යුක්‍රේනයේ සිටින විදෙස් මාධ්‍යවේදීන්ටත් : රුසියාවෙන් වෙඩි පිට වෙඩි !

යුක්‍රේනයේ සිටින  විදෙස් මාධ්‍යවේදීන්ටත් : රුසියාවෙන් වෙඩි පිට වෙඩි !

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් රැසක් මේ වන විට රුසියානු යුක්‍රේන යුද අඅර්බුදයේ වින්දිතයින් බවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මතුව ඇති යුදමය තත්ත්වය වාර්තා කිරීම සඳහා යුක්රේනයට ගොස් සිටින මාධ්‍යවේදීන් රැසක් රුසියානු ප්‍රහාර හමුවේ මේවනවිට ජීවිත අවදානමට මුහුණ දී සිටින බව එහිදී අවධාරණය කර ඇත.

ඊට ආසන්න සිදුවීම ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රකට අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වන ෆොක්ස් මාධ්‍ය ආයතනයේ සේවය කළ මාධ්‍යවේදියෙක් සහ මාධ්‍යවේදිනියක් රුසියානු ප්‍රහාරයකට ගොදුරුව මියයාමය.

මියගිය මාධ්‍යවේදියා ෆොක්ස් මාධ්‍ය ආයතනයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කැමරාශිල්පියෙකු වන අතර මියගිය මාධ්‍යවේදිනිය 24 හැවිරිදි ප්‍රවෘත්ති වාර්තාකාරිණියක බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත

එම මාධ්‍ය වාර්තා අනුව මේ මාධ්‍යවේදීන් ගමන් කරමින් සිටි මෝටර් රථය කිව් අගනුවරදී රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකට ලක්වීමෙන් මෙම මරණ සිදුව ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ෆොක්ස් මාධ්‍ය ආයතනයේ තවත් මාධ්‍යවේදියෙකු මේවනවිට රෝහල්ගත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මීට පෙර බ්‍රිතාන්‍ය ස්කයි මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසකට ද යුක්රේනයේ කිව් අගනුවරදී රුසියානු තුවක්කුකරුවන් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ලව තිබේ. යුක්රේනයේ, ඉර්පින් ප්‍රදේශයට එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් ද ඉකුත් දා තවත් අමෙරිකානු මාධ්‍යවේදියෙකු ජීවිතක්‍ෂයට පත්වු බවත් විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න