පුවත්

බැසිල් පුංචි ජන්දයට ලෑස්තියි !
ඊළඟ මැතිවරණය පළාත් පාලන ආයතන වෙනුවෙන් බව වාර්තා වෙයි.
ඒ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සිදුකළ අනාවරණයක් නිසාය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බවය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ අපේක්‍ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ එහිදී පවසා ඇත.
ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට පෞද්ගලිකව තමාත් පොහොට්ටු පක්‍ෂයත් සූදානම් බව ද ඔහු සඳහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය නොහැකි බව ද ඔහු කීය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගැටලු ගණනාවක් මතුව තිබෙන හෙයින් ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බව බැසිල් රාජපක්ෂ පවසා ඇත.
මේ මස 9 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධපුර නගරයේදී පළමු මැතිවරණය ප්‍රචාරක රැස්වීම පවත්වන බව ද ඔහු කීය.
පළාත් පහක මැතිවැණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට දැනටමත් සැළසුම් කර ඇතැයි ද ඔහු පවසා ඇත.
අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන අද බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ආරම්භ කරනු ලැබීය.

තවත් කොවිඩ් මරණ 23ක්: මුළු කොවිඩ් මරණ ගණන 15,515ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (02) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,515කි.

පාඨලීට අධි චෝදනා කියවීමට දින නියම වෙයි !
රාජගිරියේදී තරුණයකු අනතුරට ලක් කළ බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහි අධිචෝදනා කියවා දීම සඳහා නඩුව ලබන ජූනි 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධීකරණ විනිසුරු නාමල් බලල්ලේ නියම කළේය.
මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරියේ කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව නඩුව විභාග කිරීමට දින නියම කරන බවද දැනුම් දුන්නේය.
2016 වසරේදී රාජගිරියේදී සදීප් සන්දීප නැමැති තරුණයා අනතුර ලක් කර පළා ගිය බවට නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහිව නඩු පවරා තිබේ.

වැඩ ලක්ෂයක් සමග : බැසිල් ජනාධිපති සටන අරඹයි ?
සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ව්‍යාපෘතිය අද (03) පෙරවරු 8.52ට යෙදුණු සුබ මොහොතින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ආරම්භ කළේය.
රට සමෘද්ධිමත් දේශයක් කරා රැගෙන යාම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ඊට අදාළ මාධ්‍ය හමුවකදී සඳහන් විය.
එහිදී මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රට අසීරු අවස්ථාවක පැවතියද පස්වැදෑරුම් සංවර්ධන ක්‍රියාවලියක් මේ හරහා දියත් කිරීමට නියමිත බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ රාජපක්ෂ කඳවුර තුළ ඊළඟ ජනාධිපති අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වීමට වැඩි ඉඩක් පවතින බවයි.
පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් නැවත මැතිවරණයක් සඳහා සහභාගි නොවන බව පැවසීමත් සමග බැසිල් රාජපක්ෂ වැඩි වැඩියෙන් පෙරට පැමිණ රාජපක්ෂ කඳවුරේ ගැලවුම්කරු තමන් බව හැගෙන ආකාරයට දේශපාලන කටයුතු දියත්කර ඇති බවත් ඔවුන් පවසයි.
කෙසේ වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම තීරණය වෙනස් කිරීමක් සහ මහින්ද රාජපක්ෂ විසින් 2024 ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොකිරීමක් සිදුවන තැනට බැසිල්ගේ දේශපාලන කටයුතු ඉදිරියට පැමිණ ඇති බවත් ඔවුන් නිරීක්ෂණය කර දක්වයි.

උතුරු කොරියාවෙන් ආයුධ ගත්තද ? බැසිල්ගේ ප්‍රකාශයට SF ගෙන් ප්‍රතිචාර !
මෙරට සිවිල් යුද්ධය අවස්ථාවේ ලංකා රජය උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා දිවයින පුවත්පත වෙත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද දැඩි අවධානයක් යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පවා ප්‍රචාරයක් ලබාදුන් අතර එය ලංකාවේ කීර්ති නාමයට මැකිය නොහැකි කැලලක් බව දේශපාලන විචාරකයන් පවසයි.
යුද්ධය දිනවූ හමුදාපති බැසිල්ගේ ප්‍රකාශය ප්‍රතිකේෂ්ප කරයි !
කෙසේ වුවත් යුද සමයේදී කළු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රතිකේෂ්ප කරයි.
ඔහු පවසන්නේ ප‍්‍රධාන වශයෙන්ම එකල ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත්තේ චීනයෙන් බවයි.
එමෙන්ම චෙකෝස්ලෝවැකියාවෙන් සහ පාකිස්තානයෙන්ද ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත් බවද හෙතෙම සදහන් කරයි.

