අටමස්ථාණාධිපති පල්ලේගම හේමරතන හිමි විසින් බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇතැයි වින්දිතත්වයට පත්ව සිටින දැරියට අපහාස කරමින් සහ බලහත්කාරය යොදවමින් නින්දිත සහ තුච්ච ප්‍රකාශයක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක වන දිලුම් අමුනුගමට එරෙහිව ජාතික ළමාආරක්ෂක අධිකාරිය වෙත සහ ළමා පොලිස් කාර්යංශයට පැමිණිල්ලක් කළේ යැයි 'ළමා හිංසනයට තිත' (Stop Child Cruelty) පදනමේ වත්මන් සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක (Dr. Tush Wickramanayaka) පැවසුවා ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus ගේ ප්‍රධානත්වයෙන් සහ සමාජික රටවල් 194ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසක ගේ සහභාගීත්වයෙන් පසුගිය දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් 2015 ට පෙර පැවැති රජයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත සිටින සිටින හිටපු ඇමති විමල් වීරවංශ මහතා ඇතුළු දෙදෙනාට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන නොවැම්බර් මස 11 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 20 නියෝග කළේය.
පසුගියදා අරවින්ද ද සිල්වා ගේ නිවසේ සිටිය දී සැක සහිත ලෙස මිය ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගෙම් හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රෙස්න රාත්‍රි 1.30 ට පමණ නිවසේ පහළ තට්ටුවේ පැන්ට්‍රි කාමරයේ සුදු පාට වතුර බෝත්ලක් තියාගෙන වතුර ෆිල්ටරය ළඟ සිටිනු තමන් දුටු බව අරවින්ද සිල්වා ගේ නිවසේ සේවය කරන රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින් අද (19) පැවැසී ය.
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සුරක්ෂිත කිරීම ඕනෑම ප්රජාතන්ත්රවාදී රජයක මූලික වගකීමක් වන බවත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති ජනතාව ගේ මෙම මූලික අයිතිවාසිකම කිසිදු අයුරකින් උල්ලංඝනය නොකරන ලෙසත් රජයෙන් ඉතා දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
