ලංකාවට පොඩි කාර් සුනාමියක් ! 

ලංකාවට පොඩි කාර් සුනාමියක් ! 

එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම බොහෝ සෙයින් වැඩිවීම හේතුවෙන් විදේශ විනිමය පිට රටට ගලාගෙන යෑම වැළැක්වීමට එම ධාරිතාවයට අයත් වාහනවල බදු වැඩි කිරීමට කටයුතු කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (02) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර අමාත්‍යවරයා,  

“අපි 2018 අයවැයෙන් එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒ තුළින් මේ රටේ වාහන ලබාගන්නා ජනතාවට විශාල සහනයක් වුණා වගේම. ඒතෙක් තිබුණ ක්‍රමය නැවැත්වීම මගින් රජයට අහිමි වූ ආදායමත් විශාල වශයෙන් ඉහළ ගියා. මේ ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියට යන ගමන්ම අපිට පෙනුණා පොඩි වාහන ලංකාවට ගෙන ඒම සුනාමියක් බවට පසුගිය කාලයේ පත්වෙමින් තිබුණා.

ජනවාරි සිට මැයි මාසයට පමණක් එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන හැම මාසයකම වගේ 4500ක් පමණත් මේ කාණ්ඩයේ වෑන් මසකට 1000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආවා. මෙය අපේ විදේශ විනිමය අනුපාතයට විශාල පීඩනයක් ඇතිවුණා.

මෙය ඩොලරය අවපාත වීමටත් හේතුවක්. පසුගිය වසරේ පළමු මාස පහට වාහන සඳහා භාවිත වුණ විදේශ විනිම ඇමෙරිකානු ඩොලර් මිලියන 316 එමේ වසරේ ඒම කාලයට එය දෙගුණයක් වෙලා ඩොලර් මිලියන 666ක් බවට පත්වෙලා ති‌යෙනවා. මහ බැංකුවේ ඉල්ලීම මත මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීරණයක් ගත්තා.

මේ බද්දත් අපි 2014ට වඩා ගෙවූ බද්දට වඩා අඩුයි. පසුගිය රජයේදී 1000CC වාහනයකට 150%ක බද්දක් රාජපක්ෂ රජය අයකළා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න