Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත මුළු දිවයින ම ආවරණය වන පරිදි පවත්වනු ලබන විශේෂ රැස්වීම් මාලාවේ ගාලු දිස්ත්‍රික් අවසන් රැස්වීම ගාල්ල, හබරාදූව සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ කේන්ද්ර කොට ගෙන අද සවස ගාල්ල, උළුවටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන “අවුරුදු නැකත් සීට්ටුව” නිමවීම මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ගේ ඉල්ලීමක් පරිදි ආචාර්ය ජී. එම්. ගුණපාල ප්රමුඛ මේ රටේ සිටින ජ්යෙෂ්ඨතම ජ්යොතිර්වේදීන් පිරිසක ගේ සහභාගිත්වයෙන්, ඊයේ (14) උදේ පැපිලියාන සුනේත්රාදේවී මහ පිරිවෙන් විහාරස්ථානයේ පැවති විද්වත් සාකච්ඡාවක දී සිදු කළහ.
නවදිල්ලිහි පැවති India Today Conclave 2026 සමුළුවේ දී ශ්‍රී ලංකා දේශපාලනඥ නාමල් රාජපක්ෂ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටවල් අතර වැඩි සහයෝගිතාවක් සහ සංවාදයක් අවශ්‍ය බව පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව ඉරාන නාවික නෞකාවක් ගිලී යෑමෙන් කලාපීය ස්ථාවරත්වයට බලපෑම් ඇතිවිය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
