දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
අද වන විටත් රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් නොමැති අතර රජය නියෝජනය කරමින් මුදල් අමාත්යාංශයේ සහ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එක් කතාවක් ද, අනිල් ජයන්ත නියෝජ්ය මුදල් අමාත්යවරයා තවත් විග්රහයක් සිදු කරන මොහොතක රටේ ජනතාවට මේ සිදුවූ දේ ගැන නිවැරදි සත්යවාදී තොරතුරු ලබා ගැනීමට අයිතියක් තිබිය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
නලින් ද සිල්වාගේ ඉදිරිපත් කිරීම් පිළිබඳව සම්භාෂණයක් පසුගිය 03වන පැවැත්වුණි. නමුත් එය සුපුරුදු ප්රහසනයකි. මට අවශ්ය වූයේ එය ප්රහසනයක් බවත්, Nirmal Dewasiri හැර කතා පැවැත් වූ අනෙක් අය (නලින්වාදීන්) නලින් ගේ ඉදිරිපත් කිරීම් අවම මට්ටමකින් හෝ වටහාගෙන නොමැති බව Thamalu Maliththa Piyadigama හරහාම ඔප්පු කිරීමයි. ඔවුන්ගේ අමනකම් එළියට පැමිණෙන බව දැනගත් සිංහල බෞද්ධ දහම්පාසල් සංවිධායක පාහරයින් විසින් සුපුරුදු පරිදි ප්රශ්න ඇසීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක් දැරීය. එවැනි තත්ත්වයක දැඩි අපහසුතාවයකින් කෙටි කර ප්රශ්න ඇසීමට සිදු වීම නිසා හරියාකාරව ප්රශ්න යොමු කරගැනීම කළ නොහැකි විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දන කත්රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වර්තමානයේ දී අටමස්ථානාධිපති ලෙස කටයුතු කරන පල්ලේගම හේමරතන නමැති භික්ෂුව වෙත එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් එම භික්ෂුව අදාළ තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමට මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව තීරණය කර ඇතැයි එම සභාව සඳහන් කරයි.
හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්ය කුමාර ජයකොඩිට එරෙහිව ගොනුකරන ලද නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල දින නියම කළේ ය.
හිටපු අමාත්ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්රවර්ධන අමාත්ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා භාරදීමෙන් පසුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්ය සී.බී.රත්නායකට එරෙහි නඩුවක් නොවැම්බර් 10 යළි කැඳවිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (21) නියෝග කළේ ය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්ය CB රත්නායක මහතා එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේ දී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරියට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විසින් අද (22) වරෙන්තු නිකුත් කළේ ය.
හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්රී අශෝක සපුමල් රංවලගේ බිරිඳ වෛද්ය ඉන්ද්රාණි රන්වල පැදවූ මෝටර් රථයේ අද (17) අලුයම 06.05ට පමණ තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරයි.
ආචාර්ය කරු ජයසූරිය සහ වෛද්ය වසන්තා ජයසූරිය විසින් ආරම්භ කරන ලද 'සූර්ය පදනම' මගින්, දකුණේ දරුවන්ට දමිළ භාෂාවත් උතුරේ දරුවන්ට සිංහල භාෂාවත් නොමිලේ උගන්වමින් ආරම්භ කළ ජාතික සමගියේ වැඩසටහනට මෙවර වසර 10ක් සපිරේ. ඒ වෙනුවෙන් එහි 10 වැනි කණ්ඩායම ඇගයීමේ සහ සහතික පත් පිරිනැමීමේ විශේෂ උත්සවයක් පසුගියදා යාපනයේ දී පැවැත්විණි. මතු දැක්වෙන්නේ මේ පිළිබඳව හිටපු කථානායක කරු ජයසූරියගේ මාධ්ය සම්බන්ධීකරණ අංශය නිකුත් කළ නිවේදනයයි.
2010 වසරේ දී ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට එක් වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයෙකු වූ අක්ෂු ප්රනාන්දු අභාවප්රාප්ත වී තිබේ.
පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්යංශයේ හිටපු කැබිනට් අමාත්ය ජගත් පුෂ්ප කුමාර අද (08) දූෂණ චෝදනා මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට අදාළ නඩුවේ සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයා ගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ජ්යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අද (08) අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර අද (ඔක්: 29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් මස 11 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (30) නියෝග කළේය.
වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්යාලයේ පැවැති තම බිරිඳගේ ගෞරව ආචාර්ය උපාධි ප්රධානෝත්සවය සඳහා සහභාගීවීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රාජ්ය මුදල් රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50 කගෙන් පමණ ප්රකාශ ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

