පොහොට්ටු හිතවාදීන්ට බැසිල් ගැන සැකයක් !

පොහොට්ටු හිතවාදීන්ට බැසිල් ගැන සැකයක් !

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරන බවට බැසිල් රාජපක්ෂ කර ඇති ප්‍රකාශය සැකකටයුතු බවත්, ඒ පිටුපස පැහැදිලිවම යටි අරමුණක් තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අගෝස්තු එකොළොස් වැනිදා පවත්වන බවත් එහිදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර, ''මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට වැඩ කළාට වඩා ඉහලින් ඔහුට වැඩ කරන බව'' බැසිල් රාජපක්ෂ පැවසු බවට පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ එම ප්‍රකාශයකයා ඉහත කාරණය අවධාරණය කළේය.

තම අනන්‍යතාවය හෙළිදරව් නොකරන්නැයි ඉල්ලා සිටිමින් තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා, බැසිල් රාජපක්ෂ මේ මොහොතේ එවැනි ප්‍රකාශයක් කලේ, මේවනවිට තහවුරු වී ඇති කරුණු කිහිපයක් නිසා ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂට තරඟ කළ නොහැකිබව හොඳාකාරවම දන්නා නිසා බව අවධාරණය කර සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා මෙවනවිටත් සියලු කටයුතු සුදානම් කරමින් සිටින බැසිල් රාජපක්ෂ, ගෝඨාභයට තරඟ කළ නොහැකි බව ප්‍රකාශයට පත්වූ වහාම ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත්වීමට සුදානම් බව දැනුම්දීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසිය.

''මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට වැඩ කළාට වඩා ඉහලින් ගෝඨාට වැඩ කරන බව' බැසිල් රාජපක්ෂ කියා ඇතත් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයවූ බවද බැසිල් රාජපක්ෂට දැන් අමතක වී ඇතැයි ද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න