නේවි සම්පත්ගේ පැටිකිරිය එළියට :  ප්‍රශ්න කරන්න පැය 48ක්

නේවි සම්පත්ගේ පැටිකිරිය එළියට :  ප්‍රශ්න කරන්න පැය 48ක්

ඝාතන සහ පැහැරගැනීම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි හෙවත් නේවි සම්පත් කලක් මලයාසියාවට පලා ගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු එහි සිට අපරාධ ක්‍රියා මෙහෙය වූ බවට සැක මතුව තිබෙන බවත්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

2008 - 2009 වසර වලදී කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිම, ඔවුන් රදවා තබා ගනිමින් කප්පම් ලබා ගැනිම යන චෝදනා යටතේ දැනටමත් නේවි සම්පත් නැමැත්තාට එරෙහිව නඩු පවරා ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

 නේවි සම්පත් ඊයේ (14) අත්අඩංගුවට පත් වුයේ කොළඹ කොටුව ලෝටස් මාර්ගයේදී වන අතර ඒ ඔහු  පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණ තිබු අතර දුරකථන සේවා සපයන ආයතනයක් තුලට යාමේදිය. 

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට මෙම පුද්ගලයා පිලිබද සැක සිති ප්‍රශ්න කර ඇති අතර අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.

අත්අඩංගුවට ගත් සැකකරුව ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා හමුවට ඉදිරිපත් කර අතර එහිදි පැය 48ක කාලයක් රදවා ගෙන ප්‍රශ්ණ කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න