පුවත්

විදුලි කප්පාදු කාලය දීර්ඝ වෙයි
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ.
ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.
එසේ හෙයින් අද (27) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
හෙට (28) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බව එහි සභාපතිවරයා පැවසුවේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපාන මැදිහත්වීම ස්ථිරයි !
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව අවධානය යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට තම රජය සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
පැවැති රජය විසින් ජපාන ආයෝජන කිහිපයක් අවලංගු කිරීම සමඟ බිඳ වැටුණු ජපන් ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ කණගාටුව පළ කරන බව මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එමෙන්ම එලෙස අවලංගු වූ ලංකාවට වඩාත් අත්‍යාවශ්‍ය එම ව්‍යාපෘති නැවත වතාවක් ආරම්භ කිරීමට තම රජය අපෙක්ෂා කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ,ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජපාන ආයෝජන බලාපොරොත්තු වන බවය.
මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ, ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින් ශ්‍රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බවයි.
2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බවද විදේශ අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේය.
ජාත්‍යන්තර කටයුතුවලදී ජපානය ලබාදෙන සහාය අගය කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය දැරීමට ජපානය හා ඉන්දියාව ගෙනයන උත්සාහයට සහයෝගය දැක්වීමට අපේක්ෂා කරන බවත් පැවසීය.
ජනාපධිපතිවරයගේ එම ප්‍රකාශය පිළිබඳ ප්‍රශංසා කළ ජපාන විදේශ අමාත්‍යවරයා ලෝක වේදිකාවේ ආසියාවේ නියෝජනය පුළුල් කළ යුතු බව තවදුරටත් අවධාරණය කර සිටියේය.

පොහොට්ටුවේ සභාපති වෙන්න ගිය ඇදුරා හාන්සියි !
පොහොට්ටු පාටියෙ සභාපති පුටුවට අලුත් පොරක් පත්වෙනවය කියල, සමාජ මාධ්‍යවල ලොකු කතාවක් පැතිරුණා මතක ද?
හිටපු සභාපතිවරයා සරසවි ඇදුරෙක් නිසා, මේ පාරක් පත්වෙන්න දැනට පොහොට්ටුවෙ මන්ත්‍රී පට්ටමක් තියෙන සරසවි ඇදුරෙක් කියලයි නිව්ස් ගියේ.
මේ ප්‍රවෘත්තියට තටු ලැබිල හයියෙන් ප්‍රචාරය වෙනකොටත්, පොහොට්ටුවෙ ලොක්කා මෙහෙම දෙයක් හිතලවත් තිබුණෙ නැහැල්ලු...
මේ කියන පොහාට්ටු මන්ත්‍රීවරයා ගැන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයො ඒ තරම් ප්‍රසාදයකිනුත් නෙවෙයිලු ඉන්නෙ...
ඒකට හේතුව, පොහොට්ටුවෙ නිර්මාතෘට දියවන්නා කවුන්සිලෙට එන්න නියම වෙච්ච වෙලාවේ, උන්නැහේට එන්න, කවුන්සිලේ ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වෙන්න පුළුවන්ද කියල, මේ කියන ඇදුරු මන්ත්‍රීගෙන් ඇහුවම, එයා ඒක ප්‍රතික්ෂේප කරල, අතුරුදන්වීම කියලයි තතු දත් අය කියන්නෙ.
කොහොම වුණත්, පාටියෙ අලුත් සභාපති එයාය කියල පුවත් පළවුණාම, එතැන ප්‍රධානින් මේ පුවත් මාධ්‍යයට ගිය හැටි ගැන පොඩි සී.අයි.ඩී. වැඩක් කරල සොයල බැලුවලු.
එතකොටයි ආරංචි වුණේ, මේ කතාව මාධ්‍යයට දුන්නේ, ඒ තනතුරට පත්වෙනවය කියල කියාපු කෙනාමයි කියල.
දැන් වැඩේ පත්තුවෙලා කනෙත් ගිහින් ඉවරයි... ඒක දැනගත්ත සරසවි ඇදුරු තෙමේ දත කට පූට්ටු කරගෙනත් ඉවරයිලු.
පොහොට්ටු පාටියේ සභාපති ධුරයේ ඉන්න, මහාචාර්ය GL පීරිස් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වෙමින්, මේවෙනකොට නිදහස් ජාතික සභාව කණ්ඩායම නියෝජනය කරනවා.
ඒ නිසා GL වෙනුවට, සුදුස්සකු තෝරාගන්න පොහොට්ටුවේ විධායක සභාව, ඉදිරි සතියේදී රැස්කරන්නයි යන්නේ.. එතනදි මහාචාර්ය ජී.එල්. පීරිස් සභාපති ධුරයෙන් ඉවත් කරලා, අලුත් සභාපති කෙනෙක් පත්කරන BR දැනටම ප්ලෑන් කරල ලු..
පොහොට්ටු පක්ෂයේ නෙලුම් මාවතේ කට්ටිය කියන විදියට, සභාපති ධුරයට දැනට පාර්ලිමේන්තුවේ තනතුරු නොදරන, බාහිර විද්වතෙක් පත්කරන්න ලු BR හිතාගෙන ඉන්නේ.. ඒ වියතා රාජපක්ෂ කෙනෙක් නම් නෙමෙයි ලු...
- දේශපාලන වාර්තාකරු

