ප්‍රශ්න අවසන් - කරාපිටියේ යළිත්  හදවත් සැත්කම්  !

ප්‍රශ්න අවසන් - කරාපිටියේ යළිත්  හදවත් සැත්කම්  !

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ මධ්‍යම වායු සමීකරණ  පද්ධතියේ ඇතිවී තිබු ගැටළුවට විසඳුම් ලැබීම නිසා අද (18)  සිට යළි හෘද සැත්කම් කිරිම ආරම්භ කළ බව  කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ සඳහන් කර සිටියි.

හෘදශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රියවී ඇති  මධ්‍යම වායු සමීකරණ පද්ධතියේ ගැටළුවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා ඉකුත් සදුදා හා අගහරුවාදා යන දිනවල හෘද සැත්කම් කිරිමෙන් ඉවත්ව සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අක්‍රීය වී ඇති මධ්‍යම වායු සමිකරණ පද්ධතිය  වෙනුවට නව වායු සමීකරණ පද්ධතියක් සවි කිරිම සඳහා ටෙන්ඩර් කර  සමාගමකට ලබා දී ඇත.
මධ්‍යම වායු සමීකරණ පද්ධතිය සවි කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස  සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අදාළ සමාගමට දන්වා ඇත.  එම ලිපියේ පිටපතක්  නාමල් ගමගේ වෛද්‍යතුමාට ද ලැබී ඇත.

මෙකී ගැටළුවට විසඳුමක් ලැබීම නිසා යළි හෘද සැත්කම් ආරම්භ කිරිමට තිරණය කළ බව  විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න