ඔමික්‍රෝන් ගැන අවධානයෙන් දේශපාලනය කරන්න : රනිල්ගෙන් උපදෙස් !
එජාප උද්ඝෝෂණ, විරෝධතා සහ දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේදී දිනෙන් දින උග්‍ර වන ඔමික්‍රෝන් වෛරසය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කර ක්‍රියා කරන ලෙස , හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් ලබාදී ඇත.
ඔහු මේ උපදෙස් දුන්නේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද (3) පැවති සාකච්ඡාවකදීය.
දිවයිනේ සෑම ප්‍රදේශයකම ඔමික්‍රෝන් රෝගීන් වැඩි වශයෙන් හමුවන තත්ත්වයක් යටතේ පක්ෂයේ දේශපාලන නායකයන්ගේ මෙන්ම පාක්ෂිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ගැන මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දැනුවත් කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ දේශපාලන දර්ශනය අනුව ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් සංවිධානය කිරීමෙිදී කටයුතු කළ යුත්තේ ඔමික්‍රෝන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් බවද එජාප නායක රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් වල වැඩිදුරටත් සඳහන් වේ .

IMF නිසා : ආණ්ඩුවේ ඊළඟ ගෝරිය බැසිල් සහ කබ්‍රාල් අතර !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් පතන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
එහිදී මහ බැංකු අධිපති පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සඳහන් කළ බව මුදල් අමාත්‍යවරයා පවසා ඇති බවයි.
මුදල් අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති සාරව මූල්‍ය ඒකක සඳහා තාක්ෂණික වැඩසටහනක් ගොඩනැගීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවත් වෙන කිසිවක් මෙහි නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පවසන්නේ මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩකිරීම සම්බන්ධයෙන් පරස්පර අදහසක සිටින බව මේ හරහා පෙන්නුම් කරන බවයි.
පසුගිය කාලයක් තිස්සේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවතින මූල්‍ය අර්බුදය සමනය කරගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීම ප්‍රතිකේෂ්ප කළ ස්ථාවරයේ සිටි බවත් නමුත් ආණ්ඩුවේ බැසිල් පාර්ශ්වය නියෝජනය කරන පිරිස දිගින් දිගටම IMF යාම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ බවත් ඔවුන් පෙන්වා දෙයි.
තවද රටේ ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබන මුදල් අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ මහ බැංකු අධිපති විසින් යළි අර්ථකථනය කිරීම මුදල් අමාත්‍යවරයාව අභියෝගයට ලක්වීමක් ලෙසත් අවධාරණය කරන දේශපාලන විචාරකයන් වැඩිදුරටත් පවසන්නේ ඒ හරහා පිළිඹිබු වන්නේ මෙරටට ආර්ථික කටයුතු සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම බවත් පෙන්වා දෙයි.
මේ තත්ත්වය දිගටම පැවතීම තුළ ඊළඟ අර්බුදය මුදල් ඇමති සහ මහ බැංකු අධිපති අතර හටගනු ඇති බවත් , ඔවුන් පවසයි.

කාදිනල් මැල්කම් රංජිත් නිදහස් උත්සවය වර්ජනය කරයි !
මෙවර නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තීරණය කර ඇත.
එසේම සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමටත් තීන්දුවක් ගෙන ඇත.
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (3) මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ අතර, ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුනොවීම සහ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව එහි සේවය කරන මුනීන්ද්‍රන් නැමති සන් ක්‍රිස්ටියන්වරයාගේ නිදහස අහිමි කර අසාධාරණ ලෙස අත්අඩංගුවේ තබාගෙන සිටීම යන කරුණු හේතුවෙන් බවත් පැවසීය.
එසේ වුවත් රටපුරා දේවස්ථානවල දී නිදහස් දින දේව මෙහෙයන් පැවැත්වෙන බවත්, කාදිනල්තුමන්ගේ නියෝජිතයෙක් නිදහස් දින රාජ්‍ය සැමරුමට සහභාගී වන බවත් පියතුන් සඳහන් කළේය.
ප්‍රශ්න ගත බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්‍ෂණ ගැන සෑගීමකට පත්නොවන බව හා එම පරීක්‍ෂණ කඩිනම් කළ යුතු බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය ද පොලීසියට පැවසූ බව කී සිරිල් ගාමිණී පියතුමන්, අහිංසකයන්ට වද හිංසා කරන පසුබිමක් තුළ එම දේවස්ථානයේ දේවමෙහෙය මෙවර පැවැත්වීම කළ නොහැකි බවට කාදිනල්තුමන් තීරණය කළ බව ද සඳහන් කළහ.

