පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජ් මහතා ඝාතනය සහ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධි සම්බන්ධයෙන් නාවික හමුදාවේ සිටි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් එකළොස් දෙනකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බී/732/2009 නඩු විභාගයට අදාලව මොහුව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය ඉල්ලා සිටියේය.
ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ සහාය ඇතුව මෙරටින් පළා ගොස් සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ දන්වා සිටි අතර, එහිදී කීපවරක්ම ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබිණි.
සැකකරුව අත්අඩංගුවට ගන්නා විට ව්‍යාජ හැඳුනුම්පතක් සහිතව, රැවුල සහ කොන්ඩය වවා භාහිර පෙනුම වෙනස් කරගෙන දොම්පේ ප්‍රදේශයේ වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවද දැනගන්නට ඇත.

