පානදුර පුරවරයේ පිහිටි ඉපැරණි වලව්වක් මේ දිනවල දේශාපාලන හිතතුන්ගේ සහ පානදුර පොලිසියේ අයගේ සහයෝගයෙන් කඩා ඉවත් කරමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.
මෙම වලව්ව අවුරුදු 150ක් පමණ පැරණි අතර එම වලව්ව පිහිටි භූමිය පෞද්ගලික ආයතනයකට විකුණා ඇති බවයි ඔවුන් පවසන්නේ.
එම ආයතනය මගින් එහි නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා මෙම වලව්ව කඩා ඉවත් කරන බවයි ප්‍රදේශවාසීන් අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය සමග කියා සිටියේ. මෙම ඉපැරණි වලව්ව මෙරට සිටි කිර්තිමත් පුද්ගලයකු වූ දීපාල් සුසන්ත ද ෆොන්සේකා (Link) නම් පුද්ගලයෙකුට අයත් ව තිබූ එකක් බවත් පැවසේ.
වලව්ව කඩා ඉවත් කිරීම නවතා දෙන ලෙස ප්‍රදේශවාසීන් පානදුර පොලීසියෙන් ඉල්ලීම් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු තැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ලිපියක් මගින් දැනුම් දී ඇත.
එම ලිපියේ පිටපත පහත දැක්වේ.




