සත්වෝද්‍යාන ආපනශාලා ටෙන්ඩරයේ පණු ප්‍රශ්නයක් !

සත්වෝද්‍යාන ආපනශාලා ටෙන්ඩරයේ පණු ප්‍රශ්නයක් !

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ ආපනශාලාවේ ටෙන්ඩරය මීට පෙර අධ්‍යාපන අමාත්‍යාශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි සී ආපනශාලාව අසතුටුදායක ලෙස පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ලබා දීමට මේවන විට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මෙසේ චෝදනා කරන අතර අදාළ පාර්ශවය විසින් උක්ත ආපනශාලාවේ නිතරම වාගේ පණුවන් සහිත ආහාර අ‌ෙලවි කරනු ලබන බව මාධ්‍ය වාර්තා කළේ 2018 අප්‍රේල් මාසයේ (ඇමුණුම 1) වන අතර  දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ මෙම ආපනශාලාවේ ටෙන්ඩරය ඔහුට පිරිනැමීමට සැරසෙන්නේ හරියටම ඉන් මාස තුනක් ඉක්මයාමට මත්තෙන් වීම පුදුම සහගත බවද සඳහන් කර ඇත.

papare cut

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

2018/02/19 දින සිට වසරක කාලයක් සදහා ඔහුට අධ්‍යාපන අමාත්‍යාශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි සී ආපනශාලාව පවත්වාගෙන යාම සදහා ලබා දුන්නද 2018/05/01 දින ලිපියක් යවමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් ඔහුගේ අසතුටුදායක සේවය මත ගිවිසුම එම ගිවිසුම අවසන්කරන බවයි. එපමනක් නොව ඔහු විසින් තබන ලද කාර්ය සාධක ඇපකරය වන රැපියල් 150000.00 මුදලද රාජසන්තක කරන ලදී. (ඇමුණුම 2)  තවද එකී ටෙන්ඩර්කරු පින්නවල සත්ව උද්‍යානයේ ආපනශාලාව අසතුටුදායක ලෙස පවත්වාගෙන ගිය පුද්ගලයෙක් වශයෙන්ද මීට පෙර නම්කර  ඇත.
දහස් ගණන් පාසැල් ළමයින් ආහාර ලබා ගන්නා  දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ ආපනශාලාව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් මෙවැනි පුද්ගලයෙකුට ලබා දීමට කටයුතු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම වන ජීවී ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයා විසින් දැරිය යුතු බව අප සංවිධානය දැඩිව අවධාරණය කරන අතර වහාම මෙම ටෙන්ඩර්කරුට  එම ටෙන්ඩරය ලබා දීම වලක්වාලන ලෙසද ඉල්ලා සිටිමු.

Education de letter

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න