රෝසිගෙන් වැටුප් දන්සැලක් !

රෝසිගෙන් වැටුප් දන්සැලක් !

කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌ දක්‌වා වැඩි කිරීමට නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව නගර සභාවේ මුදල් පිළිබඳ ස්‌ථාවර කාරක සභාව විසින් අනුමත කර ඇත.

පෙරේදා (13 වැනිදා) අනුමත කර ඇති මෙම යෝජනාවට අනුව මන්ත්‍රී දීමනාව සඳහා එම මහා නගර සභාව මාසිකව අමතරව දැරිය යුතු මුදල රුපියල් 53,55,000 කි.

මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාව ඉකුත් 26 වැනිදා නරගාධිපතිනිය මහා සභා රැස්‌වීමට ඉදිරිපත් කර තිබූ අතර පසුව එය අනුමැතියට එදින මුදල් කාරක සභාවට යොමු කරනු ලැබීය. මන්ත්‍රීවරයකුට මෙම දීමනාවට අමතරව දුරකථන, ප්‍රවාහන හා මුද්දර වියදම් සඳහා මාසිකව අමතර දීමනාවක්‌ දැනටමත් හිමිවෙයි.

මන්ත්‍රීවරුන් 53 ක්‌ව පැවැති කොළඹ නගර සභාවට නව මැතිවරණ ක්‍රමයෙන් පසුව මන්ත්‍රීවරුන් 119 දක්‌වා වැඩිවිය. මෙම 119 දෙනාගේ මාසික දීමනාව සඳහා රුපියල් 23,80,000 ක්‌ දැනට මාසිකව වැය වෙයි.

මේ අතර මෙම දීමනා වැඩි කිරීමේ යෝජනාවට නොසතුට පළ කරන බව කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය (පොජපෙ) පෙරේදා නගරාධිපතිනියට ලිඛිතව දැනුම් දී ඇත.

සමස්‌තයක්‌ ලෙස ජනතාව මේ වන විට ආර්ථික හා සමාජයීය වශයෙන් ආර්ථික දුෂ්කරතාවට මුහුණදී ඇති නිසා ඒ වෙනුවෙන් ඔවුන් සවිබල ගැන්විය යුතුව ඇති බවත් එවන් අවස්‌ථාවක මෙසේ දීමනා වැඩි කිරීම යෝග්‍ය නැති බවත් ඇය පෙන්වාදී තිබේ.

සභික දීමනා ප්‍රමාණවත් නොවුණත් මේ මොහොතේ දීමනා වැඩි කිරීමට ගත් තීරණය සුදුසු නැති බවත් ඇය පෙන්වා දෙයි.

මේ පිළිබඳව කළ විමසීමේදී මන්ත්‍රීවරිය සඳහන් කළේ නගරාධිපතිනියගේ යෝජනාව මුදල් කාරක සභාව අනුමත කර ඇති බවයි.

– divaina

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න