බස් වර්ජනයට බස්  හාම්පුතුන් විරුද්ධයි !

බස් වර්ජනයට බස්  හාම්පුතුන් විරුද්ධයි !

රථවාහන දඩ වැඩිකිරීම සම්බන්ධව නිකුත්කර ඇති නව දඩ පත්‍රිකාවට  විරෝධය පල කරමින් ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට දීපව්‍යාප්තව වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව  සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසයි.

එම සංගමයේ සංවිධායක යූ.කේ කුමාර රත්න  සදහන් කළේ තම ගැටළුවට බලධාරින් ස්ථීර විසදුමක් ලබාදෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මෙරට මාර්ග පද්ධතිය නවිකරණය කරන තුරු පැරණි දඩ පත්‍රිකාව  ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පවසයි.  

එසේම බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහය ලබාදීමට ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ද තීරණය කර තිබේ.

එහි සභාපති සුනිල් ජයවර්ධන  සදහන් කරන්නේ තම  සංගමයේ දිවයින පුරා සිටින ලක්ෂ දෙකකට අධික සාමාජිකයින් මෙම වර්ජනයට සහයෝගය ලබා දෙන බවය.

නමුත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන්කර සිටින්නේ  මෙම වැඩවර්ජනයට සහය ලබා නොදෙන බවය.

මේ අතර අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න විපුලගුණ ද සඳහන් කරන්නේ සේවකයින් ආරම්භ කර ඇති මෙම වැඩවර්ජනයට තම සංගමය ද සහය පල නොකරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න