ජාතික මංකොල්ලකරුවන්ට එරෙහිව නීතිය කඩිනම් කල යුතුයි - පාඨලී 

ජාතික මංකොල්ලකරුවන්ට එරෙහිව නීතිය කඩිනම් කල යුතුයි - පාඨලී 

ඒකාබද්ධ විපක්‍ෂය, රටටවත්, රටේ ජනතාවටවත්, රටේ අනාගතයටවත් පාර හැදෙන තැනක් නොවන බවත් රට තුළ ජාතික මංකොල්ලයන් ගෙන ගිය පුද්ගලයින්ට නීතිය කඩිනමින් කි‍්‍රයාත්මක විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ  රත්නපුර සමන් දේවාලය ආශ‍්‍රිතව සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි. 

පසුගිය වසර 30ක කාල පරාසය තුළ රත්නපුර සමන් දේවාලය සහ ඒ ආශ‍්‍රිත ගොඩනැගිලි කිසිදු සංවර්ධනයකට නතු වී නොතිබූ අතර මහානගර ඇමති චම්පික රණවකගේ උපදේශකත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරිය එහි සංවර්ධන කටයුතු සිදු කරයි. 

මාස 2 කට පෙර ඇරඹි මෙම සංවර්ධන කටයුතු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධික්‍ෂණය යටතේ ක‍්‍රමිකව සිදුකෙරේ. 

මේ වන විට මහා සමන් දේවාලයේ උඩු වියන සම්පූර්ණයෙන් සංවර්ධනය කර අවසන්ව ඇති අතර ඒ අවට ගොඩනැගිලිවල ප‍්‍රතිසංස්කරණ කටයුතු ද සිදුවේ.

තවද සමන් දේවාල භූමිය සතු ඉපැරණි ඓතිහාසික ගොඩනැගිලිවල සවිමත් භාවය සහ ආරක්‍ෂාව තහවුරු කිරීමේ ප‍්‍රතිසංස්කරණ ද සිදු වෙමින් පවතී. සමන් දේවාලයේ ප‍්‍රධාන වාහල්කඩ සහ ප‍්‍රවේශ දොරටුව සංවර්ධනයට මුදල් ප‍්‍රතිපාදන වෙන් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

මෙම සියළු සංවර්ධන කටයුතු සමන් දේවාලයේ මහා පෙරහැර පැවැත්වෙන සැප්තැම්බර් 22 වන දිනට ප‍්‍රථම අවසන් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබෙ දෙන ලදි.

එම නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා, ‘ඇත්ත වශයෙන්ම මේ රජයට ලබාදුන් ජනවරමේ කොටසක් උනේ ජාතික මංකොල්ලය ගෙන ගිය පිරිස්වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර යුක්තිය ඉටු කරයි කියන බලාපොරොත්තුවෙන්. මමත් පිළි ගන්නවා ඒ පැත්තෙන් අපේ ආණ්ඩුවෙත් අසාර්ථක භාවයක් තිබෙනවා. පටන් ගත්තේ ඇවන්ගාඞ්වලින් ඇවන්ගාඞ් එකම පාවා දුන්නා මේ ආණ්ඩුවේ ප‍්‍රබල චරිත තුනක් එකතු වෙලා. අද ඔප්පු වී තිබෙනවා නාවුක හමුදාවට රුපියල් කෝටිය ගානේ දවසට එනවා. මෙය ඉස්සර ගියේ පුද්ගලයින්ගේ සාක්කුවලට, විදේශ ගිණුම්වලට. එතනින් පටන් ගෙන මහ බැංකු ගණුදෙනුව, ඒ වගේම එන්ට‍්‍රස්ට් සිදුවීම වගේ මහාපරිමාණ ගණුදෙනු හරහා  රජය පිළිබඳව විශ්වාසය කිසියම් දුරකට බිඳ වැටී තිබෙනවා. එය නිවැරදි කර ගැනීම ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ ප‍්‍රබල වගකීමක්. ජනතාවගේ මනාපයෙන්, ඡන්දයෙන් ඇවිල්ලා ජාවාරම් කාරයින්ට අවශ්‍ය විදිහට හැසිරෙන පුද්ගලයෝ ගැන තීරණ ගැනීම ජනතාවගේ වගකීමක්.

 ඒ වගේම මේ කරුණු කියා දුන් අය හැටියට අපි පොරොන්දු වෙනවා ජනතාවට මේ පිළිබඳව අඛණ්ඩ අරගලයක නියැලෙනවා. මම තමයි මුලින්ම 2015 ජනවාරි 21 සාමාන්‍යයෙන් අද රටේ තිබෙන අධිකරණ ක‍්‍රමයට මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. ඒ නිසා විශේෂ අධිකරණයක් අවශ්‍යයි කියන යෝජනාව ගෙනාවේ. එදා ඒ සඳහා අනුමැතිය ලැබුනේ නැහැ. නමුත් පසුව හැමොටම එය අවශ්‍ය කාරණයක් හැටියට පිළිගන්න සිදුවෙලා තිබෙනවා. අද ඒවා ස්ථාපිත කරන්න කටයුතු කර තිබෙනවා. අපි බලාපොරොත්තු  වෙනවා එමගින් යුක්තිය ඉටු වෙයි කියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා, ඒකාබද්ධ විපක්ෂයේ හොඳ චරිත ඉන්න පුළුවන් නමුත්, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පවුලෙන් පිට කිසිම කෙනෙකුට පදවියක් තානාන්තරයක් ලැබෙන්න දෙන්නේ නැහැ. එතුමාගේ සහෝදරයින්ටත් වඩා දැන් එතුමාට වැදගත් වෙලා තිබෙන්නේ එතුමාගේ දරුවෝ.

ඒ අනුව ඉදිරි කාලයේ දරුවන්ට අවශ්‍ය විදිහට පාර හදනවා මිස, ඒකාබද්ධ විපක්‍ෂය රටටවත්, රටේ ජනතාවටවත්, රටේ අනාගතයටවත් පාර හැදෙන තැනක් නෙමෙයි"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න