V2025

පුවත්

සර්ව පාක්ෂික සමුළුවේ වීරයා රනිල් !

අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආරාධනය අනුව පැවති සර්ව පාක්ෂික සමුළුව ආරම්භයේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඉතා සූක්ෂම ලෙස වත්මන් ආණ්ඩුවේ නොහැකියාව යහපාලන ආණ්ඩුවේ ගිනුමට බැරකිරීමට ගනුලැබූ උත්සාහය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රසිද්ධියේ ව්‍යර්ථ කරනු ලැබීය.

වඩාත් විශේෂ සිදුවීම වූයේ මහ බැංකු අධිපති දැක්වූ අදහස් මෙන්ම , එම සූක්ෂම හැසිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අනාවරණය කර සිටියේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ඊට සහභාගී වූ පක්ෂ නායකයන් සහ නියෝජිතයන් සියලු දෙනා ඉදිරියේ වීමය.

අන්තිමේ ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝ !

එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය.

“මම එක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා.

මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා, පරණ යාළුකමටවත් එන්න කියලා.

මම හිතුවා මේක වැදගත් කියලා. අපි මෙතෙන්ට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතෙනදී අපි ආවේ නැහැ. ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ ද කියන ඒවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගත්තේම ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත් එතකොට මොකද්ද වෙන්නේ. ඊළඟටත් පිළිතුරු දෙනවාද ? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවටද අපි එතෙනට යන්නේ.

මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා. අපි මෙතෙනට ආවේ, විපක්ෂයේ කොටසක් ඇවිත් ... මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතෙනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා. ඒවා ගිහින් කියලා ඒ අයව සම්බන්ධ කර ගන්න. අපි මේවායෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු."

එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට මෙලෙස පැවසීය.

"ඔබතුමාගේ හිත රිදුනානම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන නිසා තමයි එතුමා ඒක දැක්වුයේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නඟන්නට නෙමෙයි. මම ඒකයි මුලින්ම කිව්වේ මේක දේශපාලනික කාරණයක් නෙමෙයි. අවංකවම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ට සෑම කෙනෙකුගේම අදහස් ගන්න කියලා තමයි කතා කළේ කියලා."

සර්ව පාක්ෂික සමුළුවේ වීරයා රනිල් !

අද පැවති සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවා තිබුණත්, එහිදී දේශපාලන පෞරුෂයක් සහිතව කැපී පෙනුණේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ජාතික ජනබලවේගය ඇතුළු විපක්ෂයේ ප්‍රධාන පක්ෂ මේ අවස්ථාව මගහැරීම එතරම් යහපත් සහ පරිණත දේශපාලන තීන්දුවක් නොවන බවයි.

කෙසේ වුවත් අද පැවති සර්ව පාක්ෂික සමුළුව අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ IMF වාර්තාව විමසූ අවස්ථාවේ , එය ලැබී නැති බව වගකීමෙන් කියන බව මුදල් අමාත්‍යවරයා කිව්වත්, ඔහුගේ ප්‍රකාශයේ විශ්වසනීයත්වය පළුදු කර දැක්වූ අදහස් දේශපාලන විචාරකයන් ගේ අවධානයට යොමුව ඇත. එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති වෙතින් විමසන්නේ, IMF නියෝජිත කැඳවා කරුණු නොවිමසන්නේ ඇයිද කියාය.

එසේම මෑත කාලීනව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් අර්බුදය විග්‍රහ කරගන්නා ආකාරයත්, ඉදිරිපත් කරන පුරෝකථන විසින් ඔහු කැපීපෙනෙන තත්ත්වයක් ඇතිකර ගනිමින් සිටින බවත් දේශපාලන විචාරකයන් පවසයි .

රනිල් - බැසිල් : ඇවිලෙයි ! (Video )

ජනාධිපතිවරයා විසින් අද(23) කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් වාර්තාව පාර්ලිමේන්තුව වෙත මෙතෙක් ලැබීමට සලස්වා නැති බවත් මේ සතියේ නැත්නම් ඊළඟ සතියේ හෝ අදාළ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලැබීමට සලස්වන ලෙස අවධාරණය කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වීම හේතුවෙන් ය.

