V2025

පුවත්

කොරෝනා මරණ 14,698 ක් දක්වා ඉහළට : මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 03 ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 21 ක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,698ක් දක්වා ඉහළගොස් ඇත.

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 3 ක්

මෙරටින් ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ තවත් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් හමුවූ පළමු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා ඉකුත් 3 වැනිදා හඳුනා ගත් අතර ඔහු නයිජිරියාවේ සංචාරය කර , මෙරටට පැමිණි පුද්ගලයෙකි.

තොරතුරු කොමිසමෙන් : ආචාර්ය අතුල සිරි සමරකෝන් ඉල්ලා අස්වෙයි !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා සාමාජිකත්වයෙන් ආචාර්ය අතුලසිරි සමරකෝන් ඉල්ලා අස්වී තිබේ.

වාර්තා වන ආකාරයට සිය ඉල්ලා අස්වීමට හේතු දක්වමින් ලිපියක් යොමුකිරීමටත් ආචාර්යවරයා කටයුතු කර ඇත.

පහත දැක්වෙන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසම නම් කිරීම සමග ඒ සම්බන්ධයෙන් මංජුල ගජනායක සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනකි.

මරුවා සමඟ වාසේ !!

මා කලෙක පටන් මැතිවරණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකව පැවති කල සිට ම මැතිවරණ කළමනාකරණ බළධාරීන්, දේශපාලන පක්‍ෂ හා පවත්වන සාකච්ජා සඳහා සහභාගී වුවෙක්මි. ඒ මැතිවරණ නිරීක්‍ෂණ ආයතන ප්‍රධානියෙක් ලෙසිණි. එවන් එක් අවස්ථාවක මඳක් හුරුපුරුදු අදහසක් සුපුරුදු හඬකින් ඇසුවෙමි. ඒ මහින්ද දේශප්‍රිය මහත්මාගේය. දිනෙන් දින ඉතා අශෝභන ලෙස කල්යන පළාත් පාලන ජන්ද විමසීම පිළිබඳ දේශපාලන පක්‍ෂ නායකයෙකුගේ විමසුමකට දුන් පිළිතුරක අන්තරගතය සඳහා ඔහු යොදාගත් එක් පිරුළක් වූයේ මහා ඇලෙක්සැන්ඩර් Gordian ගැටේ ලිහුවා වගේ තමයි දැන් මේක විසඳන්න වෙන්නේ කියාය. ගෝඩියන් ගැටේ ගැන අසා තිබුණද එහි ප්‍රායෝගික යථාර්තය වැටහුණු පළමු අවස්ථාව එය විය. පෙරදින එනම් දෙසැම්බර් මස 11 වැනිදින ප්‍රකාශිත තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ අභිනව සාමාජිකයන් පිරිස දෙස බැලූ කල ද මට නිරායාසයෙන් සිහිවුයේ මෙකී සංසිද්ධියයි.

මෙකී කොමිෂන් සභාව පිළිබඳව අප තුළ මැවී ඇති මනස් චිත්‍රය දීප්තිමත් එකක් වුවද එය මකුළු දැලක දිසි ජාලගත සංකීර්ණතාව ද සහිත එකක් යැයි නොසිතෙනවා නොවේ. එය මහින්ද දේශප්‍රිය මහතාගේ බසින්ම කියන්නේ නම් තක්කාලි සම්බෝල හා බෝල්ට් ඇන වැනි අබුද්දස්ස සම්මිශ්‍රණයකි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා සැබවින්ම සුහුරු බවක් දක්වන්නේ ''සිස්ටම් චේන්ජ් කිරීම'' ට නොව ඕනෑම සංකීර්ණ කලෙක කවර පුරවැසියෙකු හෝ තුළ ශේෂව පැවතිය හැකි අවසන් දේශපාලන සත්තාව හෙවත් ප්‍රතිෂ්ඨාව වුව නැතිභංගස්ථාන කිරීමට යැයි යෝජනා කිරීමට මා කැමැත්තෙමි. ඔහු තුළ පළාත් පාලන සභිකයෙකු සතු අවම දේශපාලන පරිචය හෝ පැවැත්තේ නම් ඔහු කිසිවිටෙක මෙලෙස පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නේ නැත.

