ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන වෘත්තිය සමිති සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (13) පැවති රැස්වීමේදී දෙපර්ශයක් අතර මත ගැටුමක් හටගෙන තිබේ.
හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති, මහින්ද කහඳගම මහතා ද මේ රැස්වීමට එක්ව සිටි අතර එම රැස්වීමට මහින්ද කහඳගම මහතාව පොලීස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා අවශ්‍ය පැමිණිල්ල ගොනු කළ සමස්ත ලංකා ත්‍රි රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයසේකර මහතාද පැමිණ සිටියේය.
ඔහු දුටු සැණින් මහින්ද කහඳගම මහතා ඊට සිය විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් මෙලෙස පිටත්ව ගිය බව වාර්තා වෙයි.
කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් අනතුරුව සාකච්ඡාව ආරම්භ වූ අතර එහිදී මහින්ද කහඳගම මහතා මෙම හමුව සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සිය අප්‍රසාදය පළ කළේය.
වීඩියෝ