එහිදී මුදල් බැසිල් රාජපක්ෂ දිගින් දිගටම කියා සිටියේ එවන්නක් ලැබී නැති බවයි.

නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් එම සමුළුවට කැදවා ඒ ගැන ප‍්‍රශ්න කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පැවසූ විට මුදල් ඇමතිවරයා පැරවසුවේ එහි දළ සැලැස්ම ලැබී ඇති බවත් එය ලබා දිය නොහැකි බවත්ය.

මෙතෙක් කල් එවන්නක් හෝ ලැබී නැති බව පැවසූවත් දැන් එවැන්නක් ලැබී ඇති බව පවසන බවත් එය පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නම් සුදුසු බවද හිටපු අගමැතිවරයා එහිදී පැවසීය.

විපක්ෂය සර්ව පාක්ෂික සමුළුවට යායුතු ඇයි ? වරුණගේ විග්‍රහය !

තක්කඩි සර්වපාක්ෂික සමුලුව.
සර්ව පාක්ශික සමුලුව ගෝටාගේ අවංක උවමනාවක් නොවේ. තක්කඩිකමකි.
එය අවංක උවමනාවක් නම්,

* එය සිදුකල යුතුව තිබුනේ මීට බොහෝකලකට පෙරය.

*සාකච්ඡා කිරීමට නියමිත අර්භුදයේ ස්වභාවය පිලිබද විග්‍රහයක් මුලින් ඉදිරිපත් කලයුතුය .

*සමුලුවේදී ඉදිරිපත් වන එකගතා ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යුහය කුමක්ද?

මේ කිසිවක් ගෝටා සිදුකර නැත, එයද සත්‍යයකි. විපක්ෂ සර්ව පාක්ෂික සමුලුවට යායුත්තේ එය තක්කඩිකමක් නිසාමය.

* විපක්ෂට සිය වැඩපිලිවෙල ඉදිරිපත් කලහැක. (එවැන්නක් ඇත්නම්)

*ගෝටාට වැඩපිලිවෙලක් නැති නිසා සිය වැඩපිලිවෙල සමුලුව තුලත් රටතුලත් තහවුරු කල හැක.

* ගෝටා එයනොකරන්නේ නම් ඒ සදාහා තමන්ට බලය ඉල්ලීම සාධාරනීකරනය කල හැක.

* ඒ සදහා ව්‍යුහයක් යෝජනා කලහැක ( අර්භුදය පටු බල හුවමාරුවක් සදහා නොව ජනසමාජය ඉන් මුදවාගැනීමට සිතන්නේනම්),

සතුරා බිත්තියට හේත්තුකර පහදීම නිවැරදි සටන් උපක්‍රමයක් නොව ගෝත්‍රික, වියරු ක්‍රියාවකි. ඉන් දෙපාර්ශවයටම වන හානිය වැඩිය. සතුරාට exist point එකක් දිය යුතුය. ඉන් පොදුවේවන හානිය අවම කලහැක. එය නිවට කමක්නොව. සටන් උපක්‍රමයකි.
(Art of war)

දැන් ජවිපෙ සහ සජබ ඊට ප්‍රමාදය. එහෙත් ඔවුන්ගේ මේ වර්ජන උපායමාර්ගය ගෝටාගේ මෙන්ම තක්කඩිකමක් නොවන බව තහවුරු කිරීමට ඔවුන් තම වැඩපිලිවෙල සමාජගත කලයුතුය. එසේකරන ලෙස බලකලයුතුය.

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි

IMF වාර්තාව නොදීම මන්ත්‍රී වරප්‍රසාද කැඩීමක් : රනිල් පාර්ලිමේන්තුවේදී ගේම ඉල්ලයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා නොදීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බව එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට මහ බැංකුවේ අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලයටත් මුදල් අමාත්‍යංශයේ ලේකම්ටත් නියෝග කළ යුතු බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.

"ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සාකච්ඡාවකටත් අප කැඳවා තිබෙනවා.අද වනතුරු මුදල් අමාත්‍යංශය මේ වාර්තාව ඉදිරිපත් කර නැහැ.මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක්"

ඉන්දියාවට සහ බංග්ලාදේශයට ස්තූතියි !