අභිනව කොමිසම මෙපරිදිය. විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, ජගත් ලියනාරච්චි, කිශාලි පින්ටෝ ජයවර්ධන, විශ්‍රාමික විනිසුරු රෝහිණි වල්ගම සහ ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්. මෙහිලා ජගත් ලියනාරච්චි මාර්තු 12 ව්‍යාපාරයේ හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නාම යෝජනාව වූ අතර ජගත් සැබවින්ම තොරතුරු දැන ගැනීමේ පනත තම දිවියේ ඓන්න්ද්‍රිය අංගයක් සේ සලකන සුලවතෙකි. කිශාලි යනු පළමු කොමිසමෙහි බර කරට ගත් දිරිමත් කතයි. ඇය මෙරටේ තොරතුරැ පනතට පණදුන් මුලාරම්භක අවස්ථාව වූ වසර 2002 දී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව සකස්කළ ධවල පත්‍රිකාවට ද දායකත්වය දී තම නම ඉතිහාසයට එක්කල තැනැත්තියයි. ඇයගේ පුර්ව යෝජකයා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වුවද මෙවර ඇය පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ආශිර්වාදයෙනි. ඊට සමගාමීව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද ඇතුළත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය රෝහිණි වල්ගම විනිසුරුවරිය වෙත තම විශ්වාසය පළකොට ඇති අතර සැබවින්ම වල්ගම මැතිණිය පෙර කොමිසමෙහි ද සුවිසල් කාර්යභාරයක් සිදුකරන ලද නිහඬ චරිතයකි. ආචාර්ය අතුල සමරකෝන් උදෙසා සහය පළකොට ඇත්තේ සමාජ යුක්තිය සඳහා වූ ජාතික ව්‍යාපාරයයි (NMSJ). අතුල යනු බහුතර නිද්‍රාශීලී නිවට සරසවි ඇදුරු ප්‍රජාවක් මැද තම ශාස්ත්‍රාලීය පරිචය කිසිදින උගසට නොතැබු දීප්තිමත් සමාජ මඟ පෙන්වන්නෙකි. සමාජ යුක්තිය හා සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා පසු නොබා, පිටු නොපා පෙරට යන ඔහු දිදුලන ආවේගයක් සහිත සමාජ ක්‍රියාකාරිකයෙකි. මෙවන් සිව්දෙනෙකුන්ගේ නාම යෝජනා පිළිකෙව් නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා එහිලා පළකොට ඇත්තේ නිවුණු හා දැහැමි පිළිවෙතකි. එවන් ආධ්‍යාසයක් පළකළ ඔහුට අපගේ ආචාර සම්මාන හිමිය.

මාරක ළිඳේ ක්‍රීඩාව ඇරඹෙන්නේ දැන්ය. අර සිව්දෙනාගේ නායකයා උපාලි අබේරත්න මහතාය. ඔහු ජනාධිපතිවරයාගේ මෑත කාලීන පත්කිරීමක් වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ හිටපු සභාපතිවරයා වේ. එපමණක් ද නොව ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභාපතිය. එහිලා එක රටක් - එක නීතියක් හා සබැඳි කොමිසම ගලගොඩඅත්තේ ඥානසාර වෙත පිදූ ස්වරූපයද එක පෙළට විමසා බලන කල එළඹිය හැකි නිගමනයක් ඇත්තේය. එනම් ''දුවන බල්ලන්වෙත උම්බලකඩ පොලු වලින් දමා ගැසීම'' දැන් දැන් ජාතික ප්‍රතිපත්තියක් බවට පත්ව ඇත්තේය යන්නයි.

