ ඉදිරියට ගෙනියන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. "

විශේෂයෙන්ම ඉතා අභීතව මේ රටේ අවිනීතියට එරෙහිව නැගී සිටීම ගැන නීතිඥ ප්‍රජාවට තම ගෞරවය හිමිවන බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

"කූඹියෝ, ටෙලි නාට්‍යය වගේ පිරිස විසිරී ගියාට පස්සේ මිරිහානේ බස් ගිනි ගත්තා. ජීප් ගිනි ගත්තා. ඒවා ඒවාට සම්බන්ධ වෙච්ච පිරිස් කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒ වගේම එය පදනම් කරගෙන රටපුරා හදිසි නීතිය ඇඳිරි නීතිය පැනෙව්වා. ඊළඟට මාධ්‍ය සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා ඉන්දියන් හමුදාව ගොඩ බැස්සාය කියලා වාර්තාවක් ඇති කළා. ඒ වාර්තාව කරපු කිසි කෙනෙක් මේ වනතෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. නමුත් ගෝඨා ගෝ හෝම් වගේ වෙබ් අඩවිවල ව්‍යාප්ෘති කරපු අයව නම් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න ඇතැම් සී අයි ඩී නිලධාරීන්ට හැකි වුණා."

මේ සියල්ලම නාට්‍යවලින් බලය පවත්වාගෙන යාම සඳහා දරන උත්සාහයන් බව රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මහින්ද රාජපක්ෂ මහතාගේ මනස තමන්ට හොඳින් කියවිය හැකි බව හෙතෙම පවසයි. ඉන් කියවෙන්නේ මෙම විරෝධය ක්‍රමයෙන් පහව යනු ඇති බවය. ඉන්දියන් තෙල් ටිකක් පැමිණීමෙන් විදුලි කප්පාදුව අඩුවීමෙන් මේ විරෝධය පහව යනු ඇතැයි අගමැතිවරයා කල්පනා කරයි.
"එදා හොරු කියලා කිව්වහම ඒවා දේශපාලන පලිගැනීම් කියලා කිව්වා. එහෙම කියපු ප්‍රධාන චරිතයක් තමයි ජාලිය වික්‍රමසූරිය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඥාති සහෝදරයා. ඔහු අපට එරෙහිව උපාලි අබේරත්න කොමිසම ඉදිරියට ගිහිල්ලා, ජනාධිපති කොමිසම ඉදිරියට ගිහිල්ලා කිව්වා මගේ අතින් කිසිම හොරකමක් වුන්නෑ. මම මෙයට පාදක වුණේ මගේ රාජපක්ෂ පවුලට තිබිච්ච ඥාතීත්වය, මේ දේශපාලන පළිගැනීමක් කියලා.

ඒ අනුව, ඒ උපාලි අබේරත්න කොමිසම, මා ඇතුළු තවත් විශාල පිරිසකගේ අයිතිය අහිමි කල යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් කළා. අද ඒ යෝජනාව මත පදනම් වෙලා ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයාගේ මූලිකත්වයෙන් තවත් පරීක්ෂණයක් කරගෙන යනවා."

නමුත් නීතිය ක්‍රියාත්මක වන රටක් වන අමෙරිකා එක්සත් ජනපදයේ දී දැන් ජාලිය වික්‍රමසූරිය තමන් ඩොලර් 250,000 ක් සොරකම් කළ බව පිළිගෙන තිබේ. සත්‍යය මෙයයි. එදා තමන් නැගූ චෝදනා කිසිවක් අසත්‍ය නොවන බව ද රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

"තවත් අති විශාල චෝදනා ප්‍රමාණයක් විභාග කරවීමට එවකට හිටපු පාලනය කටයුතු කළේ නැති බවත් කණගාටුවෙන් කියන්න ඕනේ ඒ ජනමතයට එරෙහිව. ඒ නිසා මේ රට කොල්ල කා අපිව පෝලිම් වල තියලා, රට විදුලියේ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවා නැතිව අපිව අඳුරේ තියලා තියෙන්නේ. රට කොල්ලකාපු මේ රාජපක්ෂලාගේ කොල්ලකාරී පියවර නිසයි.

අරගලය නොනැවතී ඉදිරියට යාමේ දී සුවිශේෂී වගකීමක් පාර්ලිමේන්තුවට පැවරෙයි. ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ය. රාජපක්ෂ පවුල පමණක් නොව ඔවුන්ගේ ගජමිතුරු ජාවාරම්කාර පැලැන්තියත්, මේ වංචාවන්ට හවුල් වූ නිලධාරී පැලැන්තියත් වෙනුවට කුසලතා පූර්ණ පුද්ගලයන්ට රට භාර දෙන යුගයට යාමට අප මේ අරගලය භාවිතා කළ යුතුය. එහෙයින් මින් නොනැවතී මේ සුබ දිනයේ අලුත්, නොනවතින අරගලයකට ජනාධිපති, අගමැති, ඇතුළු රාජපක්ෂලා ගෙදර යන තෙක්, ඔවුන් විසින් කොල්ලකන ධනය නැවත මේ රටට ගෙනැවිත් රටට යුක්තිය ඉටුවන තෙක්, ඒ අරගලය ඉදිරියට ගෙන යන්නැයි පක්ෂ, පාට භේදයෙන් තොරව සියලුම ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කාල්ටන් - දෙබරවැව : රාජපක්ෂ බලකොටු වෙත ජනතා අවධානය !

දේශපාලන පක්ෂ හෝ සංවිධාන නොමැතිව ආරම්භවී ඇති ජනතා විරෝධය මේ වන විට තවත් තීව්‍ර වෙමින් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ජනතාව අද (04) දිවා කාලයේ ඓතිහාසික රාජපක්ෂ බලකොටුව ලෙස සැලකෙන තංගල්ල කාල්ටන් නිවස වටලනු ලැබිණ.

ඒ අවස්ථාවේ උද්ඝෝෂකයින් කලහකාරී වෙතැයි උපකල්පනය කර ඊට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවත් වාර්තා වෙයි.

එහෙත් ජනතාව සාමකාමීව රාජපක්ෂ පවුල ප්‍රතිකේෂ්ප කළ බවත් ඒ හැර කිසිදු කලහකාරී තත්ත්වයක් ඇති නොවූ බව වාර්තාකරුවන් පවසයි.

චමල් ගේ ගෙදර ඉස්සරහ විරෝධතා !

මේ අතර තෙදිනක් තිස්සේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ දෙබර වැව පිහිටි නිවස වටලා අද (04) දහවල් තිස්සමහාරාම ප්‍රදේශයේ තරුණයෝ උද්ඝෝෂණය කළ බවත් වාර්තා වෙයි.

ගෝඨාභය ජනපති සහ රාජපක්ෂ පවුලට ගෙදර යන බලකරමින් ඔවුහු එලෙස විරෝධය පෑ බවත් සඳහන් වෙයි.

මෙහිදී උද්ඝෝෂකයෝ චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නිවසට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බවත් වාර්තා වන අතර අමාත්‍යවරයාගේ නිවස අසලට දැඩිපොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර ප්‍රදේශය පොලිසිය ස්ථාන හතරකින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මෙන්ම කැරලි මර්දනය නිලධාරීන්ද කැඳවීමට කටයුතු කර තිබු බවත් වාර්තා වෙයි.

 

විමල්ලාගේ පැලැස්තර අර්බුදයට විසඳුමක් නොවේ - මනූෂ

විමල් වීරවංශලා ගෙන එන පැලැස්තර විසදුම්වලින් රාජපක්ෂ විරෝධය යටපත් කළ නොහැකි බවත්, ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

රාජපක්ෂලා රටෙන් හොරකම් කරන ලද මුදල් නැවත රටට ලබාදෙන තුරු ජන අරගලය අවසන් නොවන බවද අද උදෑසන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කීවේය

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේය.

රට ඇතුලේම ජනතාව එක මතයකට ගොනු වෙලා තියෙන වෙලාවක, ගෝඨා ගෝ හෝම් කියලා කියන්නේ රාජපක්ෂ රෙජීමයම ගෙදර යා යුතු නිසා. මේ රටේ සමපත් හූරා කාපු, මේ රට මේ තත්වයට ඇදලා දාපු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු නඩයම ගෙදර යා යුතු නිසා තමයි ගෝඨ ගෝ හෝම් කියලා කියන්නේ.