කැනඩා මහකොමසාරිස් සහ ඇමති ටිරාන් අතර හමුවක් !
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක් අද (26 දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ගැන එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් මිදී හැකි ඉක්මනින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම කැනඩාවේ අපේක්ෂාව වන බව කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් එහිදී සඳහන් කර ඇත.
මෙහිදී රට තුල පවතින වත්මන් තත්වය ගැනත් දේශපාලනික වශයෙන් පවතින මහජන විරෝධතා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කෙරුණු බවත් වාර්තා වෙයි .
තවද ඩේවිඩ් මැකිනන් මහකොමසාරිස්වරයා මානව හිමිකම් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැනද මෙහිදී අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි .

මහජන උපයෝගීතා කොමිසමේ ලොක්කා කට වරද්දගෙන !
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය කංචන විජේසේකර සඳහන් කරයි.
මෙරටට ගෙන්වා ඇත්තේ ගුණාත්මක භාවය අඩු බොරතෙල් බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමතිවරයා පැවසීය.
මෙරටට ගෙන්වා ඇත්තේ නොගැලපෙන වැරදි බොරතෙල් තොග බවත් ඉන් නිපදවෙන්නේ වැරදි නැප්තා තෙල් වර්ගයක් බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසූ අතර මෑතකදී ආනයනය කරන ලද බොරතෙල් වලින් නිෂ්පාදනය කරන ලද නැප්තා වල සල්ර්ප ප්‍රතිශතය ඉහළ නිසා ඒවා නැප්තා විදුලි බලාගාර සඳහා භාවිතා නොකරන බවද පැවසීය.

නවක වදයට වැටක් : රාජ්‍ය ඇමතිගේ වැඩක් !
නවක වදය ඇතුළු විවිධ වැරදි සඳහා යොමුවන විශ්වවිද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි .
නවකවදය, රාජ්‍ය දේපලවලට හානි කිරීම, ප්‍රචණ්ඩත්වය වැපිරීම වන චෝදනාවලට ලක්වන විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ විට ඔවුන්ගේ නම් අසාදු ලේඛණයට ඇතුලත් කරන බවද ඔහු පවසයි .
රජයේ රැකියා ලබාදීමේදී සහ වෘත්තිය මට්ටමේ ශිෂ්‍යත්ව ආදිය ලබාදීමේදී වෙනත් රජයේ පහසුකම් ලබාදීමේදී අසාදු ලේඛනයේ සිසුන් නොසලකා හරින බවද රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.

විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙන මනුසවි එයි !
විදෙස්ගත ශ්‍රමිකයින් දශක ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි විශ්‍රාම වැටුප් ක්‍රමය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වය සහිතව අද (26) හදුන්වා දී තිබේ.
විදේශ ගතවන ශ්‍රමිකයාගේ වයස, දායකත්වයට ලබාදෙන මුදල මත ‘මනුසවි’ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප තීරණය කෙරේ.
මූලිකව රුපියල් 20,000 සිට රුපියල් 50,000 දක්වා වූ මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙමගින් අවස්ථාව උදාවේ.
දායක්වය ලබාදෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය මත මීට වඩා වැඩි මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීම සදහා අවශ්‍ය දායකත්වයද ලබාදිය හැකිය.
දැනට විදේශ රැකියාවක් සදහා පිටත්ව යන ඕනෑම අයෙක්ට විශ්‍රාම වැටුප සදහා දායකත්වය ලබාදීම ආරම්භ කළ හැකිය.
මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වාදීමේ අවස්ථාවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ කාන්තා, ළමා සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් ද එක්විය.

රවී නිසා ජනාධිපති රනිල්ට තවත් තනතුරක් !
අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානෙට යනවා . ඒ යන ගමන ගැන සුපුරුදු ගැහිල්ල විපක්ෂය පටන් අරගෙන තියෙන්නේ .
ඒත් ජනාධිපති රනිල් යන්නේ ජපානයේ විතරක් නෙවෙයි , පිලිපීනයටත් යනවා .
ඒ යන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගි වෙන්න එක්ක.
එහිදී ජනාධිපති රනිල්ට ආසියානු බැංකුවේ සභාපති ධූරය හිමිවෙනවා. මේ මොහොතේ ලංකාවේ මුදල් ඇමති විදිහට තමයි රනිල් ජනාධිපති ට මේ තනතුර හම්බෙන්නේ. වැඩේ කියන්නේ ඒ වෙනුවෙන් ඉල්ලීම කරලා තියෙන්නේ , 2016 දී. එතකොට මුදල් ඇමති රවී කරුණානායක .
කොහොමද ඒක . රවී ගැනත් මේ වෙනකොට පොලිටිකල් ගොසිප් හෝ ගාලා යනවා . රවී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වෙනවා වගේම , මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෙනවා කියලත් කතා ඒ අස්සේ ඇහෙනවා .
කොහොමටත් පාක්ෂිකයින් වගේම ආර්ථික විශ්ලේෂකයන් කියන්නේ , මේ අමාරුම වෙලාවේ , රවීලා ඉස්සරහට ඇවිත් ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න ඕන කියලා .
දේශපාලන වාර්තාකරු

අයෝමාට තර්ජනාත්මක ඇමතුම්දුන් පුද්ගලයාට වැඩ වරදියි !
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය වන අයෝමා රාජපක්ෂට තර්ජනාත්මක ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට තැත්කළැයි අත්අඩංගුවට ගත් කරණවෑමියකු පොලිස් ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත .
මෙලෙස ඇප මත මුදාහැරුණේ ලක්සද සෙවන, සාලමුල්ල, කොළොන්නාව පදිංචි ගනේෂන් ජෙගන් නැමැති කරණවෑමියෙකි.
හිටපු ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරගේ පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බව ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
තමන්ට වෙනත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් ලැබීමට ඇති අතර එය ලබාගැනීම සදහා දුරකතන අංකය අනුමාන කරමින් මෙම ඇමතුම ලබා ගත් බව සැකකරු අධිකරණය හමුවේ සදහන් කර ඇත.
සැකකරුගේ මෙම ප්‍රකාශයන් පරස්පර බැවින් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
නඩුව ලබන මස 06 වැසිදා තෙක් කල් තැබිණී.