දැන් එක්කෝ ක්‍රිස්තු පුර්ව 333 දී පමණ මහා ඇලෙක්සැන්ඩර් පර්සියාවේ අගනගරය වෙත පැමිණ තම කගපත ළෙලවා රණශුරත්වය හා අධිරාජ්‍යත්වය තහවුරු කරනුවස් ගෝඩියන් ගැටය සැණෙකින් එහෙත් නොසිතු පරිදි ලිහුවේ යම් සේද, එක්කෝ ඉහත සාමාජිකයන් සිව්දෙනා තම අභිනව සභාපති හා සහවාස ගණුදෙනුවක් වෙත ගොස් ඔහුගේ ආත්මගත සෙයියමානය බිඳිය යුත්තේය. එසේත් නැත්නම් පෙර කොමිසමද හෙබවූ සුවිශිෂ්ඨ ශ්‍රී ලාංකේය පුරවැසි එස්. ජී. පුංචිහේවා මහත්මා සේ තම ඉල්ලා අස්වීම පෙරළා භාරදිය යුත්තේය. ඒ වරක් තම නම මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යැවුණු මොහොතේය.

මෙහිලා අපගේ යෝජනාව නම් වනයේ ලා කෙටුවද, කුල්ලේ ලා පෙලුවද, අච්චුවේ දා මැකුවද කිසිදා වෙනස් නොවන ඇත්තන් හලා පසුබැසීම කිසිදු ප්‍රගතියක් නොදිසි ප්‍රතිපත්තියක් බැවින් මොවුන් සිව්දෙනා කැත්තෙන් හෝ පොල්ලෙන්, එසේත් නොමැතිනම් කෙක්කෙන් හෝ කොක්කෙන් ප්‍රශ්න විසඳා ගැනීමේ මාවතක් වෙත අවතීර්ණව, කොමිසමෙහි ම රැඳී පුරවැසියා තෘප්ත කල යුතු බවයි.

කුමරතුඟු මුනිදසුන් තම කුමාරෝදයෙහි දී සද්දන්ත අලියා පෙරලුවේ කටුස්සා ලවා බැවින් සභාපති හා සමවාසය අවැඩක් නොවේ යැයි අපට නොසිතෙනවා නොවේ. මාගේ බිරිඳගේ පාසලේ ආදර්ශ පාඨය 'මඟ හරින්නෝ මඟ හැරෙති'' යන්නයි. එබැවින් තොරතුරු කොමිසමේ සාමාජිකයන් සිවුදෙනා හට ඇත්තේ මාරක ලිඳේ පතුල පෙණෙන නොපෙණෙන මානයේ වක්කලන් ගැසීම වන අතර එය බලන පුරවැසියෝ සිතනු ඇත්තේ ඔවුන් විනෝද ක්‍රීඩාවක් සඳහා එක්ව ඇතැයි යනුවෙනි. ඔවුන් අපට අපට විනෝදය සපයනු ඇත්තේ තම සමස්ත ආත්මයම සංත්‍රාසයට පත්කර ගනිමිනි.

අවසන සටහන් කල යුතු වෙසෙස් කරුණු දෙකකි. එකක් උපාලි අබේරත්න මහතාගේ නම් යෝජනා කල පාර්ශව හෝ පාර්ශවය කවුරුන්ද යන්නයි. (සොයාගෙන සම්මානයක් දියයුතු නොවැ). අනෙක් කරුණ නම් රජයේ සුවිශේෂී තනතුරක් දරමින් මෙහි රැඳීම ළබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය නොකරන්නේද යන්නයි. කරුණු මෙසේ පෙළ ගැසෙන්නේ නම් මතු යම් දිනෙක තොරතුරු කොමිසමට සිදුවනු ඇත්තේ හොරාගේ අම්මගෙන් පේන ඇසීමටය. වසර 2008 දී පමණ මා යම් කලක් ඉන්දියාවේ රැඳෙමින් තොරතුරු දැනගැනීමේ ඉන්දියානු ආදර්ශය පිළිබඳව හැදෑරුවෙමි. අපගේ උපදේශකයා වූයේ RTI ගුරු සුප්‍රසිද්ධ වෙන්කටේස්ය. එහිදී අප ධාරණය කරගත් එක් සත්‍යයක් නම් ඉන්දියාවට තොරතුරු දැනගැනීම ආගමක් හා සම විප්ලවීය සමාජ යාන්ත්‍රණයක් බවයි. ඊට සමගාමිව ලංකාවේ තොරතුරු අනාවරණය යනු ව්‍යාජ දේශප්‍රේමීන්ට අනුව NGO ව්‍යාපෘතියක් වන අතර එය හැකිතාක් පාගා දැමීමේ ප්‍රබල සිතිවිල්ලෙන් කල්ගෙවන පිරිස දාමරික හා ඕලාරික හැසිරීමක් සහිත සුළුතරයක් වූ රජයේ නිළධර පැලැන්තියයි.

