ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරින් ඉවත් වූයේ වෛද්‍ය සභාව තුළ සිදුවන ඇතැම් කටයුතු පිළිබඳව කලකිරීම නිසා බව වෛද්‍ය සභාවේ හිටපු සභාපති මාහාචාර්ය කොල්වින් ගුණරත්න සඳහන් කරයි.
ගෙවී ගිය මාස 09 තුළ විශාල වැඩ කොටසක් ඉටුකිරීමට සැලසුම් කළත් සභාවේ සාමාජිකයන්ගේ විවිධ ක්‍රියා කලාප නිසා කරන්නට හැකි වුයේ බොහෝම පොඩි වැඩ ප්‍රමාණයක් බවද හෙතෙම මහාචාර්යවරයා පවසා ඇත.
එසේම වසර 40ක රාජ්‍ය සේවය තුළ ලද තනතුරුවලින් ඉවත් වූ එකම තනතුර වූයේද වෛද්‍ය සභාවේ සභාපති තනතුරින් ඉල්ලා අස්වීම බවද ඔහු පවසා ඇත.