එසේම අමාරු කාලයේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මුදල් තොගයක් ලැබීම වාසනාවක් බවත් ඔහු පැවසීය.

ඉන්දියාව මෙවැනි උදව්වක් කළේ පළමු වතාවට වන හෙයින් මෙය විශේෂ බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඒ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවට යුතුකමක් තිබෙන බවද සඳහන් කළේය.

මෙි පිළිබඳව රටේ විවිධ කතා පැතිරෙන හෙයින් විදේශ ඇමතිට හෝ මුදල් ඇමතිට මේ ගැන පැහැදිලි කිරීමට විශේෂ වගකීමක් තිබෙන බවද ඔහු පැවසීය.

අමාරු මොහොතේ රටට උපකාර කළ බංග්ලාදේශයටත් තම ස්තුතිය පිරිනමන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියාව සමග අත්සන් කරන්න යන ගිවිසුම් 3 හෙළිකරන්න : ඇල්ලේ හිමි ජනාධිපතිට ලියයි !

ඉන්දීය සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් කියමින් ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කිරීමට සූදානම් වන ගිවිසුම් තුනක් සම්බන්ධයෙන් වහාම මෙරට පාර්ලිමේන්තුව සහ ජනතාව වෙත පවසන ලෙස ඉල්ලමින් ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ ඇල්ලේ හිමි අවධාරණය කර ඇත්තේ අදාළ ගිවිසුම් අත්සන් කරන බවට ඉන්දීය හින්දුස්ථාන පුවත්පත කරුණු අනාවරණ කර ඇති බවය.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම මෙතෙක් රටට අනාවරණ කර නොමැති බවත් ඇල්ලේ හිමි ලිපියේ සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකාව හා චීනය අතර හිටිහැටියේ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පෙන්වා දෙන උන් වහන්සේ පවසන්නේ, මුදල් සොච්චමක් වෙනුවෙන් උතුරු නැගෙනහිර හා රටේ වෙනත් පළාත්වල තිබෙන ජාතික සම්පත් කොල්ලකෑමට හෝ පාවා දීමට මග පාදන ඕනෑම කුමන්ත්‍රණයකට හෝ සැලැස්මකට එරෙහිව නැගී සිටීමට තමන් සුදානම් බවය.

 

සජබ මන්ත්‍රී චමින්දගේ පණිවිඩය අනුරට වගේම සජිත්‍ටත් වැදගත් !

සන්ධානයක් නොමැතිව බලය ඉල්ලීමක් සම්බන්ධයෙන් ජවිපෙ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර දිසානායක වෙත සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි දැක්වූ ප්‍රතිචාරයක් පිළිබඳ දේශපාලන විචාරකයන් ගේ අවධානය යොමුව ඇත.

එහි විශේෂ සිදුවීම වන්නේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා දැක්වූ ප්‍රතිචාරය ජවිපෙ විසින් පවත්වා ගෙන යන lanka truth වෙබ් අඩවිය වාර්තා කර තිබීමය.

Lanka truth වෙබ් අඩවිය අදාළ පුවත වාර්තා කර සිටියේ " සන්ධාන ගතනොවී තනිව ජන්දය දිනන්න බැහැ - චමින්ද විජේසිරි " යනුවෙනි.

මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් උපුටා දක්වන කොටස පහත දැක්වෙයි.

“ජනාධිපති වීමේ සිහිනය දකින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට තමන් පවසන්නේ සන්ධානගත නොවී තනිව ඡන්දය දිනාගැනීමට ඇති හැකියාව ගැන තව සිතා බලන ලෙස” යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ (21) පැවසීය.

ඔහු මේ බව සඳහ් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපතිවරයා වීම සිහිනයක සිටින බවට ජවිපෙ නායක අනුර දිසානායක විසින් සිදු කළා යැයි කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිණි.