දැන් මම ඔබෙන් අසමි.ඔවුන් හා උපාලි අබේරත්න අභිමුඛ වීම මනාලයෙක් හා මනාලියක් එක්ව පවත්වන මධුසමයක් විය නොහැකිද?

මංජුල ගජනායක

චීන නැවට වන්දි ගෙවන්න බැරි තරමට රට වැටිලා නෑ !

චීන සමාගමේ පොහොර නෞකාවට වන්දි ගෙවීමට බැරි තරමට රට තල්ලු වී නැතැයි ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

පොහොර නෞකාවට වන්දි වීම සඳහා ඩොලර් මිලියන හය හමාරක් කොහෙන්දැයි අසන අයට දිය යුතු පිළිතුර වන්නේ ජාත්‍යන්තර වෙළඳාම සිදු වන්නේ පාර්ශව දෙකක් අතර වුවද එහිදී ගනුදෙනු සිදු වන්නේ බැංකුව දෙකක් අතර බව යැයිද එහිදී ඔහු පැවසීය.

විපක්‍ෂය සිතා සිටින්නේ රටේ එකම ඩොලරයක් වත් නැතැයි කියා වුවත් දැනට සංචාරක ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බවත් විදේශ ශ්‍රමිකයන් ලක්ෂයට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇති බව අමතක නොකළ යුතු බවත් හෙතෙම පැවසීය.

රටේ පවතින ප්‍රශ්න එක රැයකින් අවසන් කරන්නට නොහැකි බවද පැවසූ ඔහු වසර දෙකක් තිස්සේ තිබූ වසංගතය යම් තරමක් සමනය වී ඇතත් අවසාන රෝගියා සුව තුරු රෝගය අවසන් වනු ඇතැයි ද සඳහන් කළේය.

වෛද්‍ය සාෆි යළි සේවයේ පිහිටුවන්නැයි උපදෙස්

වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් යළි සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයාට උපදෙස් දී තිබේ.

මීට අමතරව තහනම්ව සිටි කාලයේ වැටුපද ගෙවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් දී ඇත.

අදාළ ලිපිය පහතින් දැක්වේ,

01 

 

වැඩ බලන මුදල් ඇමති ජී.එල්

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විදෙස්ගත වීමත් සමඟ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය ජී.එල්.පීරිස් පත්කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඊයේ (15) අලුයම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති අතර එම සංචාරය සඳහා ඔහුගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂද එක්ව ඇති බව වාර්තා වේ.

සති කිහිපයකට මුදල් ඇමතිවරයා මෙලෙස විදේශගතව ඇති බව ආණ්ඩුරෙව් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

චීන නැවට වන්දි දෙනවාට මෛත්‍රී විරුද්ධයි !

රට ඉතාම අපහසු තත්ත්වයක පසුවන අවස්ථාවක චීන පොහොර නැව සඳහා සතයක් හෝ ගෙවීම තමන් අනුමත නොකරන බව හිටපු ජනාධිපති , ශ්‍රීලනිප සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ වන විට රට ඩොලර් හිඟයක් මත සිටින බවත් එවැනි පසුබිමක සිටින රටක් මේ ආකාරයට හැසිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු පවසයි.

විසඳුම අරගෙන : ජාතික ජනබලවේගය 20 එයි !

දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු ප්‍රගතිශීලී බලවේග ගණනාවක් නියෝජනය කරන ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව දෙසැම්බර් 20වැනි දින පෙ.ව. 9.00ට ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

‘බිඳවැටුණු මව්බිම ගොඩනඟන විසඳුම’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම නියෝජිත සම්මේලනයේදී රටේ අනාගත අභියෝග ජය ගැනීම සඳහා වගකීම් භාරගැනීමට සූදානම් ජාතික විධායක සභාවක් පත් කර ගැනීමට සහ රටට හඳුන්වාදීමට නියමිතය.

