#lk#srilanka#newstube

  • හිටපු නගරාධිපති මුසම්මිල්ගේ පුත්‍රයාගේ නඩුව සමථයකට

    ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36 කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් ගේ වැඩිමහල් පුත්‍රයා සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (03) සමථයකට පත් කෙරුණා.

  • හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්නට ඇප

    2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ තරුණයන් 11 දෙනෙක් අතුරුදන් වීමේ සිද්ධියේ සැකකරුවෙක් වන නාවික නිලධාරී චන්දන ප්‍රසාද හෙට්ටිආරච්චි යන අයට සැඟවී විදේශගත වීමට ආධාර අනුබල දීම, තොරතුරු සැපයීම පැහැර හැරීම, විමර්ශන නිලධාරීන් ට බාධා කිරීම සහ දෙවන සැකකරුට තර්ජනය කිරීම යන චෝදනා  ගොනු කළ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්න දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 22 නියෝග කළේය.

  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් මරුට

    හිටපු පොලිස්පතිවරයෙකු වන සී.ඩී. වික්‍රමරත්න වෙඩී වැදීමකින් මියගොස් තිබෙනවා. එම මරණය සිය දිවි නසා ගැනීමක් විය හැකි බවයි පොලිසිය සැක පළ කරන්නේ.

  • හිටපු පොලිස්පතිවරයා ගේ මරණය; කෙබඳු අන්ධකාර කලාප කරා අක්මුල් විහිදෙනු ඇති ද...?

    හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න ගේ මරණය සියදිවි නසාගැනීමක් ද, ඝාතනයක් ද, හදිසි අනතුරක් ද යනාදී කාරණා කිසිවක් තවම අප නිල වශයෙන් දන්නේ නැත. එය තීරණය විය යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ වාර්තා ඇතුළු ක්‍රමවේදයක් ඔස්සේ ය.

  • හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයා ලබන 27 දක්වා රිමාන්ඩ්

    චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා  ලබන 27  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන   ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද(23) නියෝග කළා.

  • හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුතා, චීන ජාතිකයා ඇතුළු පිරිසට ඇප

    තමන් පොලිස් නිලධාරියකු බව හඟවමින් වාහනය සහ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා චීන ජාතිකයකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර, චීන ජාතිකයා  ඇතුළු සැකකරුවන් පස් දෙනා ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ  (27) නියෝග කළේය.

  • හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුවකට අවස්ථා කිහිපයකදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළේය.

  • හිටියෙවත් නැති භික්ෂූන් වහන්සේලාගේ නම් උසාවි නියෝගයේ තිබිලා - එජාපයෙන් චෝදනා

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා මහනුවර සිට පාගමනින් වැඩම කර ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත් උසාවි නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් පසුව එම නියෝගයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය මගින්, ආණ්ඩුව හිතාමතාම බරපතල වරදක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

  • හිනිදුම සුනිල් සෙනවිට තමාව අහිමි වීම

    හිනිදුම සුනිල් සෙනෙවි මහතා මගේ දිගුකාලීන මිතුරකු වන අතර මා දන්නා ඔහු නම් 83 වැලිකඩ බන්ධනාගාරයේ දී දෑස් උගුලුවා මරා දැමූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටුමනී) හා දොස්තර රාජසුන්දරම් යන අය ගේ ප්‍රකාශ සහ දෙමළ විමුක්ති සටනේ සාධාරණ මතක පවා තමන් සන්තකයේ තබා ගත්තෙකි. බොහෝ අවස්ථාවල එම ප්‍රකාශ සංවේදීව පුනරුච්චාරණය කළ කෙනෙකි.

  • හිර ගෙදර විශ්වවිද්‍යාලයක් ද...? - Ideas front වීඩියෝවක්

    හිර ගෙදර සම්බන්ධයෙන් ලංකාවේ වාමාංශිකයින් තුළ පවතින්නේ සදාචාරාත්මක මතයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • හිරගෙදර දී බන්ධනාගාර නිලධාරීන් අපරාධකරුවන් ලවා සතුරන් ඝාතනය කරන්නේ කෙසේ ද...?

    2026 මීගමුව සහ 1983 වැලිකඩ හිරගෙවල් තුළ දී සිදු වූ සාහසික මිනිස් ඝාතනවලට එළියක් ලබා දෙන්නට මේ බන්ධනාගාර නිලධාරියා ගේ සාක්කිය ප්‍රයෝජනවත් වෙතැයි මට සිතේ.

  • හිරු එක්ක හැප්පෙන්න ආණ්ඩුවට කැපෑසිටියක් නෑ - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

    ආණ්ඩුවේ පැවැත්මට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සමග හිරු මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

  • හිරු නාලිකාව තහනම් කල යුතුද? | Shiral Lakthilaka

    හිරු නාලිකාවෙ බලපත්‍රය අහෝසි කරන්න කියලා ප්‍රගතිශීලී මාධ්‍ය කරුවකු වන තරිදු උඩුවරගෙදර සහෝදරයා කරන අඩහැරය දෙස අයිතිවාසිකම් පිලිබද සංවේදී පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ.

  • හිරු වෙනුවෙන් විපක්ෂ නායක පෙරට..!

    වත්මන් රජය අදහස් පළ කිරීමේ නිදහසට බාධා කර ඒකාධිපති පාලනයකට රට ගෙන යන්න උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.

  • හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග

    හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග2022 වසරේ ජූලි මස 07 වනදා අධිකරණ නියෝග කඩ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 15 නියෝග කළේ ය.

  • හිරුණිකා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක් යළි නොවැමිබර් 02වන දා කැඳවීමට නියෝග

    පොලිස් පනත සහ මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන  සිද්ධිය සම්බන්ධයෙන්,

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු සැකකරුවන් 15  දෙනාට එරෙහිව  විභාග වන නඩුවට අදාලව නීතිපති උපදෙස් ලබාගෙන නොවැම්බර් 2 වන  දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම  කුරුඳුවත්ත පොලිසියට අද (17)  නියෝග කළේ ය.

  • හිරුණිකා ගේ අභියාචනය සැප්තැම්බර් 23 යළි කැඳවීමට නියෝග

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට පැනවූ සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාග කිරීම සැප්තැම්බර් 23 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් අද (06) නියෝග කළේ ය.

  • හිරුණිකාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවයි

    2022 වසරේ ජූලි මස 07වන දා අධිකරණ නියෝග කඩ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 18 නියෝග කළේ ය.

  • හුනුපොළගම වජිර ශ්‍රී නම් චිවරධාරියකුට විරුද්ධව CIDයට පැමිණිල්ලක්

    සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ආන්දෝලනාත්මක පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ඒ, අස්ගිරි මහා විහාරය මගින් සසුනෙන් නෙරපා හරින ලද හුනුපොළගම වජිර ශ්‍රී නම් චිවරධාරියකුට විරුද්ධවයි.

  • හෘද රෝගීන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්: මාසයක් ඇතුළත සැත්කම් කිරීමට පහසුකම්

    රජයේ රෝහල්වල හෘද සැත්කම් සඳහා මාස ගණනාවක් ගතවන දීර්ඝ පෝලිම් අවසන් කර, හෘද රෝගයක් හඳුනාගෙන මාසයක් ඇතුළත සැත්කම සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න