IMF ගැන එජාපය අමාත්‍ය මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පැහැදිලි කිරීමක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
එහිදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ අදහස් දක්වමින් පවසා ඇත්තේ , පසුගිය සතියේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා ප්‍රකාශ තුනක් නිකුත් කළ බවයි.
" රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලකට රජය එකඟ බව" පසුගිය පෙබරවාරි 2 වෙනිදා කැබිනට් ප්‍රකාශක ආචාර්ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබුණි. පෙබරවාරි 2 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනවිට ඉල්ලා ඇති බවය. පෙබරවාරි 3 වෙනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය සමාන්‍ය තාක්ෂණික ආධාර වැඩසටහනක් බවයි.
කෙසේ වුවත් වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹගේ පවසන්නේ , පසුගිය වසරේ නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන කටයුතු මෙරට පැවැති බැවින් මෙය තාක්ෂණික වැඩසටහනක්ද යන්න පිළිබඳව සැකයක් මතුවී තිබෙන බවයි.
රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න මුදල් ඇමතිවරයා නොදන්න බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවාද? යන ප්‍රශ්නයත් ඔහු මතුකරයි.
ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බූධයකට මුහුණ දී සිටින අවස්ථාවක රටේ පවතින ප්‍රශ්න මගහරවා ගැනීම සඳහා රජය තම සැලැස්ම මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවද, වර්තමානයේදී රටේ ආර්ථිකය අධීක්ෂණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැඩි කනස්සල්ලක් පවතින බවද කොළඹගේ තවදුරටත් පැවසීය.
එසේම වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිවැරදි තත්ත්වය කුමක්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයක් කිරීම අත්‍යාවශ්‍යයි. රජයේ පවතිත මේ අඛණ්ඩ ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිතභාවය මහජනතාව මුහුණදෙන දුෂ්කරතා තවත් වැඩිකරන බව අපේ හැඟීමයි.
රට මුහුණ දී සිටින මූල්‍ය ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා. අමාත්‍ය මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ගේ ඉදිරි සැලසුම් මහජනතාවට ඉදිරිපත් කිරීමේ වගකීම ඔවුන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

පුතා ඇතුලේ : අරුන්දික ඉල්ලා අස්වෙයි !
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
රාගම වෛද්‍ය පීඨ සිසුන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තුරු සිය ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව හෙතෙම පවසා ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ගේ පුතා ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප‍්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට ගනිමින් පොලිසිය පවසා සිටියේ රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට සිදු කරන ලද පහර දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කරන ලද බවයි.
අමාත්‍ය වරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට භාර වීමෙන් පසුවය.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසන්නේ ,තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක වාහනයක් රාගම වෛද්‍ය පීඨයට ගොස් ඇත්තේ ජ්‍යෙෂ්ට සිසුන්ගේ පහරදීමෙන් කනිෂ්ඨ ශිෂ්‍යයන් බේරාගන්න බවයි.
මෙම තොරතුරු තමන්ට වාර්තා වූ ඒවා බව ද පැවසූ ඔහු මේ ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකළ හොත් නිවැරදි තොරතුරු සොයාගත හැකි බවද පවසයි.
තමන් මෙම සිදුවීම දැනගත්තේ එදින පෙරවරුවේ බවත් අමාත්‍යාංශයට අයත් වාහන ගොස් සරසවි සිසුන්ට පහර දී ඇත්තේ නම් තමන් ඒ පිළිබඳව සමාව ඉල්ලන බව ද හෙතෙම කියා සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් පොලිසියක තමන්ගේ නමක් හෝ සටහන්ව නැති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
සිදුවීම සම්බන්ධයෙන් සාධාරණය පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් පවසන ඔහු එම පරීක්ෂණ සඳහා තමන්ගේ උපරිම සහාය දෙන බව ද කියා සිටියේය.
කෙසේ වුවත් පසුගියදා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් මේ පහරදීමට සම්බන්ධ බව ඔප්පු වුවහොත් ඉල්ලා අස්වීමට සූදානම් බවය.

බූස්ටර් එන්නත ගත් කිසිවෙකු මරණ අතර නෑ !
ජනවාරී 01වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ නගරයේ කොරෝනා ආසාදිතයින්ගෙන් බූස්ටර් එන්නත ලබා ගත් කිසිදු පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී නොමැති බව කොළඹ මහ නගර සභාව පවසයි.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (02) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර ඇත.
මෙතෙක් තමන්ට අදාල මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට කඩිනමින් එම මාත්‍රාව ලබා ගන්නා ලෙසටද මෙහිදී ඉල්ලීමක් සිදුකෙරුණි.
කෙසේ වුවත් මේ වන විට බූස්ටර් එන්නත සම්බන්ධයෙන් විවිධ මිත්‍යා අදහස් සමාජය තුළ ඉස්මතුව තිබේ. නමුත් වසංගත තත්ත්වයක් හමුවේ මුල්තැන දියයුතුව ඇත්තේ මිත්‍යාවට නොව විද්‍යාවටය.

ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ සිටි 09ක් නිදහස් !
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.
මෙසේ නිදහස් කරන සිරකරුවන් ගණන 09ක් වන අතර ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවය.
බන්ධන්ගාර මාධ්‍ය ප්‍රකාශක ,බන්ධනාගාර කොමසාරිස් චන්දන එකනායක පැවසුවේ, රුපියල් ලක්ෂ 50 ක ශරිර ඇප දෙක බැගින් එක් අයකුට ඊයේ (01) අධිකරණයෙන් ඇප නියම කර ඇති බවයි.
මෙලෙස ඇප නියම කර ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ රැඳවියන් මෙතෙක් ඇප කොන්දේසි ඉටු නොකිරිම හේතුවෙන් තවදුරටත් ඔවුන් බන්ධනාගාරගත කර සිටින බවයි.

හිජාස්ට ඇප දෙනවද නැද්ද ? තීන්දුව 07 !
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරිනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන නියෝගය ලබන 07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (02) දැනුම්දි ඇත.
ඒ තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් අද (2) සැලකිල්ලට ගත් අවස්ථාවේදීය .
මේනකා විජේසුන්දර නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි.

විමල්ගේ වත්කම් නඩුව කල් යයි !
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජුනි මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාර විමල් විරවංශ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් එම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව නඩු විභාගය ජුනි මස 17 සහ 28 යන දින වන සිදුකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවට අදාළව පිළිගැනීම් 66 ක් සලකුණු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය අවධානය යොමු කළහොත් මෙම නඩුව සියලු සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් දන්වා සිටියාය.
ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළේය.
2010 ජනවාරි මස 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල හා ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණි.

ඩොලර් මිලියන 500 යේ ණය ගිවිසුමට අත්සන් තැබෙයි !
ඉන්ධන අර්බුදයට සහන සැලසීමේ අරමුණින් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල් ලබාගැනීමට අදාළ ගිවිසුමට අද (02) අත්සන් තබා ඇත.
ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජිතයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර එම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ද එක්ව සිටියහ.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ටිව්ටර් සටහන තබමින් ප්‍රකාශ කර ඇත්තේ "අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි!" යනුවෙනි.

අද මරණ 19යි: මුළු කෙරෝනා මරණ 15,492ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,492කි.

බැසිල්ගේ අලුත් පනතට : විමල්ගේ නඩය විරුද්ධයි !
විශේෂ ජීඑස්ටී බදු පැනවීම සඳහා ඉදිරිපත් කරන නව බදු පනත මගින් මුදල් ඇමතිට තම හිතවත් මහා සමාගම් වලට බදු සහන දීම මගින් බදු වංචාව කරන්න ඉඩ ලැබෙන බවත් මේ නව පනත් බදු වංචා පනතක් ලෙස හැඳින්වීමේ වරදක් නැති බවත් ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි.
ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලීඩ් නිව්ස් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් 25%ක් පමණ එකතු කිරීමේ බලය මහා භාන්ඩාගාරයට ලැබෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු බලය මහා භාන්ඩාගාරයට ලැබෙන බවත් එහිදී ඔහු පවසයි.
එසේම මේ ක්‍රමය අනුව රේගුව සුරාබදු සහ දේශීය ආදායම් පනත් අනුව එකතු කළ යුතු බදු මේ ආකාරයට වෙනත් ක්‍රමයකට එකතු කරන්න හදන්නේ බදු වංචා සිදුකිරීමට අවස්ථාව ගැනීම සඳහා බවට ඔහු බරපතළ සැකසංකා මතු කරයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිස විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ කරගනිමින් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ජාතිවාදී මත සැකසූවන් අතර ප්‍රධානියකු ලෙස දේශපාලන විචාරකයන් හඳුන්වයි.
ඒ අනුව විචාරකයන් පවසන්නේ විමල් පාර්ශ්වය සහ බැසිල් පාර්ශ්වය අතර මේ සම්බන්ධයෙන් ද ගැටුම්කාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි.

කොරෝනා සමාජගත වෙලා කියලා හිතාගෙන වැඩකරන්න !
කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.
රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැයි පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය.
කෙසේ වෙතත් වෛරසය සමාජය තුල පැතිරී තිබේද පොකුරක් ලෙස පවතී ද යන්න පිළිබඳව විද්‍යාත්මකව සනාථ කිරීමක් මෙරට තුල තවමත් සිදු කර නොමැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
Page 373 of 464