#lk#srilanka#newstube

  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අතර අවබෝධතා ගිවිසුමක්

    මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්‍ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

  • සෞදියේදී ශ්‍රී ලාංකීය තරුණයකුට මරණ දඬුවම ලබා දීම ගැන විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

    සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

  • හඩපටයක් සහ හාල් කන්ටේනර් පහක් ගැන කියන්න හඳුන් සී.අයි.ඩි. යයි

    මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇති හඩ පටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කටයුතු කළේය.

  • හඬක් නැති වූවන්ගේ මහා හඬ: බැසිල් ප්‍රනාන්දු (1944–2026)

    (ලියනල් බෝපගේ විසින් තැබූ අනුස්මරණ සටහන)

  • හදිසි ආපදා තත්ත්වය පිළිබඳ ව අමාත්‍ය නලින්ද ජයතිස්ස කරුණු පැහැදිලි කරයි

    මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාව ගේ ජීවිත සුරක්ශිතතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (04) මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේ ය.

  • හදිසි තත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි - අමාත්‍ය හර්ෂණ නානායක්කාර

    බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් මුහුණදීමට සහ රැදවියන්ගේ සුභ සාධනය මුලික කර ගනිමින් දිවයිනේ සියලු බන්ධනාගාර තුළ ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ වීරවිල එළිමහන් කදවුර මුලික කරමින් එම යාන්ත්‍රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන්  (19) දින පස්වරුවේ එම බන්ධනාගාර පරිශ්‍රයේ සිදු කළේ ය.

  • හදිසි නීතිය පැනෙව්වෙ පවතින ආපදා කළමනාකරණ පනත ප්‍රමාණවත් නොවන නිසා - අමාත්‍ය විජිත හේරත්

    හදිසි නීතිය පැනවූයේ පවතින ආපදා කළමනාකරණ පනත ප්‍රමාණවත් නොවන බැවින් යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසී ය.

  • හදිසි නීතිය යටතේ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පියවර

    හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ලෙස අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පවසයි.

  • හදිසියේ මාර්ගය වසා දැමීම හේතුවෙන් Yani Lanka (Pvt) Ltd. ආයතනයේ කටයුතු දැඩි ලෙස අඩාළයි

    කොස්ලන්ද, හල්දුම්මුල්ල - හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛතම අපනයන ආයතනයක් වන Yani Lanka (Pvt) Ltd. වෙත පිවිසෙන එකම ප්‍රවේශ මාර්ගය, කිසිදු පූර්ව දැනුම්දීමක් හෝ ආයතනය සමග සාකච්ඡාවක් නොමැතිව, හඳුනා නොගත් කොන්ත්‍රාත්කරුවකු මාර්ග අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමත් සමග වසා දැමීම පිළිබඳව ආයතනය දැඩි කනස්සල්ල පළ කරයි.

  • හනුමාන් දෙවියන් ගේ පිළිම සොරකමට සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගේ නම සම්බන්ධ කරමින් පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දෙවියන් ගේ මැණික් හා රත්තරන්න සහිත ලෝහමය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරනවා යැයි පවසමින් පුද්ගලයින් ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට තැත් කළ  සැකකරුවන් දෙදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන  නියෝග කළේ ය.

  • හඳුන්ගේ උපන්දිනය අදයි - සුබපැතුම්වලින් සමාජ මාධ්‍ය පිරෙයි

    අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ උපන් දිනය අදට (19) යෙදී තිබේ.

    ඒ නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් ඔහුට සුබපැතුම් එක්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් පළකර ඇත.

    මතු පලවන්නේ එවැනි සටහනකි.

    පක්ෂයට අසීරු වෙලාවේ
    ඔයා පක්ෂය වෙනුවෙන් කැපවුන හැටි...
    පක්ෂය අලුත් මාවතකට ගෙනගිය හැටි අපි දැක්කා...
    ඒ කාලේ අපි හැමෝගෙම වීරයා ඔයා උනා...

    අදත් ඔයා කොච්චර කැපකිරීමකින්... වෙහෙසකින්...
    අපේ පොදු හීනය සැබෑ කරන්න අමාත්‍යාංශයේ වැඩ , නැගනිහිර පලාතේ වැඩ... මාතර දිස්ත්‍රික්කයේ වැඩ.. පක්ශයේ වැඩ කරනවාද කියලා අපි දන්නවා...

    ඒත් අද මල් වලට වැඩිය ගල් - උපහාස - ගැරහුම් වැඩියි...

    දේශපාලනයෙන් පන්නරය උන ඔයාට මුවහත් වෙන්න වැඩිකල් යන්නේ නෑ...

    අහියෝගය වගේම , අවාසිදායක අවස්ථාත් හදුනාගෙන ඔයා ආයී ඉක්මනට වීරයෙක් වෙනවා..

    “Do not fear criticism. Fear silence in the face of injustice….”
    -(Che)

    සුභ උපන්දිනයක් Comrade Sunil Handunneththi ❤️❤️

  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තියයි

    හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization Laboratory) ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (15) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

  • හම්බන්තොට-අනුරාධපුර අලි එළවීමේ මෙහෙයුමට රජයේ අනුමැතියක් නෑ ලු !

    හම්බන්තොට සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තරවලට ඇතුළු වී සිටින වන අලි පළවාහැරීම සඳහා දියත්කර ඇති වැඩසටහන සඳහා පරිසර අමාත්‍යාංශය අනුමැතිය ලබා දී නොමැති බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

  • හමුදා කටයුතු සඳහා යොදාගෙන ඇති  ලාංකිකයින් ගෙන්වා ගන්න  රුසියාවේදී විශේෂ සාකච්ඡාවක් !

    රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  පැවසීය.

    බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන අතර ඔවුන්ගේ වාර්තාව මෙම මස ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්තියට සහභාගී වුණා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවට අප බලාපොරොත්තු වනවා. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නුදුරේදීම සිදුවනු ඇති බවට විශ්වාස කරනවා.

    ඒ වගේම අප රජයට මෙම කාලය තුළ විශාල ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය සාර්ථක නිම කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය පල කෙරුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය නිකුත් කෙරුණා. ඉන් අදහස් කෙරෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වු කරුණු සම්බන්ධයෙන් අප විසින් ඉතා නිවැරදිව කටයුතු කර තිබෙන බවයි.

    එමෙන්ම විදේශිය ණය කළමනාකරණය කිරීම සහ ප්‍රතිව්‍යුහගත කරගැනීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. විදේශිය රටවල් සමඟ ණය කළමනාකරණය පිළිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කරගත හැකි බව අප විශ්වාස කරනවා. විදේශීය බැඳුම්කර හිමියන් සමඟ සිදුකළ සාකච්ඡා ඉතාමත් ධනාත්මකයි. එය සාර්ථක වුවහොත් ලංකාව නැවත ණය නොගෙවන තත්ත්වයෙන් මිදී ණය ගෙවන තත්ත්වයේ රටක් බවට පත්වීමට හැකි වනවා.

    ඒ වගේම ජපාන විදේශ අමාත්‍යවරියගේ ඉල්ලීමක් මත මා ලබන මාසයේ දී ජපානයේ සංචාරයක නිරත වනවා. ද්වී පාර්ශ්වීය නිල ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණි පසු ජපානයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර තිබූ නමුත් මේ වන විට වැඩ නවත්වා තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කරන බව ජපානය අපට පොරොන්දු වී තිබෙනවා.

    රුසියාවේ පැවති බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පසුගියදා මම සහභාගී වුණා. බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව සළකා බැලීමට විදේශ අමාත්‍යංශය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව නියෝජනය වන පරිදි නිලධාරීන් පිරිසක් පත්කර තිබෙනවා. එහි වාර්තාව මෙම මස ලැබීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

    ඒ වගේම රුසියානු හමුදාවට බඳවාගෙන සිටින හිටපු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් අප විසින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළා. එම ගැටළුව විසදීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිතයි. ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 වනදා රුසියාවේ දී පැවැත්වෙනවා. මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රි ලාංකිකයන් බේරා ගැනීම සඳහා ද මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

  • හරිණි අමරසුරිය පිළිබඳව ජවිපෙ/ ජාජබ මුනිවත රකින්නේ ඇයි...?

    හරිණි අමරසූරිය සහෝදරියගේ පුද්ගලික ජීවිතය ඉලක්ක කරමින් කලක් තිස්සේ සැලසුම් ගතව දියත් කළ අභූත චෝදනා ඉංග්‍රීසි මොඩියුල සිදුවීම සමග තීව්‍ර වී ඇත.

  • හරිණි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සමරිසි විරෝධී මුලධර්මවාදින්

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිකුලප්පුව සහ හරිනි අමරසූරිය අගමැතිතුමියගේ ලිංගික නැමියාව පටලවා නොගත යුතු යි. අපි බලාපොරොත්තු වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වූයේ සංවාද ප්‍රතිසංවාදවලින් පුළුල් සාකච්ඡාවකට බඳුන් වීමකින් පසුව සිදුකළ යුතු දැවැන්ත වැඩ පිළිවෙළක්.

  • හරිණි, ලෝක ආර්ථික සමුළුවේ දී අසමත් වූයේ ඇයි...? - Ideas front වීඩියෝවක්

    ලෝක ආර්ථික සමුළුවට සහභාගි වනවා නම් අතිශය සූදානමකින් යුක්තව එයට සහභාගි විය යුතු වුව ද මෙවර පැවති එම සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය එබඳු සූදානමකින් එම සමුළුව සඳහා සහභාගි වූ බවක් දක්නට නොලැබුණේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • හලාවත මුන්නේශ්වරම් වාර්ෂික නිකිණි උත්සවය මෙම මස 14 වෙනිදා සිට 28 වෙනිදා දක්වා

    හලාවත මුන්නේශ්වරම් ශ්‍රී මහා භද්‍රකාලී මෑණියන්ගේ දේවස්ථානයේ වාර්ෂික නිකිණි උත්සවය මෙම මස 14 වෙනිදා සිට 28 වෙනිදා දක්වා එම දේවස්ථානයේ දී පැවැත්වේ.

  • හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුට ඇප නියම කිරීම 22 දක්වා කල් යයි

    හවුස් ඔෆ් ෆැෂන්ස් හි හිමිකරු සහ කළමනාකාර අධ්‍යක්ෂ ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල රේගු තක්සේරු උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෘද රෝග තත්ත්වයක් වර්ධනය වීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කළ එහි හිමිකරු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන විසි දෙක තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන්න අමරසේන අද නියෝග කළේ ය.

  • හානි අවම කරගැනීමට බැරි වීම ගැන විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

    හදිසි ආපදා තත්ත්වයෙන් රටට සිදු වූ දැවැන්ත හානිය අවම කර ගැනීමට නොහැකි වූයේ කෙසේ ද යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස විපක්ෂය විසින් කතානායක ජගත් වික්‍රමරත්නගෙන් ඊයේ (දෙසැ. 3) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරන ලදී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න