අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන බව දන්වා ඇති නමුත් තමා කැඳවීමට හරි හැටි හේතුවක් නොදන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.
අද (15) මීගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ස්වාධීන කණ්ඩායමක් වශයෙන් කටයුතු කළද කථානායකවරයා විපක්ෂ නායක ධූරය ලබාදීම සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර පසුගිය ආණ්ඩුව විසින් ගොඩනගන ලද රට වත්මන් ආණ්ඩුව විනාශ කළ බවද පවසා ඇත.
කෙසේ වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ අදාළ කාරණය සම්බන්ධව නිසි දැනුවත් කිරීමක් හිටපු ජනාධිපතිවරයාට සිදුකර ඇති බවය.
එසේම මේ වන විට මාධ්‍ය හරහාද අදාළ කාරණය ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව පෙනී යන්නේ හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව ජනතාව නොමගයවන සුළු ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් ඒ තුළ දේශපාලන වාසි ගැනීමට තරම් මුග්ධත්වයක් ආරෝපණය කරගෙන ඇති බවය.
මේ අතර ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබ තිබෙන බව ලංකාදීප වාර්තා කර ඇත.
නමුත් අප වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන් වන්නේ හිටපු ජනාධිපතිගේ කොළඹ විජේරාමේ පිහිටි නිවසට ගොස් අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බවය.
ඊට අදාළ පුවත පහත දැක්වේ.

