බැසිල්ගෙන් පොහොට්ටුවට වාරණයක්

බැසිල්ගෙන් පොහොට්ටුවට වාරණයක්

ඊයේ (02) ලිප්ටන් වටරවුමේ පැවති ජනබල සේනා විරෝධතාවය සඳහා පොදුජන පෙරමුණ  නියෝජනය කරමින්  කිසිවෙකුත් සහභාගීවී නොමැති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පොදුජන පෙරමුණ නියෝජනය කරන කිසිවකු මේ අවස්ථාවට සහභාගීව නැත්තේ බැසිල් රාජපක්ෂ විසින් සිදුකල දැනුම්දීමකට අනුවය. 

එසේම මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගෝඨාභය පාර්ශවය මැදිහත්වය. එසේම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අතර  කඩිනමින් ආණ්ඩු බලය ඇල්ලිය යුතු බවට අදහසේ සිටින පාර්ශවද මේ සඳහා සහභාගීව ඇත.

කෙසේ වුවත් මේ සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට විරෝධයේ සංවිධායකයන් කටයුතු කර ඇති අතර  පොදුජන පෙරමුණ නොවන බැසිල් පාර්ශවය නියෝජනය කරන කිහිපදෙනෙකුව ඊට සහභාගී කරවන්නට මැදිහත් වන ලෙසද එහිදී ඉල්ලා ඇත. එසේ නැති වුවහොත් ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් ඇති බව ඔප්පු වනු ඇති බවත් එය තවදුරටත් අනාවරණයවීම දේශපාලන අවාසියක් බවත් ඔවුන් හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත.

එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා බැසිල් පාර්ශවය නියෝජනය කරන කිහිපදෙනෙකු අමතා විරෝධතාවට එක්වන ලෙස පෞද්ගලිකව දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් බැසිල් පාර්ශවය නියෝජනය කරන කිහිපදෙනා මේ සඳහා සහභාගීව ඇති නමුත් එහි වෙනත් කිසිඳු කටයුත්තකට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න