ඒකට විසදුමක් විදියට, නූල් සූත්තර දාලා, වෙන පාරකින් රාජපක්ෂලා රකින්න, රාජපක්ෂලාගේ ජීවිත ආරක්ෂා කරන්න, රාජපක්ෂලාගේ දේපල ආරක්ෂා කරන්න දැන් විමල් වීරවංශලා පෙරට ඇවිත් තියෙනවා. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කරනවා. මේ වන විට ඉල්ලා අස්විමේ ලිපි භාරදී තිබෙන ක‍්‍රමයත් නීත්‍යානුකූල නෑ. ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව ඉල්ලා අස්වීම් ලබාදී නැහැ.

ඇමැතිවරු පිරිසක් ඉල්ලා අස්වෙලා, නැවත වරක් මේ ඇමැතිවරුන්ම පත් කරන පැලැස්තර විසදුමක් අපිට අවශ්‍ය නෑ. විමල් වීරවංශ මහත්තයාලා, ලී ක්වාන් යුලා, මහතීර් මොහොමඩ්ලා කියලා තමයි බලයට ආවේ. මේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවා විතරක් නෙමෙයි, වද කොත්තු, වද පෙති හරහා හරහා මේ රට නරක තැනකට අරගෙන ආවේ විමල් වීරවංශලා. නැවත වරක් වෙනත් පාරකින් ඇවිත් රාජපක්ෂවාදය ආරක්ෂා කිරීමට තමයි මේ උපක‍්‍රමය භාවිතා කරන්නේ.

මේ නිසා වැරදිලාවත්, අතරමැදි විසදුම්වලට අපි අහුවෙන්නේ නෑ. මේක ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අවෙන තුරු විසදෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ සිය පවුල සමග, රාජපක්ෂ පරම්පරාව සමග ආණ්ඩුකරණයෙන් අයින් වෙන්න ඔ්න. ඒ විතරක් නෙමෙයි හොරා කාපු සල්ලි ටිකත් නැවත වරක් රටට දෙන්න ඔ්න. එතකම් මේ ජන අරගලය නිමාවිය යුතු නෑ. ජන අරගලය යටපත් කරන්න, ජන අරගලය රවට්ටන්න, ජන අරගලය මන්දෝත්සාහී කිරීමට, ජනතාවගේ විරෝධය යටපත් කරන්න තමයි සීනි බෝල විසදුම් අරගෙන ඒනනේ. ඒ සීනි බෝල විසදුම්වලට මේ රටේ ජනතාව අහුවෙන්නේ නෑ.

හැමදාම උද්ඝෝෂණ කරමින් ඉන්න බෑ. ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව ජනතා විරෝධයන් ඇතුලේදී කහලකාරී තත්වයන් ඇතිකරවල රටට ඇදිරිනීතිය දාන තත්වයන් ඇතිවෙන්න දෙන්න බෑ. මේ රටට ආපු සංචාරකයෝ යනවා. එන්න ඉන්න සංචාරකයෝ එන්නේ නෑ. මේ විදියට රට ඉදිරියට ගෙන යන්න බෑ. මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවටම ඉල්ලා අස්වෙන්න ඔ්න

මේ රට වැඩ කරන්න පුලුවන්, රටට ආදරේ කරන පිරිසක් මේ රටත්, ජනාධිපතිධූරයත් භාරගන්න ඔ්න. කෙටි කාලයකට හරි, මැතිවරණයක් පවත්වන තුරු හරි, මේ රටේ තියෙන ආර්ථික අර්බුදය විසදන්න, සියලු දෙනාටම එකට එකතුවෙලා වැඩ කරන්න පුලුවන්. පාට පක්ෂ කුල මල ආගම් භේධ පැත්තකට දාලා සියලු දෙනාටම එකට එකතු කරන්න පුලුවන්.

ඒක ඇතුලේ රාජපක්ෂලා ආරක්ෂා කරන, රාජපක්ෂලා රකින ඩීල් තියෙන්න බෑ. රාජපක්ෂලා රකින උදවිය මේ ආණඩුව ඇතුලේ ඉන්න බෑ. පිරිසිදු කණ්ඩායමක්, වෘත්තිකයින් ඉදිරියට ඇවිත්, සියලු දෙනාම සාමූහිකව ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන ප‍්‍රශ්ණයට හැමෝම එකතුවෙලා වැඩ කරන්න පුලුවන්.