කෙසේ වෙතත් පසුගිය 20 වනදා ජාතික ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහක් කර සිටියේ, 74 වසරක වැරදි දේශපාලන ආර්ථික ගමනත් වෙනස් කිරීම සඳහා අපේ රටේ ජනතාව පෙළගැස්විය යුතු බවත් එතැනින් නතර නොවී රට ඇදවැටී තිබෙන අඳුරු අගාධයෙන් ගොඩගැනීම සඳහා ජනතාවාදී පාලනයක් ගොඩනැගිය යුතු බවත්ය. මේ ආණ්ඩුව පළවා හැර ඒ පන්නයේම නාඩගම් කාරයෝ පිරිසකට පාලන බලය අත්පත් කරගැනීමට ඉඩ නොදිය යුතු යැයිද මෙහිදී ජවිපෙ නායකයා සඳහන් කළේය.

විජේසිරි කිව්වේ සජිත්‍ටත් ඇහෙන්න !

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු වන චමින්ද විජේසිරි මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ට ද ඇසෙන ලෙස බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට සමගි ජනබලවේගය පක්ෂය ලෙස ජනාධිපතිවරණයක් ඉල්ලමින් සිටින නමුත් එය හාස්‍යක් බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔහු තනිව ජනාධිපති වීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන පවා අමතක කර වෙහෙසෙන පසුබිමේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් කර ඇත්තේ , අනුර දිසානායක මන්ත්‍රීවරයා වෙත තැබෙන පණිවිඩයක් ලෙස , වඩාත් වැදගත් වන්නේ හුදෙකලා බල අරගලයක් නොව , සංවර්ධනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී සැබෑ අභිලාෂ ජයග්‍රහණය කරවන සන්ධානයක් බව තහවුරු කිරීමක් බව දේශපාලන විචාරකයන් පවසයි.

මේ වන විට මෙරට දේශපාලන පෙත සකස් වෙමින් ඇත්තේ එවැනි තත්ත්වයක් වෙනුවෙන් බවත් ඒ නොතකමින් කටයුතු කරන නායකයන් හුදෙකලා වීමක් අනිවාර්ය බවත් දේශපාලන විචාරකයන් පවසයි.

 

 

බොරුවේ ආයුෂ කොට වෙයි : MCC අත්සන් කරන්න ආණ්ඩුව සූදානම් ?

බල ලෝභය වෙනුවෙන් අන්ත ජාතිවාදී මත නියෝජනය කරමින් බලයට පැමිණියත් , ඒ ඊනියා සළු උනා දැමීමට වත්මන් බරපතළ මූල්‍ය අර්බුදය විසින් ආණ්ඩුව වෙත බලකෙරී තිබේ.

ඒ අනුව චීවර ධාරීන් මාරාන්තික උපවාස වෙත කැඳවමින් පසුගිය සමයේ විරෝධය දැක්වූ MCC ගිවිසුම පවා යළිත් අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් වන බවක් නිරීක්ෂණය වෙයි.

ඒ සම්බන්ධයෙන් භීතිකාව පළකරමින් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් කැපවූ ජාතිවාදී - ජාතිකවාදී සංවිධාන විසින් නඩත්තු කර පවත්වා ගෙන යන ලංකා ලීඩ් නිව්ස් වෙබ් අඩවිය පුවතක් අද (22) අනාවරණය කර ඇති අතර එය පහත දැක්වෙයි.

ඇමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් අද ලංකාවට!

ඊයේ දින ගුවන්විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහ මහා විසින් MCC ගිවිසුමට එරෙහිව විද්වත් වාර්තාව සකස් කිරීමට දායක වූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා දැඩි දෝෂ දර්ශණයට ලක්කරනු ලැබුවේ කුමක් නිසාදැයි මහජන මතයක් පැන නැගී ඇත.

