අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කර අදට (28) මසක් සම්පූර්ණ විය.
විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විනිසුරුවරුන්ට එරෙහි විවේචන වහා නවතනු! - අධිකරණ සේවා සංගමය
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය අසමත් යැයි පැවසීම අපහාසයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව සඳහන් වුව ද සභානායකවරයා ගේ කතාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය අසමත් යැයි පැවසූ බැවින් එය අපහාසයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විමල් වීරවංශගේ සත්‍යග්‍රහය අවසන්
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් කර ඇත
විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදීමට දුරකථන අංක කිහිපයක්
2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකතන අංක හඳුන්වා දී ඇත.
විෂමාචාර චෝදනා සහිත අක්කරෙපත්තුව රෝහල් අධිකාරී ආරක්ෂා කරන්නෙ කවුද? – GMOA විමසයි
නැගෙනහිර පළාතේ කල්මුනේ ප්‍රදේශයේ අක්කරෙයිපත්තු මූලික රෝහලෙහි වෛද්‍ය අධිකාරිවරයා ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝහල තුළ සිදු කෙරෙන සියලු කටයුතු අර්බුදයට ලක් වෙමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
වෛද්‍ය වර්ජනය නිසා රෝහල් කටයුතුවලට බාධා
ඉල්ලීම්කිහිපයක්මුල්කරගනිමින්රජයේවෛද්යනිලධාරින්ගේසංගමයවිසින්ආරම්භකළපැය 48කවැඩවර්ජනයමේවනවිටක්රියාත්මකවේ.
ශතවර්ෂයක පටන් දිවයිනටම නුවණ බෙදන දැනුම් යාත්‍රාව කොළඹ මහජන පුස්තකාලයේ අපූරු ඉතිහාසය.
ඔබ පොත්පත් කියවීමට නිබඳව ම ආශාවක් දක්වන්නෙකු නම් මෙම ලිපියෙන් ගෙන එන ස්ථානය පිළිබඳව ඔබ අනිවාර්යයෙන් ම දැන සිටීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය.
එසේ නොවූවත්, ඔබ කොළඹ නගරයේ සැරිසරන අයකු නම්, ඒත් ඔබ මෙම ස්ථානය ගැන දැන සිටීමට පුළුවන. මෙම දැනුම් ගබඩාව අන් කිසිවක් නොව කොළඹ මහජන පුස්තකාලය යි.
ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළ යාමක්
පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කළ හැකි ද යන්න සැක සහිතයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ශීලාචාර මෙන් ම ශිෂ්ටසම්පන්න විශිෂ්ට පුරවැසියකු බවට පත් කිරීමට දෙමාපියන් කෙතරම් උත්සාහ කළ ද, අද රට යන දිශාව දෙස බලන විට: සදාචාර, ශිෂ්ට සම්පන්න, උගත්, බුද්ධිමත්, දරු පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙනවා ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