මේ වෙලාවේ වහාම මැතිවරණයකට යමු කියලා අදහසක් මතුවෙනවා. ඒකට අති විශාල මුදල් ප‍්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මැතිවරණයක් පවත්වන තුරු ආර්ථික ප‍්‍රශ්ණය විසදීමට හැමෝම එකට එකතුවෙලා වැඩ කරන්න ඔ්න. මැතිවරණයක් ඉක්මන් දිනයක පවත්වන තුරු පැලැස්තර විසදුමක් දීලා රාජපක්ෂවරු තවදුරටත් තබාගන්න අවශ්‍ය නෑ. ඒ නිසා රාජපක්ෂලා පලවාහරින කෙටි කාලීන විසදුමකට යන්න ඔ්න.

ඒ නිසා මේ වෙලාවේ පැලැස්තර විසදුම්වලට යන්න ඔ්න නෑ. රැුවටිලිකාරී, ප්‍රෝඩාකාරී විසදුම්වලට යන්න ඔ්න නෑ. ඇදුම් මාරු කරන්න, මූණු මාරු කරන්නේ නැතිව ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න. රාජපක්ෂ ආණ්ඩුවම ගෙදර යන්න. ඊට පස්සේ අලුත් වැඩපිළිවෙලකට එකතුවෙන්න. එහෙම නැතිව ජනතා විරෝධය නතර කරන්න බෑ.

හෙට අනිද්දා වන විට මේ ජනතා විරෝධය තවදුරටත් වැඩිවේවි. ගුටි කනවාට බයේ, අල්ලා උස්සාගෙන යාම වලක්වාගැනීම සදහා ඇමැතිධූර වලින් ඉල්ලා ස්වෙලා මේ සෙල්ලම් කරලා හරියන්නේ නෑ.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න. රට පාලනය කරන්න පුලවුන් වෘත්තිකයෙක් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා බවට පත් කරන්න. එහෙම නැතිනම් කවුරුහරි ජාතික ලයිස්තුවෙන් හරි අරගෙන ඇවිත් ජනාධිපතිවරයා බවට පත් කරන්න. කැබිනට් මණ්ඩලටයත් වෘත්තිකයින් පිරිසක් පත් කරන්න. දේශපාලන දැනුම ඇති අය එකතු කරගෙන කෙටි කාලීනව මෙම වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න. ඉන් පසුව ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් එකම දවසක තියලා, ජනතා මුදල් ඉතිරි කරලා ජනතාවට කැමැති තීන්දුවක් ගන්න ඉඩ හරිමු. එහෙම නැතිව රටේ මිනිස්සු මැරෙනතුරු, සිය දිවි නසාගන්නකම්, මිනිස්සු මේ රට පාරට බැහැලා සිරියාවක්, ලිබියාවක් වෙන්න ඉඩ නොදී, හමුදාවේ උණ්ඩවලින් අපේ මිනිසුන්ට මැරෙන්න නොදී, වහාම මේ සදහා තීන්දුවක් ගැනීමට සියලු දෙනාම එකට එකතුවිය යුතුයි

සමහර චීවරධාරීන් මිරිහානට ගිහින් මේ මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් කියලා කියනවා. නැවත වරක් මේ රට පටු තැනකට ඇදලා දාන්න එපා. ගංගාවලින් නයි මතුවන කතා උඩට අරගෙන එන්න එපා. සිවුරට මුවා වෙලා රාජපක්ෂලා රකින්න හදන්න එපා. සිවුරට මුවා වෙලා මේ ඇවිත් ඉන්නේ රාජපක්ෂලා රකින කණ්ඩායම බව අමතක කරන්න එපා.

ලී කුවාන්, මහතීර් මොහොමඩ් වගේ අය ගේනවා කියලා විමල් වීවරංශලා මේ ආණ්ඩුව හදලා, ජනතා විරෝධය එන වෙලාවේ පැසැල්තර විසදුම් ගේන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවම ඉල්ලා අස්වෙනවා මිස පැලැස්තර විසදුම් දාලා හරියන්නේ නෑ.

