මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවූ අතර, එහි දී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කථිකාවතක් ගොඩනැංවීමට ඊයේ (3) සමත් විය.