ඒ පිළිබඳව අප විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනෙන්…

”ඔය වචන හඩ්සන්ගේ කටට දෙන්නේ ආණ්ඩුවේ පාර්ශවයකින් බව ඉතා පැහැදිලියි. එය සිදුවන්නේ ඇමෙරිකාවේ බලවත්ම දේශපාලන කාන්තාව වන වික්ටෝරියා නූලන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණියේ තත්වය තුළයි. හඩ්සන් මහතාගේ හදිසි ප්‍රහාරයෙන් පැහැදිලි වෙනවා ඇය MCC ගිවිසුමට අදාලව විවෘත බලපෑමක් කරන බව හා ආණ්ඩුව එය පිළිගැනීමට සූදානමින් සිටින බව. සමහර විට MCC මූල්‍ය ප්‍රධානයට අමතරව කැරට් අලයක් ලෙස තවත් විශේෂ මූල්‍ය සහයක් ලබාදීමට ඉඩ තිබෙනවා. ඉන්දියාවෙන් වසරකදි ආපසු ගෙවීමට ලැබුණු ඩොලර් මිලියන 1000 වෙනුවෙන් බැසිල් රාජපක්ෂ  දණ ගැසූ ආකාරය දෙස බලන විට මේ අය නූලන්ඩ් ඉදිරියේදී පසඟ පිහිටුවා වැද වැටෙන බව සහතිකයි. ගෑස් පෝලිම්වල රණ්ඩු කරන මිනිස්සුත් ඒ්ක අනුමත කරයි.”

සර්ව පාක්ෂික සමුළුව අල වෙන ලකුණු : යන නොයන පක්ෂ මෙන්න !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හෙට (23) කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව ප්‍රධාන පෙළේ පක්ෂ සහභාගීත්වයක් නොමැති වීම හේතුවෙන් අසාර්ථක වන ලකුණු පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉතාම සීමිත පක්ෂ සංඛ්‍යාවක් හැර ප්‍රධාන පෙළේ පක්ෂ රැසක් ඊට සහභාගි නොවීමට දැනටමත් තීන්දු කර ඇති බවය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය පක්ෂය සහ එඒ සමග සන්ධානගත පක්ෂ , ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නායකත්වය දරන ජාතික ජනබලවේගය පක්ෂය , විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ , වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ , උදය ගම්මන්පිල නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය පක්ෂය මේ වන විට සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බව ප්‍රසිද්ධියේ පවසා ඇත.

එපමණක් නොව ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය ද මෙම සමුළුවට සහභාගි නොවන බවට එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසා ඇත.

ද්‍රවිඩ ජාතික සන්ධානය තුළත් සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විවාදයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊට අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හෙට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි වන බව පවසා ඇති නමුත් එම සන්ධානයේ පක්ෂ කිහිපයක්ම ඊට විරෝධය පලකර ඇත.

නමුත් දේශපාලන ආරංචි මාර්ග හරහා වාර්තා වන ආකාරයට සී.වී. විග්නේෂ්වරන් ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා සන්ධානය සහ ගජන් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයද එම සමුලුව වර්ජනය කිරීමට තීරණය කොට තිබේ.

මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ නායක සෙල්වම් අඩෛක්කිලනාදන් ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට ඇත.

ඒ අනුව ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවේ පක්ෂ 10 ක නාමික නියෝජනයක් ලෙස තිස්ස විතාරණ මන්ත්‍රීවරයා සමග තවත් අයෙකු සර්ව පාක්ෂික සමුළුව නියෝජනය කරනු ඇති බවත් දැනගන්නට ඇත.

සෞභාග්‍යයේ දැක්මෙන් ලැබුණේ : කළුවරයි, හාමතයි, පෝලිමයි විතරයි – නලින්ද

“සෞභාග්‍යයේ දැක්මෙන්” මේ රට හාමතේ, කළුවරේ, පෝලිමේ දුවන රටක් බවට ජනාධිපති විසින් පරිවර්තනය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය, දේශපාලන සියලු අර්බුද හමුවේ අද රට විසාලා මහනුවරක් බවට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳීමට ඇති නොහැකියාව පිළිගෙන දැන් හෝ ඉවත් වී ප්‍රශ්න විසඳාගත හැකි නායකයකු ජනතාවටම තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද ඔහු අවධාරණය කරයි.

පවතින ආර්ථික තත්වය හමුවේ ජනතාව දැඩි පීඩනයක පසුවන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසා වයස් භේදයකින් තොරව ඔවුන්ට නොයෙක් පෝලිම්වල සිටීමට සිදුව ඇති බවත් අපේ රටේ වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් පෝලිම්වල සිටිනවා පමණක් නොව ඔවුන් බහුතරයකට නිදන්ගත රෝග තිබෙන නිරන්තරයෙන් ප්‍රතිකාර ගන්නා පුද්ගලයන් බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දයි.

