යල කන්නයේ වී ගොවියන්ට වැඩි මිලක් : වජිරගෙන් සහතිකයක් !

යල කන්නයේ වී ගොවියන්ට වැඩි මිලක් : වජිරගෙන් සහතිකයක් !

යල කන්නයේ වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරු හරහා සිදුකරමින් වෙනදාටත් වඩා වැඩි මිලක ට වී මිලදී ගැනීමට රජය සැළසුම් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඊයේ (08) දිසාපති සමුළුවේ දී ප්‍රකාශ කළේය.

දිසාපති සමුළුව සියලුම දිසාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී අමාත්‍ය වජිර අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අමාත්‍ය වජිර අබේවර්ධන එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

''පසුගිය වසරේ දිසාපතිවරු හරහා වී මිලදී ගැනීම ඉතාමත්ම සාර්ථකව සිදුවුණා. මේ නිසා වී ගොවියන්ට සාධාරණයක් සිදුවුණා. මේ වසරේ දී දැන් යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ඒ ආකාරයෙන් සිදුවිය යුතුයි. මෙවර අස්වැන්න වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව තමයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. රජයත් වෙනදාට වඩා වැඩි මිලක් වී සඳහා ලබාදෙන්න සැළසුම් කර තිබෙනවා."

දිසාපති සමුළුව සඳහා සහභාගී වූ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා මෙසේ පැවසීය.

“ පසුගිය වර වී මිලදී ගැනීම කිසිදු වංචාවක් දූෂණයක් නැතිව සිදුවුණා. ඒ් පිළිබඳව මම දිසාපතිවරුන්ට ස්තූතිවන්ත වෙනවා. මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සහ ඔබතුමන්ලා ළඟ ඇති වී තොග අපි අළෙවි කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කළ යුතුයි. වී මිල වැඩි කිරීම ගැන අගමැතිතුමාගේ අදහසක් තියෙනවා. මේ දිනවල මඩකලපුව, අම්පාර වැනි දිස්ත්‍රික්කවලත් උතුරු පළාතේ වී අස්වැන්න නෙලමින් පවතිනවා. ඒ නිසා අපි වී මිලදී ගැනීමේ කටයුත්ත සිදු කළ යුතුව තියෙනවා. ගිය වසරේදී වී මෙක්ට්‍රික් ටොන් 50,000කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගත්තේ. මෙවර ගොවීන්ගෙන් එයට වඩා ප්‍රමාණයක් යල කන්නයේ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. ටෙන්ඩර් මගින් වී අළෙවි කරන විට ලංකාවේ ව්‍යාරිකයෝ එක්කෙනෙක්, දෙදෙනෙක් තමයි මේ වී තොග ගන්නේ. මේ නිසා කුඩා මෝල් හිමියන්ට අසාධාරණයක් වෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා අමාත්‍යතුමා එතුමාගේ අමාත්‍යාංශය හරහාත් ඔබතුමාලා සමඟ සාකච්ඡාකර, සුළු වී මෝල් හිමියන් 300ක් පමණ නගාසිටුවීමට වීශාල වැඩකොටසක් කළා. වී මිලදී ගැනීම සහ දැනට ඇති වී තොග අළෙවි කිරීම සම්බන්ධයෙන් අපට වැඩපිළිවෙලක් තියෙනවා. මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල උතුරු පළාත්වල වී අස්වැන්න නෙළන නිසා, අලුතෙන් වී මිලදී ගැනීමට කොපමණ මුදලක් අවශ්‍ය ද යන්න සහ ගබඩා පහසුකම් පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කළ යුතුව තියෙනවා.” යැයි කීය.

මොණරාගල දිස්ත්‍රික්යේ බඩල්කුඹුර, සියඹලාණ්ඩුව සහ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිලි අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම ඇතුළුව රුපියල් ලක්ෂ ලක්‍ෂ 11,560 වියදමකින් ගිරාඳුරුකෝට්ටේ ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම, රුපියල් ලක්ෂ 325ක වියදමකින් ඉදිකරන ලද පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමද ඒ අතරින් සිදු වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න