පාස්කු නඩුවෙන් ජනාධිපති ඉවතට !
පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ එම නඩුකරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්ති අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත්, වත්මන් ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහට මුක්තිය හිමිවන බව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහන් වෙයි.
ඒ අනුව ජනාධිපති ධූරය දරමින් සිටින ජනාධිපතිවරයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු වගන්තිය සම්පාදනය කර ඇත්තේ රාජ්‍ය නායකයාට සිය නිල කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදි මෙම තීන්දුව ප්‍රකාශයට කෙරිණී.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට කැබිනට් මණ්ඩලය, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසකි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමි වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළී ව්‍යාපාරික ජගත් විතානගේ, ශ්‍රි ලංකා නිතිඥ සංගමය, හෙන්රි මේරියන් අශේක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්, නාගානන්ද කොඩිතුවක්කූ, ජූඩ් පෙරේරා, නිමල් කුමාරසිටි, කසුන් පුස්සවෙල, පූජ්‍ය ඇගු`ථගල්ලේ ජිනානන්ද හිමි ඇතු`ථ පිරිසක් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබ ඇත.
මෙම පෙත්සම්වල වැඩිදුර විභාගය ලබන 29 වැනිදා තෙක් කල් තැබිණී.

ජනාධිපති කාර්‍යාලයේ වාහන දෙකක් : ස්වාධීන වූ මන්ත්‍රීවරුන් දෙන්නෙක් ළඟ !
ජනාධිපති කාර්යාලයට අයත් වාහන දෙකක් කෙටිකාලීන භාවිතය සඳහා ලබාගෙන නැවතත් ජනාධිපති කාර්යාලයට එම වාහන බාර නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස වාහන බාර නොදුන් එක් මන්ත්‍රීවරයෙක් අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔහු ජනාධිපති කාර්යාලයෙන් ලබාගෙන ඇත්තේ ලෑන්ඩ් ක_ෂර් ප්‍රාඩෝ ජීප් රථයකි. තවත් එක් මන්ත්‍රීවරයෙක් ටොයොටා හයිලක්ස් කැබ් රථයක් ලබාගෙන ඇත. ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මේ දෙදනාම ආණ්ඩුව නියෝජනය කරමින් සිට පසුව ස්වාධීන වූ මන්ත්‍රීන් බවද වාර්තා වෙයි.
මේ අය ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම පරිදි දිගින් දිගටම අදාළ වාහන බාර නොදීම නිසා එම දෙදෙනාට එරෙහිව දැනටමත් පොලීසියට පැමිණිලි කර ඇති බව දැනගන්නට ඇත.
- deshaya

විදේශ අමාත්‍ය අලිසබ්‍රි : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතලා !
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් විදේශ අමාත්‍ය අලිසබ්‍රි අද (25) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා ඇත. කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
පසුගිය සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා වාරය සැප්තැම්බර් 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඊට සහභාගිවීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටින විදේශ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නියෝජිත කණ්ඩායම් නායකයින් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වෙයි .
ඒ අනුව විදේශ අමාත්‍ය අලිසබ්‍රි අමෙරිකානු ජනාධිපතිවරයා පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජිල් බයිඩ්න් හමුව තිබේ .
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති ආකාරයට , අමාත්‍ය අලි සබ්රි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්, වික්ටෝරියා නූලන්ඩ් ද හමුවී සාකච්ඡා කර ඇත .
සෝමාලියාවේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය, අබ්සීර් ඕමාර් ජාමා, නැමීබියාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය, ජෙනලි මාතුණ්ඩු, උස්බෙකිස්තානයේ විදේශ අමාත්‍ය ව්ලැඩිමීර් නොරොව්, සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් සහ ආර්මේනියාවේ විදේශ අමාත්‍ය අරත් මිර්සෝයාන් සමග ද විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බවත් එහි සඳහන් ය.

කෝටි 03ක භාණ්ඩ සමග : හිමිනමක් රේගු අත්අඩංගුවට !
රුපියල් තුන් කෝටි දහ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව දිවයිනට රැගෙන ආ හිමිනමක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ හිමිනමගේ ගමන් මලු තුළ රුපියල් අනූ ලක්ෂයක් වටිනා ජංගම දුරකතන 218ක්, රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 08ක්, රුපියල් හය ලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි 06ක් සහ රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා රන් මාල 02 ක් හමුවී ඇති අතර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙකි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .
23 හැවිරිදි මෙකී හිමිනම ඕමානයේ සිට මෙරටට පැමිණ තිබේ.
නීතිවිරෝධීව ගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර ඇති නමුත් දඩ නියම කිරීමකින් තොරව හිමිනමව නිදහස් කර ඇති බවත් වාර්තා වෙයි .

ජනාධිපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක : පිටත්වීම 26 !
ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (26) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
සිය දෙදින ජපාන නිල සංචාරයේ දී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවන අතර ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමග ද ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වන බවත් වාර්තා වෙයි .
අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් (Bongbong Marcos) සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂ රන්දුල අබේවීර සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මෙම සංචාරයට එක්වන අතර ජනාධිපතිවරයාගේ පිලිපීන නිල සංචාරයට මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එක්වීමට නියමිතය.
එමෙන්ම පිලිපීන නිල සංචාරය සඳහා දිනුක් කොළඹගේ සහ රන්දුල අබේවීර සහභාගී නොවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

මහී - රෝහිත ගෝරියක පැටලෙයි !
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ, රෝහිත අබේගුණවර්ධන අතර, පහුගිය දවසක, පාර්ලිමේන්තු කැන්ටින් එකේදී, ලොකු බහින්බස් වීමක් සිදුව තිබෙනවා.
තමන් විසින් ඉදිරිපත් කළ පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ ලියවිල්ලකට, පක්ෂ ප්‍රධානීන්ගෙන් අවධානයක් නොලැබීම ගැන , මහින්දානන්ද අලුත්ගමගේ කියපු කතාවකින් තමයි, ගැටුම පටන් අරන් තියන්නේ..
ආරංචියේ හැටියට කතාව මේකයි..
පොහොට්ටු පක්ෂය මේ දවස්වල එක දිගට ආසන බල මණ්ඩල කැඳවනවා..
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අවම 20ක් උපරිම 50 ක් විදියට කැඳවීම් කරනවා..
මහනුවර ආසන බල මණ්ඩලේ කැඳ වද්දී තමයි ඔය ගැටුමේ .මුල ....
මෙතන කතාව පටන් අරන් තියන්නේ මහින්දානද නැත්තන් මහී ..
'' කෝ මම මහනුවර වැඩේට කට්ටිය කැඳවන වැඩපිළිවෙල ඔයාලගේ පක්සේට එව්වා. තාම මොකුත් වෙලා නෑ නේ ..'' මහී කියල තියන්නේ විවේචනයක් විදියට..
'' නැහැ අපි ඒක රිජෙක්ට් කළා. '' ටිකක් හයියෙන් එහෙම උත්තරයක් දීලා තියෙන්නේ පොහොට්ටු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර.
මහාචාර්ය රන්ජිත් බණ්ඩාර කියන්නේ, බැසිල්ගේ ගෝලයා. ජාතික ලැයිස්තුවෙන් රන්ජිත් බණ්ඩාර ව පාර්ලිමේන්තු ගෙනත් , මහනුවර දිස්ත්‍රීකය බාරදීල තියන්නේ මහාචාර්ය රංජිත්ට..
මහී , ඔය කතා ව පාර්ලිමේන්තු කැන්ටින් එකේ දී කියනකොට, රාජ්‍ය ඇමති සනත් නිශාන්තත් එතන ඉඳලා.
'' ඇමතිතුමා දැන් ඔබතුම අපේ පක්ෂයේ නෙමෙයිද ? ඕගොල්ලන්ගේ පක්ෂේ කියා කියා අපට හින්ට් පාස් කරන්නේ.. '' සනත් නිශාන්ත , මහීගෙන් අහලා.
හිටපු ඇමති රෝහිත අබේගුනවර්ධනත් කතාව පැටලිලා තියන්නේ මය වෙලාවේ..
දෙන්න ම සද්දේ දාගෙන ගෝරියක් ලු..
වැඩේ දිගට යද්දී හිටපු ජනාධිපති මහින්ද විතරක් නෙමෙයි නාමලුත් මැදිහත්වෙලා.
'' හරි හරි දැන් මෙතන රණ්ඩු එපා. දැන් ඔය කතාව නවතන්න '' එහෙම කියල වැඩේ යටගහල තියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ..
කොහොම වුනත් පක්සේ මන්ත්‍රීවරු තමන්ව කොන්කරන එක ගැන මහින්දානන්ද ඉන්නේ ලොකු හිතේ අමාරුවකින් ලු..
- දේශපාලන වාර්තාකරු

අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමතුන්ට : ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව !
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී නිකුත්කර ඇත .
ඊට අදාළ ක්‍රියාවලිය සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරු කඩිනමින් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇත.
ඒ අනුව, දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 30 දෙනෙකු බැගින් කලාප 99න් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2,970කට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර ඇත.
එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රු.5,000ක් බැගින් මාස 24ක උපරිම කාලසිමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනැමීමට අපේක්ෂා කෙරේ.
මෙම වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලද පසු අ.පො.ස. උසස් පෙළ අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමට නියමිත ය.

පානදුරේ පොහොට්ටුවට !
පහුගිය කාලෙ රටපුරා තිබ්බ සමූපකාර ජන්ද ගැන, රටේ ලොකු අවධානයක් යොමු උණා.
ඒකට විශේෂම හේතුව තමයි ,මේ වෙලාවෙ පවත්වන එකම ජන්ද වර්ගය සමූපකාර ජන්ද වීම.
ඒ නිසා සමූපකාර ජන්දෙ මහ ජන්දයක් තරම් උණුසුම්.
මේ දවස්වල දේශපාලන පක්ෂවල සහ, දේශපාලනය නායකයන්ගෙ ජන්ද පදනම මනින දර්ශකය තමයි , සමූපකාර ඡන්ද.
පහුගිය කාලෙ තිබුණු සමූපකාර ඡන්ද රැසකින් පොහොට්ටුව පැරදූණා.
ඒ ජයග්‍රහණ ගැන ආණ්ඩු විරෝධීන් ඉන්නේ බොහොම උජාරුවෙන් ...
හැබැයි ඉතින් ඊයේ තිබුණු පානදුරේ සමූපකාර ජන්දෙ නම්, පොහොට්ටුව උඩින්ම ගොඩදාගෙන.
පොහොට්ටුව වෙනුවෙන් ජන්ද සටන මෙහෙයවල තියෙන්නෙ, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නලු.
හැමෝම මුලින් හිතල තියෙන්නෙ, මේ දේශපාලන තත්ත්වය යටතේ පොහොට්ටුව පානදුරේ සමුපකාරෙත් පරදී කියල.
ඒත් පානදුරේදි වැඩේ නියමෙටම සංවිධානය කරල තිබුණලු..
ඒ නිසා ආසන 87 න් 53 ක්ම දිනල තියෙන්නෙ පොහොට්ටුව . විරුද්ධව ලැබිල තියෙන්නෙ 34 යිලු.
පානදුර සමූපකාරෙ අයිති කලුතර දිස්ත්‍රික්කය පොහොට්ටුවේ ලොකු ලොක්කො කීපදෙනෙක්ම ඉන්න තැනක්.
පානදුරේ ජන්දෙ දිනුවම ඇමති විදුර වික්‍රමනායක සංජීව එදිරිමාන්නට කතා කරල "මල්ලි උඹ අපි ඔක්කොගෙම ගෞරවය රැක්ක" ඒකට ස්තුතියි කිව්වලු.
- දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ ඇමැති ටිරාන් හමුවෙයි !
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර් , මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පසුගියදා (23) පැවැත්විණ.
ගෙවුනු මාස කිහිපයෙහි දේශපාලනික වශයෙන් පැවති මහජන විරෝධතා පිළිබඳවත් වත්මන් රටතුල පවතින සාමකාමී තත්ත්වය ගැනත් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්ය භාරය පිලිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත .
මෙහිදී මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බෝට්ටු මගින් නවසීලන්තයට පැමිණීමේ අවධානමක් පවතින බවත් එය වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වෙයි .
Page 273 of 462