පවුලේ අවශ්‍යතා වෙනුවෙන් මෙසේ පෝලිම්වල සිටීමට බොහෝ දෙනාට සිදුවන අතර මේ වනවිට තිදෙනෙක් පෝලිම්වලදී මිය ගොස් තිබෙන නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රටේ ජනතාවට සෞභාග්‍යය උදාකර ඇත්තේ මේ ආකාරයට බවද ඔහු පවසයි.

ජනතාවට ආර්ථික ප්‍රශ්න උග්‍ර වනවිට විවිධාකාරයෙන් කෝපය පුපුරා යන අතර හදිසි කෝපය මත සමාජ අර්බුද දක්වා එය වර්ධනය වන බවත් අපේ රටේ මේ වනවිට එම සීමාව පැන තිබෙන බැවින් සමාජ විද්‍යාඥයන්ට රටේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද? යන්න ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇති බවත් ඔහු පවසයි.

පෝලිම්වල සිටින විට ජනතාව මැරී වැටෙද්දී ජනාධිපති කිසි ම හැඟීමකින් තොරව සිටින බව ත් අගමැති, ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය වහසිබස් දොඩමින් හිස් වචන පාවිච්චි කරමින් සිටින බව ඔහු වැඩිදුරට ත් චෝදනා කරයි.

-මව්බිම

ආණ්ඩුව තිත්ත වෙයි : නිමල් ලන්සා ඉල්ලා අස්වීම දෙයි !

තනතුරු ,වරප්‍රසාද, බලයට වඩා හෘද සාක්ෂිය වැදගත් බව පවසමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු මෙතෙක් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරය ඉසිලීය.

අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය මේ වන විට සමාජ මාධ්‍ය තුළත් සංසරණය වෙමින් ඇත.

එහෙත් මේ පුවත සකස්කරන විටත් දැනගන්නට තිබුණේ , නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත තවමත් පැමිණ නැති බවය.

lansa

තුනෙන් දෙකක බලයක් දුන්නේ පෝලිම්වල ඉන්න නෙවෙයි - පොහොට්ටු මන්ත්‍රී ප්‍රසිද්ධියේ කියයි !

ජනතාව තුනෙන් දෙකක අති විශාල බලයක් දී මේ ආණ්ඩුව පත් කළේ මෙසේ දුක් විඳින්න නොවේ යැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

අද වන විට ගැන ජනතාව ඉන්නේ ලොකු පීඩනයකින් ඉවත් මහ මහපාරේ අව්වට වැස්සට හසුවෙමින් පෝලිම්වල සිටින බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

එසේම පවතින අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් හදනවා මිස විපක්ෂයට චෝදනා කිරීම පලක් නැතැයි ද ඔහු සඳහන් කර ඇත.

පීඩනය දරාගත නොහැකි ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාප කරන බවද පැවසූ ඔහු තමන්ට දේශපාලනය අතහැර නිකන් ඉන්නැයි පවුලේ අය කියන බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.

ජනතාව පීඩනයෙන් : සහන ඉල්ලා මහනායක හිමිවරුන් ජනාධිපතිට ලියලා !

දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ තවත් කරුණු 13ක් ඇතුළත් ලිපියක් මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත.

ඊට අනුව උද්ගත ව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව ලිපිය මඟින් මහානායක හිමිවරුන් පෙන්වාදී ඇත.

විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජීවන වියදම පහත හෙළීම හා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම ද යෝජනා අතර වේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට හා ගොවි ජනතාවට සහන සැලසීම, ආර්ථික අර්බුදය හමුවේ අනිසි මූල්‍ය වාසි වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් කෘත්‍රිමව නිර්මාණය කරන කූට වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මහානායක හිමිවරු පෙන්වාදී ඇත.

ආයෝජන සඳහා දිරිගැන්වීම, පාරදෘශ්‍ය ආර්ථික සැලැස්මක් තුළින් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කර ගැනීම සේ ම අපනයන ආර්ථියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද ලිපියෙහි යෝජනා අතර වෙයි.

