ග‍්‍රාමීය ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලූ ජනතාව සතුටින් සිටීම තමාගේ ද සතුට නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ වැලිකන්ද, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (02) පස්වරුවේ එක්වෙමිනි.
"පිබිදෙමු පොළොන්නරුව" සංවර්ධන වැඩසටහන යටතේ නව සංවර්ධන ව්‍යාපෘති 180 ක් තෙදිනක් තුළ ජනගත කිරීමේ වැඩසටහන අනුව සංවර්ධන ව්‍යාපෘති 60 කට ආසන්න ප‍්‍රමාණයක් ජනතා අයිතියට පවරාදීම පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් අද දිනයේ දී ද සිදු විය.
දීර්ඝ කාලයක් පුරා පොළොන්නරුවට සිදුවූ සංවර්ධනයේ අසාධාරණය මගහරවමින් එහි ජනතාවගේ හිතසුව පිණිස කි‍්‍රයාත්මක කෙරෙන මෙම සංවර්ධන සංග‍්‍රාමය තුළ දිස්ති‍්‍රක්කයේ පාසල්, රෝහල්, මාර්ග, ජල යෝජනා ක‍්‍රම, නිවාස, කී‍්‍රඩාපිටි හා කි‍්‍රඩාගාර මෙන්ම ආගමික සිද්ධස්ථාන ද පුළුල් සංවර්ධනයකට ලක් කෙරෙන අතර දේශපාලන බේදයෙන් තොරව මැති ඇමතිවරු විශාල පිරිසක් මෙන්ම විද්වතුන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් මෙම දින තුන පුරා පොළොන්නරුවේ රැඳීසිටිමින් මෙම විවෘත කිරිම් සඳහා එක්වීම විශේෂත්වයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ප‍්‍රදේශයේ ජනතාව ද මහත් උනන්දුවකින් යුතුව මෙම වැඩසටහන් සඳහා එක්ව සිටියේ තම පළාතේ සංවර්ධනයේ සිහින මල් ඵල ගැන්වීම පිළිබඳ හදපිරි සතුටින් යුතුව බවද එහි සඳහන්ව ඇත.
එම නිවේදනයට අනුව අද දිනයේ ද ජනගත කෙරුණු සංවර්ධන ව්‍යාපෘතින් අතරින් වැඩිම ප‍්‍රතිලාභ හිමිව ඇත්තේ රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් වෙත වන අතර දිස්ති‍්‍රක්කයේ පාසල් 40 කට ආසන්න ප‍්‍රමාණයක සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති අද දින සිසු අයිතියට පත්කර ඇත.
රුපියල් මිලියන 22 ක වියදමින් වැලිකන්ද, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉදිකර තිබෙන නව පංතිකාමර ගොඩනැගිල්ලද සිසු අයිතියට පැවරීම ජනාධිපතිවරයා අතින් සිදුව තිබේ.
එහිදී විද්‍යාලයේ පිරිසිදු පානීය ජල ගැටලූව පිළිබඳ මෙහිදී සිසු දරුවන් ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙන අතර පාසල සඳහා නව ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතියක් කඩිනම් ලබාදීමට සහ පාසලේ ආරක්ෂිත වැට ඉදිකිරීම, කි‍්‍රඩාපිටිය සංවර්ධන කටයුතු, නව ශ‍්‍රවණාගාරයක් ලබාදීම ඇතුළු තවත් අඩු පාඩු කිහිපයක් සපුරාලීම සඳහා ලබන සතිය වන විට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එසේම අද දිනය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට පැවරීම ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියි.