මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයකටද යන්න සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එකඟතාවක් නොමැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණය ක්‍රමය ගැන අධ්‍යනය කරමින් එල්ලවෙන විවේචන පිළිබඳ අවධානය යොමු කර යෝජනාවලියක් සකස් කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා උපදෙස්ල
බාදුන් බවත් ඒ අනුව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන්කර සිටියි.
එමෙන්ම මැතිවරණය කල් යාම තම පාර්ශවයේ යෝජනා අතර නොමැති බවත් දැනට සම්මත වී ඇති මැතිවරණ ක්‍රමය හරහා මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබේවි යැයි අපේක්ෂාවෙන් යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.