රටේ නව ආයෝජනය දිරිමත් කිරීම, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම, නාස්තිය, දූෂණය, සම්පත් අවභාවිතය වැළැක්වීම සඳහා වන තිරසර සැලසුමක් සැකසීමේ වැදගත්කම ද උන්වහන්සේලා පෙන්වා දී ඇත.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආපදා අවස්ථාවේ සමස්ත ජනයා පිළිබඳ සංවේදව රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දෙනාගේ ම පූර්ණ දායකත්වයත්, කැපවීමත් අවශ්‍ය බවත් උන්වහන්සේලා අවධාරණය කර ඇත.

ගෑස් පෝලිමේ ජනතාවගෙන් : රාජ්‍ය ඇමති කනකට සැර උපහාරයක් !

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දී ජනතාවගේ දැඩි විරෝධයක් සහ පහරදීමේ තැතක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍ය කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසින් බවත් මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටියි.

රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන රැසක් ඇතැයිද එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

තොරතුරු වාර්තා වන අන්දමට රාජ්‍ය ඇමති කණක හේරත් මෙම ස්ථානයට පැමිණෙමින් සිට ඇති අතර සිය රථයේ වේගය අඩු කරද්දි ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර ඇති බවත් සඳහන් වෙයි.

එම අවස්ථාවේ රාජ්‍ය ඇමති කණක හේරත්ව දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි පිරිස ඔහුට විරෝධය පා ඇති බව දැනගන්නට ඇත. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ , කෝපයට පත් වැසියෙක් ගෑස් සිලිණ්ඩරයකින් පහරදීමට ද උත්සාහ කළ බවයි.

තවද එම ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව වූ බවත් වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය සමය : රුපියල් බිලියන 1500 ක සල්ලි අච්චු ගහලා !

ජනපති ගෝඨාභය ගේ පාලන සමය තුල රු. මිලියන පහළොස් ලක්ෂ හැට නව දහසක් (රු. මිලියන 1,569,290) ක් අච්චු ගසා ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ , හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ හා උපාය මාර්ගික උපදේශයන් නොතකා හරිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රටත්, ආර්ථිකයත් කාබාසිනියා කරමින් උද්ධමනය අහස උසට නංවන මැරතල් මුදල් අච්චු ගැසීමක දිගටම නිරතවන බවත් එහි සඳහන් කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව මේ දක්වා කාලය තුළ අච්චු ගැසූ මුලු මුදල් ප්‍රමාණය රු. බිලියන 1500 සීමාව ඉක්වමා ගොස් ඇත.

මාර්තු 1 දින සිට මාර්තු 16 දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 132.66 කි. අද (මාර්තු 18) මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව රහසිගතව තබා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වන අතර, මාර්තු 14 දින අච්චු ගැසූ රු. බිලියන 83 ක් ද මෙයට ඇතුලත් ය.

2020 ජනවාරි 1 සිට මේ දක්වා අච්චු ගැසූ මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 1569.29 ක් හෙවත් රු. මිලියන 1,596,290 කි.

මුදල් අච්චු ගැසීමෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බව ප්‍රකාශ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත්වීමෙන් පසුව මුදල රු. බිලියන 359.66 ක් අච්චු ගසා ඇත. ඩොලර් සහ ඉන්ධන අර්බුදයට අමතරව රටතුල රුපියල් අර්බුදයක් ඇති කිරීමට මුලික හේතුව වූවේ රජයේ මැරතන් මුදල් අච්චු ගැසීමයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රමුඛ මුදල් මණ්ඩලය සිදු කරන අත්තනෝමතික මුදල් අච්චු ගැසීම නවතා දැමිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයකි. ඒ සඳහා 1949 අංක 58 දරණ මුල්‍ය නීති පනත සංශෝධනය කිරීම සඳහා මුදල් මණ්ඩලයේ සාමාජිකවත්වයෙන් භාණ්ඩාගාර ලේකම් ඉවත් කර, එය වෘත්තිකයින් අතට පත් කළ යුතු බවට අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට උපදෙස් ලබාදුන්නේය. එසේ තිබිය දී, මහ බැංකුව අඛණ්ඩව මුදල් අච්චු ගැසීම ‘යන යකා කොරහත් බිඳගෙන යාමේ උත්සාහයකි.

