2002 එදා අගමැතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ නායකතුමා රෝම ප්‍රඥප්තියට අත්සන් නොකළ නිසා රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාම වැළකුණ බවත් මෙදා යුද්ධයට සම්බන්ධ රණවිරුවෙකු විදුලි පුටුවට හෝ කිසිම අධිකරණයක් ඉදිරියට ගෙනියන්න ඉඩ දෙන්නේ නැති බව තමන් අධිකරණ භාර ඇමතිවරිය හැටියට වගකීමෙන් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික් සාමාදාන
විනිශ්චයකාරවරුන් සදහා පත්වීම් ලිපි ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයේදී අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය,
2002 රෝම ප්‍රඥප්තිය කියලා එකකට අත්සන් කරන්න අපේ අගමැතිවරයා හැටියට යෝජනා වුණා.හැබැයි එතුමා ඒකට අත්සන් කළේ නැහැ.අත්සන් කළා නම් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ විභාග වන නඩු වලට පාර්ශ්වකරුවන් වෙන්න ඉඩ තිබුණා.එහෙනම් අන්න යුද්ධය තුළ නොයෙකුත් ලෙස හංවඩු ගහපු චෝදනා ලැබු අපේ රණවිරුවන් ගෙනියන්න තිබුණා.එදා ගත්ත තීරණය නිසා කිසිම රණවිරුවෙක් කිසිම අධිකරණයක් ඉදිරියට ගෙනියන්න බැහැ.
ඒ ගෙනියනවා නම් ගෙනියන්න පුළුවන් එකම අය අපි විතරයි.ඒ ශ්‍රී ලංකා අධිකරණයකට විතරයි.මොකද කිවුවේ 2015 ජනාධිපතිවරණයේදී අපේ නායකයා විදුලි පුටුවේ තියන්න හදනවා කියලා.මම වගකීමක් ඇතිව කියනවා මේ රටේ අධිකරණ භාර ඇමතිවරිය හැටියට කියනවා .කිසිම කෙනෙක් විදුලි පුටුවට හෝ යුද්ධයට මොනයම් ආකාරයකට සම්බන්ධ රණවිරුවෙකු කිසිම අධිකරණයක් ඉදිරියට ගෙනි යන්න යුද්ධය මුවාවෙන් අවස්ථාවක් දෙන්නේ නැහැ.අපට පුළුවන් අපේ රටේ ප්‍රශ්න රට තුළ විසදගන්න .අපට ඉතා හොද අධිකරණ පද්ධතියක් තිබෙනවා.බුද්ධිමත් උගත් විනිශ්චයකාරවරුන් අපේ රටේ ඉන්නවා.දැන් බොරු ප්‍රචාර යවනවා රණවිරුවන්ට දඩුවම් කරන්න හදනවා.යුධ අධිකරණයට ගෙනියන්න හදනවා කියලා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