ආර්ථික වශයෙන් බිඳවැටී තිබෙන්නාවූද දේශපාලන, සංස්කෘතික, සමාජයීය ලෙස පරිහානියට පත්ව තිබෙන්නාවූද ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා මනුෂ්‍යත්වය, සමාජ සාධාරණත්වය, පරිසර හිතකාමිත්වය, ආර්ථික තිරසාරත්වය, ශ්‍රී ලංකා ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය, මහජන සහභාගිත්වය, ප්‍රශස්ත සම්පත් උපයෝජනය හා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය එකවිට සැලකිල්ලට ගන්නා නව ප්‍රවේශයක් සහිත දේශපාලන යෝජනා මාලාවක්ද එම සමුළුවේදී එළිදැක්වීමට නියමිතව ඇත.

ආණ්ඩුවේ ණය ගෙවීම, ආර්ථිකය සවිබලගන්වන මානව සම්පතක් බිහිකිරීම, නිෂ්පාදන ආයතන ව්‍යුහයන් ඇතිකිරීම, වංචා දූෂණ හා නාස්තිය පිටුදැකීම, නව සංවර්ධන ව්‍යාපෘති, සංස්කෘතිය, කලාව හා විනෝදාස්වාදය, සමාජ සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් මෙම යෝජනා මාලාව ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය විසින් පියවර ගෙන තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙම නියෝජිත සමුළුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වීමට නියමිතය.

යුගදනවියට එරෙහි පෙත්සම හෙටත් අධිකරණය හමුවේ !

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද( 16 )සහ හෙට (17) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලේ.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලෙනු ඇත.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර සිටිති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය, එහි සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපති වරයා ඇතුළු 54දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

උදය ගම්මන්පිල , විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඉකුත් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම්වලට පක්ෂව වි⁣රෝධතා කරනු ලැබූහ.

මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම්වලට පක්ෂව විරෝධතා ගොනු කිරීම විශේෂත්වයකි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා පෙනී සිටිති.

(Lankadeepa )

කොරෝනා මරණ 14,677 ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 16ක් අද වාර්තා කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,677ක් දක්වා ඉහළගොස් ඇත.

මෙලෙස මියගිය පුද්ගලයින් 16දෙනා අතර පිරිමි පුද්ගලයින් 11ක් සහ කාන්තාවන් 05දෙනෙකු ද වේ.

deth notice 833x1024

මාස 19 කට පසුව : කවියාට ඇප ලැබෙයි !

අහ්නාෆ් ජසීම් නම් මුස්ලීම් ජාතික කවියා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාස 19 කට ආසන්න කාලයක් ඔහුව රඳවාගෙන සිටිනු ලැබීමෙන් පසුවය.

රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත අහ්නාෆ් ජසීම් මුදා හැරීමට නියෝග කළ පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ දෙසැම්බර් 15 වැනි බදාදා වැඩි දුරටත් නියෝග කර ඇත්තේ ඔහු සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පුත්තලම කාර්යාලයේ අත්සන් කළ යුතු බවයි.

අහ්නාෆ් ජසීම්ගේ විදේස ගමන් තහනම් කිරීමටත් අධිකරණය ක්‍රියා කළ බව පලාත් බද වාර්තාකරුවෝ පවසති.

කවියකු සහ ගුරුවරයකු වන අහ්නාෆ් ජසීම් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද්දේ 2020 මැයි මස 20 වැනි දිනයේයි.

ඔහුගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ගොනු කර තිබු පෙත්සම දෙසැම්බර් 8 දිනයේ කැඳවන ලද අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුනේ අහ්නාෆ් ජසීම් ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවයි.

අහ්නාෆ්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති නඩුව විභාග වන විට අහ්නාෆ්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවත් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා තිබුනි.

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.

2020 මැයි 16 දා අත් අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් රඳවාගෙන සිටි ඔහු පසුගිය ජුනි මාසයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබුනි.

නත්තලට එළවළු මිල අහස උසට !