කිසිදු සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම නිසා ඩොලර් අර්බුදයක් පමණක් නොව, රට තුල භාණ්ඩ මිල ඉහළ යාම දරාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

කාබනික වගා සංකල්පයක් හදුන්වාදීමෙන් රටේ කෘෂි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති අතර, එළවළු පළතුරු, බිත්තර, ඇතුළු දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල මිල අනෙකුත් භාණ්ඩවලට වඩා මිල ඉහළ යාමට කෘෂි නිෂ්පාදන බිඳවැටීම හේතුවී ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

සර්ව පාක්ෂික සමුළුව ප්‍රෝඩාවක් : ඒකට අපිත් නෑ - අනුර

ආණ්ඩුව විසින් කැඳවා ඇති ප්‍රෝඩාකාරී සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය පක්ෂය සහභාගි නොවන බව ජාතික ජනබලවේගය පක්ෂයේ නායක , ජවිපෙ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් දිය හැකි යැයි සිතමින් මනෝ රාජ්‍යයක ජීවත්වන, ජනතාවගේ ජීවිත පිළිබඳව කිසිදු සංවේදී බවක් නැති, ජනතාව විඳින දුක් ගැහැට හමුවේ ඒවා කිසිදු අයුරකින් මායිම් නොකර, සිය සෙල්ලක්කාර ජීවිතය ගෙවන ආණ්ඩුවකින් ජනතාවගේ වත්මන් ගැටලූවලට විසඳුම් ලබාගත හැකි යැයි සිතිය නොහැකි බවත් පැවසීය.

එසේම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සිදුකර ඇත්තේ සැබවින්ම ආර්ථික අර්බුදය විසඳීමට නොවන බවත් , එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර දේශපාලන ප්‍රශ්නයක් විසඳා ගැනීමට ජනාධිපති සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී යෝජනා වූවක් පමණක් බවත් ජවිපෙ නායක පවසයි.

 

ආර්ථික අර්බුදය ගැන කතා කරන්න : ඇමරිකානු තානාපතිනිය රනිල් හමුවෙයි !

ශ්‍රිලංකාවේ හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසදුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්‍රිලංකාවට එකට ක්‍රියාකල හැකි ක්‍රම පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කල බව ශ්‍රිලංකාවේ නව ඇමරිකනු තානාපතිනි Julie Chung පවසයි.

 යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් විරුද්ධ මතවාද සමග විචිත්‍රවත් දේශපාලනයක් තිබිය යුතු බවද ඇය පවසන බවත් වාර්තා වෙයි.

කොලඹ කොල්ලුපිටිය පස්වන පටුමගෙ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙ පෞද්ගලික නිවසෙදි පැවති මෙම සාකච්ඡාවෙදි ශ්‍රිලංකාවේ වත්මන් ආර්ථික අර්බුද පිලිබදව වැඩි අවධානයක් යොමුවු බවත් දැනගන්නට ඇත.

සර්ව පාක්ෂික සමුළුවට : සජබ නෑ - සජබ සන්ධානයේ පක්ෂත් නෑ !

සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරයි.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බවත් ඔහු පවසයි.

සමගි ජන බලවේගයට අමතරව එයට සම්බන්ධ සියලුම පක්ෂ සර්ව සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට තීරණය කළ බවත් මහලේකම්වරයා සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක ලේකම් රවී ජයවර්ධන විසින් ලිපියක් හරහා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් දැනුවත් කර ඇති බවත් වාර්තා වන අතර අදාළ ලිපිය පහත දැක්වෙයි.

11 7 1024x1024

22 1 1024x1024

ඩොලර් හිඟය නිසා තානාපති කාර්‍යාලත් වැහෙයි !

මතුවී තිබෙන ඩොලර් අර්බුදය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාල වසා දැමීම දක්වා තීව්‍ර වෙමින් පවතී.

ඒ බව තහවුරු කරමින් අද (21) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර ඇත්තේ , ඉරාක සහ නෝර්වේ යන රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසා දැමීමට වසා දැමීමට තීරණය කර ඇති අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා තිබෙන කොන්සල් කාර්යාලයද වසා දැමීමට නියමිතව ඇති බවයි.

මෙම තීරණ මාර්තු 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන බවත් වාර්තා වෙයි.

Page 274 of 383