රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේලාවට - නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්‍යාංශය අසමත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසී ය.
ඉදිරි මාස හතර තුළ ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වළක්වා ගැනීමේ අවදානමකට රට මුහුණ දෙනු ඇත. පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි ද එසේ නොවේ නම් නැවත රටට ම බලපාන විදුලි අර්බුදයක් නොවැළැක්විය හැකි වනු ඇත.
2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
පෙර පැවති බෝගම්බර බන්ධනාගාරය සහ නුවර රිමාන්ඩ් බන්ධනාගාරය විතැන් කරමින් කාන්තා රැඳවියන් 400 ක් සහ පිරිමි රැඳවියන් 2500ක් රැඳවීමට පහසුකම් සැපයීමට සහ නිලධාරීන් සඳහා නිල නිවාස 102ක් සහිතව දුම්බර බන්ධනාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, එහි ප්‍රතිශෝධිත ඇස්තමේන්තුව අනුව, සමස්ත පිරිවැය රුපියල් මිලියන 4363ක් බවත්, මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා වැඩ අධීක්ෂණ කටයුතු ඉංජිනේරු උපදේශක සමාගම (ECL) ආයතනය මගින් සිදු කරන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසි ය.
මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටී.
නවක ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීම අරමුණු කර ගෙන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේ 2025 වර්ෂයට අදාළ ඉදිරිපත් වූ අත්පිටපත් අතරින් හොඳම අත්පිටපත් සඳහා චෙක්පත් ප්රදානය කිරීමේ දෙවන අදියර 2026 ජනවාරි මස 21 වන දින මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.
හිටපුඅමාත්යප්රසන්නරණතුංගටපනවාතිබූවිදේශගමන්තහනමතාවකාලිකවලිහිල්කරනලෙසටකොළඹමහේස්ත්රාත්අධිකරණයනියමකරතිබේ.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවස යි.
කළිඳු ගේ ප්‍රශ්නත් ප්‍රශ්න ද...?
වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා සමග පසුගිය දා දෙරණ 360 ' වැඩසටහනේ දී කළිඳුට තිබුණු ' මාර ප්රශ්නය ' කුමක් දැයි අපේ අත්තම්මා සීයා ගෙන් ඇසුවා ය.
මතභේදයට තුඩුදුන් ටෙන්ඩරයේ පළමු ගල් අඟුරු තොගයෙන් ඩොලර් මිලියන 02කට අධික පාඩුවක් අය කර ගැනීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරයි.
මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අන්තර් හුවමාරුවේදී අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
වර්තමාන වෛද්‍ය විද්‍යාවේ රෝග විනිශ්චය සඳහා X-ray, CT scan, සහ MRI වැනි විකිරණ පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ. නමුත්, ඇතැම් රෝහල් පටු ලාභ පරමාර්ථ කරගනිමින්, නිසි වෘත්තීය සුදුසුකම් නොමැති පුද්ගලයින් මෙම පරීක්ෂණ සඳහා යොදවන බව නිරීක්ෂණය වී ඇත. මෙය ඔබේ ජීවිතය දැඩි අවදානමකට ලක් කරන ක්‍රියාවකි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කර ඇත.
මෑත ඉතිහාසයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම් අනුව වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේ දී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය බිය ගන්වා තමන්ට අවශ්‍ය දේ කරගන්නට මෙම ආණ්ඩුව උත්සාහ කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි 165,200ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් විසින් ආරම්භ කළ එක්දින වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8ට දිවයින පුරා සියලු රෝහල්වල ආරම්භ විය.
යුරෝපයේ ස්ථාවරත්වය පැවතියේ ඇමරිකාවේ ආරක්ෂක වැඩ පිළිවෙළ මත බැවින් ඇමරිකාව මේ වන විට යුරොපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා යම් මිලක් ගෙවිය යුතු බව පවසන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

