සුපිරි මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව ඝාතනය කිරිමේ සැලැස්ම පිළිබඳව පෑලියගොඩ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මාලගමුව මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර අද (15) ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට පෑලියගොඩ පොලිසියෙන් කෙරුණු දැනුම් දීමක් අනුව ඩිලන්ත මාලගමුව මහතා පොලිසියට ගොස් අදාළ ප්‍රකාශය ලබාදී ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලගමුව මහතා සඳහන් ඇත්තේ පොලිසිය තමාගෙන් දිර්ඝව ප්‍රශ්න කර තොරතුරු සටහන් කර ගත් බවත් තමන් දන්නා තොරතුරු සියල්ල පොලිස් නිලධාරියාට එහිදී පැවසු බවත්ය.
තමා ඝාතන කිරිමේ සැලැස්ම පිළිබඳව ඉදිරියේ දී ජනාධිපතිවරයා ද හමුවී කරුණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවද මාලගමුව මහතා වැඩිදුරටත් පවසා ඇත.
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව කැළණිය ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු තමන් ඝාතනය කිරීම සඳහා දැනට බන්ධනාගාර ගතකර සිටින පාතාල සාමාජිකයකුට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි මීට පෙර මාලගමුව මහතා මාධ්‍ය වෙත පවසා තිබිණ.

