'ගෝඨාට අයෙත් කඩේ යන්නේ නැහැ': හොරුන්ට ඉඩ දෙන්නෙත් නැහැ'' - විශ්‍රාමික මේජර් කියයි (වීඩියෝ) 

'ගෝඨාට අයෙත් කඩේ යන්නේ නැහැ': හොරුන්ට ඉඩ දෙන්නෙත් නැහැ'' - විශ්‍රාමික මේජර් කියයි (වීඩියෝ) 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා යයි තමන් විසින් සිදු කල ප්‍රකාශය ගැන කණගාටු වන බව 'මවුබිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කළේය.

තමන් ඉදිරියේ කිසිඳු දිනයක  ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකරන බවත් ඔහු සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා කල යුතු බවට මොහු පසුගිය කාලයේ මාධ්‍ය හමු කිහිපයක්ම පවත්වා අවධාරණය කර සිටි අතර එනිසාම ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු එම පක්ෂයේ  මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම වැඩි ප්‍රහාරයට ලක්වීමට ඔහුට සිදුවිය.

ගෝඨාභය නිසා කාපු කෑමක් !

 පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයකු ලෙස කටයුතු කරන විශ්‍රාමික හමුදා නිලධාරී  අජිත් ප්‍රසන්න මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී කල ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී පිළිතුරුදුන් වෙල්ගම මන්ත්‍රීවරයා , අජිත් ප්‍රසන්න මහතාව හැඳින්වුයේ ' රටම දන්න පිස්සකු' ලෙසය.

''ප්‍රසන්නලට උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නහැ. ගමත් අතහැරලා ගහිල්ලා වෙන ප්‍රදේශයක පදිංචියට ගිය මිනිහෙක්.  ඡන්ද පන්දාහක්වත් ගන්න බැරි මුළු රටම දන්න පිස්සෙක් එක්ක මම මොකටද කතා කරන්නේ'' මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවුවද වෙල්ගම මහතාගේ එම ප්‍රකාශයෙන් පසු ඊයේ මාධ්‍ය හමුවක් කැඳවූ අජිත් ප්‍රසන්න මහතා වංචා දුෂණ වලට සම්බන්ධ කිසිවකුට මින් ඉදිරියේදී තම සංවිධානය සහය නොදක්වන බව කියා සිටියේය.
වීඩියෝ 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න