දැන් ආණ්ඩුව එක පැත්තකින් පැලැස්තර විසදුම් දාන ගමන්, මේ අය හමුදා ඛණ්ඩ කොළඹට කැදවලා තියෙනවා. 53 වැනි සේනාංකය කොළඹට ගේන්නේ ඇයි? යුද ටැංකි කොළඹට අරගෙන ඒන්නේ ඇයි? නොපෙනෙන තැන්වල හමුදා ඛන්ඩ ස්ථාන ගත කරන්නේ මේ රට ලේ විලක් කරන්නද? මේ රට ලේ විලක් කරන්නද අවශ්‍ය වෙලා තියෙන්නේ? මේ ඉන්නේ අන්තවාදීන්ද? මේ ඉන්නේ ත‍්‍රස්තවාදීන්ද? මේ මිනිසුන්ගේ ජීවිත බිල්ලට දීලා තමන්ගේ බලය රැුකගන්න උත්සාහ ගන්න එපා.

මිනිසුන්ගෙන් ගත්ත සල්ලි දීලා, මේ රටෙන් හොරගත්ත සල්ලි ටික ආපසු දීලා වහාම යන්න පුලුවන් තැනකට යන්න. මේ රට මිනිසුන්ගේ රට. මේ රටේ මිනිස්සුන්ට පැනලා යන්න තැනක් නෑ. ඔය අයට පැනලා යන්න පුලුවන්. ඒත් මේ රටේ මිනිස්සුන්ට පැනලා යන්න තැනක් නෑ. හමුදාව හරහා බිය වද්දලා, ජනතා විරෝධය යටපත් කරන්න එපා.

වැල ඕපන් : සුදර්ශනී ඉල්ලා අස්වෙයි : තවත් පිරිසක් ස්වාධීන වෙයි !

යෝජනා වී ඇති නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගැනීමට සුසිල් ප්‍රේම ජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ හෙට (05) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කිරීම සඳහා වන ඡන්ද විමසීමේ දී ද ආණ්ඩු විරුද්ධව ඡන්දය දෙන බවය.

ඉදිරියේදීද පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කර ඔවුන් සඳහන් කර ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරියක වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද සිය ඉල්ලා අස්වීම යොමුකර ඇත.

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ද පවසන්නේ අර්බුදය විසඳීමට හැකියාවක් නැත්නම් හැකි පාර්ශ්වයක් වෙත බලය පැවරීමක් සිදුවිය යුතු බවයි.

මේ අතර පොදුජන පෙරමුණ ආණ්ඩුවේ තවත් පිරිසක් තනතුරු අත්හැර මතුව ඇති ජනතා විරෝධය ට සහය දෙන්න සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කබ්‍රාල් ඉල්ලා අස්වීම : තේරුමක් නෑ !

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රට අරාජික වීම හැර මේ ඉල්ලා අස්වීමේ කිසිදු වැදගත්කමක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , කවුරුත් කබ්රාල් ට ඉල්ලා අස්වෙන්න කිව්වේ නෑ . මේ හදන්නේ අරාජික කරලා , ජනතා විරෝධතා මත වගකීම පවරන්න. "

" දැන් තියෙන්නේ ජනතා විරෝධය හමුවේ අර්බුදය උත්සන්න කිරීම නෙවෙයි , අර්බුදය වෙනුවෙන් විසඳුම් හොයන්න. ඒ හමුවේ මේ තේරුමක් නැති වැඩක්. ඉක්මනින් ජනතා විරෝධය සමනය කරන්න යෝජනා ඉදිරිපත් කරන්න ඕන . ඒ හැර විකල්පයක් නෑ "

 

හොඳම අමාත්‍ය ධූර පොහොට්ටුවේ : ජනාධිපති ආරාධනය අපතේ !

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වන්නැයි සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරාධනා කරයි.

වත්මන් අර්බුදය හටගෙන ඇත්තේ ආර්ථික හා ගෝලීය කාරණා කීපයක් හේතුවෙන් බවත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත් ඔහු කියා සිටී.

සමස්ත රට වැසියන් සහ අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ සඳහා අමාත්‍ය ධුර භාර ගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරයා ආරාධනා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

අලුත් 4 ක් කඩිනමින් !

