පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් සඳහන් කර ඇත.
යාපනයේ දී මාධ්‍ය අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර එම අපරාධ කල්ලි පිටුපස ඉන්නේ කවුදැයි තමන් නොදන්නා නමුත් උතුරු පළාතේ කුඩා ව්‍යවුහය තුළ පොලිස් බලතල නිසි ලෙස ක්‍රියාවට නංවා සුමාන දෙකෙන් මේ අපරාධ සහ විවිධ කල්ලි නවත්වන්නට හැකි බවද පවසා ඇත.
එසේම මධ්‍යම රජයෙන් පොලිස් ස්ථාන පවත්වාගෙන යාම ගැටළුවක් බවත් එහෙයින් පළාත්බදව පොලිස් බලතල ලබාදීම කෙරෙහි රජය අවධානය යොමුකළ යුතු බවද එහිදී ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.