මේ වන විටත් බරපතළ ලෙස මිල ඉහළ ගොස් ඇති එළවළු නත්තල් උත්සව සමයේදී තවත් මිල ඉඉහළ යාමට ලක්වනු ඇති බව ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් පවසයි.

අදාළ පුවත පහත දැක්වෙයි .

හැටන් ප්‍රදේශයේ අමු මිරිස්, මාළු මිරිස්, තක්කාලි, සලාද කොළ මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර ඉදිරි දින කිපය තුලදි මෙම මිල ගනන් තවත් ඉහල යනු ඇතැයි ප්‍රදේශයේ එලවලු වෙලදුන් පවසති.

මේ වන විට හැටන් ප්‍රදේශයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 950ත් 1000ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 750ත් 800ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත් සලාද කොළ ක්‍රිලෝව රුපියල් 1000ත් 1200ත්, අතර මිලකට අලෙවි වනු ඇත.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන එගලවලු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ අමු මිරිස්, මාළු මිරිස්, තක්කාලි, සලාද කොළ තොග මිල ගනන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

නත්තල් උත්සවය උදාවන ඉදිරි දිනවලදි මෙම ද්‍රව්‍ය ඇතුළු සියලුම එලවලු මිල ගනන් දැනට පවතින ඉහල මිලට වඩා තවත් ඉහල යාමෙට හැකි බවද එම වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.

රාජ්‍ය සේවක විශ්‍රාම චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය ව්‍යාපාර සේවකයින් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඊට අදාල චක්‍රලේඛය මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල  විසින් නිකුත් කර ඇති අතර මෙය ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ වෛකල්පිත විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 ක් වන අතර කිසියම් නිලධාරියෙකු වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ යෙදීමට අදහස් කරන්නේ නම් සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 ක් දක්වා සේවයේ රැදී සිටීමට හැකියාව පවතී.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ වයස අවුරුදු 57 සිට 62 අතර කාලපරිච්ඡේදය තුළ නිලධාරියාගේ අභිමතය පරිදි පත්වීම් බලධරයා වෙත මාස 03 ක පූර්ණ දැනුම් දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකි බවය.

එමෙන්ම කාර්යක්ෂමතාව හා කාර්යසාධනය සතුටුදායක නොවන නිලධාරියෙකුට වයස අවුරුදු 57 න් ඔබ්බට සේවා දීර්ඝ කිරීමක් ලබා නොදීමට පත්වීම් බලධරයා තීරණය කරන්නේ නම් එයට එරෙහිව නිලධාරියාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 6 ක පූර්ව දැනුම්දීමකින් පසුව විශ්‍රාම ගැන්වීමේ බලය පත්වීම් බලධරයා සතුවෙයි.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන් හි සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති 2013.01.15 දරන අංක 01/2013 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මෙමගින් අවලංගු වන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි සදහන් වෙයි.

2c7e4d93 9dab 4bb1 a137 51f0bbb266db

6028402b b140 410a 8436 f7be6ae21caf

කෙහෙළියගේ වතුර බිල ලක්ෂ 18 පැනලා : ඒත් අඛණ්ඩ ජල සැපයුමක් !

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටින නිල නිවසේ පාවිච්චි කර ඇති ජල බිල්පත්වල හිඟ එකතුව රුපියල් ලක්ෂ 18ක් හෙවත් රුපියල් 1,845,670.93 ක් බව වාර්තා වේ.

එහෙත්, ඔහුගේ හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් පියවර ජල සම්පාදන මණ්ඩලය ගෙන නැත.

මෙම හිඟ මුදල සෞඛ්‍ය අමාත්‍යවරයා පදිංචි වී සිටින 400/52 එම්, බුලර්ස් පාර, කොළඹ 07 දරණ නිල නිවසේ 2018 වසරේ ජනවාරි මාසයේ සිට 2021 වසෙර් ඔක්තෝබර් මාසය තෙක් ගෙවා නොමැති හිඟ මුදල වේ.

රඹුක්වැල්ල මහතා පදිංචි නිල නිවසේ 2021 සැප්තැම්බර් මස 19 වන දිනට නිකුත් කර ඇති ජල බිල්පත අනුව එම මසට අදාලව ගෙවිය යුතු මුළු මුදල 84,186.43ක් වේ.