මේ අතර පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනිකුත් කටයුතු නීත්‍යානුකූල සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා කැබිනට් අමාත්‍යවරුන් 4 ක් පත්කර ගෙන ඇත.

ඒ,

මුදල් ඇමති – අලි සබ්රි
අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන
විදේශ ඇමති – ජී.එල්. පීරිස්
මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු වශයෙන් ය.

එන අයට වැඩක් නෑ !

කෙසේ වුවත් මේ නව පත්කිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ අයවැය ප්‍රතිපාදන තුළ වටිනා අමාත්‍යංශ පොදුජන පෙරමුණේ තබාගෙන ජනාධිපති විසින් සිදුකර ඇති ඉල්ලීම අර්ථ විරහිත බවයි.

මතුව ඇති අර්බුදය හමුවේ මුදල් අමාත්‍යංශය හැර වෙනත් අමාත්‍ය ධූර හිස්ව පැවතියේ නම් වැදගත් බවත් , ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ අදහස් දැක්වීය.

 " තේරුමක් නැති වැඩක් මේක. ජනාධිපති වෙත වැරදි උපදෙස් ලැබිලා වගේ. 2022 අයවැය ගැන සංවේදී කිසිවෙක් මේ හමුවේ ආණ්ඩුවේ නොවන පාර්ශ්වයක් ලෙස අමාත්‍ය ධූර භාරගනු ඇතැයි හිතන්න බෑ. මේක විහිලුවක්. ඒ බව දැනටමත් ප්‍රතිචාර හරහා සමාජ මාධ්‍ය තුළ නැගෙමින් තිබෙනවා "

ඇමති නාමල් ඉල්ලා අස්වෙයි !

අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

අද (03) සන්ද්‍යාවේ ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විරෝධය සමනය කරගන්නට උපක්‍රමයක් ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇති බවය.

මේ වන විට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ගේ බිරිඳ දරුවා ඇතුළු සමීපතමයන් කිහිපදෙනෙකු විදෙස් ගතව ඇති අතර , ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ධූරයට සමුදී ඔවුන් සමග එක්වන අපේක්ෂාවෙන් ඉල්ලා අස්වීම සිදුවන්නට ඇති බව තවත් විචාරකයන් ගේ අදහස වී ඇත.

ආණ්ඩුව පෙරළන්න : රට නම් පෙරළන්න එපා - ඩලස්

ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නම් ආණ්ඩුව පෙරළන්න. ඒත් රට පෙරළන්න එපා" යැයි ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ ප්‍රකාශ කර ඇත.

අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ ආරක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සියලු දෙනාගේම වගකීමක් බව ප්‍රකාශ කර ඇති අලහප්පෙරුම මහතා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ පැවති උද්ඝෝෂණය අතරවාරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කළ නොහැකි බව ද සඳහන් කර ඇත.

ජනතාවට ජීවත්වීමට තිබෙන ගැටලු තමාද පිළිගන්නා බව සඳහන් කර ඇති අලහප්පෙරුම මහතා ජනතාවගේ විරෝධය සාධාරණ බවද ප්‍රකාශ කර ඇත.

ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සහ රජයේ හා පෞද්ගලික ආයතන මාධ්‍ය ප්‍රධානීන් අතර හමුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඉකුත් සිකුරාදා (01) පවත්වා ඇත.

මේ අතර, වට්ස් අප් , වයිබර් ,ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ඇමති අලහප්පෙරුම එය දේශපාලන වශයෙන් ගත් අනවශ්‍ය තීන්දුවක් බව ද සදහන් කළේය .

වට්ස් අප් ,වයිබර් ,ෆේස්බුක් ආදි සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමට ගත් තීරණයට තමා විරුද්ධ බව සඳහන් කළ ඇමතිවරයා එය නූතන තාක්ෂණය සම්බන්ධයෙන් නොදැනුවත් පිරිසක් ගත් තීන්දුවක් බව ද සදහන් කළේය.

(මූලාශ්‍රය lankadeepa )

අගමැති ඉවත්වෙලා නෑ : මාධ්‍ය අංශය පවසයි !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

ඊට අනුව විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බව ද එම නිවේදනයේ දැක්වෙයි.

277574120 10227680432859444 947604668054187388 n

Page 271 of 387