ඉන්දියන් සාගරයේ  මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීන සහය 

ඉන්දියන් සාගරයේ  මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීන සහය 

ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීන කොමියුනිස්ට් පක්ෂෙය් හා එරට ජනතාවගේ පූර්ණ සහාය ලැබෙන බව චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ග්ඔ යෙඡු (Hon Guo Yezhou)  මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  හමුවේ පවසා ඇත. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරම්භ කළ  “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ මේ සඳහා අනුබල ලැබීමේ අවකාශයන් උදාවන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය ග්ඔ යෙඡු  මේ අදහස් පළ කළේ අද (02) උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදීය.  

චීන කොමියුනිස්ට් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අතර දශක ගණනාවක් තිස්සේ පැවැත එන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කරගෙන ඇත. 

ශ්‍රී ලංකාවටත්, එක්සත් ජාතික පක්‍ෂයටත් චීන කොමියුනිස්ට් පක්ෂය නිරන්තරව ලබාදෙන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිත පිරිස වෙත සිය ස්තුතිය පළ කර ඇති අතර  ඉදිරියේ දී දෙපාර්ශ්වය අතර තරුණ හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකර තිබේ.

a5

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න