ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තය ගැන : අගමැති රනිල්ගෙන් නිවේදනයක් !

ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තය ගැන : අගමැති රනිල්ගෙන් නිවේදනයක් !

ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් ගත් පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන්නේ ලඩක් ප්‍රාන්තයේ සියයට හැත්තෑවක බෞද්ධ ජනගහණයක් වෙසෙන නිසා, ඉන්දීය රජය ගත් මෙම අභ්‍යන්තර තීරණයත් සමග බෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බවය.

තමන් ලඩක් ප්‍රදේශයේ සංචාරය කර ඇති බැවින්, එහි සුන්දරත්වය හොදින් අත් විඳ ඇති බව පවසන වික්‍රමසිංහ මහතා එය සංචාරය කිරීමට සුදුසු සොඳුරු පළාතක් බව ද සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ladkh

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න