ඒ අනුව 2021 ඔක්තෝබර් 18 දිනට නිකුත් කර ඇති ජල බිල්පතේ එම මසට අදාලව ගෙවිය යුතු මුළු මුදල ලෙස 66,948.87 ක් සදහන් වී ඇත.

ඔහුගේ මාසික ජල පරිභෝජනය රුපියල් 50,000 ඉක්මවූ සාමාන්‍යයක් ගෙන ඇත.

මෑත කාලයේ ගුරුවරුන් මාස ගණන් වර්ජන කරමින් තමන්ට මාසයක් ජීවත් වීම සඳහා සාධාරණ වැටුපක් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් නවක ගුරුවරයෙක් ඉල්ලූ වැටුප වැඩි වුණත්, ඔවුන් ලබන මාසික වැටුප ද කෙහෙළිය රඹුක්වැල්ලගේ මාසික වතුර පරිභෝජනයට අඩුය. එහෙත් වැටුප් ඉල්ලූ ගුරුවරුන්ව ‘කාලකණ්ණි’ කියා ලේබල් කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුබට නොවීය.

අදාල නිල නිවසේ ජල බිල්පත් 2018 වසරේ අවස්ථා 4ක ගෙවා ඇත. 2019 වසරේ අවස්ථා 3 කදී පමණක් හිඟ ජල බිල්පත් ගෙවා ඇත. එහෙත් 2020 /2021 වසරේ කිසිදු අවස්ථාවක හිඟ ජල බිල්පත් ගෙවා නැත.

ඒ අනුව අපට පැනනැගෙන ප්‍රශ්නයක් වන්නේ ඔහු නිවසේ මෙතරම් ජලය නාස්ති වෙන ආකාරයට කුමක් කරනවාද යන්නය. ජලය බෝතල් කරනවාද? වාහන සර්විස් එකක් කරනවාද? නැත්නම් ස්විමිං පූල් ඇතුළු සුඛෝපභෝගී පහසුකම්වලට නාස්ති කරනවාද?

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ නොගෙවූ ජල බිල්පත් පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉහළ නිලධාරීයෙකුගෙන් ‘සටහන්’ විමසීමක් කළ අතර එම නිලධාරියා පවසා සිටියේ අදාල කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ හිඟ ජල බිල්පත පිළිබඳව මේ වන විටත් රතු නිවේදන දෙකක් යවා ඇති බව පැවසීය.

අදාල කාරණය පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය. ඔහු වැඩිදුරත් කීවේ මෙලෙස පවතින හිඟ බිල්පත්වලට සීයට දෙකහමාරක දඩයක් එකතු කරන බවත් මෙම බිල්පතටද එය එකතු කර ඇති බවත් ඔහු. පැවසීය.

කෙසේ වෙතත් ඉන් එහාට ජලය විසන්ධි කිරීම හෝ වෙනත් තීරණාත්මක පියවරක් ජල සම්පාදන මණ්ඩලය ගෙන නැත. සාමාන්‍ය පුරවැසියන්ගේ ජල බිල්පත් නොගෙවූ විට කපා දමන කාලයක ඇමතිවරුන්ට මෙවැනි වරප්‍රසාද හිමි වීම විශේෂත්වයකි.

මෙවැනි ඇමතිවරුන්ට ජල බිල්පත් ගෙවීම සඳහා රජයෙන් ලැබෙන දීමනාවට වඩා ජලය පරිභෝජනය කළහොත්, එම වියදම් අතින් දැරිය යුතුය. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මෙවැනි මැති ඇමතිවරුන් බිල්පත් නොගෙවා දිගින් දිගටම කල් අරින බවත්, දේශපාලන බලය පාවිච්චි කරමින් ජල බිල්පත් නොගෙවා දීර්ඝ කාලයක් සිටීමට ඇතැම් දේශපාලනඥයන් පුරුදු වී සිටින බවත් අප සමඟ අදහස් දැක් වූ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු කීය.

satahan.blog රේඛා නිලුක්ෂි හේරත්

https://satahan.blog/2021/12/15/keliya-water-bill/

කොරෝනා මරණ 14,661ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 20ක් අද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,661ක් දක්වා ඉහළගොස් ඇත.

