තාජුඩීන් ඝාතනය : වෛද්‍ය ආනන්දටත් අධිචෝදනා

තාජුඩීන් ඝාතනය : වෛද්‍ය ආනන්දටත් අධිචෝදනා

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී වසීම් තාජුඩීන් මහතාව ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බව පෙන්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද මැදිහත්ව නාරාහේන්පිට පොලිස් ස්ථානයේ සටහන් පොත් පවා වෙනස් කර තිබිණි.

එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වූ ආනන්ද සමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් මරණ පරීක්ෂණ වාර්තාව ඔවුන්ට අවශ්‍ය ආකාරයට සකස් කරදී තිබුණු අතර තාජුඩීන් මහතාගේ ඇතැම් අස්ථි කොටස් අතුරුදන් කර තිබිණි.

මෙම අස්ථි කොටස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිදුකළ විමර්ශනයේදී වරදකරු බවට ඔප්පු වූ ආනන්ද සමරසේකර මහතාගේ වෛද්‍ය බලපත්‍රය ද මාස 6ක් සඳහා අත්හිටුවන ලදී.

මෙම ඝාතනයේ සැබෑ මිනීමරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර දැනට මෙහි සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් හියපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට, නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිට සහ අද දිනයේ වෛද්‍ය ආනන්ද සමරසේකරට අධිචෝදනා ගොනු කර ඇත.

LNW

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න