මෙම නව මරණ අතර වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් සිටින අතර ඒ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බව වාර්තා කර තිබේ.

එසේම 30ත් 59ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු ද මෙම මියගිය පිරිස අතර සිටින අතර 60ට වැඩි පුද්ගලයන් 16ක් මියගොස් ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් කර ඇත.

මහ බැංකුවට එරෙහිව නීතිඥ සංගමය අධිකරණයට !

මූල්‍ය කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතිඥ, සාලිය පීරිස් මහතා සහ එම සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, එම බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අය නම් කර තිබේ.

පෙත්සම්කාර සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥවරුන් සිය සේවාදායකයින්ගෙන් අය කරනු ලබන ගාස්තු ශ්‍රී ලංකාව තුළදී සහ ඉන් පිටත දී විදේශ මුදල්වලින් මෙතෙක් ලබා ගෙන තිබෙන බව පෙත්සමේ සඳහන් වේ.

ඒ සඳහා පුද්ගලික නේවාසික මුදල් ගිණුම සහ විදේශ තැන්පතු ගිණුම යනාදී ගිණුම් දෙකෙන්ද, වානිජ බැංකු ගිණුම් හරහා ද සෘජුම විදේශ මුදල් ලබා හැකියාව පැවැතුණි.

එසේ තිබියදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මූල්‍ය පනතේ 10.1 වගන්තිය යටතේ 2251/41 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, එම ගැසට් නිවේදනය මඟින් බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර ඇතැයි පෙත්සම්කරුවන් චෝදනා කළේය.

තම සංගමයේ සාමාජිකයින්ගේ කිසිදු කැමැත්තකින් තොරව මෙසේ ඔවුන්ගේ ගිණුම්වලට එවන විදේශ මුදල් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්ථනය කිරීමට නියෝග කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(මව්රට )

ආනයන සීමා තවදුරටත් : මුදල් ඇමති කැබිනට් එකට කියලා !

රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

ඒ අනුව ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවත් මුදල් ඇමති ප්‍රකාශ කර ඇත.

ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමති බැසිලි රාජපක්ෂ එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර තිබේ.

තමා ඉන්දියාවට ගොස් එරට රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයිද ඔහු ප්‍රකාශ කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත.

ආණ්ඩුව පෙරළන ආණ්ඩුවේ දෙතුන් දෙනක් !

2015දී මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට කටයුතු කළ පුද්ගලයන් කිහිපදෙනෙකු වත්මන් ආණ්ඩුවේද හිදිමින් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමිනින්ය.

ඒ අනුව එම පිරිස වහාම ආණ්ඩුවෙන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.

“මේ කුමන්ත්‍රණ කාරයන් දෙතුන්දෙනාට ගහලා හරි පන්නා දැමිය යුතුයි. බංකොලොත් දේශපාලකයන්ට නැවත මතුවීමට ඉඩ තැබිය යුතු නැහැ.”

ලිට්‍රෝ අලුත් ආනයනික ගෑස් තොගයෙත් අවුලක් !

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද ගෑස් නැවක අඩංගු ගෑස් නිසි ප්‍රමිතියෙන් තොර බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි වාර්තා වෙයි.

ගෑස් කාන්දු වලදී විශේෂ ගන්ධයක් ඇති වීම වෙනුවෙන් එක් කරන එතිල් මර්කැප්ටන් රසායනික ප්‍රමාණය පහළ මට්ටමක පවතින බව එහිදී හෙළි වී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී මෙම තත්ත්වය හෙළි වී ඇත.

එමෙන්ම එහි ප්‍රොපේන් 29%ක් හා බියුටේන් 69%ක් පවතින බව ද හෙළි වී ඇත.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගෑස් නැව් කිහිපයකම සාම්පල පරීක්ෂා කිරීම වන විට සිදුවෙමින් පවතී.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ ප්‍රමිතියෙන් තොර බව හෙළි වුවහොත් ඒවා නැවත ප්‍රති අපනයනය කරන බවයි.

Page 317 of 388